Showing posts with label PHP සිංහලෙන්. Show all posts
Showing posts with label PHP සිංහලෙන්. Show all posts

Tuesday, December 4, 2012

Include ( PHP සිංහලෙන් - 24 )

මෙම විධානය භාවිතා කර එක් වෙබ් පිටුවක් තුල තවත් ගොනුවක් (වෙබ් පිටුවක්) අන්තර්ගත කල හැකිය.
පහත කේතය බලන්න.

මෙහිදීද මම වෙබ් පිටු දෙකක් භාවිතා කර ඇත. එකක් මෙම කේතය සහිත වෙබ් පිටුව වන අතර අනෙක content.php ලෙස ඇති වෙබ් පිටුවකි. එහිදී content.php පිටුවේ මූලික කේත තිබීම අවශ්‍ය නොවේ. පහත කේතය බලන්න (content.php) 

දැන් පලමු වෙබ් පිටුවට පිවිසුන විට දෙවන වෙබ් පිටුවේ අන්තර්ගතය දර්ශනය වේ. මෙහි ඇති ප්‍රයෝජනයක් වනුයේ වෙබ් අඩවියක පිටු කිහිපයක එකම අන්තරගතය ඇති ස්ථාන සදහා භාවිතා කල හැකි වීමයි. තවත් ප්‍රයෝජනයක් ලෙස එකම php function විවිධ පිටු සඳහා යොදා ගැනීමට භාවිතා කල හැකිය. Include යන්න වෙනුවට භාවිතා කල හැකි තවත් වදනකි require. නමුත් Include වල මෙන් නොව දෙවන ගොනුව ලබාගැනීමට නොමැතිනම් require වලදී error පනිවුඩයක් ඉදිරිපත් කර වැඩසටහන නතරවේ.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Sunday, December 2, 2012

Header (redirect pages) ( PHP සිංහලෙන් - 23 )

PHP ස්ක්‍රිප්ට් මගින් වෙබ් පිටු පරිශීලකයින් වෙනත් පිටුවනකට හරවා යෑවීමට අවශ්‍ය වන අවස්තාවලදී මේ header භාවිතා කල හැකිය.

Header වල ව්‍යුහය
Header(header information);

සාමාන්‍යයෙන් Header ඇතුලත් කරනුයේ HTML ගොනුවේ මුලින්මයි(එනම් <html> ටැගයටත් කලින් එකදු හිස්තැනක් වත් නොතබමිනි.)

පහත කේතය බලන්න

එය මගේ wamp saver හී www ගොනුව තුල abc.php ලෙස save කර ඇත. Header මගින් මගේ wamp saver හී www ගොනුව තුල ඇති තුලම ඇති test.html වෙත පරිශීලකයා හරවා යවනු ලැබේ. exit; කේතය මගින් පහලින් තවත් Header හො කේත වලට යාම නවතයි.

Header වල ගොඩක් වැඩ තියෙනවා. පසුව පාඩම් වලින් ඒ ගැන සාකච්චා කරමු.

---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Saturday, December 1, 2012

JavaScript - හැදින්වීම

මොනවද මේ javascript

Javascript කියන්නේ scripting language එකක්. මේ මගින් වෙනස් වන(dynamic) වෙබ් අඩවි සෑදීම සිදුකල හැකිය. Javascript හදලා තියෙන්නේ html තුල යොදන්න පුලුවන් වෙන විදිහට. මේ javascript වැඩ කරන්නේ වෙබ් බ්‍රවුසරය තුලයි. එනම් මෙය ක්‍රියා කර බැලීමට වෙබ් ප්‍රවුසරයක් පමනක් ප්‍රමානවත්වේ. Javascript වල ඇති කේත බොහෝදුරට C, java, වැනි පරිගනක භාශාවන්හී syntax වලට සමාන වේ. Javascript ගොනුවක extention එක .js වේ. ඒ වගේම Javascript තුල object oriented ගතිලක්ෂණද අන්තර්ගතය. Javascript වෙබ් පිටු වලින් පරිභාහිරවත් යොදා ගන්නා අවස්තා ඇත. ඒනම් PDF ගොනු සඳහා, Desktop Gadget සඳහා, සහ වෙනත් මෘදුකාංග බොහෝමයකට ද භාවිතා කරයි. 

