Monday, October 29, 2012

Android පරිසරය හදා ගමු - 3.



ANDROID  පරිසරය හදා ගමු - 3 

Android + Eclipse
අපි අද බලමු කොහොමද, අපේ Android sdk එක Eclipse කියන IDE එක්ක එකතු කර ගන්නේ කියලා...

              දැන් ඔයාල පාවිච්චි කරන්න යන්නෙ Eclipse නම්, ඔයාල Eclipse indigo කියන version එක හෝ  ඊට පසු  ආපු  version එකක් install කරගන්න වෙනවා. මොකද,  Eclipse indigo කියන එකට පෙර පැමිණි version වලට  Android sdk එක එකතු කරන්න නොහැකි වීමයි. මම ඔයාලට Eclipse download link එක භාවිතා කලා නම්, ඔයාලට Eclipse indigo කියන  version එක download කර ගන්න පුළුවන් වේවි.

Eclipse වලදි Intellij IDEA වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. Eclipse වල Android development environment සූදානම් කර ගන්න,  Eclipse වලට plugin එකක් install කර ගන්න වෙනවා. පහත දැක්වෙන රූප සටහන් එක්ක, අපි බලමු  Eclipse ADT-plugin එක install කර ගෙන,  Android project එකක්  Eclipse වල  හදා ගන්නේ කොහොමද කියල. 



Eclipse open කරගන්න. එතකොට පහත ආකාරයේ window එකක් ඔයාලට දැකගන්න පුළුවන් වෙයි.

දැන් help > install new software



ඔයාට ලැබුනු අලුත්  window එකේ, ඊතලයෙන් පෙන්වා ඇති Add botton එක click කරන්න.



ඉහත රූපයේ ආකාරයට, ඔයාලට පෙන්වන  pop-up box එකේ, ඇති විස්තර වලට, පහත ලබා දී ඇති කොටස් copy කර paste කරන්න.
  name : ADT Plugin
  location : https://dl-ssl.google.com/android/eclipse/ 





දැන් රූපයේ ආකාරයට,  developer tools කියන  tick එක පමනක් සටහන් කර, next කරන්න. අනික්  tick එක ඔබට අවශ්‍ය වන්නේ, ඔයාල  Android development කරන්න native client කෙනෙක් භාවිතා කරනවා නම් තමයි.  native client කියලා කියන්නේ, මම පෙර ලිපියක කියූ පරිදි,  Adobe, HTML5, RhoStudio වගේ  development area එකක්.





ඔයාල  select කරපු  packages ටික පෙන්නාවි. දැන් next click කරන්න.




දැන් ඔයාල  select කරපු  packages ටික  accept කරලා  finished click කරන්න.




eclipse ඔයාල දුන්න packages ටික download කරලා install කරාවි. install වුනාට පස්සේ,  Eclipse restart කරන්න.



දැන්  windows > preferences > android


browse කියන button එක click කරලා, ඔයාගේ Android sdk එක තියෙන location එක Eclipse ට පෙන්නලා දෙන්න. දැන් ok button එක කරන්න (ඉහත රූපයේ ආකාරයට)


දැන් file > new > Android application project. අපි දැන්, අලුත් Android project එකක් හදා ගමු.


ඔයාට කැමති,  application name එකක්,  project name එකක්,  packging names දෙන්න.   

ඉහත රූපයේ විදියට, build sdk සහ minimum required sdk එක ඔයාලට කැමති,  ඔයාලා install කරගෙන තියෙන Android version එකක් දෙන්න. දැන් next click කරන්න

ඔයාලට eclipse ලබා දීලා තියෙන, default launcher icon එක ඒ විදියටම තියලා,  next click කරන්න

Create Activity window එකේදි, blank activity select කරලා,  next click කරන්න

New Blank Activiy window එකේදී  activity name එක, layout name එක Eclipse ඔයාලට දීලා තියෙන නම් ම තියන්න. ඔයාලට කැමති නම්, ඕනිම නමක් යොදා ගන්නත් පුළුවන්. දැන් finished click කරන්න





දැන් Eclipse ඔයාලට ඉහත රූපයේ  project structure එකක් සහිත, Android project එකක් හදලා දේවි ඔයාලට.

