Wednesday, August 8, 2012

HTML සිංහලෙන් පාඩම 9 - Paragraphs

                        අපි පසුගිය පාඩමේදී HTML වල tags කිහිපයක් ගැන ඉගෙන ගත්ත මතකයි කියල මම හිතනව. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ paragraph tag එක හා ඒ ආශ්‍රිත තවත් tags කිහිපයක් ගැනයි. අපි මුලින්ම බලමු මොකක්ද මේ tag එකෙන් වෙන්නේ කියල. අපි ඕනෑම document එකක් සාදන විට බොහෝ වෙලාවට අපිට ජේද යොදා ගන්න වෙනවා. ඉතින් මෙන්න මේ කාර්යය HTML වලදි අපි කරගන්න paragraph tag ( <p>....</p>) එක බාවිතා කරලයි. web page වලට text එකතු කරන්නේ මේ tag එකෙනුයි. අපි පුංචි උදාහරණයකින්ම මේ tag එක තේරුම් ගනිමු.


ඒක Browser එකේ පේන්නේ මෙන්න මේ වගෙයි.


කැමති නම් ඒකම මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්,


                        මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති දැන් මේ tag එක, විශේෂ කාරණය තමයි මේ tag එකකට ඉහළින් සහ පහළින් blank line එකක් browser එක විසින් ඉබේම තබා ගන්නවා. අනිත් එක මේ tag එක close නොකරත් සමහර browsers නිවැරදිව පෙන්න්වි. නමුත් සෑම විටම එසේ වන්නේ නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම tags යුගලයම භාවිතා කරන්න.

Link Break Tag (<br/>)

                              මේ tag එකත් paragraph tag එක සමග බහුලව යෙදෙන tag එකක්. මේ tag එක මගින් අපිට දැනට ඉන්න  line එක brake කර ගැනීමේ හැකියාව තිබෙනව. මෙය තනි tag එකක් වශයයෙනුයි පවතින්නේ. (ඒක නිසයි අගට forward slash එක යොදල තියෙන්නේ) මේකත් අපි උදාහරණයකින්ම තේරුම් ගනිමු.


browser එකේ පේන්නේ මෙන්න මේ වගේ,


                           මේ tag එකේදී අපිට එකම Paragraph tag එක ඇතුලේ ඉදගෙන අළුත් line එකකින් ඊලග වාක්‍ය අරබන්න පුළුවන්ග මේකෙදි කලින් වගේ blank line එකක් browser එක විසින් add කරගන්නේ නෑ. මේ tag එක ඉතාමත් ප්‍රයෝජනවත් tag එකක්. ආයෙත් පාඩමකින් හමුවෙමු.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

Read More

Tuesday, August 7, 2012

cookies සමග වැඩ කිරීම( PHP සිංහලෙන් - 22 )


cookie යනු පරිගනකයේ web browser එක භාවිතයෙන් වෙබ් අඩවි වලින් යම් යම් දත්ත තැම්පත් කර තබන ආකාරයකි. මේවා මගින් ඔබගේ පරිගනකයේ විවිධ තොරතුරුද( සීමා සහිත ) වෙබ් අඩවි වල ප්‍රයෝජනය සඳහා ලබා ගත හැකිය.

පලමුව අපි බලමු cookie එකක් සාදන්නේ කේසේද කියලා
setcookie($name, $value, $expire);

name = නම
value = අගය
expire = කේතය

පහත කේතය බලන්න එහිදී සිදුකර ඇත්තේ නම testද අගය  45කල් ඉකුත්වීම සතියක්න්ද වන ලෙස සෑදූ cookie  එකකි. කාලය තත්පර වලින් තැබිය යුතු නිසා දින 7 කට තත්පපර ගණන දමා ඇත. දැන් මෙම වෙබ් පිටුව විවෘත්ත කල විට කිසිම වෙනසක් සිදු නොවේ. නමත් එයේ විවෘත්ත කිරීමෙන් පසු web browser එකෙහි cookie එකක් සැදේ. දැන් web browser එකෙහි settings වල cookies යන්න සොයා test ලෙස නම් ඇති cookie එක බලන්න.



