Wednesday, August 8, 2012

HTML සිංහලෙන් පාඩම 9 - Paragraphs

                        අපි පසුගිය පාඩමේදී HTML වල tags කිහිපයක් ගැන ඉගෙන ගත්ත මතකයි කියල මම හිතනව. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ paragraph tag එක හා ඒ ආශ්‍රිත තවත් tags කිහිපයක් ගැනයි. අපි මුලින්ම බලමු මොකක්ද මේ tag එකෙන් වෙන්නේ කියල. අපි ඕනෑම document එකක් සාදන විට බොහෝ වෙලාවට අපිට ජේද යොදා ගන්න වෙනවා. ඉතින් මෙන්න මේ කාර්යය HTML වලදි අපි කරගන්න paragraph tag ( <p>....</p>) එක බාවිතා කරලයි. web page වලට text එකතු කරන්නේ මේ tag එකෙනුයි. අපි පුංචි උදාහරණයකින්ම මේ tag එක තේරුම් ගනිමු.


ඒක Browser එකේ පේන්නේ මෙන්න මේ වගෙයි.


කැමති නම් ඒකම මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්,


                        මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති දැන් මේ tag එක, විශේෂ කාරණය තමයි මේ tag එකකට ඉහළින් සහ පහළින් blank line එකක් browser එක විසින් ඉබේම තබා ගන්නවා. අනිත් එක මේ tag එක close නොකරත් සමහර browsers නිවැරදිව පෙන්න්වි. නමුත් සෑම විටම එසේ වන්නේ නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම tags යුගලයම භාවිතා කරන්න.

Link Break Tag (<br/>)

                              මේ tag එකත් paragraph tag එක සමග බහුලව යෙදෙන tag එකක්. මේ tag එක මගින් අපිට දැනට ඉන්න  line එක brake කර ගැනීමේ හැකියාව තිබෙනව. මෙය තනි tag එකක් වශයයෙනුයි පවතින්නේ. (ඒක නිසයි අගට forward slash එක යොදල තියෙන්නේ) මේකත් අපි උදාහරණයකින්ම තේරුම් ගනිමු.


browser එකේ පේන්නේ මෙන්න මේ වගේ,


                           මේ tag එකේදී අපිට එකම Paragraph tag එක ඇතුලේ ඉදගෙන අළුත් line එකකින් ඊලග වාක්‍ය අරබන්න පුළුවන්ග මේකෙදි කලින් වගේ blank line එකක් browser එක විසින් add කරගන්නේ නෑ. මේ tag එක ඉතාමත් ප්‍රයෝජනවත් tag එකක්. ආයෙත් පාඩමකින් හමුවෙමු.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

Read More

Tuesday, August 7, 2012

cookies සමග වැඩ කිරීම( PHP සිංහලෙන් - 22 )


cookie යනු පරිගනකයේ web browser එක භාවිතයෙන් වෙබ් අඩවි වලින් යම් යම් දත්ත තැම්පත් කර තබන ආකාරයකි. මේවා මගින් ඔබගේ පරිගනකයේ විවිධ තොරතුරුද( සීමා සහිත ) වෙබ් අඩවි වල ප්‍රයෝජනය සඳහා ලබා ගත හැකිය.

පලමුව අපි බලමු cookie එකක් සාදන්නේ කේසේද කියලා
setcookie($name, $value, $expire);

name = නම
value = අගය
expire = කේතය

පහත කේතය බලන්න එහිදී සිදුකර ඇත්තේ නම testද අගය  45කල් ඉකුත්වීම සතියක්න්ද වන ලෙස සෑදූ cookie  එකකි. කාලය තත්පර වලින් තැබිය යුතු නිසා දින 7 කට තත්පපර ගණන දමා ඇත. දැන් මෙම වෙබ් පිටුව විවෘත්ත කල විට කිසිම වෙනසක් සිදු නොවේ. නමත් එයේ විවෘත්ත කිරීමෙන් පසු web browser එකෙහි cookie එකක් සැදේ. දැන් web browser එකෙහි settings වල cookies යන්න සොයා test ලෙස නම් ඇති cookie එක බලන්න.



දැන් අලුත් පිටුවක(readcookie.php) පහත කේතය අන්තර්ගත කර save කර ගන්න   එය run කරන්න. එවිට කලින් test ලෙස සාදන ලද cookie එකෙහි විස්තර ලැබේ.




cookie එකක් සාදන පිළිවෙලටම කේත ලියා කාලය ඉදිරියෙන් සෘණ( - ) ලකුණ යොදන්න . එය cookie එකක් කල් ඉකුත් කරන අයුරුයි. පළමු වන පින්තූරයේ ඇති කේතයේ ධන ලකුණ සෘණ( - ) බවට පත් කරීම සලකමු. එහිදී පෙර cookie එකම නැවත වෙනස් කරනු ලැබේ. එහිදී මම කල් ඉකුත් වීම සතියකට පෙර සියුවන ලෙසට වෙනස් කරයි.

