Showing posts with label මුදිත ඒකනායක. Show all posts
Showing posts with label මුදිත ඒකනායක. Show all posts

Sunday, February 16, 2014

Bootstrap සිංහලෙන් - 1 හැදින්වීම

වෙබ් නිර්මාණ කැරුවෙකු විදිහට කාලය ඉතාම වැදගක් සාදකයකි. වෙබ් නිර්මාණ කැරුවන් තම සක්‍රීයතාවය ඉහල නංවාගැනීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරයි. ඒ උපක්‍රම අතුරින් Framework සදහා හිමි වන්නේ මුල් තැනකි. එනම් Framework යනු පෙර සාදන ලද Styles සහ plugins එකතුන්ය. සැබැවින්ම Framework එකක් උපයෝගී කරගැනීමෙන් විශාල කාලයක් ඉතිරි කරගත හැකිය.

දැනට බොහොමයක් ජනප්‍රිය Framework අතුරින් Bootstrap සදහා හිමිවන්නේ මුල් තැනකි. Bootstrap යනු කලින් ලියනලද CSS හා JS කේත සමූහයකි. වෙබ් නිර්මානයේ දී අවශ්‍ය වන element ගණනාවක මූලික් කේතයන් Bootstrap තුල අඩංගු වේ. ඒසේම  නවීන වෙබ් නිර්මාණය සදහා අවශ්‍යවන උපාංගද බොහොමයකි. ඉදිරි පාඩම් තුලින් අපි ඒවා පිලිබඳ සාකච්චා කරමු.


Bootstrap නිර්මාණය කරන ලද්දේ twitter හී සේවය කරන මාර්ක් ඔට්ටෝ (Mark Otto) ජෙකබ් තොරටන් (Jacob Thornton) විසිනි. ඒ 2011 වසරෙදීය.මෙය සම්පුර්නයෙන්ම නොමිලයේ ලබා දීම සිදුකරයි (free & Open-source). මේ වන විට Bootstrap හී තෙවන සංස්කරණය වන Bootstrap3 ද එලිදක්වා ඇත.
Bootstrap හී ප්‍රධාන වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න

මාර්ක් ඔට්ටෝ (Mark Otto)

ජෙකබ් තොරටන් (Jacob Thornton)

Bootstrap පාඩම් මාලාව සදහා ඔබ කලින් දැනගෙන සිටිය යුතු මුලික දැනීමක් අවශ්‍ය වේ. ඒවා නම්. HTML CSS හා JS ය. අඩුම තරමේ HTML පිලිබඳ දැනුම අවශ්‍ය වේ.


>> ඊලග  කොටස ලගදීම බලාපොරොත්තු වන්න
--------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Sunday, December 23, 2012

JavaScript - පාඩම 07 (JavaScript Popup Boxes)

JavaScript වලදී අපට වර්ග තුනක popup කවුලු සෑදිය හැකිය. එනම්
  • Alert Box
  • Confirm Box
  • Prompt Box   ය
Alert Box
Alert Box යොදා ගන්නේ භාවිතා කරන්නාට තොරතුරු/පනිවිඩ ලබා දීම සදහායි. එහිදී භාවිතා කරන්නා ok  බොත්තම එබීමෙන් තොරතුර ලැබුනු බව සනාත කල යුතුයි.

පහත කේතය බලන්න
<html>
<head>
<script type="text/javascript">
function disp_alert()
{
alert("I am an alert box!!");
}
</script>
</head>
<body>

<input type="button" onclick="disp_alert()" value="Display alert box"/>
</body>
</html>

මෙහිදී HTML වල  button එකක් සාදා එමගින් html header කොටසේ function එකකට call කර ඇත.

Confirm Box

confirm box යොදා ගනුයේ යම් දෙයක් අනුමත/තහවුරු කර ගැනීමටයි. මේහිදී popup කවුලුවේ okහා cancel ලෙස තේරීම් දෙකක් පවතී. ok තේරූ කල true ලෙසද cancel තේරූ කල false ලෙසද ලැබේ.

