Tuesday, July 31, 2012

Form with PHP ( PHP සිංහලෙන් - 21 )


user ගෙන් දත්ත ලබාගත හැකි තමත් එක් ක්‍රමයක් වන්නේ html form මගින් දත්ත ලබාගත ගබා ගැනීමයි. පලමුව අපි හිස් html form සාදන අයුරු බලමු. මෙය වැටහෙන්නේ නැත්නම් අපගේ html සිංහලෙන් ලිපි මාලාව බලන්න. comments  මගින් ගැටලු සදහා ලිපිතුරු ලබා ගන්න.
forms.php




එහි ඉහලින් ඇති action="process.php" මගින්  process.php යන වෙබ් පිටුව ලැබීමද method="post" මගින් මෙම විස්තර රදවා ගැනීමද සිදුවේ.
මෙහිදී සාමාන්‍යෙයන් සිදු කල යත්තේ මෙම දත්ත database එකකට යැවීම හෝ සන්දන්දනය කිරීම වැනි දෙයකි. නමුත් අප තවම database ගැන හදාරා නොමැති නිසා දැනට මෙසේ කරමු. දැන් අපි බලමු process.php යන වෙබ් පිටුවෙහි මෙම දත්ත print  කරන්නේ කෙසේද කියලා පමත කේතය බලන්න එය process.php පිටුවයි.


දැන් forms.php පිටුව ලබාගෙන එයට username password ඇතුල්කර submit  බොත්තම ඔබන්න.




---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Saturday, July 28, 2012

HTML සිංහලෙන් පාඩම 8 - More Tags


            කොහොමද කට්ටියට ගොඩක් කාලෙකට පස්සේ තමයි අද මම HTML පාඩමක් අරගෙන ආවේ. ගොඩක් වැඩ තිබුන නිසයි එහෙම වුනේ මීට පස්සෙ ගොඩක් දුරට එමෙහ වෙන එකක් නෑ. හොඳයි අද පාඩමට කලින් මෙතනින් ගිහින් මීට කලින් පාඩමත් බලල ඉමුකෝ!

                අද පාඩමෙන් අපි තව දුරටත් අපිට ඉතා වැදගත් වෙන tags කිහිපයක් ගැන කතා කරන්නම්. මේ Tags වෙබ් පිටු නිර්මාණයේදී නිතර නිතර අවශ්‍ය වන ඒවා වේ.

<h...> Tag එක HTML Headings සඳහා

             මම මේ Tag එක ගැන මීට කලිනුත් කතා කරල තියෙනවා ඒත් මේ වෙලාවෙත් ඒ ගැන කතා කරන්න හිතුනා මොකද මේ Tag එක ඒ තරම්ම භාවිතා වෙන නිසා. මම උඩ මාතෘකාව ලියන කොට h අකුර ගාව තිත් 3ක් තියල තියෙනවවේ අන්න එතනට 1 සිට 6 දක්වා ඉලක්කම් යොදල ඔබට විවිද ප්‍රමාණයේ headings 6ක් සාදාගත හැකියි. තවද <h1> මගින් ඉතාමත් වැදගත්ම මාතෘකාව නිරූපණය කරන අතර <h6> මගින් වැදගත් බවින් අඩුම මාතෘකාව නිරූපණය වේ. අනෙක් මාතෘකා ඒ අතර වෙනස් වේ. code එකට heading එකක් ඇතුලත් කරන්නේ මෙන්න මෙහෙමයි.

<h...>mention your title here </h...>

අපි දැන් මේ headings වෙනස් වෙන ආකාරය පුංචි උදාහරණයකින් බලමු, මම මේක code කරල තියෙන්නේ Notepad++ භාවිතා කරල ඔබත් ඒකට හුරුවන්න.