දැන් නැවත readcookie.php පිටුව ලබා ගන්න. එහිදී error  පනිවිඩයක් දිස්වේ එහිදී ඒ cookie එකක් නැති නිසයි. එවරනි අවස්තානවක error  පනිවිඩයක් දිස් නොවීම සඳහා පහත වැනි කේතයක් වඩා සුදුසු වේ.

අපට cookie භාවිතා කරන විට විවිධ ගැටලු මතුවිය හැකිය. එනම් cookie මැකීමකට ලක්වී තීබීම හෝ විකෘතිවී තිබීම වැනි ගැටලු නිසා ඊට පිලියමක් ලෙස session භාවිතා කල හැකිය. එහිදී session යන්න වෙබ් සර්වරයේ ඇති ලිපිගොනුවකි. මෙහිදී සිදුකරන්නේ වෙබ් පිටුව ආරම්භ වන විටම වෙබ් සර්වරයේ ඇති ලිපිගොනුවෙහි ඇති දත්ත cookie තුලට අන්තර්ගත කිරීමයි මෙහිදී එම දත්ත වල සුරක්ෂිත භාවයද වැඩිය. පහත කේතය බලන්න එහිදී session ආරම්භ කරන අයුරු හා session එකකට ලියන අයුරු දැක්වේ.





මෙලෙස වීශාල දත්ත ප්‍රමානයක් උවද session තුල අන්තර්ගත කල හැකිය. 


---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Monday, August 6, 2012

Visual Basic.net 2010 පාඩම 6 - Naming Objects



           අපි පසුගිය පාඩමේදී කතා කලානේ VB වල Objects ගැන. ඉතින් මේ අපි හදාගන්න Objects හැදුවට පස්සේ අදුනගන්න විදිහක් තියෙන්න ඕනනේ.ඒකට තමයි අපි ඒවා නාමකරනය කරන්නේ හරියට අපි හැමෝටම නමක් තියෙනවා වගේ ඒ වගේම ගොඩක් වෙලාවට අපිට නමින් යම් පුද්ගලයකුගේ උපන් රට ගැන යම් අඳහක් ගන්න පුළුවන්, ඒ ගේම අපි හඳන  Objects වලට දෙන නමින් ඒ ඒ  Object එක අයත් වන  Object type එක හඳුනාගත හැකි විය යුතුයි. ඒක නිසා අපි  Object එකක් හදපු ගමන් කරන්න ඕන ඒකේ Name property එක සකස් කරන එකයි. මම හිතන්නේ දැන් ඔයාලට Name property එකේ වැදගත් කම වැටහෙන්න ඇති.

           දැන් ඔයාල අපි 4 වෙනි පාඩමේදී සාදාගත් "MyFirstApplication" project එක open කර ගන්නකෝ. දැන් ඒක තියෙන එකම එක form එක click කරල properties window (එහෙම එකක් පේන්න නැත්නම් F4 වලින් open කරගන්න) එකේ තියෙන Name property එක හොයාගෙන ඒක බලන්නකෝ. "Form 1" කියල නේද තියෙන්නේ. අපි Project එකට නමක් දුන්නට (අපි project එකක් හැදුවම ඉබේම Visual Studio එකෙන් අපිට form එකකුත් හදලා දෙනවා) එකේ form එකට නමක් දුන්නේ නෑනේ ඒකයි ඒකෙ නම විදිහට "Form 1" කියල Visual Studio එකෙන් නම් කරල තියෙන්නේ!. මෙසේ දෙන නම Object type එකෙන් type එකට වෙනස් වෙනවා. 

             

            සාමාන්‍යයෙන් properties window එකේ properties පෙන්වන්නේ කාණ්ඩ වශයෙනුයි, හොඩියේ පිළිවෙලට නෙමෙයි. (ඔයාල පස්සේ ඒක වෙනස් කරල නැත්තම්) ඉතින් අපිට පුළුවන් මේක හොඩියේ පිළිවෙලට සකස් කරන්න properties grid එකට උඩින් තියෙන Alphabetical button එක click කරල.