javascript ඉතිහාසය

1994 (එනම් වසර 18 කට පෙර) දී බ්‍රෙන්ඩන් ඊච් (Brendan Eich) විසින් මුලින්ම Javascript නිර්මානය කරන ලදි. දැනට පවතින ස්ථායි සංස්කරණයක් නිකුත් කරණ ලද්දේ 2011 මාර්තු මස 22 දායි. ඒ 1.8.5 වන සංස්කරණයයි. ඉන් පසු වැඩිදියුනු කිරීම් සිදුකරන්නේ මොසිල්ලා පදනමෙන් හා (Mozilla Foundation) හා නෙට් ස්කේප් සංනිවේදන ආයතනයෙනි(Netscape Communications Corporation)

JavaScript වල නිල නාමය ECMAScript ය. 
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

PHP සිංහලෙන් - නැවතත්

PHP පිලිබඳව අපි මේ වෙනකොට 22 තුලින් විවිධ දේ මුල සිට සාකච්චා කලා නමුත් එක දිගට පල කල මේ ලිපි පෙල මට නවත්වන්න සිදු උනා. ඒ පිලිබඳව මම මුලින්ව සමාව ඉල්ලා සිටිනවා. ඊට හේතු උනේ අපි (මම මාධව හා ප්‍රභාත්) එකතු වෙලා තරගයකට ඉදිරිපත් උනා ඒ ලිපිබදව මාධව ලිපියක් දමා තිබුනා. ඒ අතරතුර මාගේ ලැප් එකත් කැඩුනා යන්තම් ඒක හදාගෙන ගෙනාවේ ඊයේ.
                                                                                                    අද ඉදලා මම නැවත වැඩ පටන් ගන්නවා. මම ඉක්මනින්ම PHP අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

Read More

Tuesday, August 7, 2012

cookies සමග වැඩ කිරීම( PHP සිංහලෙන් - 22 )

cookie යනු පරිගනකයේ web browser එක භාවිතයෙන් වෙබ් අඩවි වලින් යම් යම් දත්ත තැම්පත් කර තබන ආකාරයකි. මේවා මගින් ඔබගේ පරිගනකයේ විවිධ තොරතුරුද( සීමා සහිත ) වෙබ් අඩවි වල ප්‍රයෝජනය සඳහා ලබා ගත හැකිය.

පලමුව අපි බලමු cookie එකක් සාදන්නේ කේසේද කියලා
setcookie($name, $value, $expire);

name = නම
value = අගය
expire = කේතය

පහත කේතය බලන්න එහිදී සිදුකර ඇත්තේ නම testද අගය  45කල් ඉකුත්වීම සතියක්න්ද වන ලෙස සෑදූ cookie  එකකි. කාලය තත්පර වලින් තැබිය යුතු නිසා දින 7 කට තත්පපර ගණන දමා ඇත. දැන් මෙම වෙබ් පිටුව විවෘත්ත කල විට කිසිම වෙනසක් සිදු නොවේ. නමත් එයේ විවෘත්ත කිරීමෙන් පසු web browser එකෙහි cookie එකක් සැදේ. දැන් web browser එකෙහි settings වල cookies යන්න සොයා test ලෙස නම් ඇති cookie එක බලන්න.

