Showing posts with label Visual Basic.net 2010. Show all posts
Showing posts with label Visual Basic.net 2010. Show all posts

Monday, August 6, 2012

Visual Basic.net 2010 පාඩම 6 - Naming Objects



           අපි පසුගිය පාඩමේදී කතා කලානේ VB වල Objects ගැන. ඉතින් මේ අපි හදාගන්න Objects හැදුවට පස්සේ අදුනගන්න විදිහක් තියෙන්න ඕනනේ.ඒකට තමයි අපි ඒවා නාමකරනය කරන්නේ හරියට අපි හැමෝටම නමක් තියෙනවා වගේ ඒ වගේම ගොඩක් වෙලාවට අපිට නමින් යම් පුද්ගලයකුගේ උපන් රට ගැන යම් අඳහක් ගන්න පුළුවන්, ඒ ගේම අපි හඳන  Objects වලට දෙන නමින් ඒ ඒ  Object එක අයත් වන  Object type එක හඳුනාගත හැකි විය යුතුයි. ඒක නිසා අපි  Object එකක් හදපු ගමන් කරන්න ඕන ඒකේ Name property එක සකස් කරන එකයි. මම හිතන්නේ දැන් ඔයාලට Name property එකේ වැදගත් කම වැටහෙන්න ඇති.

           දැන් ඔයාල අපි 4 වෙනි පාඩමේදී සාදාගත් "MyFirstApplication" project එක open කර ගන්නකෝ. දැන් ඒක තියෙන එකම එක form එක click කරල properties window (එහෙම එකක් පේන්න නැත්නම් F4 වලින් open කරගන්න) එකේ තියෙන Name property එක හොයාගෙන ඒක බලන්නකෝ. "Form 1" කියල නේද තියෙන්නේ. අපි Project එකට නමක් දුන්නට (අපි project එකක් හැදුවම ඉබේම Visual Studio එකෙන් අපිට form එකකුත් හදලා දෙනවා) එකේ form එකට නමක් දුන්නේ නෑනේ ඒකයි ඒකෙ නම විදිහට "Form 1" කියල Visual Studio එකෙන් නම් කරල තියෙන්නේ!. මෙසේ දෙන නම Object type එකෙන් type එකට වෙනස් වෙනවා. 

             

            සාමාන්‍යයෙන් properties window එකේ properties පෙන්වන්නේ කාණ්ඩ වශයෙනුයි, හොඩියේ පිළිවෙලට නෙමෙයි. (ඔයාල පස්සේ ඒක වෙනස් කරල නැත්තම්) ඉතින් අපිට පුළුවන් මේක හොඩියේ පිළිවෙලට සකස් කරන්න properties grid එකට උඩින් තියෙන Alphabetical button එක click කරල.


               මම හිතන විදිහට නම් properties window එකේ properties ටික හොඩියේ පිළිවෙලට තියා ගන්න එක ලේසියි. මොකද අපි ගොඩක් වෙලාවට property එකක් හොයන්නේ එකේ නමින් නිසා. ඒ වගේම "Name" property එක ඉහල කොටසට ඇවිත් නේද? හරි විදිහට නම් ඒක තියෙන්න ඕන "N" අකුරට අයත් කොටසෙයි. නමුත් ඒ property එක ඉහළින් තියා ගන්න ඕන නිසයි වරහන් දෙකක් ඇතුලේ දාල තියෙන්නේ.   මොකද හොඩියේ පිළිවෙලට සකස් කරන කොට සංඛෙත අකුරු වලට වඩා ඉහළට එන නිසා.

                 ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ ලැබුන නම සාර්ථක එකක් නෙමෙයි. ඒක නිසා අපි ඒක ගැලපෙන ලෙස සකස් කල යුතුයි. මේ නම සකස් කරන විට අපි මේ හදන form එක විස්තර වෙන නමක් දුන්නොත් අපිට ඒක හඳුන ගන්න පහසුයි නේද?. දැන් අපි බලමු කොහොමද ඒ තියෙන නම වෙනස් කරන්නේ කියල,

  • දැන් ඔයාල Name property එක click කරල "Form1" කියල තියෙන ඒකේ නම "ViewerForm" කියල වෙනස් කරන්න. නමුත් මෙකෙන් form එකේ file name එක වෙනස් වෙන්නේ නෑ. form එකේ file name එක අපිට Solution Explorer එකෙන් බලා ගන්න පුළුවන්.