පහත කේතය බලන්න
<html>
<head>
<script type="text/javascript">
function disp_confirm()
{
var r=confirm("Press a button");

if (r==true)
  {
  document.write("You pressed OK!");
  }
else
  {
  document.write("You pressed Cancel!");
  }
}
</script>
</head>
<body>

<input type="button" onclick="disp_confirm()" value="Display a confirm box" />

</body>
</html>

මෙහිදී HTML වල  button එකක් සාදා එමගින් html header කොටසේ function එකකට call කර ඇත. එහිදී නැවත ලබාදෙන අගය(return value) මත if  කේතයක් මගින් තේරිමක් කර ඇත. OK(true) බොත්තම තේරූ කල You pressed OK! ලෙසද Cancel(false) බොත්තම තේරූ කල You pressed Cancel! ලෙසද ලබා දේ.

Prompt Box
prompt box භාවිතා කරනුයේ භාවිතා කරන්නාගෙන් විවිධ දත්ත ලබා ගැනීම සදහාය. 
පහත කේතය බලන්න

html>
<head>
<script type="text/javascript">
function disp_prompt()
{
var name=prompt("Please enter your name","Harry Potter");
if (name!=null && name!="")
  {
  document.write("Hello " + name + "! How are you today?");
  }
}
</script>
</head>
<body>

<input type="button" onclick="disp_prompt()" value="Display a prompt box" />

</body>
</html>

මෙහිදී HTML වල  button එකක් සාදා එමගින් html header කොටසේ function එකකට call කර ඇත. මෙම කලුවේ ඇති inpu box එකේ type කර ok කල විට එය name නම් variable එකට ඇතුල් කර ගනී. cancel කල විට ක්‍රියා දාමය නවතී.  parry poter යනු inpu box එකේ defult ඇති වදනයි. එය අපට අවශ්‍ය එකක් හෝ හිස් ව තැබිය හැකිය.

JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු.

---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Saturday, December 22, 2012

JavaScript - පාඩම 06 ( Conditional Statements )

If Statement 

if (condition)
{
code to be executed if condition is true
}

condition සත්‍ය නම් පමනක් {} තුල ඇති දෙය සිදු කරන්න

<script type="text/javascript">

var d=new Date();
var time=d.getHours();
 
if (time==11) 
{
document.write("<b>Lunch-time!</b>");
}
</script>


time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 11 නම් පමනක් Lunch-time! යනුවෙන් ලබාදේ


If...else statement 

if (condition)
{
code to be executed if condition is true
}
else
{
code to be executed if condition is not true
}

condition සත්‍ය නම් පමනක් {} තුල ඇති දෙය සිදු කරන්න නැත්නම් else පසු{} ඇති දේ කරන්න

<script type="text/javascript">

var d = new Date();
var time = d.getHours();
 
if (time < 10) 
{ document.write("Good morning!");
}
else
{ document.write("Good day!");
}
</script>



time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 10 ට අඩු නම් පමනක් Good morning! යනුවෙන්ද නැත්නම් Good day! යනුවෙන්ද ලබාදේ.

if...else if....else statement 

if (condition1)
{
code to be executed if condition1 is true
}
else if (condition2)
{
code to be executed if condition2 is true
}
else
{
code to be executed if condition1 and
condition2 are not true
}

පලමු condition සත්‍ය නම් පමනක් {} දෙවන condition සත්‍ය නම් පමනක් දෙවන {} තුල ඇති දෙය සිදු කරන්න ..... නැත්නම් else පසු{} ඇති දේ කරන්න

<script type="text/javascript">
var d = new Date()
var time = d.getHours()
if (time<10)
{
document.write("<b>Good morning</b>");
}
else if (time>10 && time<16)
     { document.write("<b>Good day</b>");
     }
     else
     { document.write("<b>Hello World!</b>");
     }
</script>


time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 10 ට අඩු නම් පමනක් Good morning යනුවෙන්ද, වේලාව 10 ත් 16ත් අතරනම් පමනක් Good day ඒ කිසිවක් සපුරන්නේ නැත්නම් පමනක් Hello World! යනුවෙන්ද ලබාදේ.

switch statement


switch(n)
{
case 1:
  execute code block 1
  break;    
case 2:
  execute code block 2
  break;
default:
  code to be executed if n is
  different from case 1 and 2
}


switch හී n ස්ථානයට ලබාදෙන variable නම ට අදාලව ලැබිය හැකි එක් එක් අගයන් සදහා සිදුකල යුතු දෑ case තුල ලියායි. ඒ කිසිම අගයක් නොලැබුන විටදී default යන්න තුල ලීයා ඇති දේ සිදුවේ.