ඔයාලා දෙවිදියකටම, දැන් සූදානම්  Android development වලට. අපි මීලඟ කොටසින් බලමු, කොහොමද අපි සූදානම් කර ගත්ත පරිසරයේ වැඩ පෙන්නන්නේ කියලා...

ඔයාලට මේ කරපු දේ ටික ගැන ප්‍රශ්න තියෙනව නම් comment කරන්න නැති නම් mail කරන්න kavi707@gmail.com, kavimalw@hsenidmobile.com
Read More

Monday, October 22, 2012

6. C හයවන පාඩම - නැවත නැවතත් සිදුකිරීම (Loop)

මේ පාඩමෙන් බලමු ක්‍රියාවලියක් නැවත නැවත සිදුකරගන්න අවශ්‍යවිටදි ක්‍රමලේඛණයේ භාවිතාවන තවත් වැදගත් භාවිතයක් වන loop ගැන. loop එකක් යනු අර්ථයෙන්ම නොනැවති සිදුවන ක්‍රියාදාමයක් හඟවයි. ක්‍රමලේඛනයේදි අපිට යම් කිසි ක්‍රියාවලියක් නැවත සිදුකරගැනීමට අවශ්‍ය නම් එම කේත කොටස යලි ලිවීමට සිදුවේ. නමුත් මේ loop භාවිතයෙන් එම යලි ලිවීම අවම කොට එකම කේත කොටසක් නැවත නැවත භාවිතයට ගැනෙන ආකාරයට සකසා ගැනීමටත් එහි සිදුවීම පාලනය කරගැනීමටත් අපට අවකාශය ලබා දෙයි. එනම් අවශ්‍ය විටෙකදි පටන් ගැනීමටත් අවශ්‍ය විටකදි නතරකර ගැනීමටත් ආදි වශයෙන් කේතනය කිරීමට හැකියාව ලැබේ.




ඉහත රූපයේ දැක්වෙන්නෙ සරලවම loop එකක් ක්‍රියාකරන අන්දමයි. එහි පෙන්වා ඇති පරිදි යම් කිසි අවසථාවකදි පරීක්ෂාකෙරෙන condition එකක් මගින් එය නැවත සිදුකළ යුතුද නැතිනම් ඉවත් විය යුතුදැයි තීරණය කෙරේ. මෙහිදී condition එක සත්‍ය වනතුරු loop එක ක්‍රියාත්මක වන අතර condition එක අසත්‍ය වූ සැනින් loop එකෙන් ඉවත් වේ.

C හිදි භාවිතා වන loop වර්ග තුනක් හඳුනාගත හැකිය.
  1. While loop
  2. Do while loop
  3. For loop 
1. while loop 


while loop එක යනු ක්‍රමලේඛනයේදි භාවිතා වන සරලම loop එකයි. මෙහිදි loop එකට ඇතුළුවීම පිණිස condition එක true විය යුතුය. එසේ ඇතුලුවූ පසු අදාල කේත කොටස execute වී නැවත condition එක පරීක්ෂාකරයි. මේ ආකාරයෙන් නැවත නැවත සිදුවන අතර යම් අවස්ථාවකදි condition එක false වන්නේ නම් එවිට loop එකෙන් ඉවත් වේ. 

Syntax
while (condition[true/false]) 
{
    statement;
}


Example
int counter = 0;
while (counter<10) 
{
    printf("%d",counter);
    counter++;
}


ඉහත උදාහරණයේදි ඔබට පිළිතුර ලෙස තිරයේ 0 සිට 9 දක්වා output එක ලබාගත හැකිය.

