Tuesday, July 10, 2012

Loops ලූප ( PHP සිංහලෙන් - 13 )

 යම් කේතයක් නැවත නැවත සිදු කිරීමට අවශ්‍යය අවස්තාවල මෙම Loops  භාවිතා කරයි. Loop  වර්ග තුනකි.

  1. while loop
  2. for loop
  3. foreach loop


 while loop

while (expression){
statement;
}

expression කොටසේ ඇති ප්‍රකාශනය තෘප්ත කරන තුරු statement කොටස නැවත නැවත ක්‍රියා කරයි. පහත කේතය බලන්න. එහි count යන variable එක 10 වඩා කුඩා වන තුරාවට එහි කේතය ක්‍රියා කරයි. එනම් count variable එකෙහි අගය print  වීම සහ count variable එකෙහි අගය එකකින් වැඩි වීම.


මෙහිදී count variable එකෙහි අගය 10 දක්වා වැඩිවේ 10 හිදී expression කොටසේ ඇති ප්‍රකාශනය තෘප්ත නොකරන බැවින් loop යෙන් ඉවත් වේ.

loop භාවිතයේ දී අප සැලකිලිමක් විය යුතු විශේෂ අවස්තාවක් පවතී ඒ infinite loop යන්නයි. මෙය නම් නැවතීමකින් තොරව එකදිගය ක්‍රියා කරන loop වේ. මෙවිට වැඩසටහන හිරිවීම ක්‍රියා නොකිරීම හෝ error පනිවිඩයක් ලබා දීම සිදු වේ. එනිසා infinite loop අති නොවන අයුරින් කේත ලිවීමට වගබලා ගන්න



---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

No comments:

Post a Comment