මේ code එක HTML file එකක් විදිහට save කරල open කරාම පේන හැටි තමයි මේ,



                 ඒ වගේම ඉහත උදාහරණය බලන ඔයාලට පේනවා ඇති මම code එකේ සඳහන් කරල නැතත් browser එක විසින් automatically මේ headings අතර ඉඩ තබා තියෙනවා කියල. සාමාන්‍යෙයන් browser එක විසින් heading එකට පෙර සහ පසු හිස් ඉඩක්  (margin) එකතු කරනු ලබනවා. අනිත් වැදගත් කාරනය තමයි ඔයාල කිසිම වෙලාවක මේ headings තමන්ගේ text bold කරන්න හෝ විශාලව පෙන්නන්න භාවිතා කරන්න එපා. මොකද බොහො search engines මේ headings කියවනවා, එසේම වෙබ් පිටුව නියමාකාර ගලා යාමකට නතු කරන්න මේ headings ඉතා වැදගත්.

<hr/> Tag එක HTML Line සඳහා

                මේ tag එක මගින් සිඳු කරනුයේ අපේ html වෙබ් පිටුවට තිරස් Line එකක් එකතු කිරීමයි. අපිට මේ tag එක අපේ වෙබ් පිටුවේ contents වෙන් කිරීමට යොදා ගන්න පුළුවන්. මේ tag පවන්නේ තනි tag එකක් ලෙසටයි. අපි සරළ උදාහරණයක් බලමු,


මේ code එක HTML file එකක් විදිහට save කරල open කරාම පේන හැටි තමයි මේ,


තව දෙයක් මෙතනදිත් ඔයාලට පේනවා කලින් Headings වලදී වගේම browser එක විසින් paragraph එකට පෙර සහ පසු හිස් ඉඩක්  (margin) එකතු කර තිබෙනවා වගේම මේ තිරස් Line එකටත් පෙර සහ පසු ඒ ආකාරයටම හිස් ඉඩක්  (margin) එකතු කර තිබෙන බව.

<!--...--> Tag එක HTML Comment සඳහා

               අපි ගොඩක් වෙලාවට නොකරන දෙයක් වුනත් කල යුතුම දෙයක් තමයි අපේ code එකෙන් අපි කරන දේ ගැන තව කෙනෙකුට වුනත් කියවල තේරුම් ගන්න පුළුවන් ආකාරයට comment කිරීම. සමහර විට අපිටම වුනත් පසු කාලයකදී code එක කියවන විට අපි කරපු දේවල් තේරුම් ගන්නත් ඒක පහසුවක් වේවි. මේ comments වෙබ් පිටුවේ පෙන්නන්නේ නෑ ඒත් අපි code එකට බැලුවොත් අපිට ඒවා දැක ගන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ coding පුරුද්දක්. මම හෙඩින් එකේ පෙන්වල තියෙන tag එකෙ තිත් 3 වෙනුවට ඔයාලට අවශ්‍ය comment එක දාගන්න පුළුවන්.මෙන්න මේ වගේ.

<!--This is an HTML comment-->

අපි තව උදාහරණයක් බලමු,


මේ code එක HTML file එකක් විදිහට save කරල open කරාම පේන හැටි තමයි මේ,


comments පේන්නේ නෑ නේද? අද පාඩම නිමයි. ආයේත් අළුත් පාඩමකින් හමු වෙමු.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

Read More

Wednesday, July 25, 2012

4. C හතරවන පාඩම - If statement (එහෙම උනොත් මෙහෙම වෙන්න)


“එහෙම වුනොත් මෙහෙම කරන්න. නැතිනම් මෙහෙම කරන්න...“

       අපි බාවිතාකරන භාෂාවෙන් යමක් කරන්නට උපදෙස් දෙන ආකාරය මේ ආකාර නේද. ඉතින් පරිගණක ක්‍රමලේඛනයේදීද පරිගණකය වෙත යමක් කිරීමේදි උපදෙස් දීම සදහා භාවිතාකරන කොන්දේසිගත (conditional) විදික්‍රමය ලෙස If else statement දැක්විය හැකියි. මෙවැනි conditional statement රහිත වුවොත් ක්‍රමලේඛය එකම මගක් ඔස්සේ හැමවිටම ධාවනය වේ. එමගින් අපට අපේක්ෂිත ප්‍රථිපල ලබාගැනීම උගහටය.  මෙම පාඩමෙන් If else statement හි භාවිතය ගැන සැකෙවින් හදාරමු.