මෙහිදී සිදූවිම සවිස්තරව දැනගනිමු.
මෙහිදි මුලින්ම හදුන්වා දී ඇති int counter යනු loop එකෙහි ක්‍රියාත්මක වාරගණන ගැන ගැනීම සඳහා මාවිසින් හදුන්වාගත් Integer type counter variable එකයි. එය ආරම්භයේදී 0 ලෙස අගයක් යොදාගෙන ඇත.
දෙවනි පෙලෙන් while ලෙස සඳහන් කිරීමෙන් මෙය while loop එකක් බවත් ඒ ඉදිරියේ ඇති වරහන් තුල පරීක්ෂාවිය යුතු condition එකත් ලබා දී ඇත. මෙහි ආරම්භය ලෙස counter යන variable එක 10ට වඩා කුඩාද යන්න පරීක්ෂාවට ලක් කෙරෙන අතර මෙම condition කොටස සඳහා ඔබට අවශ්‍ය පරිදි ඕනෑම Boolean result එකක ලබාදෙන statement එකක් (එනම් සත්‍ය(true) හෝ අසත්‍ය(false) ලෙස ප්‍රථිපලය ලබාදෙන) භාවිතා කළ හැක. loop වලදි බහුලව යොදාගනුයේ counter variable එකක් විචලනය කර අවශ්‍ය තාව සකසා ගැනීමයි.
ඉන් පසු සඟලවරහන් ආරම්භකයක් ( { ) දැකිය හැකිය. එමෙන්ම කේත කොටස අවසානයේ එහි ( } ) වැසුම දැකිය හැකිය. එම සඟලවරහන් කොටසින් කියැවෙනුයේ ඒ තුල ඇති කේත කොටස loop එකට අදාල කොටස බවයි. අපි මීට පෙර ඉගෙනගත් if ආදී පාඩම් වලදීද මෙම සඟලවරහනේ උපයෝගිතාවය ඉගෙන ගත්තෙමු.
ඊලඟ පෙලෙන් printf විධානයක් දැකිය හැකිය. එනම් මෙහිදි සරලවම අපේ counter variable එකෙහි පවතින අගය print කරගැනීම පමණක් සිදුකර ඇත.
counter++ යන පෙලින් සිදුකරගනු ලබන්නෙ අපගේ counter variable හි පවතින අගය එකකින් ඉහල දැමීමයි.

දැන් මුලින්ම counter = 0 බැවින් condition එක සත්‍ය වේ (condition එක වනුයේ counter<10 බැවින්). එබැවින් loop එක තුලට ඇතුලු වන අතර අදාල statement සියල්ල execute වූ පසු අවසානයේදී නැවත මුලට යමින් condition එක පරීක්ෂාකරයි. එවිට counter එකෙහි අගය එකකින් වැඩි වී ඇති නිසා නව අගය ලෙස 1 ලැබේ. එවිටත් condition එක සත්‍ය වන නිසා loop එක තුලට ඇතුලු වේ. මේ ආකාරයට 9 දක්වාම ගිය පසු counter එක 10 ලෙස පැමිණීමෙන් condition එක false වේ. එවිට loop එකෙන් ඉවත් වේ.

මෙය loop එකක සරල ක්‍රියාදාමය ලෙස හඳුනාගත හැකිය.

2. do.. while loop


Do...while loop හිදී පෙර පරිදිම සිදුවන නමුත් මෙහිදි statement  එක එකවරක් execute වීමෙන් අනතුරුව condition එක පරීක්ෂාවට ලක්වීම සුවිෂේශීවේ.
එනම් condition එක පළමු අවස්ථාවේදී සත්‍ය වුවත් නොවුවත් එක වරක් loop එක තුල ඇති code එක execute වේ.
ඉන් පසු පෙර පරිදිම condition එක පරීක්ෂා කෙරෙන අතර එය සත්‍ය නම් නැවත මුලට ගොස් code එක execute වෙමින් පැමිණේ. එලෙස condition එක අසත්‍ය වන තුරු loop එක ක්‍රියාත්මක වේ. 

