Showing posts with label Tips. Show all posts
Showing posts with label Tips. Show all posts

Wednesday, December 4, 2013

විවිධ පරිඝණක භාෂා වලදී වාක්‍ය එකට ඇමිණීම හෙවත් String Concatenation



                   මාතෘකාවෙදි මම දන්න සිංහලෙන් කිව්වවගේ නෙමෙයි ඊලගට තියෙන ඉංග්‍රීසි නමින් නම් හැමෝම මේ ගැන දන්නව, අහල තියෙනව. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් blog එකේ දාන්න දෙයක්ද කියල, ඇත්ත හරිම සරල දෙයක් තමයි, මම හිතනව අපි හැමෝම එදිනෙදා programming කරන කොට දහස් වාරයකට වඩා යොදා ගෙන ඇති. ඉතින් මෙතනදි මගේ අරමුණ අපිට සමීප programming හා scripting භාෂා කිහිපයකදී කොහොමද යෙදෙන්නේ කියල ඒක තැනකදී පැහැදිලි කිරීමයි.

අපි පිළිවෙලින් ඒවා බලාගෙන යමු......
     
C#
String str = "Coding" + "Sinhalen";


Visual Basic
Dim str As String = "Coding" + "Sinhalen"
Dim str As String = "Coding" & "Sinhalen"


Microsoft Access/MSSQL Server
Select 'Coding' + 'Sinhalen'


Oracle
Select 'Coding' || 'Sinhalen'


MySQL/MSSQL Server 2012
Select CONCAT('Coding','Sinhalen')


php
$Str = "Coding" . "Sinhalen";


JavaScript
var Str = "Coding" + "Sinhalen";


Java
String str = "Coding" + "Sinhalen";

මට මතක් උන ටික දැම්ම කට්ටියට තව මතක් වෙනවනම් කියන්න මම ඒවත් දාන්නම්... ආයෙත් දවසක හමු වෙමු...
Read More

Wednesday, May 8, 2013

Tips #3 - අපේම Proxy Server එකක් හඳාගමු.

                              Proxy server එකක් තමන්ටම කියල හඳාගන්න පළුවන් ක්‍රමයක් ගැන කියන්නයි අද මම හදන්නේ. මේ සඳහා අපිට Google Account එකක් සහ Internet Connection එකක් විතරයි ඕන කරන්නේ. 

  • මුලින්ම අපි කරන්න ඕන  appengine.google.com එකට අපේ Google log in එකෙන් log වෙන එක. දැන් මෙන්න මේ වගේ screen එකක් ලැබේවි.
  •  දැන් Create Application click කරල ඊලග screen එකට යමු. Application Identifier එකට ඔයාල කැමති නමක් දෙන්නග ඒත් මතක ඇතුව Availability check කරන්න. ඒකත් හරි නම් දැන් අපි ඊලග පියවරට යමු.
  • දැන් ඔයාල කැමති නමක් Application Title එක විදිහට දෙන්න.
  • වෙන මුකුත් වෙනස් කරන්න ඕන නෑ. ඒ ලගට Create Application කියන button එක click කරන්න.

  • දැනට පියවර ටික හරි නම් පහත Screen එක ඔයාලට ලැබේවි.

  • ඔයා මේක කරන්නේ පළමුවෙනි වතාවට නම්, Google එකෙන් ඔයාගේ mobile එකට verification code එකක් එවාවි.
  • දැන් මේ link එකෙන් python.org, Python 2.6.4 MSI Installer එක download කරගෙන install කරගන්න. 
  • ඊට පස්සේ දැන් code.google.com, එකෙන්  Google App Engine SDK for Python download කරගෙන install කරන්න.
  • දැන් මේ file එක download කරගන්න. 
  • ඒ හැමදේම හරි නම් අපි ඉදිරිපියටර වලටත් යමු.
  • දැන් මේ Zip file එක unzip කරගන්න ඔයාල කැමති තැනකට.
  • ඊට පස්සේ Google App Engine Launcher එක open කර ගන්න.
  • දැන් Edit --> Preferences හරහා Preferences window එක open කරගන්න. ඊට පස්සේ පහත විදිහට ඔයාලට අදාල වෙන විදිහට ඒකේ values වෙනස් කරන්න.
  • දැන් අපි File --> Add Existing Application හරහා Add Existing Application window එක open කර ගෙන එකේ application path එකට ඔයාල unzip කර ගත්ත folder එකේ path එක දෙන්න.
  • දැන් Add කරගන්න. ඊට පස්සේ එක select කරල Edit button එක press කරන්න. දැන් wordpad එකෙන් file එකක් open වෙයි. එකේ mypagewebpass කියන name එක වෙනුවට ඔයාලගේ application id එක දාන්න.
  • දැන් Deploy press කරන්න ඊට පස්සේ ඔයාගේ Google email එකයි password එකයි දෙන්න.
  • ඔයාල කරපු දේවල් ඔක්කොම හරි නම් Deployment Successful කියල window එකේ වැටේවි. අන්තිමටම you can close this window now කියාවි. දැන් ඒක close කරන්න.
  • දැන් ඔයාලය පුළුන් "your_app_id".appspot.com විදිහට ඔයාලගෙම proxy server එක access කරන්න.
Read More