      යම්කිසි තත්වයක් තෘප්ත කිරීම/නොකිරීම හෙවත් true or false ලෙස ලබෙන ප්‍රථිපලය අනුව මින් ඉදිරියට ක්‍රයාකරන්න යැයි උපදෙස් දීම මෙහිදි සිදුවෙ. එසේ නම් condition එක පරීක්ෂාකරගත හැකි ආකාර මොනවාදැයි මුලින්ම සොයා බලමු.

>     greater than  (විශාලය)           
<     less than     (කුඩාය)            
>=    greater than or equal (විශාල හෝ සමානය)    
<=    less than or equal  (කුඩා හෝ සමානය)      
==    equal to (සමානය)                 
!=    not equal to (අසමානය)            

ඉහත දක්වා ඇති ආකාර 6 භාවිතයෙන් අපට කන්ඩිෂන් එක පරීක්ෂාකරගත හැක. එසේ පරීක්ෂාකර ගැනීමෙන් අපට ලැබෙන්නෙ බූලියානු පිලිතුරකි. එනම් අදාල condition එක තෘප්ත වේ නම් true ලෙසත් එසේ නොවේ නම් false ලෙසත් ය.


මූලික if පදගැළපුම (basic if statement syntax)


if ( condition )
    Execute this line of code



මෙහි condition එක true වූවහොත් අදාල coding line එක execute කිරීම ඇරඹේ. false වුවහොත් එම coding line එක පසෙකලා (skip කොට) ඉන් එහාට වැඩසටහන execute වේ.

මෙම ක්‍රියාවලිය උදාහරණයක් මගින් පැහැදිලි කරගනිමු.

if ( 5 < 10 )  
  printf( "Five is less than ten" );

ඉහත උදාහරණයට අනුව condition එක වන්නෙ 5<10 යන්නය. එය සත්‍ය වේ. එම නිසා ඒ තුල ඇති printf statement එක execute වී තිරය මත “Five is less than ten“ ලෙස තිරයේ output එක දැකගත හැක. 

එලෙසම, තනි line එකක් වෙනුවට code set එකක් execute කිරීමට අවශ්‍ය නම් පහත ලෙස syntax එක වෙනස්විය යුතුය.

if ( TRUE ) {
  printf ("line of code 1");
  printf ("line of code 2");
  printf ("Braces indicate the more than 1 statement should execute"); 
}


මෙහි සඟල වරහන් “{ }“ මගින් if statement එක සත්‍ය වන විට execute විය යුතු code block එක හදුන්වා දෙයි. 

Else (එසේ නොවේ නම්) 

ඉහතදි කතාකලේ condition එක true වන අවසාථාවේදි execute විය යුතු ආකාරය ගැනයි. යම් හෙයකින් condition එක false වන විටදීත් වෙනත් විශේෂිත දෙයක් සිදුකරගැනීමට අවශ්‍ය නම් එවැනි අවස්ථාවලදි අපට else කොටස යොදාගත හැක.
if ( TRUE ) {
   Execute these statements if TRUE 
}
else {
   Execute these statements if FALSE 
}
Else if (එසේ නොවේ නම් මෙසේ වේද) 

if ( condition 1 ) 
  {                  
     Execute these statements if condition 1 TRUE    
  }
  else if ( condition 2 ) 
  {            
     Execute these statements if condition 1 FALSE and TRUE        
  }
  else 
  {
     Execute these statements if condition 1 and 2 both are false     
  }

එක අවස්ථාවකට වඩා condition එක පරීක්ෂාකිරීමට අවශ්‍ය විට මෙම multiple if statement එක යොදාගත හැකිය. එමගින් මුලින්ම if කොටසේ ඇති condition එක පරීක්ෂා කරයි (උදා: age<100) එය true නම් ඒ යටතේ ඇති statement එක execute වන අතර ඉතිරි else if හා else කොටස් අතහැර දමා වැඩසටහන ඉදිරියට යයි. if කොටසේ condition එක false වුවහොත් ඊලඟට ඇති else if කොටසේ condition එක පරීක්ෂා කරයි. ඒ ආකාරයට අපට අවශ්‍ය තරම් if statement එක දිගු කරගනිමින් භාවිතා කල හැකිය.