Syntax
do
{
   statement;
} while (condition[true/false]); 



Example
int counter = 0;
do
{
    counter++;
    printf("%d",counter);
}while (counter < 10);


මෙහිදී ඔබට පිළිතුර ලෙස 1 සිට 10 දක්වා ප්‍රථිපලයක් ලැබෙනු ඇත.
ඒ මන්ද...
මෙහි ආරම්භයේදී counter = 0 වේ. නමුත් පළමු අවස්ථාවේදී code එක execute වන බැවින් counter++ හිදී counter හි අගය 1 ලෙස වෙනස් කර මුද්‍රණය කරයි. එවිට පළමු අවස්ථාවේදී condition එක පරීක්ෂාවට ලක්වද්දී counter එකෙහි අගය 1 වේ. එය සිදුවන්නේ do..while හි සුවිෂේශී වූ එක අවස්ථාවක් execute  වීමේ ගුණාංගය නිසායි. මෙලෙස 9 දක්වා අගයන් මුද්‍රණය වූ පසු condition එක පරීක්ෂා කරද්දී counter එක 9 වේ. එය සත්‍ය බැවින් නැවත මුලට යන අතර එම අවස්ථාවෙ counter++ මගින් අගය 10 ලෙස වෙනස් කරයි. එම නිසා 10 මුද්‍රණය වීමෙන්ද පසු එම අවස්ථාවේ condition එක පරීක්ෂා කෙරේ. එවිට ප්‍රථිපලය false බැවින් loop එකෙන් ඉවත් වේ.

3. for loop

for loop එක පෙර කතා කල while loop එකෙහිම වැඩි දියුණු අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය. මෙහිදී ඇති විශේෂත්වය නම් loop එක සඳහා වෙනස් කරනු ලබන variable එක for ලූප් එක තුලදීම හසුරවා ගැනීමයි. මෙය වඩා පහසුවෙන් හැසිරවිය හැකි බැවින් ක්‍රමලේඛණයේදී බහුලවම භාවිතා වන්නේ මෙම loop එකයි.

එය උදාහරණයක් මගින්ම පැහැදිලි කරගනිමු.

Syntax
for ( variable initialization; condition; variable update ) {
  Code to execute while the condition is true
}

Example
int x;

for ( x = 0; x < 10; x++ ) 
{
   printf( "%d\n", x );   
}

for loop එකෙහි මුලින්ම පද තුනකින් යුත්වරහනක් දැකිය හැක. එතුල ඇති පළමු පදයෙන් variable initialization එක හැඳින්වේ. එමගින් සිදුවන්නෙ පෙර දි counter හි අගය 0 ලෙස මුලින් ම සිදු කළ කාර්‍යයි. දෙවනි පදයෙන් සුපුරුදු පරිදි condition එකද තුන් වන පදයෙන් අපි මෙතෙක් loop එක තුළ භාවිතා කළ ආකාරයේ එක එක අවස්ථාවේදී update (යාවත්කාල) වීමද හදුන්වා දී ඇත. එම නිසා මෙම loop එක භාවිතය වඩාත් පහසු වී ඇත.
statement කොටසේදී printf විධානය පමණක් මෙහිදි ලබා දී ඇත. එම නිසා මෙහි ප්‍රථිපලය ලෙස 0 සිට 9 දක්වා අගයන් තිරය මත මුද්‍රණය වීම සිදුවේ.

C හිදි හඳුනාගත හැකි මෙම loop වර්ග තුන අනෙකුත් බොහෝ පරිගණක ක්‍රමලේක භාෂා වලදීද එකම ආකාරයක් වේ.
loop පාඩම මෙතෙකින් අවසන් වේ. ඔබ සතු ගැටලු අප වෙත ඉදිරිපත් කරන්න.
email: ndp.mymail@gmail.com
Read More

Sunday, October 21, 2012

Android පරිසරය හදා ගමු - 2.






Android

පරිසරය හදා ගමු - 2

Android + Intellij IDEA



අපි දැන් බලමු කොහොමද, අපේ Android sdk එක Intellij IDEA කියන IDE එක්ක එකතු කර ගන්නේ කියලා...

       දැන් ඔයාල Intellij IDEA එක install කරල  crack එකත් දාල ඇති කියල මම හිතනවා. එහෙනම් Desktop එකේ තියෙන icon එකෙන්,  IDEA එක open කරන්න. එතකොට ඔයාලට පහත ආකාරයේ  window එකක් දකින්න පුළුවන් වෙයි. 


ඔයාලට පුළුවන් දැන් පහත තියෙන රූප සටහන් (screen shots) ආධාරයෙන් අලුත්  Android project එකක් හදන ගමන්ම  Android sdk එක  IDEA එකත් එක්ක එකතු කරගන්න... 