Tuesday, April 2, 2013

Tips #2 - WAMP Server එකේ PHP Curl Activate කරගන්න හැටි.


             හැමෝම දන්නවනේ PHP කියන්නේ server side scripting language එකක් කියල. අද මම කියන්නේ PHP සමඟ ලැබෙන CURL කියන පහසුකම අපේ WAMP Server එකේදි කොහොමද activate කරගන්නේ කියල. ඊට කලින් කියන්නම් ඇයි අපිට CURL ඕන කියල, සරලව කියනවානම් CURL කියන්නේ Library එකක් අපිට PHP වලදි HTTP requests කරන්න පහසුකම් සලසා දෙන. මේ මගින් ඔබට වවිධ වූ Servers සමග වවිධ වූ protocols භාවිතා කරමින් සන්නිවේදනය කල හැකියි. වැඩි විස්තර සඳහා මේ ලින්ක් එකෙන් PHP නිල වෙබ් පිටුවට පිවිසෙන්න.

http://www.php.net/manual/en/intro.curl.php

දැන් අපි බලමු මෙයා කොහොමද local server එකට දා ගන්නේ කියල,

පියවර 1

          මුලින්ම අපි කරන්න ඕන C:\wamp\bin\php\php5.4.3 කියන පාත් එකේ (ඔබට අදාලව මෙම පාත් එක සුළු වශයෙන් වෙනස් විය හැක) php.ini කියන file එක text editor එකක් භාවිතා කරල open කර ගන්න.

පියවර 2

             දැන් එකේ තියෙන extension=php_curl.dll කියන line එක හොයා ගෙන ඒක uncomment කරන්න.

පියවර 3

            ඊලගට ඒ විදිහටම මේ C:\wamp\bin\apache\apache2.4.2\bin පාත් එකේ තියෙන php.ini, file එකෙත්  extension=php_curl.dll කියන line එක හොයා ගෙන ඒකත් uncomment කරන්න.

පියවර 4

             දැන් මේ link එකෙන් ඔයාලට අදාල Fixed Curl versions යටතේ තියෙන Curl version එක download කරගන්න. පළමුව VC version එක try කරන්න. 

පියවර 5

             ඊලගට මේ C:\wamp\bin\php\php5.4.3\ext folder එකේ තියෙන file එක ඔබ download කරගත්ත file එකෙන් replace කර ගෙන WAMP server එක restart කරල බලන්න.
Read More

Wednesday, March 20, 2013

Tips #1 - C# වලින් Serial Port එකත් එක්ක Communicate කිරීම



                මම අද කතා කරන්න යන්නේ අපේ මූළික පාඩම් මාලා වලින් පොඩ්ඩකට මිදිල ඔයාලට වැදගත් වේවි කියල හිතෙන codes ගැන කතා කරන්නයි. මටත් මේ ගැන යොයන්න වුනේ මගේ යාළුවෙකුගේ අවශ්‍ය තාවයකට program එකක් ලියන්න වුන නිසියි. ඉතින් මම හිතුවා ඔයාලත් එක්කත් ඒ දේවල් බෙදා ගන්න.