දැන් අලුත් පිටුවක(readcookie.php) පහත කේතය අන්තර්ගත කර save කර ගන්න   එය run කරන්න. එවිට කලින් test ලෙස සාදන ලද cookie එකෙහි විස්තර ලැබේ.

cookie එකක් සාදන පිළිවෙලටම කේත ලියා කාලය ඉදිරියෙන් සෘණ( - ) ලකුණ යොදන්න . එය cookie එකක් කල් ඉකුත් කරන අයුරුයි. පළමු වන පින්තූරයේ ඇති කේතයේ ධන ලකුණ සෘණ( - ) බවට පත් කරීම සලකමු. එහිදී පෙර cookie එකම නැවත වෙනස් කරනු ලැබේ. එහිදී මම කල් ඉකුත් වීම සතියකට පෙර සියුවන ලෙසට වෙනස් කරයි.

දැන් නැවත readcookie.php පිටුව ලබා ගන්න. එහිදී error  පනිවිඩයක් දිස්වේ එහිදී ඒ cookie එකක් නැති නිසයි. එවරනි අවස්තානවක error  පනිවිඩයක් දිස් නොවීම සඳහා පහත වැනි කේතයක් වඩා සුදුසු වේ.

අපට cookie භාවිතා කරන විට විවිධ ගැටලු මතුවිය හැකිය. එනම් cookie මැකීමකට ලක්වී තීබීම හෝ විකෘතිවී තිබීම වැනි ගැටලු නිසා ඊට පිලියමක් ලෙස session භාවිතා කල හැකිය. එහිදී session යන්න වෙබ් සර්වරයේ ඇති ලිපිගොනුවකි. මෙහිදී සිදුකරන්නේ වෙබ් පිටුව ආරම්භ වන විටම වෙබ් සර්වරයේ ඇති ලිපිගොනුවෙහි ඇති දත්ත cookie තුලට අන්තර්ගත කිරීමයි මෙහිදී එම දත්ත වල සුරක්ෂිත භාවයද වැඩිය. පහත කේතය බලන්න එහිදී session ආරම්භ කරන අයුරු හා session එකකට ලියන අයුරු දැක්වේ.

මෙලෙස වීශාල දත්ත ප්‍රමානයක් උවද session තුල අන්තර්ගත කල හැකිය. 

---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Tuesday, July 31, 2012

Form with PHP ( PHP සිංහලෙන් - 21 )

user ගෙන් දත්ත ලබාගත හැකි තමත් එක් ක්‍රමයක් වන්නේ html form මගින් දත්ත ලබාගත ගබා ගැනීමයි. පලමුව අපි හිස් html form සාදන අයුරු බලමු. මෙය වැටහෙන්නේ නැත්නම් අපගේ html සිංහලෙන් ලිපි මාලාව බලන්න. comments  මගින් ගැටලු සදහා ලිපිතුරු ලබා ගන්න.
forms.php

එහි ඉහලින් ඇති action="process.php" මගින්  process.php යන වෙබ් පිටුව ලැබීමද method="post" මගින් මෙම විස්තර රදවා ගැනීමද සිදුවේ.
මෙහිදී සාමාන්‍යෙයන් සිදු කල යත්තේ මෙම දත්ත database එකකට යැවීම හෝ සන්දන්දනය කිරීම වැනි දෙයකි. නමුත් අප තවම database ගැන හදාරා නොමැති නිසා දැනට මෙසේ කරමු. දැන් අපි බලමු process.php යන වෙබ් පිටුවෙහි මෙම දත්ත print  කරන්නේ කෙසේද කියලා පමත කේතය බලන්න එය process.php පිටුවයි.

දැන් forms.php පිටුව ලබාගෙන එයට username password ඇතුල්කර submit  බොත්තම ඔබන්න.