      
        
     
    
  • ඒක වෙනස් කරන්න Solution Explorer එකේ "Form1.vb" කියන අපේ form එකේ ‍file එක උඩ right-click කරල rename තෝරන්න.
  • දැන් "Form1.vb" එක "ViewerForm.vb" කියල වෙනස් කරන්න.

              මම මෙතනදී නම Form කියන කොටස එකතු කරල තියෙන්නේ මෙය Form කියන Object type එකට අයත් බව පෙන්වන්නයි. ඒක අත්‍යාවශ්‍ය නෑ නමුත් තියෙනවා නම් හොදයි කියල හිතෙනව. තව දෙයක් අපි file name එක මුළින් වෙනස් කලා නම් ඒ සමගම form එකේ name property එකත් ඊට අදාලව වෙනස් වෙනව. properties window එකෙන් වෙනස් කරන හැටි පෙන්වන්නයි මම මේ විදිහට කලේ. අපි ඊලග පාඩමේදී form එකේ Text property එක ගැන කතා කරමු.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

                  
Read More

Monday, July 23, 2012

Visual Basic.net 2010 පාඩම 5 - Objects

       ගොඩක් කාලෙකට පස්සේ අද පාඩම ලියන්න පටන්ගත්තේ පසුගිය කාලේ පුරාවටම තිබුන වැඩ නිසා පාඩම ලියන්නත් බැරි වුනා. අදින් පස්සේ එහෙම වෙන එකක් නෑ කියල මම පොරොන්දු වෙනවා. අද පාඩම පටන් ගන්න කලින් පසු ගිය පාඩමත් මෙතනින් බලල ඉන්නකෝ. අද මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ VB වල Objects ගැන පොඩි හැඳින් වීමක්. 

            මුලින්ම ඉතාමත් වැදගත් දේ තමයි අපි VB තුලදී භාවිතා කරන සෑම දෙයක් පාහේම Objects ලෙසයි සලකන්නේ උදාහරණයක් ලෙස ඔබ VB වලදී interface නිර්මාණය කරන්න බාවිතා කරන form එක  Form Object එකක් ඒ මතට එක් කර ගන්න නොයෙකුත් controls Control Object වලට අයත් වෙනවා. අපි මේ Objects classify කර ගන්නේ ඒවායේ type එක අනුවයි හරියට සියළුම forms Form Objects හා text boxes, labels වගේ දේවල් Control Objects විදිහට වෙන් කර ගැනීම වගේ. තවත් සමහරක් Objects අපිට පේන්නේ නෑ (Label Objects අපිට දැක ගන්න පුළුවන්නේ)  ඒ Objects තියෙන්නේ code එක තුල පමණයි. මේ පේන නොපෙනෙන සෑම Object එකකටම අනන්‍ය වූ ගුණාංග තිබෙනවා අපි මේවා Properties යයි හඳුන්වනවා. 

      අපි පුංචි උදාහරණයකින් මේක පැහැදිලි කර ගනිමුකෝ, අපි ළමයෙක් සැලකුවොත් ඔහුට උසක්, වයසක්, හිස කෙස් වල පාටක් ආදී වූ  ඔහුටම අනන්‍ය වූ ගුණාංග තිබෙනවා නේද? ඒ වගේම අපි තමයි අපි VB වලදී භාවිතා කරන මේ Objects වලටත් properties තිබෙන්නේ. අපි form එකක් ගත්තොත් ඒකට උසක් පළලක් ආදී වූ Properties තිබෙනවා.

               ඉතින් අපි Object එකක් අළුතින් නිර්මාණය කර ගත්ත ගමන් කරන්න ඕන මේ properties වෙනස් කරල මේ Object එක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමයි. මේක අපිට code එක භාවිතා කරල වගේම IDE එකේ තිබෙන properties window එක මගිනුත් පුළුවන්. 

              ඔයාල අපි පසුගිය පාඩමෙන් සාදාගත් project එකේ form එක මත click කරල බලන්නකෝ ඊට අදාල properties මොනවද කියල.