ඇයි අපිට Port Programming අවශ්‍යය


                සමහර programs වලදි අපිට අපේ computer  එකට පිටතින් ඇති hardware එකකින් data ගන්න සහ ඒවාට data යවන්න  අවශ්‍ය වෙනව. මේ සඳහා අපිට computer එකේ තිබෙන විවිධ වූ ports භාවිතා කරන්න පුළුවන් වුනත් අපි අතර ජනප්‍රිය වුන port එකක් තියෙනව ඒ සඳහා, ඒ තමයි Serial Port එක. නමුත් දැන් නම් ගොඩක් computers වල මේ port එක එන්නේ නෑ. නමුත් භාවිතයේ සරල බව නිසාම (USB වලට සාපේක්ෂව) අදටත් භාවිතා වෙනව. ඒ නිසා මම හිතුව ඒ ගැන කතා කරන්න.

Program එක ගැන


                   මම code කරන්න තෝර ගත්තේ C#.Net කියන  programming language එක, ඒ සඳහා විශේෂ හේතුවක් නැති වුවත් C# කියන්නේ මගේ ප්‍රියතම programming language එක නිසා තොරගත්ත. .Net වලදි නම් මෙය ඉතා පහසු කරල තියෙනව Framework එක මගින්. 

අපි මුලින්ම කරන්න ඕන අවශ්‍ය කරන system classes ටික import කර ගන්න ඒක,

using System.IO.Ports;
using System.Threading;

දැන් අපි serial port object එකක් අවශ්‍ය කරන parameters දීල හදාගන්න ඕන.

SerialPort myserialPort = new SerialPort("COM1", 19200, Parity.None, 8, StopBits.One);
myserialPort.Handshake = Handshake.None;

ඊළගට අපි event handler එකක් හඳා ගන්න ඕන serial port එකට data ලැබුනම run වෙන්න,

myserialPort.DataReceived += new SerialDataReceivedEventHandler(SP_DataReceived);

දැන් අපි හදා ගත්ත serial port එක open කරන්න ඕන ඒක භාවිතා කරන්න කලින්.

myserialPort.Open();

දැන් අපි අපේ  computer එකේ serial port එක හරහා data ලබා ගන්න සහ යවන්න සූදානම්. අපිට serial port එකෙන් ලැබෙන data, UI එකට ගන්න delegate භාවිතා කරන්න වෙනව. ඒ .Net framework එක cross-thread actions වලට ඉඩ ලබා නොදෙන නිසා. අපි delegate භාවිතා කරන්නෙ Non-UI Thread එකක ඉදල UI Thread එකට data ලියන්නයි.

private delegate void SetTextDeleg(string text);

දැන් අපි කලින් හදා ගත්ත event handler එකට ලබා දුන්න method එක code කරන්න ඕන data ලැබුනම run වෙන්න.

void SP_DataReceived(object sender, SerialDataReceivedEventArgs e)
{
    Thread.Sleep(500);
    string data = _serialPort.ReadLine();
    this.BeginInvoke(new SetTextDeleg(SI_DataReceived), new object[] { data });
}

දැන් SI_DataReceived method එක code කරන්න ඕන අපිට ලැබෙව data UI එකට ලියන්න.

private void si_DataReceived(string data) 
{
  textBox1.Text = data.Trim(); 
}

Data ගන්න වැඩේ හරි දැන්, අපි බලමු කොහොමද data යවන්නේ කියල, ඒ සඳහාත් අපි පොඩි method එකක් ලියමු. data ලියන්න කලින් අනිවාර්යයෙන්ම port එක open කරල තියෙන්න ඕන.

try
{
  if(!(myserialPort.IsOpen))
        myserialPort.Open();
        myserialPort.Write("SI\r\n");
}
catch (Exception ex)
{
  MessageBox.Show("Error opening/writing to serial port :: " + ex.Message, "Error!");
}

දැන් ඔක්කොම වැඩ ටික හරි. අවසානයටම ඔයාලගේ program එක close වෙන කොට port එක close කරන්න.

myserialPort.Close();

මම මේ code එක ඉතාමත් සරල අන්දමින් කලේ ඔයාලට අවශ්‍ය නම් මේක තව සංකීර්ණ ලෙස ඔයාලගේ අවශ්‍යතාවවය අනුව යොදාගන්න පුළුවන්.
Read More