               මම හිතන විදිහට නම් properties window එකේ properties ටික හොඩියේ පිළිවෙලට තියා ගන්න එක ලේසියි. මොකද අපි ගොඩක් වෙලාවට property එකක් හොයන්නේ එකේ නමින් නිසා. ඒ වගේම "Name" property එක ඉහල කොටසට ඇවිත් නේද? හරි විදිහට නම් ඒක තියෙන්න ඕන "N" අකුරට අයත් කොටසෙයි. නමුත් ඒ property එක ඉහළින් තියා ගන්න ඕන නිසයි වරහන් දෙකක් ඇතුලේ දාල තියෙන්නේ.   මොකද හොඩියේ පිළිවෙලට සකස් කරන කොට සංඛෙත අකුරු වලට වඩා ඉහළට එන නිසා.

                 ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ ලැබුන නම සාර්ථක එකක් නෙමෙයි. ඒක නිසා අපි ඒක ගැලපෙන ලෙස සකස් කල යුතුයි. මේ නම සකස් කරන විට අපි මේ හදන form එක විස්තර වෙන නමක් දුන්නොත් අපිට ඒක හඳුන ගන්න පහසුයි නේද?. දැන් අපි බලමු කොහොමද ඒ තියෙන නම වෙනස් කරන්නේ කියල,

  • දැන් ඔයාල Name property එක click කරල "Form1" කියල තියෙන ඒකේ නම "ViewerForm" කියල වෙනස් කරන්න. නමුත් මෙකෙන් form එකේ file name එක වෙනස් වෙන්නේ නෑ. form එකේ file name එක අපිට Solution Explorer එකෙන් බලා ගන්න පුළුවන්.

      
        
     
    
  • ඒක වෙනස් කරන්න Solution Explorer එකේ "Form1.vb" කියන අපේ form එකේ ‍file එක උඩ right-click කරල rename තෝරන්න.
  • දැන් "Form1.vb" එක "ViewerForm.vb" කියල වෙනස් කරන්න.

              මම මෙතනදී නම Form කියන කොටස එකතු කරල තියෙන්නේ මෙය Form කියන Object type එකට අයත් බව පෙන්වන්නයි. ඒක අත්‍යාවශ්‍ය නෑ නමුත් තියෙනවා නම් හොදයි කියල හිතෙනව. තව දෙයක් අපි file name එක මුළින් වෙනස් කලා නම් ඒ සමගම form එකේ name property එකත් ඊට අදාලව වෙනස් වෙනව. properties window එකෙන් වෙනස් කරන හැටි පෙන්වන්නයි මම මේ විදිහට කලේ. අපි ඊලග පාඩමේදී form එකේ Text property එක ගැන කතා කරමු.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

                  
Read More

Tuesday, July 31, 2012

Form with PHP ( PHP සිංහලෙන් - 21 )


user ගෙන් දත්ත ලබාගත හැකි තමත් එක් ක්‍රමයක් වන්නේ html form මගින් දත්ත ලබාගත ගබා ගැනීමයි. පලමුව අපි හිස් html form සාදන අයුරු බලමු. මෙය වැටහෙන්නේ නැත්නම් අපගේ html සිංහලෙන් ලිපි මාලාව බලන්න. comments  මගින් ගැටලු සදහා ලිපිතුරු ලබා ගන්න.
forms.php




එහි ඉහලින් ඇති action="process.php" මගින්  process.php යන වෙබ් පිටුව ලැබීමද method="post" මගින් මෙම විස්තර රදවා ගැනීමද සිදුවේ.
මෙහිදී සාමාන්‍යෙයන් සිදු කල යත්තේ මෙම දත්ත database එකකට යැවීම හෝ සන්දන්දනය කිරීම වැනි දෙයකි. නමුත් අප තවම database ගැන හදාරා නොමැති නිසා දැනට මෙසේ කරමු. දැන් අපි බලමු process.php යන වෙබ් පිටුවෙහි මෙම දත්ත print  කරන්නේ කෙසේද කියලා පමත කේතය බලන්න එය process.php පිටුවයි.


දැන් forms.php පිටුව ලබාගෙන එයට username password ඇතුල්කර submit  බොත්තම ඔබන්න.




---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Saturday, July 28, 2012

HTML සිංහලෙන් පාඩම 8 - More Tags


            කොහොමද කට්ටියට ගොඩක් කාලෙකට පස්සේ තමයි අද මම HTML පාඩමක් අරගෙන ආවේ. ගොඩක් වැඩ තිබුන නිසයි එහෙම වුනේ මීට පස්සෙ ගොඩක් දුරට එමෙහ වෙන එකක් නෑ. හොඳයි අද පාඩමට කලින් මෙතනින් ගිහින් මීට කලින් පාඩමත් බලල ඉමුකෝ!