        උඩින්ම properties කියන title එකට පහලින් තියෙන කොටසට අවධානය යොමු කරමුකෝ. එතන System.Windows.Forms.Form කියන්නේ object එකේ type එක, එතකොට Object name එක වෙන්නේ System.Windows.Forms.Form. Form1 කියන එකයි.

           අදට පාඩම මෙතනින් නිමයි, අපි ඊළග පාඩමෙන් Object නාමකරනය ගැන ටිකක් කතා කරමු. ඒ ගමන්ම අපි අපේ project එකත් ටිකෙන් ටික වැඩි දියුණු කර ගනිමින් ඉස්සරහට යමුකෝ.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Friday, July 13, 2012

Visual Basic.net 2010 පාඩම 4 - Identifying the IDE



             මම පසුගිය පාඩමෙන් කිව්වවගේම අපි අද අපේ පළමු project එක පටන් ගමු. දැන් කට්ටියම Visual Studio open කර ගන්නකෝ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් තමයි ලැබෙන්නේ මම මේ ගැන කලින් පඩමේදී විස්තර කලා මතක නැති අය හා බලන්න බැරි වුන අය ආයේ මෙතනින් ඒක බලන්න. 


                 අද අපි සූදානම් වෙන්නේ අළුත් project එකක් ආරම්භ කරන්නයි, ඒ කට ඔයාලා වම් පැත්තේ ඉහළ කෙලවරේ තියෙන New Project කියන link එක click කරන්න. දැන් New Project dialog box එක open වේවි. මෙතනින් අපිට විවිධ ආකාරයේ වූ projects වර්ග ආරම්භ කල හැකියි. 



                           දැන් ඉහත රූපයේ වගේ window එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඊළගට කරන්න ඕන Installed Templates කියන තැන Visual Basic, select කරල ඒකෙන් Windows, select කරන්න ඒතකොට window එකේ මැද දිස් වෙන applications වලින් Windows Forms Application එක තෝරන්න.  දැන් අපි අපේ application එකට නමක් දෙන්න ඕන ඒ නම අර්ථවත් විය යුතුයි ඔයාලට applications වෙන වෙනම අඳුනා ගන්න පුළුවන් ආකාරයට. මම දුන්නේ "MyFirstApplication" කියල. දැන් Ok button එක click කරන්න. (මේ window එක ඔබ භාවිතා කරන සංස්කරණය අනුව වෙනස් වේ එබැවින් මේ ආකාරයේම window එකක නොවුවත් මා සඳහන් කල දෑ අඩංගු window එකක් ඔබට ලැබේවි) එවිට ඔබට පහත ආකාරයේ නව window එකක් ලැබේවි.


                         මේ තමයි Visual Studio වලදී අපි සියළුම ක්‍රියාකාරකම් කරන interface එක අපි දැන් මෙහි කොටස් අඳුනාගමු ඒ සදහා පහත රූපය අධ්‍යයනය කරන්න. (ඒ වගේම මේ window එක ඔබ භාවිතා කරන සංස්කරණය අනුව වෙනස් වේ)                          



                  අදට පාඩම නිමයි. අපි ඊළග පාඩමෙන් තව දුරටත් මේ Interface එක ගැන හදාරමු. අද පාඩම ගැන මම පොඩි  video එකකුත් හැදුවා එකත් බලන්නකෝ. ඒ ගැන අදහසුත් මට කියන්න (video විතරයි voice නෑ).




මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Sunday, July 8, 2012

Visual Basic.net 2010 පාඩම 3 - Visual Studio IDE Staring Page



                     පසු ගිය පාඩමෙන් මම පොරොන්දු උනා වගේම අපි අද Visual Studio IDE එක ගැන කතා කරමු. IDE කියල කෙටි කරල තියෙන්නේ Integrated Development Environment කියන එකයි. මෙවැනි මෘදුකාංග වලින් කරන්නේ පරිඝණක ක්‍රමලේඛණ භාෂා එකක් හෝ කිහිපයක් භාවිතයෙන් මෘදුකාංග නිර්මාණය සඳහා පහසුකම් සැපයීමයි. අපි මෙහිදී භාවිතා කරන Visual Studio IDE එක Visual Basic, C#, C++, F#.... ආදී පරිඝණක ක්‍රමලේඛණ භාෂා කිහිපයකටම සහයෝගය දක්වනවා. 

Visual Studio IDE එකෙන් අපිට ලැබෙන වාසි මොනවද?

