Showing posts with label JAVA. Show all posts
Showing posts with label JAVA. Show all posts

Friday, December 2, 2016

2 Java සමග වැඩ අරඹමු (Start with Java)

Java සමග ක්‍රෙමලේඛ කිරිමට පෙර අප Java Development Kit (JDK) වැඩසටහන පරිගණකය තුල ස්ථාපනය කර ගත යුතුය. ඒ සදහා ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සදහා ගැලපෙන JDK වැඩසටහන පහත link එකට ගොස් ලබාගන්න.

http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html

මෙහිදී ඔබ පරිගණක භාවිතය සම්බන්ධයෙන් යම් දැනුමක් ඇති අයකු ලෙස සැෙලකෙන බැවින් JDK වැඩසටහන ස්ථාපනය කරගන්නා ආකාරය පියෙවරෙන් පියවර මෙහි පල කිරීමට බලාපොරොත්තු නොවෙමි. නමුත් ඔබ සතුව යම් ගැටලුවක් ඇත්නම් පහත comment තීරුවේ හෝ පහත සදහන් Email ලිපිනයට යොමු කිරීමෙන් පිළිතුරු ලබාගත හැකි බව දන්වනු කැමැත්තෙමි.

මෙම ලිපි මාලාව තුල මවිසින් Ubuntu Linux මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අතර ඔබ දකින තිර සටහන් වල Linux Terminal එක දිස් විය හැක. නමුත් හුදෙක් Java විධානයන් (Command) සෑම මෙහෙයුම් පද්ධතියකටම බොහෝදුරට සමාන වේ.

ජාවා Hello, World 

public class Hello{
  public static void main(String[] args){
    System.out.println("Hello, World");
  }
}

මෙහි දැක්වෙන්නේ Java පරිගණක ක්‍රමලේඛ භාෂාවේ සරලතම යෙදුමයි. අපි එය හදුනාගනිමු.

මුලින්ම මෙහි සදහන් වෙන්නේ class නිර්චවචනයයි. මෙය ඕනෑම class එකක් ආරම්භයේදී යොදාගන්නා පදයයි. class එකෙහි අන්තර්තගතය සගල වරහන් ({}) මගින් දක්වා ඇත. Hello යනු මෙම class එක සදහා අපි විසින් ලබා දෙන නමයි. එම නමම මෙම class file එක save කරගන්නා විට file name එක ලෙසද යොදා ගත යුතුය. (උදා: Hello.java)

class එකෙහි අන්රතර්තගතය ලෙස මෙහි main method එක අර්ත දක්වා ඇත. මෙවැනි main method අර්ථදැක්යවිය හැෙක්කේ ඕනෑම program එකකට එකක් පමණි. මෙය වැඩසටහන ක්‍රියාත්කමක කිරීමේදී මුලින්ම run වන method එකයි. මේ පිළිබද වැඩි විස්රතර ඉදිරියේදී  method/function පිළිබද යොමුවෙන් බලාපොරොත්තු වන්න.

ඒ යටතේ ඇති System.out.println("Hello, World"); පද පෙළ මගින් Hello, World ලෙස Console output එක ලබා දීම සිදු කරයි.

Java වැඩසටහනක් Compile කරගැනීම සහ Run කිරීම.

ජාවා වැඩසටහනක් ධාවනය කිරීමට ප්‍රථම එම වැඩසටහන Compile කර ගත යුතුය. මෙමගින් Java Source Code එනම් ක්‍රම ලේඛනය Java Bitecode වෙත පරිවර්ථනය කිරීම සිදුවේ. JVM එනම් Java Virtual Machine මගින් ධාවනය කල හැක්කේ මෙලෙස  bytecode ලෙස පරිවර්ථනය කර ගත් වැඩසටහන් පමණි.

මේ සදහා ප්‍රථමයෙන් Terminal (වින්ඩෝස් සදහා නම් CMD) එක අදාල Source file එක ඇති Directory තුල Open කර ගන්න.