                අද පාඩමෙන් අපි තව දුරටත් අපිට ඉතා වැදගත් වෙන tags කිහිපයක් ගැන කතා කරන්නම්. මේ Tags වෙබ් පිටු නිර්මාණයේදී නිතර නිතර අවශ්‍ය වන ඒවා වේ.

<h...> Tag එක HTML Headings සඳහා

             මම මේ Tag එක ගැන මීට කලිනුත් කතා කරල තියෙනවා ඒත් මේ වෙලාවෙත් ඒ ගැන කතා කරන්න හිතුනා මොකද මේ Tag එක ඒ තරම්ම භාවිතා වෙන නිසා. මම උඩ මාතෘකාව ලියන කොට h අකුර ගාව තිත් 3ක් තියල තියෙනවවේ අන්න එතනට 1 සිට 6 දක්වා ඉලක්කම් යොදල ඔබට විවිද ප්‍රමාණයේ headings 6ක් සාදාගත හැකියි. තවද <h1> මගින් ඉතාමත් වැදගත්ම මාතෘකාව නිරූපණය කරන අතර <h6> මගින් වැදගත් බවින් අඩුම මාතෘකාව නිරූපණය වේ. අනෙක් මාතෘකා ඒ අතර වෙනස් වේ. code එකට heading එකක් ඇතුලත් කරන්නේ මෙන්න මෙහෙමයි.

<h...>mention your title here </h...>

අපි දැන් මේ headings වෙනස් වෙන ආකාරය පුංචි උදාහරණයකින් බලමු, මම මේක code කරල තියෙන්නේ Notepad++ භාවිතා කරල ඔබත් ඒකට හුරුවන්න.


මේ code එක HTML file එකක් විදිහට save කරල open කරාම පේන හැටි තමයි මේ,



                 ඒ වගේම ඉහත උදාහරණය බලන ඔයාලට පේනවා ඇති මම code එකේ සඳහන් කරල නැතත් browser එක විසින් automatically මේ headings අතර ඉඩ තබා තියෙනවා කියල. සාමාන්‍යෙයන් browser එක විසින් heading එකට පෙර සහ පසු හිස් ඉඩක්  (margin) එකතු කරනු ලබනවා. අනිත් වැදගත් කාරනය තමයි ඔයාල කිසිම වෙලාවක මේ headings තමන්ගේ text bold කරන්න හෝ විශාලව පෙන්නන්න භාවිතා කරන්න එපා. මොකද බොහො search engines මේ headings කියවනවා, එසේම වෙබ් පිටුව නියමාකාර ගලා යාමකට නතු කරන්න මේ headings ඉතා වැදගත්.

<hr/> Tag එක HTML Line සඳහා

                මේ tag එක මගින් සිඳු කරනුයේ අපේ html වෙබ් පිටුවට තිරස් Line එකක් එකතු කිරීමයි. අපිට මේ tag එක අපේ වෙබ් පිටුවේ contents වෙන් කිරීමට යොදා ගන්න පුළුවන්. මේ tag පවන්නේ තනි tag එකක් ලෙසටයි. අපි සරළ උදාහරණයක් බලමු,


මේ code එක HTML file එකක් විදිහට save කරල open කරාම පේන හැටි තමයි මේ,


තව දෙයක් මෙතනදිත් ඔයාලට පේනවා කලින් Headings වලදී වගේම browser එක විසින් paragraph එකට පෙර සහ පසු හිස් ඉඩක්  (margin) එකතු කර තිබෙනවා වගේම මේ තිරස් Line එකටත් පෙර සහ පසු ඒ ආකාරයටම හිස් ඉඩක්  (margin) එකතු කර තිබෙන බව.

<!--...--> Tag එක HTML Comment සඳහා

               අපි ගොඩක් වෙලාවට නොකරන දෙයක් වුනත් කල යුතුම දෙයක් තමයි අපේ code එකෙන් අපි කරන දේ ගැන තව කෙනෙකුට වුනත් කියවල තේරුම් ගන්න පුළුවන් ආකාරයට comment කිරීම. සමහර විට අපිටම වුනත් පසු කාලයකදී code එක කියවන විට අපි කරපු දේවල් තේරුම් ගන්නත් ඒක පහසුවක් වේවි. මේ comments වෙබ් පිටුවේ පෙන්නන්නේ නෑ ඒත් අපි code එකට බැලුවොත් අපිට ඒවා දැක ගන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ coding පුරුද්දක්. මම හෙඩින් එකේ පෙන්වල තියෙන tag එකෙ තිත් 3 වෙනුවට ඔයාලට අවශ්‍ය comment එක දාගන්න පුළුවන්.මෙන්න මේ වගේ.