දැන් File --> New Project


"create project from scratch" කියන  option එක  select කරලා  ‍Next click කරන්න. 




දැන්  select type කියන  menu එකෙන්  Android module කියන  option එක  select කරන්න.
ඔයාගෙ project එකට නමක් දෙන්න
ඔයාගෙ project එකට location දෙන්න
දැන්  Next click කරන්න



දැන් ඔයාගෙන් ඔයාගෙ project එකේ  directory structure එක තියෙන්න ඕනි කොහොමද කියල එයා අහනවා ඇති. ඒකට එයා අපිට යෝජනා කරල තියෙන විදියටම තියෙන්න දීල Next click කරන්න




ඔන්න දැන්  Android sdk දෙන්න වෙලාව හරි. ඒක කරන්න ඉහලින් තියෙන රූපයේ පෙන්නන button එක ඔබන්න.




මෙයා ඉල්ලන්නේ  Android sdk එක තියන path එක,  ඒක නිසා ඉහලින් තියෙන රූපයේ පෙන්නන  plus mark එක උඩ  click කරන්න,  එතකොට පහලට දිග ඇරෙන menu එකෙන්  Android SDK කියන එක  select කරන්න




දැන් ඔයාලට pop-up windows එකක් පෙනෙයි. එතනින් ඔයාලගෙ Android SDK (android-sdk windows.zip) එක  extract කලාම ලැබුන  'android-sdk-windows' කියන  folder එක  folder හොයල දෙන්න. 




දැන් ඔයාගෙන් අහයි මොකද්ද  set කරන්න ඕනි java version එක කියල, ඒකට මම කලින් වතාවේ කියපු විදියට  java 6 එක set කරන්න.



දැන් ඔයාගෙන් අහයි මොකද්ද  set කරන්න ඕනි Android version එක කියල,  ඒකට ඔයා  Android SDK install කරපු ඕනිම  version එකක් දෙන්න. (ආරම්භයක් විදියට Android 2.2 හරි Android 2.3 දෙන්න)




ඉහත රූපයේ ආකාරයට, ඔයාට ඔයාගෙ  project, packaging ඔයාට ඕනෙ විදියට දෙන්න පුළුවන්. මම මගේ මේ උදාහරනයේ  'com.flash.light' packaging කරල තියනවා. දැන්  finish කියන button එක click කරන්න. 




IDEA ඔයාට  Android project එක හදලා දේවි. ඉහත රූපයේ පෙන්වන්නේ  IDEA හි නිවැරදි  Android project structur එකයි. ඔයාගෙ  project එක, ඉහත ආකාරයට නැති නම්, එය දෝශ සහිත වේ. එසේ දේශ ඇත්නම්, Android Console හි එම දෝශයන් මොනවාදැයි සටහන් වේ.

නිවැරදිව project එක හැදිලා තියෙනව නම්, ඔයා IDEA එකෙන් Android කරන්න සූදානම්.

මීලග කොටසින් අපි බලමු කොහොමද Eclipse වලින් වැඩේ පටන් ගන්නේ කියලා...

ඔයාලට මේ කරපු දේ ටික ගැන ප්‍රශ්න තියෙනව නම් comment කරන්න නැති නම් mail කරන්න kavi707@gmail.com, kavimalw@hsenidmobile.com 
Read More

Android පරිසරය හදා ගමු - 1.




Android 

පරිසරය හදාගමු - 1


අපි අද බලමු කොහොමද අපේ computer එකේ Android development කරන්න පරිසරය හදාගන්නේ කියල. 

ඔයාල Android කරන්න පටන් ගන්න නම්,  Android SDK එක ඔයාලගෙ computer එකට දාල, ඔයාට අවශ්‍ය Android versions ඒක හරහා install කරගන්න ඕනි. මම ඒක කරන විදිය පුළුවන් තරම් සරලව, රූප සටහන් (screen shots) වලින් පෙන්නන්න උත්සහා කරන්නම්

Download Android SDK : 

ඉහත සඳහන් කරල තියෙන link එකෙන් ඔයාලට Android SDK එක Download කරගන්න පුළුවන්.