දැන් පහත සදහන් Command එක භාවිතයෙන් ඔබේ කේතය Compile කර ගත හැක. 
$ javac Hello.java

ඔබේ කේත සටහනේ වැරදි (Errors) කිසිවක් නැති නම් Compile වීමෙන් පසු class ෆයිල් එක සෑදිය යුතුය. 

දැන් අපි මෙම වැඩසටහන ධාවනය කර බලමු. මේ සදහා පහත command එක භාවිතා කළ යුතුය. 
$ java Hello

එවිට ප්‍රථිපලය පහත පරිදි දිස් වනු ඇත.



ඔබ සාර්ථක ලෙස Java ක්‍රමලේඛයක් සකස් කරන ලදි!!!




Read More

Thursday, April 14, 2016

1 වන පාඩම - හැඳින්වීම (Java Introduction)

ජාවා පරිගණක භාෂාව ස්ථාපනය කරගැනීම සහ මූලික අංග ගැන අපි මෙම ලිපියෙන් සලකා බලමු.
ජාවා සමග වැඩකිරීමට ඔබ සතුව JDK (Java Development Kit) එක පැවතිය යුතුය.

මෙම සබැඳියෙන් ඔබට JDK 8 නවතම සංස්කරණය බාගත කරගත හැකිය.

ජාවා යනු විවෘත කේත (Open source) පරිගණක භාෂාවකි. එමෙන්ම දැනට ලොව ජනප්‍රියතම පරිගණක භාෂා අතර පෙරමුණේ රැඳී සිටිමට ජාවා පරිගණක භාෂාවට හැකිවී ඇත.

JVM (Java virtual machine)

ජාවා පරිගණක වැඩසටහන Cross Platform පරිගණක වැඩසටහනක් ලෙස හඳුන්වයි. එනම් ජාවා පරිගණක භාෂාවෙන් ලියන ලද වැඩසටහනක් ඕනෑම පරිගණකයක JVM වැඩසටහන මත ධාවනව කල හැකිය. මෙසේ වන්නෙ ජාවා වැඩසටහන් ධාවනය වන්නෙ JVM නමැති අතථ්‍ය යන්ත්‍රය මත වීමයි. එනම් windows හෝ වේවා Mac හෝ වේවා Linux හෝ වේවා ඕනෑම OS එකක් මත JVM එක ස්තාපනය කිරීමෙන් Java වැඩසටහන් සඳහා සහය ලබාගත හැකියි. මෙම JVM වැඩසටහන එක් එක් OS එක සදහා වෙනමම (Native Application) එකක් ලෙස ලබා දී ඇත. ඔබේ පරිගණකයේ OS එකට අදාල JVM එක සථාපනය කරගැනීමෙන් ඕනෑම පරිගණකයකදී නිර්මාණයක කරන ලද Java වැඩසටහනක් ධාවනය කරීමේ හැකියාව එමගින් ලැබේ.


Java source file (.java) java කම්පයිලරය හරහා byte code file(.class) එක බවට හරවන අතර එම byte code files, JVM එක මත ධාවනය කල හැකිය.  

JRE Vs JDK (Java Runtime Environment Vs Java Development Kit)

JRE යනු Java Runtime Environment යන්නයි. එනම් JVM එකෙහි අන්තර්ගතයයි. මෙහි අන්තර්ගතය වශයෙන් JVM පද්ධතිය ධාවනය වන අවස්ථාවේදී භාවිතා වන Files සහ Libraries අඩංගු වේ.

JDK යනු Java Development Kit යන්නයි. මෙහිදී JRE + Development Tools අඩංගු වේ. එනම් සාමාන්‍ය JRE පද්ධතිය වගේම මෙහි Compiler එක ඇතුලු අනෙකුත් Java Development සදහා දායක වන Files සහ Libraries අඩංගු වේ.
Read More

Friday, August 2, 2013

Java ඉතිහාසයෙන් බිඳක්

අද Java තාක්ෂණයෙන් සවිබල ගැන්වෙන එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංග අති විශාලය. ඔබේ Smart phone යේ සිට සෑම අස්සක් මුල්ලක් නෑරම විවිධ අයිතමයන් පණගැන්වෙන්නෙ Java මගිනි. මෙසේ අද වන විට Java තාක්ෂණය එදිනෙදා දිවියට නැතිවම බැරි අංගයක් වන්නට ප්‍රථම එහි ආගමනය ගැන සැකෙවින් බලමු.