                    ප්‍රධාන ලෙසම අපිට ලැබෙන වාසිය තමයි  මෘදුකාංග නිර්මාණය කිරීමේදී අපිට අවශ්‍ය වෙන සෑම මෙවලමක්ම එකම තැනකට එක් කොට අපිට පරිශීලනය කරන්න හැකියාව ලබා දී තිබීම. ඉතින් මොනවද මේ  මෙවලම්?

  • Code Editor, කොඩින් සදහා.
  • Designers, interface නිර්මාණය කිරීමට.
  • .Net compliant compilers.
  • Cross language debugger, මෘදුකාංගයේ වැරදි තැන් නිවැරදි කර ගැනීමට,
  • Application development tools.
  • Help documentation.
  • සහ තවත් දේ.....


                        ගොඩක් දේවල් තියෙනවා නේද?. මේ හැම එකක්ම වගේ අපිට  මෘදුකාංග නිර්මාණය කිරීමේදී අත්‍යාවශ්‍ය දේවල්. තව දෙයක් තමයි IDE එක මගින් යම් යම් code කොටස් අපිට generate කොට දීම. මේක ඉතාමත්ම පහසුවක් code කිරීමේදී. තවද interface නිර්මාණයේදී ඊට ආදාල code කොටස්ද IDE එක මගින් අපට නොපෙනෙන්නට generate කරනව.

Visual Studio IDE එක හඳුනා ගනිමු.


        මම මේ ඉහතින් දක්වලා තියෙන්නේ Visual Studio IDE එකේ ආරම්භක පිටුව. ඔබ භාවිතා කරන සංස්කරණය අනුව මෙ පිටුව වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා ඔබගේ ආරම්භක පිටුව මේ වගේ නැති වුනා කියල කලබල විය යුතු නැහැ. අපි මෙහි වැදගත් තැන් කිහිපයක් ගැන අපේ අවධානය යොමු කරමු. මෙම පිටුවේ වම් පස ඉහල කෙලවරේ ඔබට නව project එකක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඊට අදාල link එක "New Project" ලෙස ලබා දී තිබෙනව. දැන් ප්‍රශ්ණෙ මොකක්ද මේ project එකක් කියන්නේ කියන්නේ? project එකක් ලෙස අපි හඳුන්වන්නේ විවිද files වලින් සැදුම් ලත් එකතුවකටයි. මේ එකතුව compile කර අපිට අපේ program එක හෙවත් distributable component එක ලබා ගන්න පුළුවන්.  එකකොට අපි distributable component එක වන්නේ project එකක අවසන් පිටපත compile කිරීමෙන් ලබා ගන්න file එකටයි. මෙය වෙනත් පරිඝණක සදහා බෙදාහැරිය හැකි එකකි. ඒ වගේම මේක run වෙන්න Visual Studio IDE එක ඕන වෙන්නේ නෑ. නමුත් එක පරිඝණක වල .NET runtime environment එක පිහිටුවා තිබිය යුතුයි.  ගොඩක් දේවල් කිව්වනේ ඒක නිසා අන්තිම එකත් කියන්නම් ඒ තමයි solution එක මේකෙන් අදහස් වෙන්නේ projects එකතුවක් මේ එකතුවෙන් තමයි අවසන් ප්‍රතිඵලය ලෙස application එකක් නිර්මාණය වෙන්නේ.

              එතකොට "Open Project" මගින් ඔබ මීට පෙර අරබා ඇති projects වේ නම් ඒවා open කරගන්න පුළුවන්. ඊට යටින් තියෙන "Recent Projects" කියන තැන ඔබ මෑත කාලීනව open කල projects පෙන්නනවා. අවශ්‍ය project එක මත click කිරීමෙන් එය open කර ගත හැකියි.  අපි මේ පිටුව භාවිතා කරල අපේ ප්‍රථම project එක ඊලග පාඩමෙන් හඳමු. 


මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

Read More

Wednesday, July 4, 2012

Visual Basic.net 2010 පාඩම 2 - පටන් ගන්න කලින් 2

            පසු ගිය පාඩමෙන් අපි .NET Framework එක ගැන කතා කලානේ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොමු වීමට පෙර අපි අද තවදුරටත් ඔබ Visual Basic ගැන දැන ගත යුතු කරුණු කිහිපයක් ගැන කතා කරමු . 