ඒවගේම Android මුල් versions වල development සඳහා නිර්දේශ කරල තියෙන java version එක තමයි java 6 නැත්තම් java 1.6


මම මේත් එක්කම ඔයාලට, අලුත් IDE එකක් ගැනත් කියන්නම්. ‍ Android වලට ගොඩක් දෙනා භාවිතා කරන්නේ  Eclipse කියන IDE. ඒ උනාට මම නම් භාවිතා කරන්නේ  Intellij IDEA කියන IDE එක. ඒකට හේතු මම අපේ ඉදිරි Posts වල පෙන්නලා දෙන්නම්. කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් නේ, තමන්ට ඕනිම IDE එකක් පාවිච්චි කරන්න නිදහස තියෙනව.   IDE වෙනස් උනා කියලා, කරන විදියේ වෙනසක් වෙන්නේ නෑ. නමුත් මුලින්ම Android environment හදා ගන්න එකේ පොඩි පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. ඒක නිසා මම මේ IDE දෙකේදීම Android environment එක හදා ගන්නේ කොහොමද කියලා කියලා දන්නම්.

Download Intellij IDEA ultimate



ඉහත සඳහන් links මගින් ඔයාලට කැමති IDE එකක් Download කරල install කරගන්න පුළුවන්.

දැන් අපිට අවශ්‍ය සියලුම දේවල් අපි ලග තියෙනවා. නමුත් අපි තාම අපි ලග තියෙන resources ටික එකලස් කරන්නේ කොහොමද කියල දන්නේ නෑනේ. අපි දැන් ඒක කරන්නේ කොහොමද කියල බලමු.

මුලින්ම ඔයාල ලග තියෙන Android SDK එක setup කරගන්නේ කොහොමද කියලා බලමු.

  1. මුලින්ම ඔයා ලග තියෙන java 6 එක  install කරලා  ඔයාගෙ machine එකේ java path set කරගන්න
  2. දැන් ඔයාල ලග තියෙන  android-sdk-windows.zip කියන  file එක ඔයාට සුපුරුදු තැනකට extract කරගන්න.
  3. දැන් ඔයාට android-sdk-windows කියල folder එකක් ඇති. ඒක ඇතුලට ගිහින්, එතන තියෙන SDK Manager.exe කියන  file එක run කරන්න. 
  4. එතකොට ඔයාලට පහත ආකාරයේ window එකක් දැකගන්න පුළුවන් වෙයි.


 මෙහි ඇතුලත් වන්නේ දැනට release වෙලා තියෙන Android versions සහ ඔයාලගෙ computer එකේ දැනට install කරල තියෙන Android versions. install කරලා තියෙනව නම්  status එක installed, install කරල නැතිනම් status එක Not installed කියලා පෙන්නාවි. ඇත්තටම මගේ  screen shot එකේ installed කියලා තියෙන්නේ මම මට ඕනි versions install කරගෙන තියෙන නිසා.

දැන් ඔයාලත්, ඔයාලට ඕනි වෙන Android versions ටික  select කරගන්න.  මතක ඇතුව මේකේ ඉහලින්ම තියෙන Tools කියන directory එක අතුලෙ තියෙන Android SDK Tools සහ Android SDK Platform-tools කියන tick දෙක select කරන්න. (මම යෝජනා කරන්නේ Android SDK Tools සහ Android SDK Platform-tools සමග තවත් එක Android versions එකක් මුලින්ම install කරගන්න කියන එකයි. මොකද මම දැනට Android versions 4 ක් install කරගෙන ඉන්නවා. ඒකට මට  3GB විතර Data ප්‍රමාණයක් වැය කරල තියෙනවා.  ඔයාලත් මුලින්ම Android 2.2 හරි Android 2.3 හරි install කරගන්න)

මේ Android versions වලට එක එක නම් තියෙනව. ඒක ගැන මම ඉදිරි Post එකක කතා කරන්නම්.

අපේ මීලග Post එකෙන් අපි බලමු, කොහොමද අපේ Android SDK එක  Eclipse හෝ  Intellij IDEA එක්ක සම්බන්ද කරන්නේ කියල.