<!--This is an HTML comment-->

අපි තව උදාහරණයක් බලමු,


මේ code එක HTML file එකක් විදිහට save කරල open කරාම පේන හැටි තමයි මේ,


comments පේන්නේ නෑ නේද? අද පාඩම නිමයි. ආයේත් අළුත් පාඩමකින් හමු වෙමු.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

Read More

Wednesday, July 25, 2012

4. C හතරවන පාඩම - If statement (එහෙම උනොත් මෙහෙම වෙන්න)


“එහෙම වුනොත් මෙහෙම කරන්න. නැතිනම් මෙහෙම කරන්න...“

       අපි බාවිතාකරන භාෂාවෙන් යමක් කරන්නට උපදෙස් දෙන ආකාරය මේ ආකාර නේද. ඉතින් පරිගණක ක්‍රමලේඛනයේදීද පරිගණකය වෙත යමක් කිරීමේදි උපදෙස් දීම සදහා භාවිතාකරන කොන්දේසිගත (conditional) විදික්‍රමය ලෙස If else statement දැක්විය හැකියි. මෙවැනි conditional statement රහිත වුවොත් ක්‍රමලේඛය එකම මගක් ඔස්සේ හැමවිටම ධාවනය වේ. එමගින් අපට අපේක්ෂිත ප්‍රථිපල ලබාගැනීම උගහටය.  මෙම පාඩමෙන් If else statement හි භාවිතය ගැන සැකෙවින් හදාරමු.

      යම්කිසි තත්වයක් තෘප්ත කිරීම/නොකිරීම හෙවත් true or false ලෙස ලබෙන ප්‍රථිපලය අනුව මින් ඉදිරියට ක්‍රයාකරන්න යැයි උපදෙස් දීම මෙහිදි සිදුවෙ. එසේ නම් condition එක පරීක්ෂාකරගත හැකි ආකාර මොනවාදැයි මුලින්ම සොයා බලමු.

>     greater than  (විශාලය)           
<     less than     (කුඩාය)            
>=    greater than or equal (විශාල හෝ සමානය)    
<=    less than or equal  (කුඩා හෝ සමානය)      
==    equal to (සමානය)                 
!=    not equal to (අසමානය)            

ඉහත දක්වා ඇති ආකාර 6 භාවිතයෙන් අපට කන්ඩිෂන් එක පරීක්ෂාකරගත හැක. එසේ පරීක්ෂාකර ගැනීමෙන් අපට ලැබෙන්නෙ බූලියානු පිලිතුරකි. එනම් අදාල condition එක තෘප්ත වේ නම් true ලෙසත් එසේ නොවේ නම් false ලෙසත් ය.


මූලික if පදගැළපුම (basic if statement syntax)


if ( condition )
    Execute this line of code



මෙහි condition එක true වූවහොත් අදාල coding line එක execute කිරීම ඇරඹේ. false වුවහොත් එම coding line එක පසෙකලා (skip කොට) ඉන් එහාට වැඩසටහන execute වේ.

මෙම ක්‍රියාවලිය උදාහරණයක් මගින් පැහැදිලි කරගනිමු.

if ( 5 < 10 )  
  printf( "Five is less than ten" );

ඉහත උදාහරණයට අනුව condition එක වන්නෙ 5<10 යන්නය. එය සත්‍ය වේ. එම නිසා ඒ තුල ඇති printf statement එක execute වී තිරය මත “Five is less than ten“ ලෙස තිරයේ output එක දැකගත හැක. 

එලෙසම, තනි line එකක් වෙනුවට code set එකක් execute කිරීමට අවශ්‍ය නම් පහත ලෙස syntax එක වෙනස්විය යුතුය.

if ( TRUE ) {
  printf ("line of code 1");
  printf ("line of code 2");
  printf ("Braces indicate the more than 1 statement should execute"); 
}


මෙහි සඟල වරහන් “{ }“ මගින් if statement එක සත්‍ය වන විට execute විය යුතු code block එක හදුන්වා දෙයි. 

