Thursday, December 31, 2015

Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු



ඔබ සැම Arduino ලිපි මාලාවේ දෙවැනි ලිපියට සාදරයෙන් පිළිගන්නව. පළමු ලිපියට ඔබ සැමගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුනත් කාර්ය්‍යබහුල බව නිසා තමයි දෙවැනි ලිපිය ලියන්න මෙච්චර කාලයක් ගත වුනේ. මාව මේ සඳහා උනන්දු කල ඔබ සැමට ගොඩක් ස්තූතියි.

අපි අද ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Arduino සමඟ නිර්මාණකරනයේ යෙදෙන්න ඔබට අවශ්‍ය කරන උපාංග එහෙමත් නැත්තම් අවශ්‍ය කරන දෘඩාංග (hardware) හා මෘදුකාංග (software) හඳුන්වා දෙන්නයි. (මෙහිදී මම මූලිකවම අවශ්‍ය කරන දේවල් පමණක් සඳහන් කරන අතර මීට අමතරව අවශ්‍ය කරන උපාංග පසු ලිපි වලදී සාකච්ඡා කරනු ලැබේ)


1. Arduino Board


අපිට මූලිකවම Arduino board එකක් අවශ්‍ය වෙනව. මේක හරියට computer එකේ motherboard එක වගේ, අපි සියළුම දේ සම්බන්ධ කරන්නේ මේ board එකටයි. Arduino අළුතින් ඉගෙන ගන්න ඔබට ඉතාමත්ම සුදුසු වන්නේ Arduino Uno වගේ entry level board එකක්. මේ board එක computer එක හා සම්බන්ධ කර ගැනීමට ඔබට USB cable එකක්ද අවශ්‍ය වේ.


මේ board එකේ ප්‍රධාන තාක්ෂණික දත්ත පහත පරිදි දැක්විය හැකිය :

MicrocontrollerATmega328P
Operating Voltage5V
Input Voltage (recommended)7-12V
Input Voltage (limit)6-20V
Digital I/O Pins14 (of which 6 provide PWM output)
PWM Digital I/O Pins6
Analog Input Pins6
DC Current per I/O Pin20 mA
DC Current for 3.3V Pin50 mA
Flash Memory32 KB (ATmega328P)
of which 0.5 KB used by bootloader
SRAM2 KB (ATmega328P)
EEPROM1 KB (ATmega328P)
Clock Speed16 MHz
Length68.6 mm
Width53.4 mm
Weight25 g
ඉහත දැක්වෙන තාක්ෂණික දත්ත අපි පසු ලිපියකදී සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.


2. Arduino IDE

Arduino වල code ලියන්න අපිට IDE (Integrated Development Environment) එකක් අවශ්‍යයි, මෙය අපිට පහසුවෙන්ම Arduino වෙබ් අඩවියෙන් download කර ගත හැකියි.


දැනටමත් programming කරන අයට නම් මෙවැනි IDE හොඳට හුරු ඇති. මේ IDE එක ගැනත් මම පසුව සවිස්තරාත්මක ලිපියක් ඉදිරිපත් කරන්නම්.


3. Arduino Shields

Arduino Shields අපි යොදා ගන්නේ Arduino board එකට අපට අවශ්‍ය විවිධ හැකියාවන් එක් කර ගන්නයි. හරියට computer motherboard එකකට VGA Card එකක්, Sound Card එකක් හෝ TV Card එකක් සම්බන්ධ කරනවා වගේ දෙයක් තමයි මේක. විවිධ හැකියාවන්ගෙන් යුත් Shield රැසක් අද වන විට හදුන්වා දී තිබෙනවා.



මීට අමතරව තව බොහෝ Shield වර්ග Arduino සඳහා වෙලඳ පොළේ ඇත. මේ එක් එක් Shield ගැන අපි ඒවා සම්බන්ධ කරගෙන නිර්මාණ කරන විටදී සාකච්ඡා කරමු.


4. Sensors

බොහෝ විට අපිට අවට පරිසරයේ දත්ත අපේ නිර්මාණය සඳහා යොදා ගැනීමට සිදු වෙනවා. ඉතින් මේ දත්ත ලබා ගන්න අපිට විවිධ sensors වල සහය අවශ්‍ය වෙනව. පහතින් මම උදාහරන කිහිපයක් පමණක් සඳහන් කරන්නම්.

  • Temperature Sensors
  • Motion Sensors
  • Humidity Sensors
  • Light Sensors
  • Distance Measuring Transducer Sensor
  • IR Sensor
මම ඉහත සඳහන් කර ඇත්ත Sensors කිහිපයක් පමණයි. Sensors ගැනත් අපි ඉදිරි පාඩම් වලදී කතා කරමු.

මේ බොහෝ උපාංග ebay හරහා ඔබට ඉතා පහසුවෙන් නිවසටම ගෙන්වා ගැනීමට හැකියි. Arduino copy එකක් ඔබට රුපියල් 1000 කට අඩුවෙන් මිලදී ගත හැකියි.