ඔයාලට මේ කරපු දේ ටික ගැන ප්‍රශ්න තියෙනව නම් comment කරන්න නැති නම් mail කරන්න kavi707@gmail.com, or kavimalw@hsenidmobile.com
Read More

Saturday, October 20, 2012

සිංහලෙන් Android - අපි මොකද මේ කරන්න යන්නේ...?

 සිංහලෙන් Android 

      අපි මොකද මේ කරන්න යන්නේ...?





ඔන්න එහෙනම් අපි හිතුව අපේ කට්ටිය බලන් ඉන්න තවත් දෙයක් ඔයලට, අපේ භාශාවෙන්ම කියල දෙන්න. 
අපි අද ඉදන් Android ගැන සිංහලෙන් කතා කරමු, ඒ ගැන සිංහලෙන් ඉගෙන ගමු.

           මුලින්ම අපි බලමු මේ Android  කියන්නෙ මොකද්ද කියල. ඇත්තටම කියනව නම්, මේක අපි හැමෝම දන්න විදියට Mobile Phone Operation system එකක්. ඒත් ඇයි අපේ Mobile phone එකට operating system එකක්? මේ උවමනාව මුලින්ම එන්නේ සාමාන්‍ය අපි වගේ අයට නෙමෙයි. ලෝකයේ වෙලදාම දියුණු වෙනවත් එක්කම, මිනිස්සුනට තොරතුරු හුවමාරු කරගන්න වඩා ඉක්මනට කරන්න ඕනි උනා. මේකත් එක්ක මිනිස්සු අතරට ආපු එක දෙයක් තමයි E-mail කියල කියන්නේ. 

         මේක ගැන අලුත් විදියට හිතපු එක සමාගමක් තමයි, BlackBerry කියල කියන්නේ. BlackBerry සමාගම ලෝකයට, ඇත්තටම කියනව නම් වෙලඳ ලෝකයට අලුත් දෙයක් අදුන්වලා දෙනව. ඒක තමයි, Smart Phone කියන සංකල්පය. මේවගේ තියෙන අලුත් දෙය වුනේ, E-mail බලන්න computer එකක් ඉස්සරහටම යන්න ඕනි නොවන එකත්,  ඔයාට E-mail එකක් ආව ගමන්, දැන් sms එකක් ආව වගේ, එය ලැබුන සැනින් ඔයාට පෙන්නන එකයි. නමුත් එක ප්‍රශ්නයක් තිබුන. ඒක තමයි මෙයලගෙ service එක පාවිච්චි කරන්න, අපි ලග BlackBerry phone, එකක් හරි BlackBerry device එකක් හරි ඕනි උන එක. ඒවගෙම BlackBerry phone එකකින් service දෙන්නේ  BlackBerry E-mail එකකට විතරක් වීම. ඒ කියන්නෙ මේ phone වල gmail, ymail, hotmail වගේ අනික් E-mail servers configure කරන්න බැරි වීම. අනික් දේ තමයි, මේ  BlackBerry කියන එක අනික් Mobile phone වලට වඩා මිල අධික වීම. මේ නිසා  BlackBerry කියන එක, වෙලඳ ලෝකයට සීමා උනා. 

         අපි කවුරුත් දන්න Microsoft සමාගමත්, මේ Smart Phone කියන එකට අත ගහන්නේ Windows Mobile කියල Mobile Operation system එකක් එලියට දාන ගමන්. එයාලගෙ  OS එක BlackBerry වලට වඩා මිනිස්සු අතරට ගියා. ඒකට හෙතුව උනේ එයාලගෙ  phone වල ඕනිම E-mail server එකක් configure කරන්න පුළුවන් වීම, ඒවගේම BlackBerry වලට වඩා මිලෙන් අඩු වීම. නමුත් Windows Mobile වල ගොඩක් දේ කරගැනීම සඳහා ගෙවීම් කරන්න සිද්ද උනා.