Else (එසේ නොවේ නම්) 

ඉහතදි කතාකලේ condition එක true වන අවසාථාවේදි execute විය යුතු ආකාරය ගැනයි. යම් හෙයකින් condition එක false වන විටදීත් වෙනත් විශේෂිත දෙයක් සිදුකරගැනීමට අවශ්‍ය නම් එවැනි අවස්ථාවලදි අපට else කොටස යොදාගත හැක.
if ( TRUE ) {
   Execute these statements if TRUE 
}
else {
   Execute these statements if FALSE 
}
Else if (එසේ නොවේ නම් මෙසේ වේද) 

if ( condition 1 ) 
  {                  
     Execute these statements if condition 1 TRUE    
  }
  else if ( condition 2 ) 
  {            
     Execute these statements if condition 1 FALSE and TRUE        
  }
  else 
  {
     Execute these statements if condition 1 and 2 both are false     
  }

එක අවස්ථාවකට වඩා condition එක පරීක්ෂාකිරීමට අවශ්‍ය විට මෙම multiple if statement එක යොදාගත හැකිය. එමගින් මුලින්ම if කොටසේ ඇති condition එක පරීක්ෂා කරයි (උදා: age<100) එය true නම් ඒ යටතේ ඇති statement එක execute වන අතර ඉතිරි else if හා else කොටස් අතහැර දමා වැඩසටහන ඉදිරියට යයි. if කොටසේ condition එක false වුවහොත් ඊලඟට ඇති else if කොටසේ condition එක පරීක්ෂා කරයි. ඒ ආකාරයට අපට අවශ්‍ය තරම් if statement එක දිගු කරගනිමින් භාවිතා කල හැකිය.

ඉහත උගත් දැ සම්පූර්ණ ක්‍රමලේඛ උදාහරණයක් මගින් දැක්වූවහොත් ඒ මෙසේය. 


#include<stdio.h>
void main(){
 int age = 0;
 printf ("How old are you?");
 scanf ("%d", &age);
 
 if (age<16) {
  printf (" you are yung ");
 } else if ( age < 30) {
  printf (" you are teenager ");
 } else {
  printf (" you are a growned person ");
 }
}
Read More

Tuesday, July 24, 2012

3. C තුන්වන පාඩම - C හි කාරකයන් සහ දත්ත ප්‍රදානය (Operators and data Input method)


Conversion letters සහ ඒවායේ data types
අප ඉහත පාඩමේදි int type හි variable print කර ගැනීම සඳහා %d මෙලෙස සංඛේතයක් භාවිතා කලා මතක ඇති. මෙමගින් දැක්වෙනුයේ conversion latter එකයි. එනම්, ක්‍රමලේඛයේ යමක් ප්‍රදානය හෝ ප්‍රතිදානය කිරීමේදි variable හදුන්වාදීමට C හිදි භාවිතා වන එක් සුවිශේෂි ආකාරයකි. පහත වගුවේ C හි භාවිතා වන conversion letters කිහිපයක් සහ ඒවයේ data types දක්වා ඇත. conversion latter යොදාගැනිමේදි අනිවාර්යෙන්ම ඊට ඉදිරියෙන් ‘%‘ සංඛේතය භාවිතා කල යුතුය.


LetterType of Matching ArgumentExampleOutput
%none printf( "%%" );%
d, iint printf( "%i", 17 );17
uunsigned int (Converts to decimal)printf( "%u", 17u );17
ounsigned int (Converts to octal)printf( "%o", 17 );21
xunsigned int (Converts to lower-case hex)printf( "%x", 26 );1a
Xunsigned int (Converts to upper-case hex)printf( "%X", 26 );1A
f, Fdoubleprintf( "%f", 3.14 );3.140000
e, Edoubleprintf( "%e", 31.4 );3.140000e+01
g, Gdoubleprintf( "%g, %g", 3.14, 0.0000314 );3.14, 3.14e-05
a, Adoubleprintf( "%a", 31.0 );0x1.fp+0
cint printf( "%c", 65 );A
sstring printf( "%s", "Hello" );Hello
pvoid* (convert a pointer)int a = 1; printf( "%p", &a );0064FE00
nint* (Number of character output)int a; printf( "ABC%n", &a );ABC  (a==3)


දත්ත ප්‍රදානය කිරිම (Input handling)

අප මෙතෙක් භාවිතා කලේ ප්‍රතිදානයක් තිරය මත මුද්‍රණය කරගන්නා printf statement එකයි. එමෙන්ම විචල්‍යන් සඳහා අගයන් යෙදීම සිදුකලේ source code එකේදි වන අතර compile කරන ලද programe එක ධාවනය වන අවස්ථාවේදි අගයන් ඇතුලු කිරීමට නොහැකි විය.
ධාවනය වන අවස්ථාවේදි ප්‍රධානයක් (input)  ලබාදීමට C හිදි භාවිතා කරන්නේ scanf statement එකයි.

scanf ("%conversion latter..", &variable....); 

Example:
scanf("%d", i);

කාරක (Operators)

ක්‍රමලේඛයේදි අපට විවිධ අවස්තාවන්වලදි ගණිත කර්ම, සැසඳිම, වැනි කර්තව්‍යන් කරගැනීමට අවශ්‍ය වේ. එවැනි අවස්ථාවන් වලදි අප භාවිතා කරන සම්මත කාරක (Operators) ඇත. C හිදි භාවිතා වන එවැනි කාරක කිහිපයක් පහත දැක්වේ.