<script type="text/javascript">

var d=new Date();
theDay=d.getDay();

switch (theDay)
{
case 5:
  document.write("Finally Friday");
  break;
case 6:
  document.write("Super Saturday");
  break;
case 0:
  document.write("Sleepy Sunday");
  break;
default:
  document.write("I'm looking forward to this weekend!");
}
</script>

theDay නමින් variable එකක් සාදා එයට දැන් දිනය ආදේශ කර ඇත.
switch හීදී දැන් දිනය 5 නම් පමනක් Finally Friday යනුවෙන්ද, switch හීදී දැන් දිනය 6 නම් පමනක් Super Saturday යනුවෙන්ද, switch හීදී දැන් දිනය 0 නම් පමනක් Sleepy Sunday යනුවෙන්ද, ඒ කිසිවක් නොවී වෙනත් දිනයක් නම් I'm looking forward to this weekend! යනුවෙන්ද ලබාදේ.


JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Friday, December 21, 2012

JavaScript - පාඩම 05 (JavaScript Operators 2)

Conditional Operator
මෙහිදී සිදු කරනුයේ යම් අවශ්‍යතාවක් සපුරා ඇත්නම්  පලමු අගයද නැත්නම් දෙවන අගයද විචල්‍ය සදහා ආදේශ කර ගැනීමයි.


Variable_name=(condition)?value1:value2
උදා
Status=(age<18)?"young":"old";
age යව විචල්‍යයේ අගය 18ට අඩු නම් Status විචල්‍ය සදහා young ද වැඩි හෝ සමාන නම් old යන්නද ආදේශ වේ.




JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Thursday, December 20, 2012

JavaScript - පාඩම 04 (JavaScript Operators 1)

JavaScript Arithmetic Operators / සංඛ්‍යායා ක්‍රියා කාරකය
සංඛ්‍යාමය අගයන්ගේ ගනිතමය ක්‍රියා සදහා
y=5 නම්
ක්‍රියා කාරකය
විස්තරය
උදාහරණය
ප්‍රතිඵලය
+ එකතු කිරීම x = y+2 x=7
- අඩු කිරීම x = y-2 x=3
* ගුන කිරීම x =y* x=10
/ බෙදීම x =y/ x=2.5
% බෙදා ඉතිරිය x = y% x=1
++ වැඩි වීම x = y++ x=6
-- අඩු වීම x = y-- x=4

JavaScript Assignment Operators/ ආදේශන ක්‍රියා කාරක
සංඛ්‍යාමය අගයන්ගේ ගනිතමය ක්‍රියා සදහා යොදා ගන්නා variable වලින් එක් variable එකකට ආදේශ කිරීම සදහා
x=10 ද y=5 ද විට
ක්‍රියා කාරකය
උදාහරණය
සමානයි
ප්‍රතිඵලය
= x=y x=5
+= x+=y x=x+y x=15
-= x-=y x=x-y x=5
*= x*=y x=x*y x=50
/= x/=y x=x/y x=2
%= x%=y x=x%y x=0


අකුරු සමග + ක්‍රියා කාරකය(Operator) යෙදීම
අකුරු, වචන එක් කිරීම සදහා (concatenation)

var one="Muditha";
var two=" Ekanayake";
var three=one+two (Muditha Ekanayake)

Comparison Operators / සංසංදන ක්‍රියා කාරක
variable සංසංදනය කිරීම සදහා. මෙහිදී ලැබෙනුයේ සත්‍ය(true) හෝ අසත්‍ය(false) යන්නයි

x=5 විට
ක්‍රියා කාරකය විස්තරය උදාහරණය
== සමානයි x==8 is false අසත්‍ය
=== සර්ව සමානයි
(අගය හා වර්ගය)
x==5 is true සත්‍ය
 x==="5" is false අසත්‍ය
!= අසමානයි x!=8 is true සත්‍ය
> කුඩයි x>8 is false අසත්‍ය
< විශාලයි x<8 is true සත්‍ය
>= කුඩයි හෝ සමානයි x>=8 is false අසත්‍ය
<= විශාලයි හෝ සමානයි x<=8 is true සත්‍ය