දැන් අලුත් පිටුවක(readcookie.php) පහත කේතය අන්තර්ගත කර save කර ගන්න   එය run කරන්න. එවිට කලින් test ලෙස සාදන ලද cookie එකෙහි විස්තර ලැබේ.




cookie එකක් සාදන පිළිවෙලටම කේත ලියා කාලය ඉදිරියෙන් සෘණ( - ) ලකුණ යොදන්න . එය cookie එකක් කල් ඉකුත් කරන අයුරුයි. පළමු වන පින්තූරයේ ඇති කේතයේ ධන ලකුණ සෘණ( - ) බවට පත් කරීම සලකමු. එහිදී පෙර cookie එකම නැවත වෙනස් කරනු ලැබේ. එහිදී මම කල් ඉකුත් වීම සතියකට පෙර සියුවන ලෙසට වෙනස් කරයි.

දැන් නැවත readcookie.php පිටුව ලබා ගන්න. එහිදී error  පනිවිඩයක් දිස්වේ එහිදී ඒ cookie එකක් නැති නිසයි. එවරනි අවස්තානවක error  පනිවිඩයක් දිස් නොවීම සඳහා පහත වැනි කේතයක් වඩා සුදුසු වේ.

අපට cookie භාවිතා කරන විට විවිධ ගැටලු මතුවිය හැකිය. එනම් cookie මැකීමකට ලක්වී තීබීම හෝ විකෘතිවී තිබීම වැනි ගැටලු නිසා ඊට පිලියමක් ලෙස session භාවිතා කල හැකිය. එහිදී session යන්න වෙබ් සර්වරයේ ඇති ලිපිගොනුවකි. මෙහිදී සිදුකරන්නේ වෙබ් පිටුව ආරම්භ වන විටම වෙබ් සර්වරයේ ඇති ලිපිගොනුවෙහි ඇති දත්ත cookie තුලට අන්තර්ගත කිරීමයි මෙහිදී එම දත්ත වල සුරක්ෂිත භාවයද වැඩිය. පහත කේතය බලන්න එහිදී session ආරම්භ කරන අයුරු හා session එකකට ලියන අයුරු දැක්වේ.





මෙලෙස වීශාල දත්ත ප්‍රමානයක් උවද session තුල අන්තර්ගත කල හැකිය. 


---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Monday, August 6, 2012

Visual Basic.net 2010 පාඩම 6 - Naming Objects



           අපි පසුගිය පාඩමේදී කතා කලානේ VB වල Objects ගැන. ඉතින් මේ අපි හදාගන්න Objects හැදුවට පස්සේ අදුනගන්න විදිහක් තියෙන්න ඕනනේ.ඒකට තමයි අපි ඒවා නාමකරනය කරන්නේ හරියට අපි හැමෝටම නමක් තියෙනවා වගේ ඒ වගේම ගොඩක් වෙලාවට අපිට නමින් යම් පුද්ගලයකුගේ උපන් රට ගැන යම් අඳහක් ගන්න පුළුවන්, ඒ ගේම අපි හඳන  Objects වලට දෙන නමින් ඒ ඒ  Object එක අයත් වන  Object type එක හඳුනාගත හැකි විය යුතුයි. ඒක නිසා අපි  Object එකක් හදපු ගමන් කරන්න ඕන ඒකේ Name property එක සකස් කරන එකයි. මම හිතන්නේ දැන් ඔයාලට Name property එකේ වැදගත් කම වැටහෙන්න ඇති.