Object - Oriented සහ Event - Driven

               අපි දැනටමත් දන්නවනේ Visual Basic කියන්නේ ක්‍රමලේඛණ භාෂාවක් කියල (programming language), ඒ වගේම එය Object - Oriented සහ Event - Driven ක්‍රමලේඛණ භාෂාවක්. දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් මතු වෙයි මොකක්ද මේ Object - Oriented සහ Event - Driven කියන්නේ කියල. Object - Oriented ගැන නම් අපිට මේ වෙලාවේ කතා කරන්න අමාරුයි මොකද ඒක වෙනමම කතාකරන්න ඕන පුළුල් මාතෘකාවක්. ඒ ගැන දන්න අයත් ඇති නැති අයත් ඇති දන්නවානම් වැඩිය හොඳයි නැතත් ප්‍රශ්ණයක් නෑ. මොකද මේ පාඩම් මාලාව අධ්‍යනය කරන්න ඒක ඕන වෙන්නේ නෑ. දන්නේ නැති අය ඒක programming කිරීමෙදී භාවිතා කරන තාක්ෂනයක් කියල හිතා ගන්නකෝ. අපිට මෙහිදී වැඩිපුරම දැන ගන්න ඕන වෙන්නේ Event - Driven කියන එකයි.
                              
                    Event - Driven කියන model එකෙදී සිදු වෙන්නේ අපේ computer එකේ මෙහෙයුම් පද්ධතිය (OS) මගින් software එක පාවිච්චි කරන්නා එහි යම් කිසි වෙනසක් සිදු කලේ නම් ( උදාහරණයක් ලෙස ඔබ යම් කිසි Button එකක් click කලේ නම්) එය ඔභ භාවිතා කරන software එකට දැනුම් දෙයි එවිට එයට අදාල වූ event එක ක්‍රියාත්මක කරනු ලබයි. එම event එක මගින්  software එක පාවිච්චි කරන්නා හට ඒට අඳාල වූ ප්‍රතිචාරයක් දක්වනු ලබයි. ඔන්න ඕකයි සරලව ගත්තොත් Event - Driven model එක කියන්නේ. එතකොට Event - Driven programming කියන්නේ මොකක්ද? ඒ කියන්නේ program එකක events handle කරන්න coding කිරීමයි. ( උදාහරණයක් ලෙස Button එකක click event එක handle කිරීම).

Visual Basic වලින් මොනවද කරන්න පුළුවන්?

            මේ ගැනත් සරලව කියනවා නම් අපිට පුළුවන් Windows applications, Console applications, web - based systems වගේම smart devices සඳහාද applications නිර්මාණය කරන්න. 

මොනවද මේ Windows applications සහ Console applications කියන්නේ?

        Windows application කියන්නේ Graphical User Interface (කෙටියෙන් GUI) එකක් සහිත Desktop application එකකකටයි. (අපි හැමොටම හුරුපුරුදු ගොඩක් software වැටෙන්නේ මෙන්න මේ ප්‍රභේදයට තමයි) එතකොට  Console application එකක් කියන්නේ Character User Interface (කෙටියෙන් CUI) එකක් සහිත Desktop application වලටයි. පහත උදාහරණ බලන්නකෝ එතකොට හොදටම තේරේවි මේ ගැන.

Graphical User Interface (GUI)

Character User Interface (CUI)
          දැන් වෙනස තේරෙනවා නේද? CUI වලදී නැත්තම් console application වලදී මේ application එක භාවිතයට ගන්නා program එකේ ප්‍රතිචාරයට, ප්‍රතිවාර දැක්වීම මගිනුයි ඉදිරියට යුත්තේ. හරියට අපෙන් අහන ප්‍රශ්ණ වලට උත්තර දෙනවා වගේ. නමුත් GUI වලදී මේ තත්වය හාත්පසින්ම වෙනස් මෙහිදී සිදු වන්නේ application එක භාවිතයට ගන්නා ගේ ප්‍රතිචාරයට, program එක ප්‍රතිචාර දැක්වීමයි. මෙහිදී  application එක භාවිතයට ගන්නා හට ඉතා ඉහළ නිදහසක් හිමිවෙනවා ඔහුට අවශ්‍ය ආකාරයට program එක හැසිරවීමට. නමුත් console application වලදී එසේ නැහැ.

