90 දශකයේ ආරම්භය වන විට ලෝකය තාක්ෂණික අතින් විශාල වෙනස්කම් රැසකට මුහුණපාමින් සිටියා. ඇත්තෙන්ම 90 දශකය වන විට ලෝකය පරිගණක ජාලකරණය මගින් එකිනෙකා සම්බන්ද වීම විප්ලවීය වෙනසක් කරමින් මිනිසුන්ගේ එදිනෙදා සමබදතාවයන් කරාම පැමිනෙමින් පැවතියා.
මේ අතර 1991 දී Sun microsystem ආයතනයේ ඉන්ජිනේරුවන් පිරිසක් Green Team ලෙස හදුන්වන ලදුව විශවාස කරනු ලැබුවා ලෝකයේ පරිගණක තාක්ෂණයේ මීලග රැල්ල වන්නෙ පාරිභෝගික ඩිජිටල් අයිතමයන් (ජංගම දුරකථන වැනි) සහ පරිගණක අතර ඒකතුව බව. ජේම්ස් ගැසලින් (James Gosling) නමැත්තා විසින් මෙහෙයවනු ලැබූ මෙම කණ්ඩායම ලොව විශාල පෙරලියක් කළ JAVA පරිගණක භාෂාව සහ එහි තාක්ෂණය ලොවට දායාද කිරිමෙහි වෙහෙසුනා. එහි ප්රථිලයක් ලෙස අද ලොව තාක්ෂණික පෙරලියක් කරමින් Java පරිගණක භාෂාව වැජඹෙනවා..
Green team එක මගින් මුලින්ම ඔවුන්ගේ නව පරිගණක භාෂාව ඉදිරිපත් කලේ Cable TV කරාමාන්තය ඉලක්ක කර ගත් සිත්ගන්නාසුලු කුඩා ප්රමාණයේ නිවසේ භාවිතාකල හැකි පරිපාලක උපකරණයක් සමගින්. නමුත් මෙම සංකල්පය ඔවුන්ට එදා හැටියට අතිශය සංකීර්ණ දෙයක් වුනා. නමුත් එය ඉතා හොදින් ගැලපුනා 1995සිට අරඹුන අන්තර්ජාල තාක්ෂණයත් සමග. මෙම කණ්ඩායම නිවේදනය කලා Java, Netscape Navigator browser ය සමග අන්තර්ගත කරන බව.
අද Java අන්තර්ජාලයට සීමාවූ දෙයක් නෙමෙයි. අත එදිනෙදා අපි භාවිතා කරන ජංගම දුරකථනයේ සිට බොහෝමයක් අයිතමයන්ගේ සැගවුන බලකාය ලෙස සිටින්නෙ Java. ඇත්තෙන්ම අද ජාවා හැමතැනම, හැම දේකම තියනවා.
Java time line එක නැරමීමට පිවිසෙන්න.
ජාවා රස විඳින්න!
Java සහ .Net අතර විරසකය!
ජාවා නවතා දැමුනු ලෝකය!!
Java Programmers RAP
ඉතින් Coding සිංහලෙන් අපි සමග සිට ජාවා අලුත් මුහුණුවරකින් ඉගෙන ගනිමු... එතෙක් ඔබට ජය!!!
ප්රභාත් දර්ශන ? හඃ හඃ හඃ
ReplyDeleteමම දර්ශන ප්රභාත් . මේ පාඩම් ටික මම කියෙව්වා . html ටිකනම් ඩවුන්ලෝඩ් කරගත්තා බලන්න . ජාවා ටිකත් බලනවා ඉස්සරහට . මේ කරන දේ හරිම වටිනවා . බ්ලොග් එක හොඳින් කරගෙන යන්න සුභ පතනවා .
මගෙන් සුබ පැතුම් මචන්............!!!
ReplyDeleteබොහෝම ස්තූතියි!!! :) දිගටම අපිත් එක්ක ඉන්නෝ!! :)
ReplyDeleteකරුනාකරලා හැමෝම දන්න hellow world , if do while for loop
ReplyDeleteවලින් එහාට ගිහින් මොකක් හරි පොජෙක්ට් එකක් කරනහැටි උගන්නන්න
විශේෂයෙන්ම ලිනක්ස් වලදී වැඩකරන ප්රොෙජක්ට් එකක් කරනහැටි උගන්නන්න
අදහස අගේකරනවා. ඒ වගේම ඔබේ ඉල්ලීමට ඉඩ සලසා දෙනවා.
Deleteනමුත් මූලික හැදින්වීමකින් තොරව සියලු දෙනාටම ගැලපෙන විදියට වැඩේ කරගෙන යන්න අපහසුයි නෙ. අපි මුලීක දේවල් ඉක්මනින් සහ කෙටියෙන් කතා කරල සංකීර්ණ දේවල් කරා ඉක්මනින්ම පිවිසෙමු.
Suba pathanawa malee... Apee Android paadamatath meee java paadam maalawa godak wadagath wenawa...
ReplyDeleteමම යෝජනා කරන්නෙ මේකයි සෑම පරිගනක භාශාවකම මුලික කේත සෑහෙන්න සමානයි
ReplyDeleteඑමනිසා ඔයාල උගන්නන හැම පරිගනක භාශාවකම මූලික සංකල්ප කොටස් එකපාර උගන්නලා
ඒ ඒ භාශාවට අදාල උදාහරන කේත කොටස් වෙනවෙනම පෙන්වන්න
MSDN වල මේක කරනවා