Logical Operators/ තාර්කික ක්‍රියා කාරක
ප්‍රකාෂන කිහියක් එක විට යොදා ගෑනීමට හා සම්පූර්ණ ප්‍රකාශනයක විලොම අගය ගැනීමට
x=6 ද y=3 ද විට
ක්‍රියා කාරකය විස්තරය උදාහරණය
&& and ( සහ) (x < 10 && y > 1) is true
|| or (හෝ ) (x==5 || y==5) is false
! not ( නෑ) !(x==y) is true

JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Wednesday, December 19, 2012

JavaScript - පාඩම 03 (javascript විචල්ල්‍ය (Variables))

javascript වල variables අර්ත දැක්වීම හා අගයන් ආදේශය පිලිබදව මෙම පාඩමෙදී සාකච්චා කර බලමු.

variable අර්ත දැක්වීම

javascript  වල variables  නම් තෝරාගැනීමේදී සම්මතයන් කිහිපකි.
    * variables නම් ආරම්භ විය යුත්තේ අකුරකිනි(ඉක්කමක් හෝ සලකුනක් නොවේ) 
    * variables නම් $ ලකුනින්ද ආරම්භ කල හැකිය.
    * javascript වල variables නම් වලදී සිම්පල් හා කැපිටල් අකුරු වෙනස් අගයන් වේ එනම් y හා Y ලෙස   
       variables දෙකක් නම් කල හැකිය.
පහත නම් කිරීම බලන්න.
var x;
var carname;

එහිදී x හා charname ලෙස variables දෙකක් අර්ත දක්වා ඇත.


variables වලට අගයන් ආදේශය

javascript  වල variables අගයන් ආදේශ කිරීමේදී සංඛ්‍යාමය අගයන් 
var x=5; හෝ   (අගය ඉහලින් අර්ත දක්වා ඇති විට)x=5;
ලෙසද

වචන, අකුරු
var carname="Volvo"; හෝ (අගය ඉහලින් අර්ත දක්වා ඇති විට) carname="Volvo";
ලෙසද ආදේශ කල හැකිය. 


JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Tuesday, December 18, 2012

JavaScript - පාඩම 02 (javascript Comments)

javascript වල comment දාන ආකාර දෙකක් ඇත. 

පලමු ක්‍රමය තනි පෙල comment කිරීම
//this is one line comment

දෙවනි ක්‍රමය පෙලී කීපයක් comment  කිරීමයි
/* this
is 
the 
multy 
line comment */

මෙම ආකාර දෙකෙන් එකකට කොඩ් comment කල විට එම කෙතය ක්‍රියා නොකරයි. ඒසේම කෙත type කරන අතර තුර ඒ පිලිබදව අදහස් පසුව බලන දවසකට තේරුම් ගැනීමට comment කර තැබිය හැකිය.

JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Monday, December 17, 2012

JavaScript - පාඩම 01 (ආරම්භය - Helo Word)

පලමුවෙන් ම JavaScript ඉගෙන ගැනීමට පෙර HTML හා CSS ගැන මූලික නිරවුල් අවබොධයක් තිබිය යුතුය. HTML හා CSS ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මේ blog එකේම එම පාඩම් පවතින අතර එවා බලා ගැටලු ඇතිනම් comment මගින් ඉදිරිපත් කර නිරවුල් කරගන්න.

JavaScript  කේත type සදහා note pad භාවිතා කල හැකිය. ඒවා සාමාන්‍යයේන් html තුලම අත්තර් ගත කරන බැවින් html කේතනය සදහා භාවිතා කරන text editer ම භාවිතා කල හැකිය. මම මේ සදහා note pad++  භාවිතා කරන්නෙමි. 