එතකොට GUI Programming කියන්නේ?
      මේකෙන් අදහස් වෙන්නේ GUI සඳහා code කිරීමයි. මේ ගැන විශේෂයෙන් කියනවානම් Visual Basic වලදී අපිට මේ GUI implement කරන්න code ලියන්න අවශ්‍ය වෙන්නේ නෑ, ඒ වෙනුවට අපිට කරන්න තියෙන්නේ IDE එකෙන් අපිට සපයා දී තිබෙන tool box එක භාවිතයෙන් drag - and - drop කර interface එක නිර්මාණය කිරීමයි. 

             
          අන්තිම වශයෙන් කියනවා නම් Visual Basic වල හැම දෙයක්ම ගොඩ නැගිල තියෙන්නේ අර Object Oriented කියන concept එකෙන් එන Objects වලිනුයි. උදාහරණ ලෙස buttons, text boxes ආදී වු සියල්ලම Objects ලෙසයි සලකණුයේ. ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා. පොඩි අදහක් තියා ගත්තම ඇති. එතකොට මේ Objects වලට තියෙනවා Properties (හරියට ඔබට නමක්, වයසක්, උසක් තියෙනවා වගේ) තව Methods ( ඒ කියන්නේ ඔබට දුවන්න, ඇවිදින්න, උඩ පනින්න, නිදාගන්න පුළුවන් වගේ) ඒ වගේම විශෙෂ දෙයක් වන events (ඒක හරියට ඔබට කව්රුහරි ගැහුවම අඩනවා වගේ එහෙමත් නැත්තම් මෙකක් හරි දෙයක් උනාම ඒකට ප්‍රතිචාර ලෙස යමක් කිරීමට හැකි වන්නේ මේන්න මේවා නිසා) . 

අපි ඊළග පාඩමෙන් වැඩි දුරටත් මේ ගැන කතාකරල Visual Studio IDE එක හඳුනාගනිමු.

මේම ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Tuesday, June 26, 2012

Visual Basic.net 2010 පාඩම 1 - පටන් ගන්න කලින් .NET ගැන දැන ගනිමු



      මම පසුගිය පාඩමෙන් කියල දුන් පරිදි ඔයාල දැන් Visual Studio 2010 කිනම් හෝ version එකක් install කරගෙන සූදානමින් ඇතියි කියල හිතනව. දැන් අපි අද පාඩම පටන් ගමු.

                                                                    අපේ coding සිංහලෙන් පාඩම් මාලාව අධ්‍යනය කරන ඔයාලා programming වලට ආදුනික අය වෙන්න පුළුවන් ඒ වගේම වෙනත් ක්‍රමලේඛන භාෂා ඉගෙන ගත්ත අය වෙන්න පුළුවන්, මේ දෙගොල්ලන්ටමයි අපේ පාඩම් මාලාව සකස් කරල තියෙන්නේ අපි පුළුවන් තරම් සරල ලෙස ඉදිරිපත් කරන්න උත්සාහ කරනව. හොඳයි visual basic සමඟ මෘදුකාංග නිර්මාණයට පෙර අපි දැන ගත යුතු කරුණු කිහිපයක් මම සදහන් කරන්නම්.
                                                                                     අන්තර්ජාලයේ සීඝ්‍ර ලෙස වියාප්ත වීමත් සමග මෘදුකාංග ලෝකයේ විවිධාකාර ගැටළු මතු වන්නට විය, ඉන් එකක් වූයේ මෘදුකාංග වල වූ platform dependency නම් වූ දුර්වලතාවයයි. මින් අදහස් වන්නේ ඔබ යම් මෘදුකාංගයක් යම් කිසි මෙහෙයුම් පද්ධතියක් (operating system) හෝ යම් processor පෙලක් සඳහා නිර්මාණය කලේ නම් එම මෘදුකාංගය ඉන් බැහැර වු පද්ධති වල ක්‍රියාත්මක නොවීමේ දෝෂයයි. උදාහරණයක් වශයෙන් ඔබ Windows මෙහෙයුම් පද්ධතිය උදෙසා නිර්මාණය කළ මෘදුකාංගයක් එහි source code හි (මේනමින් හඳුන්වන්නේ මෘදුකාංගයේ කෝඩ් එකයි) කිසිදු වෙනස් කමක් සුදු නොකර Linux මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වන පරිඝණකයක ක්‍රියාත්මක නොවේ.

