අද මේ පලමු ලිපියේ පටන් මම බලාපොරොත්තු වෙන්නේ HTML ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔබ සැම දෙනාටම මුල සිට සරලව (ඕක ඉතින් හැම හංදියක් හංදියක් ගානේ තියෙන poster වලත් ගහල තියෙන්නේ ඒ වුනාට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ....! ) කියල දෙන්නයි. ඔයාලගෙ ඔනෑම ප්‍රශ්ණයක් comment වලින් මට කියන්න. දැන් අපි පාඩමට යොමු වෙමු.....
මොකක්ද මේ HTML කියන්නේ?
අපි අන්තර්ජාලයේ සැරි සරද්දි අපි පිවිසෙන බොහො වෙබ් අඩවි, ඔබට සරලව Word Processing මෘදුකාංගක් භාවිතා කොට තැනිය හැකි යයි සිතුනාද? මේ පහල උදාහරණය ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්නකෝ.
Figure 1
හරිම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නේද? ඒත් එසේ සාදාගත් ලිපි අන්තර්ජාලයට එක් කිරීමේදී ගැටලු පැන නැගෙනව. හරියට ඔබ MS Word වලින් සදාගත් ලිපියක් Notepad එකෙන් විවෘත්ත කරන්න ගියොත් වෙන දේ වගේ.
මේ වගේ තවත් ගැටළු කිහිපයක්ම නිසා අන්තර්ජාලයට සම්බන්ද කරනු ලබන ලිපි සදහා විශේෂ වූ පොදු සම්මත ක්‍රමයක් අවශ්‍ය වුනා, එවිට ඒවා web browsers මගින් ඉක්මනින්ම කියවාගත හැකි වෙනවා. (පොදු ක්‍රමයක් භාවිතා වන නිසා). W3C නැමැති සංවිධානය මේ සදහා මුල් වී ක්‍රියා කරනු ලබයි. මේ අවශ්‍යතා සදහා ඇති වුන පොදු සම්මත ලේඛණ භාෂාව තමයි HTML (Hyper Text Markup Language) ලෙස හඳුන් වන්නේ. තවත් වැදගත් දෙයක් තමයි මේ භාෂාව programming language එකක් නොව Markup language එකක් වීමය. මේ නිසා markup tags භාවිතා කොට මේ වෙබ් පිටු සකස් කරනු ලබයි. (Tags ගැන බය වෙන්න එපා ඊලග පාඩමෙන් අපි මේ Tags ගැන වැඩි දුරටත් ඉගෙන ගමු). සරලව කියනවා නම් මේ tags වලින් කරන්නේ වෙබ් පිටුවේ අන්තර්ගතය දිස් වෙන්න ඕන ආකාරය web browser එකට විස්තර කිරීමයි.
අපි තව දුරටත් මේ ගැන විස්තර මීලග පාඩමෙන් කතා කරමු. මේ පාඩම ගැන ඕනෑම ගැටළුවක් තියෙනවානම් මට comment කරන්න.
මම මැදි වයසත් ඉක්මවූවෙක්මි. නමුත් කෙසේ හෝ මෙය උගනිමි. ගුරුතුමනි ඔබට ස්තුතියි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
පළමු කොමෙන්ටුව දැමූ ඔබට බෙහෙවින්ම ස්තූතියි. ඉගෙනීමට වයස් බේදයක් නොමැති බවයි මගේ හැගීම. ඔබ ඔය කාලයේදීත් අළුත් දෙයක් ඉගෙනීමට ආසකිරීම මා ඉතා ඉහලින් අගය කරමි.
Delete❤️
Deleteවී බී කරන්නකෝ
ReplyDeleteඅනිවාර්යයෙන්ම නදී අපි තව ටික දවසකින් VB.net 2010 පටන් ගන්නව තව PHPත්.
Deleteඅහ් නදි අක්කගෙ ඉල්ලීම ඉක්කමනින්ම ඉටුකරල දෙන්නං ඈ... :D
Deleteවැඩේ නම් හොඳයි.ඒත් සරල HTML වලින් නම් දැන් තියෙන සංකීර්ණ වෙබ් පිටු හදන්න අමාරුයි.එනිසා PHP හෝ JSP (java script),MySQL වාගෙ දෙයක් පටන්ගත්තනම් හොඳයි මේ ගමන්ම.දැනට පටන් ගත්තු පාඩම් කිසිම දෙයක් නතර කරන්නෙ නැතුව
ReplyDeleteඅපි දැනටමත් PHP පාඩමක් පටන් අරගෙනයි තියේන්නේ, ලගදීම JSPත් පටන් ගන්නම් කෝ... මෙහෙම උනන්දු කිරීම් තියෙනවානම් මොනවද කරන්න බැරි. ස්තූතියි ඔබට.
Deleteනියමයි සහො එල කිරි
ReplyDeletehttp://moulderfiles.blogspot.com/
ස්තූතියි ඔබේ කොමෙන්ටුවටත්.
Deleteමමත් ආවා ඉගෙන ගන්න
ReplyDeleteඅපි ඔයාවත් බොහෝම සතුටින් පිළිගන්නවා අපේ blog එකට.
Deletemaru
ReplyDeletethanks friend....!
Deleteනියමයි ....පුලුවන්නම් C++ Language එකේ ලිපි ටිකක් දාන්න.
ReplyDeleteස්තූතිය අපි පුළුවන් විදිහට ඒ ඉල්ලීමත් ඉටු කරන්නම්..!
Deleteබ්ලොග් එකනම් නියමයි. අද html ටික ඔක්කොම බලන්න ඕනෙ. ඉක්මනටම මුළු බ්ලොග් එකම කියවන්නම්.
ReplyDeleteජය වේවා !!!
ස්තූතියි ගොඞක් සාදරයෙන් පිළිගන්නව blog එකට
ReplyDeleteදිගටම කොමෙන්ට් දැම්මේ නැතත් හැමදේම බලනවා ගොඩාරියක් ස්තුතියි.......
ReplyDeleteස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක....
Deleteඊලග පාඩමට ලින්ක් එක දැම්මොත් වටිනවා
ReplyDeleteඉක්මන්න්ම එ විදිහට වෙනස් කරන්නම්.
Deleteබොහෙමත්ම ස්තූතියි මෙය පටන් ගත්තට
ReplyDeleteබොහෙමත්ම ස්තූතියි මෙය පටන් ගත්තට
ReplyDeleteස්තූතියි ඔයාටත් දිගටම ඉන්න අපිත් එක්ක..... :)
DeletePatta
ReplyDeletePatta
ReplyDeleteස්තූතියි
DeleteApi wage a/l ict karana lamaita godak wadagth godak pin
ReplyDeletewatinawa ah
ReplyDeletemeka hugak watinawa...
ReplyDeleteමන් අලුත් මන් මේ ගැන මොකුත්ම දන්නෑ,මට සරලව පැහැදිලිව ඉගෙන ගන්න හොද blog එකක් කියල හිතනවා,ඉතුරු ටිකත් කියවල බලමු,
ReplyDeletegodak thanks sir
ReplyDeleteThank you very much 👍👌👏👏👏
ReplyDelete