Thursday, July 5, 2012

2. C දෙවන පාඩම - C භාෂාවේ මූලික යෙදීම් (Basic of C language)


C භාවිතයේදි අප විසින් දත යුතු යෙදීම් ඇත. මෙම ලිපියෙන් එවැනි මූලික යෙදීම් කිහිපයක් පිළිඹඳ දැනුම ඔබ වෙත ගෙන එන්නම්. එමගින් අපට ඉදිරියට පාඩම් ඉගෙන ගනීම වඩාත් පහසු කරවයි.

Comment
C භාෂාවෙදි Comment කිරිමේ පහසුකම සලසා ඇත. එමගින් සිදුවන්නෙ සරලව comment කර ඇති කොටස මග හැර ඉතිරු කොටස් පමණක් compile වීමයි.

C හි comment කල හැකි ආකාර දෙකක් පවතී.
1. තනි line එකක් comment කිරීම.

මෙහි දැක්වෙන ආකාරයට "//" සංඛේතයෙන් හැදින්වෙන්නෙ comment එකක ආරම්භය බවයි. ක්‍රමලේඛය compile වන අවස්ථාවේදි මෙලෙස ඇරඹී ඇති පද අතහැර ඉදිරියට යයි.

2. පේලි කිහිපයක් එකවර comment කිරීම.
මෙහි දැක්වෙන ආකාරයට "/*" ලෙස ඇරඹෙන code line එක comment එකෙහි ආරම්භය ලෙසත් "*/" ලෙස එහි අවසානය සනිටුහන් වන තුරු පේලි කිහිපයක් වුවත් commented කොටසක් ලෙස compiler එක විසින් හදුනාගනියි.

Variable (විචල්‍ය)
variable යනු නාමික අර්ථයක් දෙන ලද නිස්චිත memory location address (මතක පිහිටුම් ලිපිනයකි). විචල්‍ය යොදාගැනිමෙන් අපට පහසුවෙන් දත්ත තාවකාලිකව ගබඩාකරගනිමින් ක්‍රමලේඛය තුල ඒවා හැසිරවිය හැක. එමගින් දත්ත හැසිරවීම වඩාත් ඵලදායි වේ.
Variable එකක් හදුන්වා දෙන්නෙ මෙලෙසය. 


data_type variable_name;
eg: 
int myVariable;


C හි භාවිතා වන මූලික data types පහත ආකාර වේ.

  • int
    Integer(නිඛිල) සංඛ්‍ය සඳහා භාවිතා වේ. මෙහි -32768 සිට  +32767 දක්වා වූ ඉලක්කම් ගබඩාකරගත හැක. 
  • float
    Floating point(දශමය) සංඛ්‍යා සඳහා භාවිතා වේ.  
  • double
    විශාල දශමය සංඛා සඳහා භාවිතා වේ. 
  • char
    Characters (අක්ෂර) සඳහා භාවිතා වේ. 

මීට අමතරව ඉහත සඳහන් data type සඳහා modifier යොදාගත් අවස්ථා දැකිය හැක. 
  • short
  • long
  • signed
  • unsigned

    මේවා මගින් විචල්‍ය සඳහා වෙන්කල යුතු ඉඩ ප්‍රමාණය හදුන්වා දෙයි. මේ පිළඹදව දල අදහසක් පහත වගුව පිරික්සීමෙන් ලබාගත හැක. 

   Type Bytes                            Range
---------------------------------------------------------------------
            short int  2          -32,768 -> +32,767          (32kb)
   unsigned short int  2                0 -> +65,535          (64Kb)
         unsigned int  4                0 -> +4,294,967,295   ( 4Gb)
                  int  4   -2,147,483,648 -> +2,147,483,647   ( 2Gb)
             long int  4   -2,147,483,648 -> +2,147,483,647   ( 2Gb)
          signed char  1             -128 -> +127
        unsigned char  1                0 -> +255
                float  4 
               double  8  
          long double 12 

එමෙන්ම C භාෂාවෙ variable හදුන්වාදෙන ආකාර දෙකක් පවති.

1.  Local Declaration 
2.  Global Declaration

Local variable Declaration

  • යම් කිසි Function එකක් තුලට පමණක් වලංගුවන ලෙස variable හදුන්වාදීම වේ. Function block එකෙහි ඉහලින්ම variable හදුන්වාදීම සිදු කෙරෙයි. මෙම විචල්‍ය භාවිතා කල හැක්කෙ එම function තුලදි පමණක් වේ. ඒවාට පිටත සිට දත්ත ඇතුලු කිරීම වෙනස් කිරීම ආදි කිසිවක් සිදුකල නොහැක. 
  • Local variable අප විසින් initialize කල යුතුය.
Global Variable Declaration
  • ක්‍රමලේඛයේ සියලුම function ලිවීමට පෙර include විධානයට පසු variable declare කිරීම වේ. 
  • මෙලෙස හදුන්වාදෙන විචල්‍ය ඊට පසු ඇති ඕනැම function එකකින් පහසුවෙන් ඇතුලු වී, දත්ත ඇතුලු කිරීම වෙනස් කිරීම ආදිය කල හැකිය. 

දැන් අපි උගත් දෑ යෙදෙන සරල වැඩසටහනක් සකසා බලමු.

#include<stdio.h>

//global declaration
int a;

void main(){
 int x=4;
 
 a=2;
 printf("Global variable %d \n", a);
 
 printf("local variable %d \n", x);
}
මීලඟ පාඩමෙන් C හි operators(කාරක) හා ඒවායෙ භාවිතය ගැන සොයා බලමු.  
 

5 comments:

  1. float type ඒක කියන්නෙ hexadecimal ද?

    ReplyDelete
  2. ඕනම ෆෝමැට් එකකින් තියෙනන් පුලුවන් වෙනසකට තියෙන්නේ ඒක දකින විදිහ.
    float a;
    a = 0; //decimal
    a = 0x0; //hex

    කොහොම තිබ්බත් උඩ තියන 2ම එකයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රවින්ද ....
      a වලට බයිනරි වැලියු 1ක් assign කරන්නේ කොහොමද?

      Delete
  3. float වලට දශම දන්න පුළුවන් නේද?
    මෙහෙම...
    float f;
    f=3/2;

    දැන් කොහොමද මේක ප්‍රින්ට් කරන්නේ?printf වලින් කරහම එරර් එකක් එනවනේ...

    ReplyDelete