JavaScript කේත html ගොනුවතට ඇතුල් කල හැකි ක්‍රම තුනකි

html ගොනුවේ header එක තුල
html ගොනුවේ body එක තුල
.js ගොනුවක් ලෙස

නමුත් මම මේ ක්‍රම තුන දැන් සාකච්චා කිරීමට බලාපොරෝත්තු නොවෙම්. ඒ ගැන පසු පාඩමක්න් සාකච්චා කරමු. මුලින් අපි html ගොනුවකම අන්තර් ගත කරන අයුරින් JavaScript ගැන ඉගෙන ගනිමු. මෙහිදී කේතයන් සාමාන්‍ය html කේතයන් save කරන අන්දමටම save කර එම ගොනුව web browerයක් මගින් විවෘත්ත කර ප්‍රතිඵලය බල්න්න.


දැන් පහත කේතය බලන්න



javascript කේත type කරනුයේ <script typr="text/javascript">හා</script> යන ටැග් යුගල තුලයි. එයින් පිටත javascript කෙටස් අත්තර්ගත කලද ක්‍රියා නොකරයි. එම කේතයයේ ප්‍රතිඵලය පහතින් වේ එනම් document.write("") මගින් " " තුල ඇකි අකුරු එලෙසින්ම ඉදිරිපත් කෙරේ.


JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Tuesday, December 4, 2012

Include ( PHP සිංහලෙන් - 24 )

මෙම විධානය භාවිතා කර එක් වෙබ් පිටුවක් තුල තවත් ගොනුවක් (වෙබ් පිටුවක්) අන්තර්ගත කල හැකිය.
පහත කේතය බලන්න.



මෙහිදීද මම වෙබ් පිටු දෙකක් භාවිතා කර ඇත. එකක් මෙම කේතය සහිත වෙබ් පිටුව වන අතර අනෙක content.php ලෙස ඇති වෙබ් පිටුවකි. එහිදී content.php පිටුවේ මූලික කේත තිබීම අවශ්‍ය නොවේ. පහත කේතය බලන්න (content.php) 



දැන් පලමු වෙබ් පිටුවට පිවිසුන විට දෙවන වෙබ් පිටුවේ අන්තර්ගතය දර්ශනය වේ. මෙහි ඇති ප්‍රයෝජනයක් වනුයේ වෙබ් අඩවියක පිටු කිහිපයක එකම අන්තරගතය ඇති ස්ථාන සදහා භාවිතා කල හැකි වීමයි. තවත් ප්‍රයෝජනයක් ලෙස එකම php function විවිධ පිටු සඳහා යොදා ගැනීමට භාවිතා කල හැකිය. Include යන්න වෙනුවට භාවිතා කල හැකි තවත් වදනකි require. නමුත් Include වල මෙන් නොව දෙවන ගොනුව ලබාගැනීමට නොමැතිනම් require වලදී error පනිවුඩයක් ඉදිරිපත් කර වැඩසටහන නතරවේ.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Sunday, December 2, 2012

Header (redirect pages) ( PHP සිංහලෙන් - 23 )

PHP ස්ක්‍රිප්ට් මගින් වෙබ් පිටු පරිශීලකයින් වෙනත් පිටුවනකට හරවා යෑවීමට අවශ්‍ය වන අවස්තාවලදී මේ header භාවිතා කල හැකිය.

Header වල ව්‍යුහය
Header(header information);

සාමාන්‍යයෙන් Header ඇතුලත් කරනුයේ HTML ගොනුවේ මුලින්මයි(එනම් <html> ටැගයටත් කලින් එකදු හිස්තැනක් වත් නොතබමිනි.)

පහත කේතය බලන්න


එය මගේ wamp saver හී www ගොනුව තුල abc.php ලෙස save කර ඇත. Header මගින් මගේ wamp saver හී www ගොනුව තුල ඇති තුලම ඇති test.html වෙත පරිශීලකයා හරවා යවනු ලැබේ. exit; කේතය මගින් පහලින් තවත් Header හො කේත වලට යාම නවතයි.

Header වල ගොඩක් වැඩ තියෙනවා. පසුව පාඩම් වලින් ඒ ගැන සාකච්චා කරමු.

