Friday, July 13, 2012

Visual Basic.net 2010 පාඩම 4 - Identifying the IDE



             මම පසුගිය පාඩමෙන් කිව්වවගේම අපි අද අපේ පළමු project එක පටන් ගමු. දැන් කට්ටියම Visual Studio open කර ගන්නකෝ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් තමයි ලැබෙන්නේ මම මේ ගැන කලින් පඩමේදී විස්තර කලා මතක නැති අය හා බලන්න බැරි වුන අය ආයේ මෙතනින් ඒක බලන්න. 


                 අද අපි සූදානම් වෙන්නේ අළුත් project එකක් ආරම්භ කරන්නයි, ඒ කට ඔයාලා වම් පැත්තේ ඉහළ කෙලවරේ තියෙන New Project කියන link එක click කරන්න. දැන් New Project dialog box එක open වේවි. මෙතනින් අපිට විවිධ ආකාරයේ වූ projects වර්ග ආරම්භ කල හැකියි. 



                           දැන් ඉහත රූපයේ වගේ window එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඊළගට කරන්න ඕන Installed Templates කියන තැන Visual Basic, select කරල ඒකෙන් Windows, select කරන්න ඒතකොට window එකේ මැද දිස් වෙන applications වලින් Windows Forms Application එක තෝරන්න.  දැන් අපි අපේ application එකට නමක් දෙන්න ඕන ඒ නම අර්ථවත් විය යුතුයි ඔයාලට applications වෙන වෙනම අඳුනා ගන්න පුළුවන් ආකාරයට. මම දුන්නේ "MyFirstApplication" කියල. දැන් Ok button එක click කරන්න. (මේ window එක ඔබ භාවිතා කරන සංස්කරණය අනුව වෙනස් වේ එබැවින් මේ ආකාරයේම window එකක නොවුවත් මා සඳහන් කල දෑ අඩංගු window එකක් ඔබට ලැබේවි) එවිට ඔබට පහත ආකාරයේ නව window එකක් ලැබේවි.


                         මේ තමයි Visual Studio වලදී අපි සියළුම ක්‍රියාකාරකම් කරන interface එක අපි දැන් මෙහි කොටස් අඳුනාගමු ඒ සදහා පහත රූපය අධ්‍යයනය කරන්න. (ඒ වගේම මේ window එක ඔබ භාවිතා කරන සංස්කරණය අනුව වෙනස් වේ)                          



                  අදට පාඩම නිමයි. අපි ඊළග පාඩමෙන් තව දුරටත් මේ Interface එක ගැන හදාරමු. අද පාඩම ගැන මම පොඩි  video එකකුත් හැදුවා එකත් බලන්නකෝ. ඒ ගැන අදහසුත් මට කියන්න (video විතරයි voice නෑ).




මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

2 comments:

  1. බොහොම හොඳ බ්ලොග් එකක් සහෝග දිගට ම ලියන්න ඕනෙ. පොඩි පබ්ලිසිටියකුත් දෙන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අපේ බ්ලොග් එකට යන එන ඔයාලගෙන් තමයි ඉතින් අපිට හොඳම ප්‍රචාරය ලැබෙන්නේ.

      Delete