---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Wednesday, July 18, 2012

webpage සෑදීම ආරම්භය ( PHP සිංහලෙන් - 20 )

අපි දැනට පාඩම් 19 ක් තුරාවට PHP වල මුලික අංග බොහෝමයක් ඉගෙන ගත්තා. මේ පාඩමේ ඉදලා අපි ඉගෙන ගන්නේ වෙබ් පිටුවකට අවශ්‍ය මුලික දැනීමයි. මෙහිදී අපි ගොඩනගන්නේ dynamic වෙබ් පිටුයි. එනම් වෙබ් පිටුවේ පෙනුම සෑම විටම html පමනක් භාවිතා කල වෙබ් පිටුවක් ලෙස නියතව නෙපවතී.
අපිට අන්තර්ජාලය මගින් අපගේ පරිශිලකයින්ගෙන් දත්ත ලබා ගත හැති ක්‍රම තුනකි

1      1.  URLs/links
            වෙබ් ලිපිනයක් උදා www.google.lk
2      2. web forms
                වෙබ් පිටුවලදී අපිට විවිධ form හමුවේ. උදාහරනයක් ලෙස www.facebook.com හී logging form එක දැක්විය හැකිය. 
3     3. Cookies
            user ගැන තොරතුරු ඇතුලත් වෙබ් බ්‍රවුසරයේ තැන්පත් වී ඇති දෙයකි.

link

පලමුව firstpage.php හා secondpage.php  ලෙස මූලික html ටැග් අඩංගු  file දෙකක් සාදා ගන්න. දැන් පහත කේතය බලන්න. එහි ඇත්තේ firstpage.php හි යොදන ලද කේතයකි. එමගින් secondpage.php  පිටුවට link එකක් සාදා ඇත. මෙහි php භාවිතයෙන් තොරයි. එය ඉදිරියට ඇති දේ වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම සදහා ඉදිරිපත් කරමි. <a … >  ටැගය නොතේරේනම් අපගේ “HTML සිංහලේන් ලිපි පෙල පිරිශීලනය කරන්න.

ඉහත වෙබ් පිටුවේ මතුවන second page යන වදන click කල විට secondpage.php  පිටුව විවෘත්ත වේ.
දැන් පහත කේතය බලන්න. එහි <a ...>  ටැගය අවසානයට කර ඇති වෙනස බලන්න. එනම් id =  ලෙස අගයක් ඈදා ඇත. මෙය මගින් super global (global variable වලටත් ඉහලින් යන අරුත් දේ )ආකාරයේ variable array එකකට අගයක් ලබා ගෙන තබා ගනී එමගින් ඊලග වෙබ් පිටුවද දත්ත යැවිය හැකිය.
firstpage.php

දැන් අපි බලමු එසේ super global ආකාරයේ variable array එකට ආදේශ කල අගයන් ලබා ගන්නේ කෙසේද කියලා. පහත කේතය බලන්න. එහි super global variable එක හදුන්වන්නේ $_GET ලෙසයි.
  මෙසේ අගයන් දෙකක් යැවීමට හා ලබා ගැනීමට පෙර වෙබ් පිටුම යලි සකස්කර ඇති අයුරු පහත කේතය බලන්න.

---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Monday, July 16, 2012

global variables ( PHP සිංහලෙන් - 19 )

අපිට function එකක් තුල වෙනස් කල අගයක් ඉවතට ගැනීමට return යන්න භාවිතා කල හැකිය. එයේම global variables මගින්ද function පිටතින් ඇති අගයක් වෙනස් කල හැකිය. පහත කේතය හා ප්‍රතිඵලය බලන්න. එහි දී $var යන variable එකට මුල්න් “value 1” යන්න ආදේශ කර ඇත. ඉන් පසු function one එකට call  කර ඇත. එහිදී $var යන variable එකේ අගය “value 2 ලෙස වෙනස් වී ඇත. එනම් global යන්න භාවිතයෙන් function එකට පිටින් ඇති variable එකක අගය function තුලින් වෙනස් කල හැකිය.

එම ක්‍රියාවම local variable හා return කිරීම මගින් සිදුකල හැකි අයුරු පහතින් වේ.