---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Saturday, December 1, 2012

JavaScript - හැදින්වීම

මොනවද මේ javascript

Javascript කියන්නේ scripting language එකක්. මේ මගින් වෙනස් වන(dynamic) වෙබ් අඩවි සෑදීම සිදුකල හැකිය. Javascript හදලා තියෙන්නේ html තුල යොදන්න පුලුවන් වෙන විදිහට. මේ javascript වැඩ කරන්නේ වෙබ් බ්‍රවුසරය තුලයි. එනම් මෙය ක්‍රියා කර බැලීමට වෙබ් ප්‍රවුසරයක් පමනක් ප්‍රමානවත්වේ. Javascript වල ඇති කේත බොහෝදුරට C, java, වැනි පරිගනක භාශාවන්හී syntax වලට සමාන වේ. Javascript ගොනුවක extention එක .js වේ. ඒ වගේම Javascript තුල object oriented ගතිලක්ෂණද අන්තර්ගතය. Javascript වෙබ් පිටු වලින් පරිභාහිරවත් යොදා ගන්නා අවස්තා ඇත. ඒනම් PDF ගොනු සඳහා, Desktop Gadget සඳහා, සහ වෙනත් මෘදුකාංග බොහෝමයකට ද භාවිතා කරයි. 

javascript ඉතිහාසය

1994 (එනම් වසර 18 කට පෙර) දී බ්‍රෙන්ඩන් ඊච් (Brendan Eich) විසින් මුලින්ම Javascript නිර්මානය කරන ලදි. දැනට පවතින ස්ථායි සංස්කරණයක් නිකුත් කරණ ලද්දේ 2011 මාර්තු මස 22 දායි. ඒ 1.8.5 වන සංස්කරණයයි. ඉන් පසු වැඩිදියුනු කිරීම් සිදුකරන්නේ මොසිල්ලා පදනමෙන් හා (Mozilla Foundation) හා නෙට් ස්කේප් සංනිවේදන ආයතනයෙනි(Netscape Communications Corporation)


JavaScript වල නිල නාමය ECMAScript ය. 
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

PHP සිංහලෙන් - නැවතත්

PHP පිලිබඳව අපි මේ වෙනකොට 22 තුලින් විවිධ දේ මුල සිට සාකච්චා කලා නමුත් එක දිගට පල කල මේ ලිපි පෙල මට නවත්වන්න සිදු උනා. ඒ පිලිබඳව මම මුලින්ව සමාව ඉල්ලා සිටිනවා. ඊට හේතු උනේ අපි (මම මාධව හා ප්‍රභාත්) එකතු වෙලා තරගයකට ඉදිරිපත් උනා ඒ ලිපිබදව මාධව ලිපියක් දමා තිබුනා. ඒ අතරතුර මාගේ ලැප් එකත් කැඩුනා යන්තම් ඒක හදාගෙන ගෙනාවේ ඊයේ.
                                                                                                    අද ඉදලා මම නැවත වැඩ පටන් ගන්නවා. මම ඉක්මනින්ම PHP අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.


Read More

Tuesday, August 7, 2012

cookies සමග වැඩ කිරීම( PHP සිංහලෙන් - 22 )


cookie යනු පරිගනකයේ web browser එක භාවිතයෙන් වෙබ් අඩවි වලින් යම් යම් දත්ත තැම්පත් කර තබන ආකාරයකි. මේවා මගින් ඔබගේ පරිගනකයේ විවිධ තොරතුරුද( සීමා සහිත ) වෙබ් අඩවි වල ප්‍රයෝජනය සඳහා ලබා ගත හැකිය.

පලමුව අපි බලමු cookie එකක් සාදන්නේ කේසේද කියලා
setcookie($name, $value, $expire);

name = නම
value = අගය
expire = කේතය

පහත කේතය බලන්න එහිදී සිදුකර ඇත්තේ නම testද අගය  45කල් ඉකුත්වීම සතියක්න්ද වන ලෙස සෑදූ cookie  එකකි. කාලය තත්පර වලින් තැබිය යුතු නිසා දින 7 කට තත්පපර ගණන දමා ඇත. දැන් මෙම වෙබ් පිටුව විවෘත්ත කල විට කිසිම වෙනසක් සිදු නොවේ. නමත් එයේ විවෘත්ත කිරීමෙන් පසු web browser එකෙහි cookie එකක් සැදේ. දැන් web browser එකෙහි settings වල cookies යන්න සොයා test ලෙස නම් ඇති cookie එක බලන්න.