        මේත් එක්ක තමන්ගේම තනි ගමනක් යන තවත් සමාගම තිබුනා. ඒ Apple, iOs එකත් සමඟ. ඔයාල ඉතින් දන්නව ඇතිනේ දැන් Apple Phone එකක මිල ගැන. මම ඒක නිසා මේ ගැන වැඩියෙන් කියන්න යන්නේ නෑ.

        මම මුලින් කතා කරපු ඔක්කොමත් එක්ක තමයි, Google සමාගම Linux community එකත් එක්ක එකතු වෙලා Android කියන Mobile Operation system එක හදුන්වලා දෙන්නේ. Android වල ඉහත මම කියපු හැම ප්‍රශ්නයකටම විසදුම් එක්ක තමයි මේක හැදිලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම Open Source OS එකක්. දහස් ගනනක් Apps, දහස් ගනනක් Developers ලගේ එකතුවක්. ඉතින් ඔයලත් කැමති නම් මේ එකතුවේ කොටසක් වෙන්න, අපේ සිංහලෙන් Android හොඳ අත් වැලක් වෙයි කියල මම හිතනවා.

තවත් දේවල් ගැන අපි මේක කරන ගමන් කතා කරමු. 

       Android development වලට ගොඩක් විදි තියෙනවා ඒවගෙන් කීපයක් තමයි Android sdk එක පාවිච්චි කරන එක,  නැත්තම් තවත් විඩියක් තමයි native sdk එකක් පාවිච්චි කරන එක  HTML5 හරි  RhoStudio එක වගේ. අපි මෙතනදි කරන්න යන්නේ  Android sdk එක පාවිච්චි කරලා කොහොමද මේක කරන්නේ කියලා බලන එක. මේක කියවන ඔයාල ගොඩක් අය java කරල ඇති කියලා මම හිතනවා. කරලා නැති උනත් ප්‍රශ්නයක් නෑ, ඔයාලට මේක කරන ගමන් ඒකත් ඉගෙන ගන්න පුළුවන්. ඒවගේම අපේ බ්ලොග් එකේ සිංහලෙන් java ගැනත් ඔයාලට කියල දෙන නිසා, ඔයාලට ඒක කියවන්නත් පුළුවන්. 

අපි මීලග කොටසින් බලමු කොහොමද Android development වලට අවශ්‍ය පරිසරය අපේ computer එකේ හදා ගන්නේ කියල...

Read More

Saturday, October 13, 2012

කෝඩින් සිංහලෙන් කණ්ඩායම දෙවැනි ස්ථානය දිනූ වගයි....!


         කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කොඩින් සිංහලෙන් කණ්ඩායමේ මාධව (HTML හා VB) , ප්‍රභාත් (C) හා මුදිත (PHP) විසින් Motorola Solutions ආයතනය හා Sri Lanka Association of Software & Services Companies (SLASSCOM) මගින් සංවිධානය කරනු ලැබූ Inter-University Enterprise Mobility Solutions Development Competition 2012” තරගය සඳහා ඉදිරිපත් කරනු ලැබූ දුම්රිය දෙපාර්ථමේන්තුව සදහා මගී කලමණාකරනය සදහාද භාන්ඩ ප්‍රවාහනය පහසු කරනු පිනිසහා වඩාත් ඵලදායී සේවාවක් ලබා දීමට හැකි වන ලෙස නිර්මාණය කරනු ලැබූ  Railway Information and Communication System මෘදුකාංගය අවසන් මහා තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනි. 


              මෙම තරගයේ අවසන් වටය සඳහා රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වසින් මෘදුකාංග 16ක් ඉදිරිපත්කොට තිබුණි. තවද පළමු වටය සඳහා 90 වැඩි යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණු අතර ඒවා අතරින් තෝරාගත් මෙම 16ය අවසන් වටයට තෝරා ගැනුණු අතර ඉන් පසු ඒවා නිර්මාණය කිරීම ඇරඹුනි. මාස 6කට ආසන්න කාලයක් තුල මේ සියල්ල සිදුවීමද සුවිශේෂී කාරණයකි. අවශ්‍ය සියළුම තාක්ෂණික සහය Motorola Solutions ආයතනය විසින් ලබා දෙන ලදී.


Read More