Friday, March 25, 2016

Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 1


උෂ්ණත්වමානයක් නිවසේදීම හදාන්න හැටි අද අපි මේ ලිපි පෙලින් කතා කරමු. මේ දවස් වල තිබෙන අධික උෂ්ණත්වයත් එක්ක මේය ඔබට ඉතාමත් වැදගත් වේවි යැයි මම හිතනවා.

මේ සඳහා මම කලින් ලිපි වල සදහන් කල උපාංග වලට අමතරව Temperature Sensor එකක් අවශ්‍ය වෙනවා. වෙළද පොලේ ඔබට විවිධ Temperature Sensor දැකගත හැකියි. නමුත් මම තෝරා ගත්තේ DS18B20 නැමැති Temperature Sensor එකයි. DS18B20 මේ සඳහා උචිත වීමට පහත කරුණු දැක්විය හැකියි.

DS18B20
Pin Arrangement

  • Digital Sensor එකක් වීම.
Analog sensor එකක් මෙන් උෂ්ණත්වයට අනුව වෝල්ටීයතා වෙනස් වීමක් මෙයින් සිදු නොවන අතර උෂ්ණත්ව මිනුම නිවැරදිව 8bit හෝ 12bit digital signal එකක් ලෙස අපේ ප්‍රධාන Arduino board එකට ලබා දෙයි. මෙහි ප්‍රධානම වාසිය නම් උෂ්ණත්ව අගය සෙල්සියස් අංශක වලින්ම ලබා දෙන නිසා අපිට analog sensor එකක මෙන් වෝල්ටීයතා ක්‍රමාංකනයක් අවශ්‍ය නොවේ. (සේල්සියස් අංශක 0 දී හා 100 දී වොල්ටීයතා අගයන් ලබා ගෙන එක් එක් වෝල්ටීයතාවයෙදී උෂ්ණත්වය නිර්ණය කිරීම)

  • 1-Wire® තාක්ෂණය
එනම් විදුලිය සපයන වයර් දෙකට අමතරව තවත් එක් වයරයක් පමණක් භාවිතා කරමින් (one data line) DS18B20 උපාංග Arduino board එක හා සම්බන්ධ කල හැකි වීම. 



සෑම DS18B20 උපාංගයකටම අනන්‍ය වූ 64bit serial code එකක් ඇති නිසා මේවායේ දත්ත එකම වරයකින් Arduino board එක වෙත පැමිණියද එ්වා වෙන් වෙන්ව හඳුනා ගැනීමේ හැකියාව ඇත. 

එසේම මෙම උපාංගය Parasitic Power Mode නැමැති ආකාරයට සම්බන්ධ කිරීමෙන් ඔබට පෙර සඳහන් පරිදි වයර් 3ක් නොමැතිව වයර් 2ක් පමණක් භාවිතා කර සම්බන්ධ කර ගත හැකිය. (ground and data line only)


  • පරාසය
DS18B20 උපාංගයකට -55°C to +125°C (-67°F to +257°F) අතර උෂ්ණත්වය කියවිය හැකිය, -10°C to +85°C අතර දී ±0.5°C නිර්වද්‍යතාවයක් එය සතුවෙයි.

  • මිල
ඔබට මෙය වෙළද පොලෙන් රුපියල් 150ක් වැනි මුදලකට මිලදී ගත හැකියි. ebay මගින් උවද ඔබට ඉතා පහසුවෙන් නිවසටම ගෙන්වාගත හැකියි. 


අද ලිපියෙන් මම කතා කලේ Temperature Sensor එක ගැනයි. මීලග ලිපියෙන් මම මෙය Arduino board එක හා සම්බන්ධ කර ගන්නා ආකාරය හා 1-Wire® තාක්ෂණය යොදා ගන්නා ආකාරය ගැන ඉදිරිපත් කරන්නම්. ඔබට මේ සම්බන්ධයෙන් ඇති ගැටළු comment මගින් හෝ email මගින් විමසන්න.
Read More