           දැන් ඔයාල අපි 4 වෙනි පාඩමේදී සාදාගත් "MyFirstApplication" project එක open කර ගන්නකෝ. දැන් ඒක තියෙන එකම එක form එක click කරල properties window (එහෙම එකක් පේන්න නැත්නම් F4 වලින් open කරගන්න) එකේ තියෙන Name property එක හොයාගෙන ඒක බලන්නකෝ. "Form 1" කියල නේද තියෙන්නේ. අපි Project එකට නමක් දුන්නට (අපි project එකක් හැදුවම ඉබේම Visual Studio එකෙන් අපිට form එකකුත් හදලා දෙනවා) එකේ form එකට නමක් දුන්නේ නෑනේ ඒකයි ඒකෙ නම විදිහට "Form 1" කියල Visual Studio එකෙන් නම් කරල තියෙන්නේ!. මෙසේ දෙන නම Object type එකෙන් type එකට වෙනස් වෙනවා. 

             

            සාමාන්‍යයෙන් properties window එකේ properties පෙන්වන්නේ කාණ්ඩ වශයෙනුයි, හොඩියේ පිළිවෙලට නෙමෙයි. (ඔයාල පස්සේ ඒක වෙනස් කරල නැත්තම්) ඉතින් අපිට පුළුවන් මේක හොඩියේ පිළිවෙලට සකස් කරන්න properties grid එකට උඩින් තියෙන Alphabetical button එක click කරල.


               මම හිතන විදිහට නම් properties window එකේ properties ටික හොඩියේ පිළිවෙලට තියා ගන්න එක ලේසියි. මොකද අපි ගොඩක් වෙලාවට property එකක් හොයන්නේ එකේ නමින් නිසා. ඒ වගේම "Name" property එක ඉහල කොටසට ඇවිත් නේද? හරි විදිහට නම් ඒක තියෙන්න ඕන "N" අකුරට අයත් කොටසෙයි. නමුත් ඒ property එක ඉහළින් තියා ගන්න ඕන නිසයි වරහන් දෙකක් ඇතුලේ දාල තියෙන්නේ.   මොකද හොඩියේ පිළිවෙලට සකස් කරන කොට සංඛෙත අකුරු වලට වඩා ඉහළට එන නිසා.

                 ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ ලැබුන නම සාර්ථක එකක් නෙමෙයි. ඒක නිසා අපි ඒක ගැලපෙන ලෙස සකස් කල යුතුයි. මේ නම සකස් කරන විට අපි මේ හදන form එක විස්තර වෙන නමක් දුන්නොත් අපිට ඒක හඳුන ගන්න පහසුයි නේද?. දැන් අපි බලමු කොහොමද ඒ තියෙන නම වෙනස් කරන්නේ කියල,

  • දැන් ඔයාල Name property එක click කරල "Form1" කියල තියෙන ඒකේ නම "ViewerForm" කියල වෙනස් කරන්න. නමුත් මෙකෙන් form එකේ file name එක වෙනස් වෙන්නේ නෑ. form එකේ file name එක අපිට Solution Explorer එකෙන් බලා ගන්න පුළුවන්.

      
        
     
    
  • ඒක වෙනස් කරන්න Solution Explorer එකේ "Form1.vb" කියන අපේ form එකේ ‍file එක උඩ right-click කරල rename තෝරන්න.
  • දැන් "Form1.vb" එක "ViewerForm.vb" කියල වෙනස් කරන්න.

              මම මෙතනදී නම Form කියන කොටස එකතු කරල තියෙන්නේ මෙය Form කියන Object type එකට අයත් බව පෙන්වන්නයි. ඒක අත්‍යාවශ්‍ය නෑ නමුත් තියෙනවා නම් හොදයි කියල හිතෙනව. තව දෙයක් අපි file name එක මුළින් වෙනස් කලා නම් ඒ සමගම form එකේ name property එකත් ඊට අදාලව වෙනස් වෙනව. properties window එකෙන් වෙනස් කරන හැටි පෙන්වන්නයි මම මේ විදිහට කලේ. අපි ඊලග පාඩමේදී form එකේ Text property එක ගැන කතා කරමු.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

                  
Read More