ඉහත උගත් දැ සම්පූර්ණ ක්‍රමලේඛ උදාහරණයක් මගින් දැක්වූවහොත් ඒ මෙසේය. 


#include<stdio.h>
void main(){
 int age = 0;
 printf ("How old are you?");
 scanf ("%d", &age);
 
 if (age<16) {
  printf (" you are yung ");
 } else if ( age < 30) {
  printf (" you are teenager ");
 } else {
  printf (" you are a growned person ");
 }
}
Read More

Tuesday, July 24, 2012

3. C තුන්වන පාඩම - C හි කාරකයන් සහ දත්ත ප්‍රදානය (Operators and data Input method)


Conversion letters සහ ඒවායේ data types
අප ඉහත පාඩමේදි int type හි variable print කර ගැනීම සඳහා %d මෙලෙස සංඛේතයක් භාවිතා කලා මතක ඇති. මෙමගින් දැක්වෙනුයේ conversion latter එකයි. එනම්, ක්‍රමලේඛයේ යමක් ප්‍රදානය හෝ ප්‍රතිදානය කිරීමේදි variable හදුන්වාදීමට C හිදි භාවිතා වන එක් සුවිශේෂි ආකාරයකි. පහත වගුවේ C හි භාවිතා වන conversion letters කිහිපයක් සහ ඒවයේ data types දක්වා ඇත. conversion latter යොදාගැනිමේදි අනිවාර්යෙන්ම ඊට ඉදිරියෙන් ‘%‘ සංඛේතය භාවිතා කල යුතුය.


LetterType of Matching ArgumentExampleOutput
%none printf( "%%" );%
d, iint printf( "%i", 17 );17
uunsigned int (Converts to decimal)printf( "%u", 17u );17
ounsigned int (Converts to octal)printf( "%o", 17 );21
xunsigned int (Converts to lower-case hex)printf( "%x", 26 );1a
Xunsigned int (Converts to upper-case hex)printf( "%X", 26 );1A
f, Fdoubleprintf( "%f", 3.14 );3.140000
e, Edoubleprintf( "%e", 31.4 );3.140000e+01
g, Gdoubleprintf( "%g, %g", 3.14, 0.0000314 );3.14, 3.14e-05
a, Adoubleprintf( "%a", 31.0 );0x1.fp+0
cint printf( "%c", 65 );A
sstring printf( "%s", "Hello" );Hello
pvoid* (convert a pointer)int a = 1; printf( "%p", &a );0064FE00
nint* (Number of character output)int a; printf( "ABC%n", &a );ABC  (a==3)


දත්ත ප්‍රදානය කිරිම (Input handling)

අප මෙතෙක් භාවිතා කලේ ප්‍රතිදානයක් තිරය මත මුද්‍රණය කරගන්නා printf statement එකයි. එමෙන්ම විචල්‍යන් සඳහා අගයන් යෙදීම සිදුකලේ source code එකේදි වන අතර compile කරන ලද programe එක ධාවනය වන අවස්ථාවේදි අගයන් ඇතුලු කිරීමට නොහැකි විය.
ධාවනය වන අවස්ථාවේදි ප්‍රධානයක් (input)  ලබාදීමට C හිදි භාවිතා කරන්නේ scanf statement එකයි.

scanf ("%conversion latter..", &variable....); 

Example:
scanf("%d", i);

කාරක (Operators)

ක්‍රමලේඛයේදි අපට විවිධ අවස්තාවන්වලදි ගණිත කර්ම, සැසඳිම, වැනි කර්තව්‍යන් කරගැනීමට අවශ්‍ය වේ. එවැනි අවස්ථාවන් වලදි අප භාවිතා කරන සම්මත කාරක (Operators) ඇත. C හිදි භාවිතා වන එවැනි කාරක කිහිපයක් පහත දැක්වේ.

Arithmetic (ගණිත කර්ම) 
+      එකතු කිරිම (plus)
-      අඩු කිරීම (decrease)
/      බෙදීම (Divide)
*      වැඩිකිරිම (Multiplex)
%      මාපාංකානුකූලකය-බෙදා ඉතිරිවන අගය (modulo)
--     පවතින අගයෙන් එකක් අඩුකිරිම (Decrement)  
++     පවතින අගයට එකක් එකතුකිරිම (Increment) 



Assignment (පැවරුම්) 


 =      Assign 
*=      Multiply
/=      Divide.
%=      Modulus.
+=      add.
-=      Subtract.
<<=     left shift.
>>=     Right shift.
&=      Bitwise AND.
^=      bitwise exclusive OR (XOR).
|=      bitwise inclusive OR.