Arithmetic (ගණිත කර්ම) 
+      එකතු කිරිම (plus)
-      අඩු කිරීම (decrease)
/      බෙදීම (Divide)
*      වැඩිකිරිම (Multiplex)
%      මාපාංකානුකූලකය-බෙදා ඉතිරිවන අගය (modulo)
--     පවතින අගයෙන් එකක් අඩුකිරිම (Decrement)  
++     පවතින අගයට එකක් එකතුකිරිම (Increment) 



Assignment (පැවරුම්) 


 =      Assign 
*=      Multiply
/=      Divide.
%=      Modulus.
+=      add.
-=      Subtract.
<<=     left shift.
>>=     Right shift.
&=      Bitwise AND.
^=      bitwise exclusive OR (XOR).
|=      bitwise inclusive OR.


Logical/Relation (තාර්කික/සම්බන්ධතා) 


==      Equal to
!=      Not equal to
>       Greater Than
<       Less than 
>=      Greater than or equal
<=      Less than or equal
&&      Logical AND
||      Logical OR
!       Logical NOT

Bitwise (බිටු අගයන් සම්බන්ධ කාරක)  



&       AND (Binary operator)
|       inclusive OR
^       exclusive OR
<<      shift left.
>>      shift right. 
~       one's complement

C හි භාවිතා වන තවත් කාරක කීපයක්
sizeof() size of objects and data types.
&       Address of (Unary operator)
*       pointer (Unary operator)
?       Conditional expressions
:       Conditional expressions
,       Series operator.


මෙම එක් එක් කාරකයේ භාවිතාවන් හදුනාගැනීමට සරල වැඩසටහනක් භාවිතයෙන් පුලුවන. ඉදිරියේදි විවිධ අවස්ථාවලදිකාරක භාවිතාවන විට මේ පිළිබඳ වඩාත් හොදින් අවබෝධ කරගත හැකිවනු ඇත. 

මීලඟ පාඩමෙන් Selection (තොරා වෙන්කර ගැනිම) සම්බන්ධයෙන් කතා කරමු.
Read More

Monday, July 23, 2012

Visual Basic.net 2010 පාඩම 5 - Objects

       ගොඩක් කාලෙකට පස්සේ අද පාඩම ලියන්න පටන්ගත්තේ පසුගිය කාලේ පුරාවටම තිබුන වැඩ නිසා පාඩම ලියන්නත් බැරි වුනා. අදින් පස්සේ එහෙම වෙන එකක් නෑ කියල මම පොරොන්දු වෙනවා. අද පාඩම පටන් ගන්න කලින් පසු ගිය පාඩමත් මෙතනින් බලල ඉන්නකෝ. අද මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ VB වල Objects ගැන පොඩි හැඳින් වීමක්. 

            මුලින්ම ඉතාමත් වැදගත් දේ තමයි අපි VB තුලදී භාවිතා කරන සෑම දෙයක් පාහේම Objects ලෙසයි සලකන්නේ උදාහරණයක් ලෙස ඔබ VB වලදී interface නිර්මාණය කරන්න බාවිතා කරන form එක  Form Object එකක් ඒ මතට එක් කර ගන්න නොයෙකුත් controls Control Object වලට අයත් වෙනවා. අපි මේ Objects classify කර ගන්නේ ඒවායේ type එක අනුවයි හරියට සියළුම forms Form Objects හා text boxes, labels වගේ දේවල් Control Objects විදිහට වෙන් කර ගැනීම වගේ. තවත් සමහරක් Objects අපිට පේන්නේ නෑ (Label Objects අපිට දැක ගන්න පුළුවන්නේ)  ඒ Objects තියෙන්නේ code එක තුල පමණයි. මේ පේන නොපෙනෙන සෑම Object එකකටම අනන්‍ය වූ ගුණාංග තිබෙනවා අපි මේවා Properties යයි හඳුන්වනවා. 

      අපි පුංචි උදාහරණයකින් මේක පැහැදිලි කර ගනිමුකෝ, අපි ළමයෙක් සැලකුවොත් ඔහුට උසක්, වයසක්, හිස කෙස් වල පාටක් ආදී වූ  ඔහුටම අනන්‍ය වූ ගුණාංග තිබෙනවා නේද? ඒ වගේම අපි තමයි අපි VB වලදී භාවිතා කරන මේ Objects වලටත් properties තිබෙන්නේ. අපි form එකක් ගත්තොත් ඒකට උසක් පළලක් ආදී වූ Properties තිබෙනවා.