                                                                                මේ සඳහා ඉතා සාර්ථක විසදුමක් 90 දශකයේදී SUN ආයතනය විසින් හදුන්වා දුන් JAVA ක්‍රමලේඛන භාෂාව විසින් සපයන ලදී. ඉතින් මේ කාලයේ JAVA ඉතාමත්ම ප්‍රසිද්ධ වුනා මේ හේතුවෙන්. මෙයාලගේ ප්‍රතිවාදියා වූ Microsoft ආයතනයට මේක ප්‍රබල තර්ජනයක් බවට පත් වුනා. මෙයාලත් වැඩේ අතාරින්නේ නැතුව Next Generation Windows Services කියල programming architecture එකක් දියුණු කරන්න පටන් ගත්ත. පසු කලෙකදී මේක .NET කියල තමයි හඳුන් වන්න පටන් ගත්තේ. මේක JAVA මගින් එල්ල වූ තර්ජනයට හොඳ ප්‍රතිචාරයක් වුනා. Microsoft සමාගම 2000 වර්ෂයේ ජූලි මාසයේ තමයි තම මංගල .NET Framework එක වෙළඳ පොළට ඉදිරිපත් කලේ. මේ මගින් මෘදුකාංග වලට platform in dependency ගුණය ලබා දීමට හැකි වුනා.

මේම .NET Framework එක ප්‍රධාන ලෙස කොටස් දෙකකින් සමන්විතවේ. ඒ
  • Framework Class Library (FCL)
    • මෙහි කලින් ලියන ලද classes සහ components 20 000ක් පමන අඩංගු වේ.
    • Windows applications, Web-based systems, Mobile applications සඳහා අවශ්‍ය මූලික classes සපයා දීමඳ සිඳුකරයි.
  • Common Language Runtime (CLR)
    • මෙය .NET Framework එකේ මධ්‍ය සම්පාදකයයි. (Core Executor)
    • .NET වලට අනුකූල වූ කේතයක් (code) ධාවනය (run) කිරීමට ඔබට අවශ්‍ය වනුයේ මෙය පමණයි.
    • තවද මෙය මගින් Common Language Specification (CLS) හා Common Type System (CTS) භාවිතා කර අපට cross-language interoperability යන ගුණාංගය ලබා දී තිබෙනව. ඒ මගින් සිදු වන්නේ .NET Framework එක තුල එයට අනුකූල වු ක්‍රමලේඛන භාෂා වලින් යම් මෘදුකාංගයක් ක්‍රමලේඛනය කිරීමට හැකි වීමයි.
  • Common Language Specification (CLS)
    • මෙමගින් යම් ක්‍රමලේඛන භාෂාවක් CLR සමග අනුකූල වීම අඳහා ඒවා විසින් අනුගමනය කළ යුතු යම් නිතී පද්ධතියක් සඳහන් කරයි.
  • Common Type System (CTS)
    • Cross-language interoperability හි පදනම මෙයයි.
            ගොඩක් වෙලාවට මම ඉහතින් සඳහන් කළ දේ ඔයාලට නොතේරෙන් ඉඩ තියෙනවා. මම පුළුවන් තරම් සිංහලෙන් පැහැදිලි කලත් සමහර දේ වලට කියන සිංහල වචන දන්නෙ නැති කම හා ඒවාට සිංහල වචන නැති කම යන්න අපහැදිලිතාවයට හේතුවුනා. කැමති නම් internet එකේ මේ ගැන පොඩ්ඩක් search කරල බලන්න. ඒ දෙවල් නොතේරුනා කියල අපේ ඉදිරි වැඩකට යුතු වලට කිසිම බාදාවක් නැහැ. මම මෙම පාඩම සම්පූර්ණ විය යුතු නිසයි ඒවා සඳහන් කලේ.
දැන් අපි බලමු තවත් භාවිතා වන වචන කිහිපයක්,
  • Managed Code - මෙනමින් හඳුන් වන්නේ .NET වලට අනුකූල වූ compiler එකක් මගින් ජනනය කරන ලද කේතයකටයි.
  • Common Intermediate Language (CIL) - මේ ඉහතින් සඳහන් කළ managed code හි භාෂාවයි. මෙය platform independent වේ.         
  • Portable Executable - මෙය managed code (CIL මගින් ලියා ඇති කේතය) අඩංගු file එක වේ.
  • Just - In - Time (JIT) Compiler - මෙය CLR හි component එකක් වේ. මෙය විසින් portable executable හි අඩංගු CIL මගින් ලියන ලද කේතය machine code (පරිඝණකයට තේරෙන භාෂාව) එකට හරවයි.
පහත රූපයත් අධ්‍යනය කරන්නකෝ,      