Logical/Relation (තාර්කික/සම්බන්ධතා) 


==      Equal to
!=      Not equal to
>       Greater Than
<       Less than 
>=      Greater than or equal
<=      Less than or equal
&&      Logical AND
||      Logical OR
!       Logical NOT

Bitwise (බිටු අගයන් සම්බන්ධ කාරක)  



&       AND (Binary operator)
|       inclusive OR
^       exclusive OR
<<      shift left.
>>      shift right. 
~       one's complement

C හි භාවිතා වන තවත් කාරක කීපයක්
sizeof() size of objects and data types.
&       Address of (Unary operator)
*       pointer (Unary operator)
?       Conditional expressions
:       Conditional expressions
,       Series operator.


මෙම එක් එක් කාරකයේ භාවිතාවන් හදුනාගැනීමට සරල වැඩසටහනක් භාවිතයෙන් පුලුවන. ඉදිරියේදි විවිධ අවස්ථාවලදිකාරක භාවිතාවන විට මේ පිළිබඳ වඩාත් හොදින් අවබෝධ කරගත හැකිවනු ඇත. 

මීලඟ පාඩමෙන් Selection (තොරා වෙන්කර ගැනිම) සම්බන්ධයෙන් කතා කරමු.
Read More

Monday, July 23, 2012

Visual Basic.net 2010 පාඩම 5 - Objects

       ගොඩක් කාලෙකට පස්සේ අද පාඩම ලියන්න පටන්ගත්තේ පසුගිය කාලේ පුරාවටම තිබුන වැඩ නිසා පාඩම ලියන්නත් බැරි වුනා. අදින් පස්සේ එහෙම වෙන එකක් නෑ කියල මම පොරොන්දු වෙනවා. අද පාඩම පටන් ගන්න කලින් පසු ගිය පාඩමත් මෙතනින් බලල ඉන්නකෝ. අද මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ VB වල Objects ගැන පොඩි හැඳින් වීමක්. 

            මුලින්ම ඉතාමත් වැදගත් දේ තමයි අපි VB තුලදී භාවිතා කරන සෑම දෙයක් පාහේම Objects ලෙසයි සලකන්නේ උදාහරණයක් ලෙස ඔබ VB වලදී interface නිර්මාණය කරන්න බාවිතා කරන form එක  Form Object එකක් ඒ මතට එක් කර ගන්න නොයෙකුත් controls Control Object වලට අයත් වෙනවා. අපි මේ Objects classify කර ගන්නේ ඒවායේ type එක අනුවයි හරියට සියළුම forms Form Objects හා text boxes, labels වගේ දේවල් Control Objects විදිහට වෙන් කර ගැනීම වගේ. තවත් සමහරක් Objects අපිට පේන්නේ නෑ (Label Objects අපිට දැක ගන්න පුළුවන්නේ)  ඒ Objects තියෙන්නේ code එක තුල පමණයි. මේ පේන නොපෙනෙන සෑම Object එකකටම අනන්‍ය වූ ගුණාංග තිබෙනවා අපි මේවා Properties යයි හඳුන්වනවා. 

      අපි පුංචි උදාහරණයකින් මේක පැහැදිලි කර ගනිමුකෝ, අපි ළමයෙක් සැලකුවොත් ඔහුට උසක්, වයසක්, හිස කෙස් වල පාටක් ආදී වූ  ඔහුටම අනන්‍ය වූ ගුණාංග තිබෙනවා නේද? ඒ වගේම අපි තමයි අපි VB වලදී භාවිතා කරන මේ Objects වලටත් properties තිබෙන්නේ. අපි form එකක් ගත්තොත් ඒකට උසක් පළලක් ආදී වූ Properties තිබෙනවා.