ඔබට ඇති මේ සම්බන්ධව ඇති ඕනෑම ප්‍රශ්ණයක් comment මගින් හෝ email මගින් විමසන්න.



Read More

Friday, August 14, 2015

Arduino සිංහලෙන් - හැඳින්වීම



කෝඩින් සිංහලෙන් හි මේ අලුත් පාඩම් මාලාව මම පොඩි කියමනකින්ම පටන් ගන්නම්,


"Creativity is just connecting things." - Steve Jobs


අපේ මේ පාඩම් මාලාවට මේ කියමන හරි අපූරුවට ගැලපෙනව, ඒ මේ මගින් ඔබේ Electronic හෝ Computer Programming පිළිබඳව ඇති දැනුම හෝ වෙනයම් එවැනි කරුණුමත පදනම් නොවී ඔබේ නිර්මාණශීලීතාවට ඉඩක් ලබා දීමට ඇති හැකියාව නිසයි. Arduino ගැන දැනටමත් දන්න අයට හෝ යම් කිසි අදහසක් තියෙන අයට මම අදහස් කල දේ දැනටමත් තේරුම් ඒන්න ඇති. එ්ත් මේ අතරේ Arduino අලුතෙන්ම ඉගෙන ගන්න ආපු අයටනම් පොඩ්ඩකක් අන්ඩර දෙමළ වගේ ඇති. :D පොදුවේ මේ හැම දෙනාටම මෙම හැඳින්වීමේ ලිපියේදී හොඳ අවබෝධයක් ලබා දෙන්නයි අපේ බලාපොරොත්තුව.

Arduino ගැන එයාලගෙම වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ මෙහෙමයි, 

"Arduino is an open-source prototyping platform based on easy-to-use hardware and software."


Arduino උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මොවුන්ගේ ප්‍රධාන අරමුණ වනුයේ electronics හෝ programming පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පරේෂණ කිරීමට හැකි පහසු platform එකක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත්. Arduino වල හදවත වන්නේ micro controller එකක් සහිත board එකකි. (පහත රූපයේ දැක්වෙන්නේ Arduino Uno නැමැති board එකයි)



Arduino වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම Board එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. එම නිසා මෙම තාක්ෂණය අපිට රිසි සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් Aduino board වල ක්ලෝන (Clones) සාදා විකුණනු ලබනවා. Original Arduino board එකක් හා සංසන්ඳනය කිරීෙම්දී මේ ක්ලෝන ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනව. ඒකත් අපි රටේ මේ තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට හේතුවක්.

Arduino වලින් ප්‍රයෝජනයක් ගන්න මේ board එක විතරක් තිබිල මදි. මේ board වලට වවිධ වූ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙනව. එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.

දැන් ඔබ කල්පනා කරනවා ඇති Arduino හා programming සම්බන්ධ වන්නේ කොහොමද කියන දේ, ඒක තමයි Arduino හි සුවිශේෂීත්වය, ඒ අපිට මේ board සඳහා program එකක් ඇළුලත් කර ගැනීමේ හැකියාවයි. මේ සඳහා අපි යොදා ගන්නේ "The Arduino Software" නැමැති IDE (Integrated Development Environment) එකයි. (පහත රූපය බලන්න)



ඒවගේම මේ board වල හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමට අපිට Arduino විසින්ම විවිධ වූ expansion boards හඳුන්වා දී තිබෙනවා. ඔවුන් ඒවා හඳුන් වන්නේ Shields කියායි. මේ Shields වල සුවිශේෂීත්වය තමයි ප්‍රධාන board එක මත මේ shields ඉතා පහසුවෙන් සවිකර භාවිතයට ගැනීමේ හැකියාවයි.  (පහත රූපය බලන්න, මෙහිදී Arduino Uno board එකට Shileds දෙකක් සවි කර තිබෙනව)



දැන් ඔබට මම මුළින් උපුටා දක්වපු වැකියේ අදහස වඩාත් පැහැදිලි ලෙස අවබෝධ වනවා ඇති. මේ විදිහට Arduino යොදාගෙන අපිට කරන්න පුළුවන් නිර්මාණ ඉතා විශාලයි එය ඔබේ නිර්මාණශීලීත්වය හා අවශ්‍යතාවය මත රදා පවතිනු ඇත. 

අපි Arduino ගැන තවත් විස්තර රැගත් තව ලිපියකින් ලගදීම හමු වෙමු. ඔබට ඇති ගැටළු හා අදහස් මෙහි comment කරල යන්න අමතක කරන්න එපා ඒක අපිට ඊලග ලිපිට සඳහා දිරිමත් කිරීමක් වනු අැති.

References 

https://en.wikipedia.org/wiki/Arduino 
https://www.arduino.cc/
Read More