90 දශකයේ ආරම්භය වන විට ලෝකය තාක්ෂණික අතින් විශාල වෙනස්කම් රැසකට මුහුණපාමින් සිටියා. ඇත්තෙන්ම 90 දශකය වන විට ලෝකය පරිගණක ජාලකරණය මගින් එකිනෙකා සම්බන්ද වීම විප්ලවීය වෙනසක් කරමින් මිනිසුන්ගේ එදිනෙදා සමබදතාවයන් කරාම පැමිනෙමින් පැවතියා.

මේ අතර 1991 දී Sun microsystem  ආයතනයේ ඉන්ජිනේරුවන් පිරිසක් Green Team ලෙස හදුන්වන ලදුව විශවාස කරනු ලැබුවා ලෝකයේ පරිගණක තාක්ෂණයේ මීලග රැල්ල වන්නෙ පාරිභෝගික ඩිජිටල් අයිතමයන් (ජංගම දුරකථන වැනි) සහ පරිගණක අතර ඒකතුව බව. ජේම්ස් ගැසලින් (James Gosling)  නමැත්තා විසින් මෙහෙයවනු ලැබූ මෙම කණ්ඩායම ලොව විශාල පෙරලියක් කළ JAVA පරිගණක භාෂාව සහ එහි තාක්ෂණය ලොවට දායාද කිරිමෙහි වෙහෙසුනා. එහි ප්‍රථිලයක් ලෙස අද ලොව තාක්ෂණික පෙරලියක් කරමින් Java පරිගණක භාෂාව වැජඹෙනවා..

Green team එක මගින් මුලින්ම ඔවුන්ගේ නව පරිගණක භාෂාව ඉදිරිපත් කලේ Cable TV කරාමාන්තය ඉලක්ක කර ගත් සිත්ගන්නාසුලු කුඩා ප්‍රමාණයේ නිවසේ භාවිතාකල හැකි පරිපාලක උපකරණයක් සමගින්. නමුත් මෙම සංකල්පය ඔවුන්ට එදා හැටියට අතිශය සංකීර්ණ දෙයක් වුනා. නමුත් එය ඉතා හොදින් ගැලපුනා 1995සිට අරඹුන අන්තර්ජාල තාක්ෂණයත් සමග. මෙම කණ්ඩායම නිවේදනය කලා Java, Netscape Navigator browser ය සමග අන්තර්ගත කරන බව.

අද Java අන්තර්ජාලයට සීමාවූ දෙයක් නෙමෙයි. අත එදිනෙදා අපි භාවිතා කරන ජංගම දුරකථනයේ සිට බොහෝමයක් අයිතමයන්ගේ සැගවුන බලකාය ලෙස සිටින්නෙ Java. ඇත්තෙන්ම අද ජාවා හැමතැනම, හැම දේකම තියනවා.

Java time line එක නැරමීමට පිවිසෙන්න. 

ජාවා රස විඳින්න!

Java සහ .Net අතර විරසකය!
















ජාවා නවතා දැමුනු ලෝකය!!



Java Programmers RAP
















ඉතින් Coding සිංහලෙන් අපි සමග සිට ජාවා අලුත් මුහුණුවරකින් ඉගෙන ගනිමු... එතෙක් ඔබට ජය!!!
Read More

Friday, June 14, 2013

ජාවා සිංහලෙන්


ලගදීම නවතම ජාවා පාඩම් මාලාවක් කොඩින් සිංහලෙන් අඩවියෙන් බලාපොරොත්තු වන්න....
Read More