               ඉතින් අපි Object එකක් අළුතින් නිර්මාණය කර ගත්ත ගමන් කරන්න ඕන මේ properties වෙනස් කරල මේ Object එක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමයි. මේක අපිට code එක භාවිතා කරල වගේම IDE එකේ තිබෙන properties window එක මගිනුත් පුළුවන්. 

              ඔයාල අපි පසුගිය පාඩමෙන් සාදාගත් project එකේ form එක මත click කරල බලන්නකෝ ඊට අදාල properties මොනවද කියල.


        උඩින්ම properties කියන title එකට පහලින් තියෙන කොටසට අවධානය යොමු කරමුකෝ. එතන System.Windows.Forms.Form කියන්නේ object එකේ type එක, එතකොට Object name එක වෙන්නේ System.Windows.Forms.Form. Form1 කියන එකයි.

           අදට පාඩම මෙතනින් නිමයි, අපි ඊළග පාඩමෙන් Object නාමකරනය ගැන ටිකක් කතා කරමු. ඒ ගමන්ම අපි අපේ project එකත් ටිකෙන් ටික වැඩි දියුණු කර ගනිමින් ඉස්සරහට යමුකෝ.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Wednesday, July 18, 2012

webpage සෑදීම ආරම්භය ( PHP සිංහලෙන් - 20 )

අපි දැනට පාඩම් 19 ක් තුරාවට PHP වල මුලික අංග බොහෝමයක් ඉගෙන ගත්තා. මේ පාඩමේ ඉදලා අපි ඉගෙන ගන්නේ වෙබ් පිටුවකට අවශ්‍ය මුලික දැනීමයි. මෙහිදී අපි ගොඩනගන්නේ dynamic වෙබ් පිටුයි. එනම් වෙබ් පිටුවේ පෙනුම සෑම විටම html පමනක් භාවිතා කල වෙබ් පිටුවක් ලෙස නියතව නෙපවතී.
අපිට අන්තර්ජාලය මගින් අපගේ පරිශිලකයින්ගෙන් දත්ත ලබා ගත හැති ක්‍රම තුනකි

1      1.  URLs/links
            වෙබ් ලිපිනයක් උදා www.google.lk
2      2. web forms
                වෙබ් පිටුවලදී අපිට විවිධ form හමුවේ. උදාහරනයක් ලෙස www.facebook.com හී logging form එක දැක්විය හැකිය. 
3     3. Cookies
            user ගැන තොරතුරු ඇතුලත් වෙබ් බ්‍රවුසරයේ තැන්පත් වී ඇති දෙයකි.

link

පලමුව firstpage.php හා secondpage.php  ලෙස මූලික html ටැග් අඩංගු  file දෙකක් සාදා ගන්න. දැන් පහත කේතය බලන්න. එහි ඇත්තේ firstpage.php හි යොදන ලද කේතයකි. එමගින් secondpage.php  පිටුවට link එකක් සාදා ඇත. මෙහි php භාවිතයෙන් තොරයි. එය ඉදිරියට ඇති දේ වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම සදහා ඉදිරිපත් කරමි. <a … >  ටැගය නොතේරේනම් අපගේ “HTML සිංහලේන් ලිපි පෙල පිරිශීලනය කරන්න.




ඉහත වෙබ් පිටුවේ මතුවන second page යන වදන click කල විට secondpage.php  පිටුව විවෘත්ත වේ.
දැන් පහත කේතය බලන්න. එහි <a ...>  ටැගය අවසානයට කර ඇති වෙනස බලන්න. එනම් id =  ලෙස අගයක් ඈදා ඇත. මෙය මගින් super global (global variable වලටත් ඉහලින් යන අරුත් දේ )ආකාරයේ variable array එකකට අගයක් ලබා ගෙන තබා ගනී එමගින් ඊලග වෙබ් පිටුවද දත්ත යැවිය හැකිය.
firstpage.php






දැන් අපි බලමු එසේ super global ආකාරයේ variable array එකට ආදේශ කල අගයන් ලබා ගන්නේ කෙසේද කියලා. පහත කේතය බලන්න. එහි super global variable එක හදුන්වන්නේ $_GET ලෙසයි.
  මෙසේ අගයන් දෙකක් යැවීමට හා ලබා ගැනීමට පෙර වෙබ් පිටුම යලි සකස්කර ඇති අයුරු පහත කේතය බලන්න.







