Monday, July 23, 2012

Visual Basic.net 2010 පාඩම 5 - Objects

       ගොඩක් කාලෙකට පස්සේ අද පාඩම ලියන්න පටන්ගත්තේ පසුගිය කාලේ පුරාවටම තිබුන වැඩ නිසා පාඩම ලියන්නත් බැරි වුනා. අදින් පස්සේ එහෙම වෙන එකක් නෑ කියල මම පොරොන්දු වෙනවා. අද පාඩම පටන් ගන්න කලින් පසු ගිය පාඩමත් මෙතනින් බලල ඉන්නකෝ. අද මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ VB වල Objects ගැන පොඩි හැඳින් වීමක්. 

            මුලින්ම ඉතාමත් වැදගත් දේ තමයි අපි VB තුලදී භාවිතා කරන සෑම දෙයක් පාහේම Objects ලෙසයි සලකන්නේ උදාහරණයක් ලෙස ඔබ VB වලදී interface නිර්මාණය කරන්න බාවිතා කරන form එක  Form Object එකක් ඒ මතට එක් කර ගන්න නොයෙකුත් controls Control Object වලට අයත් වෙනවා. අපි මේ Objects classify කර ගන්නේ ඒවායේ type එක අනුවයි හරියට සියළුම forms Form Objects හා text boxes, labels වගේ දේවල් Control Objects විදිහට වෙන් කර ගැනීම වගේ. තවත් සමහරක් Objects අපිට පේන්නේ නෑ (Label Objects අපිට දැක ගන්න පුළුවන්නේ)  ඒ Objects තියෙන්නේ code එක තුල පමණයි. මේ පේන නොපෙනෙන සෑම Object එකකටම අනන්‍ය වූ ගුණාංග තිබෙනවා අපි මේවා Properties යයි හඳුන්වනවා. 

      අපි පුංචි උදාහරණයකින් මේක පැහැදිලි කර ගනිමුකෝ, අපි ළමයෙක් සැලකුවොත් ඔහුට උසක්, වයසක්, හිස කෙස් වල පාටක් ආදී වූ  ඔහුටම අනන්‍ය වූ ගුණාංග තිබෙනවා නේද? ඒ වගේම අපි තමයි අපි VB වලදී භාවිතා කරන මේ Objects වලටත් properties තිබෙන්නේ. අපි form එකක් ගත්තොත් ඒකට උසක් පළලක් ආදී වූ Properties තිබෙනවා.

               ඉතින් අපි Object එකක් අළුතින් නිර්මාණය කර ගත්ත ගමන් කරන්න ඕන මේ properties වෙනස් කරල මේ Object එක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමයි. මේක අපිට code එක භාවිතා කරල වගේම IDE එකේ තිබෙන properties window එක මගිනුත් පුළුවන්. 

              ඔයාල අපි පසුගිය පාඩමෙන් සාදාගත් project එකේ form එක මත click කරල බලන්නකෝ ඊට අදාල properties මොනවද කියල.


        උඩින්ම properties කියන title එකට පහලින් තියෙන කොටසට අවධානය යොමු කරමුකෝ. එතන System.Windows.Forms.Form කියන්නේ object එකේ type එක, එතකොට Object name එක වෙන්නේ System.Windows.Forms.Form. Form1 කියන එකයි.

           අදට පාඩම මෙතනින් නිමයි, අපි ඊළග පාඩමෙන් Object නාමකරනය ගැන ටිකක් කතා කරමු. ඒ ගමන්ම අපි අපේ project එකත් ටිකෙන් ටික වැඩි දියුණු කර ගනිමින් ඉස්සරහට යමුකෝ.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

No comments:

Post a Comment