               ඉතින් අපි Object එකක් අළුතින් නිර්මාණය කර ගත්ත ගමන් කරන්න ඕන මේ properties වෙනස් කරල මේ Object එක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමයි. මේක අපිට code එක භාවිතා කරල වගේම IDE එකේ තිබෙන properties window එක මගිනුත් පුළුවන්. 

              ඔයාල අපි පසුගිය පාඩමෙන් සාදාගත් project එකේ form එක මත click කරල බලන්නකෝ ඊට අදාල properties මොනවද කියල.


        උඩින්ම properties කියන title එකට පහලින් තියෙන කොටසට අවධානය යොමු කරමුකෝ. එතන System.Windows.Forms.Form කියන්නේ object එකේ type එක, එතකොට Object name එක වෙන්නේ System.Windows.Forms.Form. Form1 කියන එකයි.

           අදට පාඩම මෙතනින් නිමයි, අපි ඊළග පාඩමෙන් Object නාමකරනය ගැන ටිකක් කතා කරමු. ඒ ගමන්ම අපි අපේ project එකත් ටිකෙන් ටික වැඩි දියුණු කර ගනිමින් ඉස්සරහට යමුකෝ.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Wednesday, July 18, 2012

webpage සෑදීම ආරම්භය ( PHP සිංහලෙන් - 20 )

අපි දැනට පාඩම් 19 ක් තුරාවට PHP වල මුලික අංග බොහෝමයක් ඉගෙන ගත්තා. මේ පාඩමේ ඉදලා අපි ඉගෙන ගන්නේ වෙබ් පිටුවකට අවශ්‍ය මුලික දැනීමයි. මෙහිදී අපි ගොඩනගන්නේ dynamic වෙබ් පිටුයි. එනම් වෙබ් පිටුවේ පෙනුම සෑම විටම html පමනක් භාවිතා කල වෙබ් පිටුවක් ලෙස නියතව නෙපවතී.
අපිට අන්තර්ජාලය මගින් අපගේ පරිශිලකයින්ගෙන් දත්ත ලබා ගත හැති ක්‍රම තුනකි

1      1.  URLs/links
            වෙබ් ලිපිනයක් උදා www.google.lk
2      2. web forms
                වෙබ් පිටුවලදී අපිට විවිධ form හමුවේ. උදාහරනයක් ලෙස www.facebook.com හී logging form එක දැක්විය හැකිය. 
3     3. Cookies
            user ගැන තොරතුරු ඇතුලත් වෙබ් බ්‍රවුසරයේ තැන්පත් වී ඇති දෙයකි.

link

පලමුව firstpage.php හා secondpage.php  ලෙස මූලික html ටැග් අඩංගු  file දෙකක් සාදා ගන්න. දැන් පහත කේතය බලන්න. එහි ඇත්තේ firstpage.php හි යොදන ලද කේතයකි. එමගින් secondpage.php  පිටුවට link එකක් සාදා ඇත. මෙහි php භාවිතයෙන් තොරයි. එය ඉදිරියට ඇති දේ වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම සදහා ඉදිරිපත් කරමි. <a … >  ටැගය නොතේරේනම් අපගේ “HTML සිංහලේන් ලිපි පෙල පිරිශීලනය කරන්න.




ඉහත වෙබ් පිටුවේ මතුවන second page යන වදන click කල විට secondpage.php  පිටුව විවෘත්ත වේ.
දැන් පහත කේතය බලන්න. එහි <a ...>  ටැගය අවසානයට කර ඇති වෙනස බලන්න. එනම් id =  ලෙස අගයක් ඈදා ඇත. මෙය මගින් super global (global variable වලටත් ඉහලින් යන අරුත් දේ )ආකාරයේ variable array එකකට අගයක් ලබා ගෙන තබා ගනී එමගින් ඊලග වෙබ් පිටුවද දත්ත යැවිය හැකිය.
firstpage.php






දැන් අපි බලමු එසේ super global ආකාරයේ variable array එකට ආදේශ කල අගයන් ලබා ගන්නේ කෙසේද කියලා. පහත කේතය බලන්න. එහි super global variable එක හදුන්වන්නේ $_GET ලෙසයි.
  මෙසේ අගයන් දෙකක් යැවීමට හා ලබා ගැනීමට පෙර වෙබ් පිටුම යලි සකස්කර ඇති අයුරු පහත කේතය බලන්න.







---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More