සාමාන්‍යයෙන් argument එකක් සහිත function එකකට argument එකක් නැතිව call  කල විට error  පනිවුඩයක් දිස්වේ. ඊට විකල්පයක් ලෙස default අගයන් භාවිතා කල හැකිය. පහත කේතය බලන්න. එහි function එක අර්ථ දක්වන විටම එහි argument එකට default අගය ආදේශ කර ඇත. argument එකක් නොමැතිව call  කල විට default අගය function එක මගින් භාවිතා කරයි.

---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Sunday, July 15, 2012

Function දෙවන කොටස ( PHP සිංහලෙන් - 18 )

 පෙර පාඩමේදී අපි Function ගැන ඉගෙන ගත්තා. Function එකක් හදන්නේ කොහොමද call කරන්නේ කොහොමද කියලා. දැන් අපි Function ගැන වැඩි දුරටත් ඉගෙන ගනිමු.

පෙර පාඩමේ කේතය ටිකක් වෙනස් කර පහත ඇත. මතක නැතිනම් පෙර පාඩම බලන්න.
Read More

Friday, July 13, 2012

continue break ( PHP සිංහලෙන් - 16 )

පහත කේතය සලකන්න. මෙහිදී පෙර පරිදිම ලූපය දිගින් දිගට ගමන් කරයි අගයන් print කරයි. නමුත් අගය 5 වන විට continue යන්න ක්‍රියා කරයි එවිට ලූපය දිගින් දිගටම ක්‍රියා කරන නමුත් අංක 5 පමනක් print නොවේ. එනම් continue යන්න අති විට ලූපය නෙනවත්වා දිගටම ක්‍රියා කරයි.

පෙර කේතයේම continue යන්න වෙනුවට break යන්න යෙදුනු විට ලූපය එතනම නවතී.

---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Thursday, July 12, 2012

foreach loop ( PHP සිංහලෙන් - 15 )

 මෙහිදී array එකක ඇති සැම අයිතමයක් (පෙර පාඩමක පරිදි නම් පෙට්ටියක්) සදහාම යමක් සිදු කිරිම මෙම ලූපයේ අරමුන වේ.

foreach($array as $value)
statement;
පහත කේතය බලන්න. මෙහිදී foreach ලූපය භාවිතා කර array එකක ඇති සියලූම අන්තර්ගතය (පෙට්ටි සියල්ලේම ඇති දෑ) බලන අයුරු එහි වේ.

පහත කේතයේ එයම වෙනස් ආකාරයකට සිදු කර ඇත.

දැන් අපි array  එකක් හදමු key content එකක් එක්ක. ඒක හදන්නේ පහක ආකාරයට

ඉන් පසු එවැනි array එකක් අවස්තානු කූලව format කලැ හැකි ක්‍රමයක් පහතින් වේ. array එකෙහි ඇති එක් එක් key එක ඉදිරියෙන් අගය print  කිරීම යි. මෙහිදී අගය integer  එකක් නම්  ඉදිරියෙන් $ ලකුනද එන ලෙස format කර ඇත.

foreach  ලූපය PHP වල ඇති විශෙෂ ලූපයක් වන අතර එය ක්‍රියා කරන ආකාරය පිලිබඳව හොද අවබෝදයක් ලබා ගන්න.

---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Wednesday, July 11, 2012

for loop (PHP සිංහලෙන් - 14)

for (expr1,expr2,expr3){
statement;
}

expr1 : varable එකක් අර්ත දැක්වීම හෝ අර්ත දැක්වූ varable අගයක් ආදේශ කිරීම.
expr2: බුලියානු (තාර්කික) ප්‍රකාශනය (while loop හි භාවිතා කල expression කොටස)
expr3: ලූපය ක්‍රියා කරන සෑම වටයක් අවසානයේදී ම සිදු කල යුත්ත
statement: ක්‍රියා කරවිය යුතු කේතය
පහත කේතය බලන්න. එය පෙර පාඩමේ while loop මගින් කල කාර්ය්‍ය ම for loop මගින් සිදු කරන අයුරු සදන් වේ.