---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Monday, July 16, 2012

global variables ( PHP සිංහලෙන් - 19 )


අපිට function එකක් තුල වෙනස් කල අගයක් ඉවතට ගැනීමට return යන්න භාවිතා කල හැකිය. එයේම global variables මගින්ද function පිටතින් ඇති අගයක් වෙනස් කල හැකිය. පහත කේතය හා ප්‍රතිඵලය බලන්න. එහි දී $var යන variable එකට මුල්න් “value 1” යන්න ආදේශ කර ඇත. ඉන් පසු function one එකට call  කර ඇත. එහිදී $var යන variable එකේ අගය “value 2 ලෙස වෙනස් වී ඇත. එනම් global යන්න භාවිතයෙන් function එකට පිටින් ඇති variable එකක අගය function තුලින් වෙනස් කල හැකිය.




එම ක්‍රියාවම local variable හා return කිරීම මගින් සිදුකල හැකි අයුරු පහතින් වේ.



සාමාන්‍යයෙන් argument එකක් සහිත function එකකට argument එකක් නැතිව call  කල විට error  පනිවුඩයක් දිස්වේ. ඊට විකල්පයක් ලෙස default අගයන් භාවිතා කල හැකිය. පහත කේතය බලන්න. එහි function එක අර්ථ දක්වන විටම එහි argument එකට default අගය ආදේශ කර ඇත. argument එකක් නොමැතිව call  කල විට default අගය function එක මගින් භාවිතා කරයි.





---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

Sunday, July 15, 2012

Function දෙවන කොටස ( PHP සිංහලෙන් - 18 )

 පෙර පාඩමේදී අපි Function ගැන ඉගෙන ගත්තා. Function එකක් හදන්නේ කොහොමද call කරන්නේ කොහොමද කියලා. දැන් අපි Function ගැන වැඩි දුරටත් ඉගෙන ගනිමු.

පෙර පාඩමේ කේතය ටිකක් වෙනස් කර පහත ඇත. මතක නැතිනම් පෙර පාඩම බලන්න.
Read More

Friday, July 13, 2012

CSS සිංහලෙන් 04


ලිපි පෙලේ හතරවන ලිපිය දාන්න පමාද උනාට සමාවෙන්න කියල මුලින්ම කියනව ....
අපි කථා කලානෙ font ගැන. දැන් බලමු color සහ background ගැන.
මෙහෙමයි, CSS වලදි වර්ණ ක්‍රම කිපයකට භාවිතාකරන්න පුළුවන්.
01 . වර්ණ වල නම භාවිතා කිරීම.
02 . එක් එක් වර්ණය සදහා වන hexadecimal ( දාහසයේ පාදයේ අංක) භාවිතය.
03 . විවිධ වර්ණ සදහා වන RGB අගයන් ලබාදීම.
හරි. බලමු දැන් පිළිවෙලට එකින් එක,

වර්ණ වල නම භාවිතා කිරීම
            මෙන්න මේ කෝඩ් 1 බලන්නකො. ඔයාලටම  තේරෙයි මොකද්ද මේ කියන්නෙ කියල
 h1 { color:red; }
මේ කෝඩ් එකෙන් අපි HTML වල යොදන h1 ටැග් එකට අදාල font color එකේ වර්ණය වෙනස් වෙනව.‍මෙන්න මේ වගේ.

html code

එක් එක් වර්ණය සදහා වන hexadecimal ( දාහසයේ පාදයේ අංක) භාවිතය.
මේහිදී සෑමවර්ණයක් සදහාම වන 16 පාදයේ අගයක් තියනව.මේ බලන්න කොඩ් 1,
h1{ color: #FF7F50;}
අදාල වර්ණය තමයි මේ,




විවිධ වර්ණ සදහා වන RGB අගයන් ලබාදීම
මේකෙදි කරන්නෙ එක් එක් වර්ණයට අදාල RGB අගයන් ලබාදෙන එක.
h1{ color: rgb(123,234,54);}



හරි දැන් බලමු කොහොමද සම්පූර්ණ පිටුවක් වර්ණ කරන හැටි. මෙන්න මේ කොඩ් 1 බලන්නකො,


Body කියන එකෙන් HTML වල body ටැග් 1ට වර්ණය අයිති වෙනව. ඒ කියන්නෙ මුළු page එකටම.දෙවන එකෙන් h1 ටැග් 1ට අ‍දාල කොටසේ වර්ණය වෙනස් වෙනව. මෙන්න මේ වගේ. 