දැන් අලුත් පිටුවක(readcookie.php) පහත කේතය අන්තර්ගත කර save කර ගන්න   එය run කරන්න. එවිට කලින් test ලෙස සාදන ලද cookie එකෙහි විස්තර ලැබේ.




cookie එකක් සාදන පිළිවෙලටම කේත ලියා කාලය ඉදිරියෙන් සෘණ( - ) ලකුණ යොදන්න . එය cookie එකක් කල් ඉකුත් කරන අයුරුයි. පළමු වන පින්තූරයේ ඇති කේතයේ ධන ලකුණ සෘණ( - ) බවට පත් කරීම සලකමු. එහිදී පෙර cookie එකම නැවත වෙනස් කරනු ලැබේ. එහිදී මම කල් ඉකුත් වීම සතියකට පෙර සියුවන ලෙසට වෙනස් කරයි.

දැන් නැවත readcookie.php පිටුව ලබා ගන්න. එහිදී error  පනිවිඩයක් දිස්වේ එහිදී ඒ cookie එකක් නැති නිසයි. එවරනි අවස්තානවක error  පනිවිඩයක් දිස් නොවීම සඳහා පහත වැනි කේතයක් වඩා සුදුසු වේ.

අපට cookie භාවිතා කරන විට විවිධ ගැටලු මතුවිය හැකිය. එනම් cookie මැකීමකට ලක්වී තීබීම හෝ විකෘතිවී තිබීම වැනි ගැටලු නිසා ඊට පිලියමක් ලෙස session භාවිතා කල හැකිය. එහිදී session යන්න වෙබ් සර්වරයේ ඇති ලිපිගොනුවකි. මෙහිදී සිදුකරන්නේ වෙබ් පිටුව ආරම්භ වන විටම වෙබ් සර්වරයේ ඇති ලිපිගොනුවෙහි ඇති දත්ත cookie තුලට අන්තර්ගත කිරීමයි මෙහිදී එම දත්ත වල සුරක්ෂිත භාවයද වැඩිය. පහත කේතය බලන්න එහිදී session ආරම්භ කරන අයුරු හා session එකකට ලියන අයුරු දැක්වේ.





මෙලෙස වීශාල දත්ත ප්‍රමානයක් උවද session තුල අන්තර්ගත කල හැකිය. 


---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Tuesday, July 31, 2012

Form with PHP ( PHP සිංහලෙන් - 21 )


user ගෙන් දත්ත ලබාගත හැකි තමත් එක් ක්‍රමයක් වන්නේ html form මගින් දත්ත ලබාගත ගබා ගැනීමයි. පලමුව අපි හිස් html form සාදන අයුරු බලමු. මෙය වැටහෙන්නේ නැත්නම් අපගේ html සිංහලෙන් ලිපි මාලාව බලන්න. comments  මගින් ගැටලු සදහා ලිපිතුරු ලබා ගන්න.
forms.php




එහි ඉහලින් ඇති action="process.php" මගින්  process.php යන වෙබ් පිටුව ලැබීමද method="post" මගින් මෙම විස්තර රදවා ගැනීමද සිදුවේ.
මෙහිදී සාමාන්‍යෙයන් සිදු කල යත්තේ මෙම දත්ත database එකකට යැවීම හෝ සන්දන්දනය කිරීම වැනි දෙයකි. නමුත් අප තවම database ගැන හදාරා නොමැති නිසා දැනට මෙසේ කරමු. දැන් අපි බලමු process.php යන වෙබ් පිටුවෙහි මෙම දත්ත print  කරන්නේ කෙසේද කියලා පමත කේතය බලන්න එය process.php පිටුවයි.


දැන් forms.php පිටුව ලබාගෙන එයට username password ඇතුල්කර submit  බොත්තම ඔබන්න.




---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More