Thursday, December 31, 2015

Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු



ඔබ සැම Arduino ලිපි මාලාවේ දෙවැනි ලිපියට සාදරයෙන් පිළිගන්නව. පළමු ලිපියට ඔබ සැමගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුනත් කාර්ය්‍යබහුල බව නිසා තමයි දෙවැනි ලිපිය ලියන්න මෙච්චර කාලයක් ගත වුනේ. මාව මේ සඳහා උනන්දු කල ඔබ සැමට ගොඩක් ස්තූතියි.

අපි අද ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Arduino සමඟ නිර්මාණකරනයේ යෙදෙන්න ඔබට අවශ්‍ය කරන උපාංග එහෙමත් නැත්තම් අවශ්‍ය කරන දෘඩාංග (hardware) හා මෘදුකාංග (software) හඳුන්වා දෙන්නයි. (මෙහිදී මම මූලිකවම අවශ්‍ය කරන දේවල් පමණක් සඳහන් කරන අතර මීට අමතරව අවශ්‍ය කරන උපාංග පසු ලිපි වලදී සාකච්ඡා කරනු ලැබේ)


1. Arduino Board


අපිට මූලිකවම Arduino board එකක් අවශ්‍ය වෙනව. මේක හරියට computer එකේ motherboard එක වගේ, අපි සියළුම දේ සම්බන්ධ කරන්නේ මේ board එකටයි. Arduino අළුතින් ඉගෙන ගන්න ඔබට ඉතාමත්ම සුදුසු වන්නේ Arduino Uno වගේ entry level board එකක්. මේ board එක computer එක හා සම්බන්ධ කර ගැනීමට ඔබට USB cable එකක්ද අවශ්‍ය වේ.


මේ board එකේ ප්‍රධාන තාක්ෂණික දත්ත පහත පරිදි දැක්විය හැකිය :

MicrocontrollerATmega328P
Operating Voltage5V
Input Voltage (recommended)7-12V
Input Voltage (limit)6-20V
Digital I/O Pins14 (of which 6 provide PWM output)
PWM Digital I/O Pins6
Analog Input Pins6
DC Current per I/O Pin20 mA
DC Current for 3.3V Pin50 mA
Flash Memory32 KB (ATmega328P)
of which 0.5 KB used by bootloader
SRAM2 KB (ATmega328P)
EEPROM1 KB (ATmega328P)
Clock Speed16 MHz
Length68.6 mm
Width53.4 mm
Weight25 g
ඉහත දැක්වෙන තාක්ෂණික දත්ත අපි පසු ලිපියකදී සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.


2. Arduino IDE

Arduino වල code ලියන්න අපිට IDE (Integrated Development Environment) එකක් අවශ්‍යයි, මෙය අපිට පහසුවෙන්ම Arduino වෙබ් අඩවියෙන් download කර ගත හැකියි.


දැනටමත් programming කරන අයට නම් මෙවැනි IDE හොඳට හුරු ඇති. මේ IDE එක ගැනත් මම පසුව සවිස්තරාත්මක ලිපියක් ඉදිරිපත් කරන්නම්.


3. Arduino Shields

Arduino Shields අපි යොදා ගන්නේ Arduino board එකට අපට අවශ්‍ය විවිධ හැකියාවන් එක් කර ගන්නයි. හරියට computer motherboard එකකට VGA Card එකක්, Sound Card එකක් හෝ TV Card එකක් සම්බන්ධ කරනවා වගේ දෙයක් තමයි මේක. විවිධ හැකියාවන්ගෙන් යුත් Shield රැසක් අද වන විට හදුන්වා දී තිබෙනවා.



මීට අමතරව තව බොහෝ Shield වර්ග Arduino සඳහා වෙලඳ පොළේ ඇත. මේ එක් එක් Shield ගැන අපි ඒවා සම්බන්ධ කරගෙන නිර්මාණ කරන විටදී සාකච්ඡා කරමු.


4. Sensors

බොහෝ විට අපිට අවට පරිසරයේ දත්ත අපේ නිර්මාණය සඳහා යොදා ගැනීමට සිදු වෙනවා. ඉතින් මේ දත්ත ලබා ගන්න අපිට විවිධ sensors වල සහය අවශ්‍ය වෙනව. පහතින් මම උදාහරන කිහිපයක් පමණක් සඳහන් කරන්නම්.

  • Temperature Sensors
  • Motion Sensors
  • Humidity Sensors
  • Light Sensors
  • Distance Measuring Transducer Sensor
  • IR Sensor
මම ඉහත සඳහන් කර ඇත්ත Sensors කිහිපයක් පමණයි. Sensors ගැනත් අපි ඉදිරි පාඩම් වලදී කතා කරමු.

මේ බොහෝ උපාංග ebay හරහා ඔබට ඉතා පහසුවෙන් නිවසටම ගෙන්වා ගැනීමට හැකියි. Arduino copy එකක් ඔබට රුපියල් 1000 කට අඩුවෙන් මිලදී ගත හැකියි.

ඔබට ඇති මේ සම්බන්ධව ඇති ඕනෑම ප්‍රශ්ණයක් comment මගින් හෝ email මගින් විමසන්න.



Read More