තේරෙනව නේද ... පහත මම දාල තියනව එක් එක් වර්ණ ගැන...
එහෙනම් අයෙමත් අපි හමුවෙමු.
ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකකින් අහන්න...ඊයකින් අහනවනම් harsha.thewalaarachchi@gmail.com
Read More

Visual Basic.net 2010 පාඩම 4 - Identifying the IDE



             මම පසුගිය පාඩමෙන් කිව්වවගේම අපි අද අපේ පළමු project එක පටන් ගමු. දැන් කට්ටියම Visual Studio open කර ගන්නකෝ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් තමයි ලැබෙන්නේ මම මේ ගැන කලින් පඩමේදී විස්තර කලා මතක නැති අය හා බලන්න බැරි වුන අය ආයේ මෙතනින් ඒක බලන්න. 


                 අද අපි සූදානම් වෙන්නේ අළුත් project එකක් ආරම්භ කරන්නයි, ඒ කට ඔයාලා වම් පැත්තේ ඉහළ කෙලවරේ තියෙන New Project කියන link එක click කරන්න. දැන් New Project dialog box එක open වේවි. මෙතනින් අපිට විවිධ ආකාරයේ වූ projects වර්ග ආරම්භ කල හැකියි. 



                           දැන් ඉහත රූපයේ වගේ window එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඊළගට කරන්න ඕන Installed Templates කියන තැන Visual Basic, select කරල ඒකෙන් Windows, select කරන්න ඒතකොට window එකේ මැද දිස් වෙන applications වලින් Windows Forms Application එක තෝරන්න.  දැන් අපි අපේ application එකට නමක් දෙන්න ඕන ඒ නම අර්ථවත් විය යුතුයි ඔයාලට applications වෙන වෙනම අඳුනා ගන්න පුළුවන් ආකාරයට. මම දුන්නේ "MyFirstApplication" කියල. දැන් Ok button එක click කරන්න. (මේ window එක ඔබ භාවිතා කරන සංස්කරණය අනුව වෙනස් වේ එබැවින් මේ ආකාරයේම window එකක නොවුවත් මා සඳහන් කල දෑ අඩංගු window එකක් ඔබට ලැබේවි) එවිට ඔබට පහත ආකාරයේ නව window එකක් ලැබේවි.


                         මේ තමයි Visual Studio වලදී අපි සියළුම ක්‍රියාකාරකම් කරන interface එක අපි දැන් මෙහි කොටස් අඳුනාගමු ඒ සදහා පහත රූපය අධ්‍යයනය කරන්න. (ඒ වගේම මේ window එක ඔබ භාවිතා කරන සංස්කරණය අනුව වෙනස් වේ)                          



                  අදට පාඩම නිමයි. අපි ඊළග පාඩමෙන් තව දුරටත් මේ Interface එක ගැන හදාරමු. අද පාඩම ගැන මම පොඩි  video එකකුත් හැදුවා එකත් බලන්නකෝ. ඒ ගැන අදහසුත් මට කියන්න (video විතරයි voice නෑ).




මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More

continue break ( PHP සිංහලෙන් - 16 )



පහත කේතය සලකන්න. මෙහිදී පෙර පරිදිම ලූපය දිගින් දිගට ගමන් කරයි අගයන් print කරයි. නමුත් අගය 5 වන විට continue යන්න ක්‍රියා කරයි එවිට ලූපය දිගින් දිගටම ක්‍රියා කරන නමුත් අංක 5 පමනක් print නොවේ. එනම් continue යන්න අති විට ලූපය නෙනවත්වා දිගටම ක්‍රියා කරයි.




පෙර කේතයේම continue යන්න වෙනුවට break යන්න යෙදුනු විට ලූපය එතනම නවතී.





---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Read More