                                    ඉහත රූපයේ පෙන්වා ඇත්තේ මම හඳහන් කළ platform in dependency ගුණය .NET Framework එකට ලබා ගෙන ඇති ආකාරයයි. ඕනෑම භාෂාවකින් ලියන ලද කේතයක් ඊට අදාල වූ compiler එක  මගින් P.E එක බවට හරවයි. දැන් මෙය එක් එක් පරිඝණක වල ස්ථාපිත කර ඇති CLR එක මගින් එම පරිඝණකයට අනන්‍ය වූ machine language code එකක් බවට හරවා execute කරයි. එම නිසා මෙම .NET Framework එක OS එක හා application එක අතර ක්‍රියාත්මක වෙයි. මෙ පාඩම ටිකක් හොදට කියවන්න. තේරෙන්නේ නැති තැන් අහන්න. අපි අයෙත් පාඩමකින් හමු වෙමු.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
                       

Read More

Saturday, June 23, 2012

Visual Basic.net 2010 හැඳින්වීම

        අද ඉඳන් අපි පටන් ගන්න අළුත්ම පාඩම් මාලාව තමයි Visual Basic.net 2010. Microsoft සමාගම ලෝකයාට හඳුන්වාදුන් එක් ක්‍රමලේඛන භාෂාවක්. මේ භාෂාව ලෝකය පුරා ඉතාමත්ම ප්‍රසිද්ධයි. පසුගිය කාලයේ පොඩි පසු බෑමක් තිබුනත් දැන් නැවතත් එය සිය සුපුරුදු තත්වයට ඇවිත්. 

Visual Basic.net 2010 එක්ක වැඩ කරන්න මොනවද අපිට ඕන?

                          ඔයාලගේ පරිඝණකයේ Visual Studio 2010 ස්ථාපනය කර තිබිය යුතුයි. (මම මේ ලිපි පෙළ සඳහා භාවිතා කරනනේ Ultimate සංස්කරණය නමුත් Express සංස්කරණය උනත් ප්‍රමානවත්)
  • Ultimate වැනි වෙනත් සංස්කරණයක් අවශ්‍ය නම් මුදල් ගෙවා ලබා ගන්න වෙනව. (නැතිම් torrent පිහිට තමයි ඒක ඉතින් නීති විරෝධියි)

Visual Basic.net 2010 වැඩ පටන් ගැනීම.

                          දැන් ඔයාල install කර ගත්ත  Visual Studio 2010 open කරගන්න. මම භාවිතා කරන්නෙ Ultimate සංස්කරණය නිසා මුලින්ම පටන් ගන්නෙ මෙන්න මේ වගේ.


           ඊට පස්සෙ මෙන්න මේ වගේ Visual Studio environment එක configure  කර ගන්න අවශ්‍ය window එක open වේවි. මේ අවස්ථාව ඇති නොවෙන්නත් පුළුවන්.


           අපි Visual Basic එකක් වැඩ කරන්න යන නිසා Visual Basic Development Settings තෝරල Start Visual Studio button එක click කරන්න. දැන් Visual Studio මෘදුකාංගය විවෘත්ත වෙන්න කලින් මේ විදිහට settings load වේවි.


            ඊට පස්සෙ Visual Studio මෘදුකාංගය විවෘත්ත වේවි.


           දැන් ඔබ Visual Studio මෘදුකාංගය සමග Visual Basic programming කරන්න සූදානම්. අපි ඊලග පාඩමෙන් වැඩි දුරටත් කරණු කතා කරමු. එතෙක් ඔබ සූදානමින් ඉන්න. ගැටළු තියෙනවානම් comment කරන්න.
Read More