Sunday, July 8, 2012

Visual Basic.net 2010 පාඩම 3 - Visual Studio IDE Staring Page



                     පසු ගිය පාඩමෙන් මම පොරොන්දු උනා වගේම අපි අද Visual Studio IDE එක ගැන කතා කරමු. IDE කියල කෙටි කරල තියෙන්නේ Integrated Development Environment කියන එකයි. මෙවැනි මෘදුකාංග වලින් කරන්නේ පරිඝණක ක්‍රමලේඛණ භාෂා එකක් හෝ කිහිපයක් භාවිතයෙන් මෘදුකාංග නිර්මාණය සඳහා පහසුකම් සැපයීමයි. අපි මෙහිදී භාවිතා කරන Visual Studio IDE එක Visual Basic, C#, C++, F#.... ආදී පරිඝණක ක්‍රමලේඛණ භාෂා කිහිපයකටම සහයෝගය දක්වනවා. 

Visual Studio IDE එකෙන් අපිට ලැබෙන වාසි මොනවද?

                    ප්‍රධාන ලෙසම අපිට ලැබෙන වාසිය තමයි  මෘදුකාංග නිර්මාණය කිරීමේදී අපිට අවශ්‍ය වෙන සෑම මෙවලමක්ම එකම තැනකට එක් කොට අපිට පරිශීලනය කරන්න හැකියාව ලබා දී තිබීම. ඉතින් මොනවද මේ  මෙවලම්?

  • Code Editor, කොඩින් සදහා.
  • Designers, interface නිර්මාණය කිරීමට.
  • .Net compliant compilers.
  • Cross language debugger, මෘදුකාංගයේ වැරදි තැන් නිවැරදි කර ගැනීමට,
  • Application development tools.
  • Help documentation.
  • සහ තවත් දේ.....


                        ගොඩක් දේවල් තියෙනවා නේද?. මේ හැම එකක්ම වගේ අපිට  මෘදුකාංග නිර්මාණය කිරීමේදී අත්‍යාවශ්‍ය දේවල්. තව දෙයක් තමයි IDE එක මගින් යම් යම් code කොටස් අපිට generate කොට දීම. මේක ඉතාමත්ම පහසුවක් code කිරීමේදී. තවද interface නිර්මාණයේදී ඊට ආදාල code කොටස්ද IDE එක මගින් අපට නොපෙනෙන්නට generate කරනව.

Visual Studio IDE එක හඳුනා ගනිමු.


        මම මේ ඉහතින් දක්වලා තියෙන්නේ Visual Studio IDE එකේ ආරම්භක පිටුව. ඔබ භාවිතා කරන සංස්කරණය අනුව මෙ පිටුව වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා ඔබගේ ආරම්භක පිටුව මේ වගේ නැති වුනා කියල කලබල විය යුතු නැහැ. අපි මෙහි වැදගත් තැන් කිහිපයක් ගැන අපේ අවධානය යොමු කරමු. මෙම පිටුවේ වම් පස ඉහල කෙලවරේ ඔබට නව project එකක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඊට අදාල link එක "New Project" ලෙස ලබා දී තිබෙනව. දැන් ප්‍රශ්ණෙ මොකක්ද මේ project එකක් කියන්නේ කියන්නේ? project එකක් ලෙස අපි හඳුන්වන්නේ විවිද files වලින් සැදුම් ලත් එකතුවකටයි. මේ එකතුව compile කර අපිට අපේ program එක හෙවත් distributable component එක ලබා ගන්න පුළුවන්.  එකකොට අපි distributable component එක වන්නේ project එකක අවසන් පිටපත compile කිරීමෙන් ලබා ගන්න file එකටයි. මෙය වෙනත් පරිඝණක සදහා බෙදාහැරිය හැකි එකකි. ඒ වගේම මේක run වෙන්න Visual Studio IDE එක ඕන වෙන්නේ නෑ. නමුත් එක පරිඝණක වල .NET runtime environment එක පිහිටුවා තිබිය යුතුයි.  ගොඩක් දේවල් කිව්වනේ ඒක නිසා අන්තිම එකත් කියන්නම් ඒ තමයි solution එක මේකෙන් අදහස් වෙන්නේ projects එකතුවක් මේ එකතුවෙන් තමයි අවසන් ප්‍රතිඵලය ලෙස application එකක් නිර්මාණය වෙන්නේ.

              එතකොට "Open Project" මගින් ඔබ මීට පෙර අරබා ඇති projects වේ නම් ඒවා open කරගන්න පුළුවන්. ඊට යටින් තියෙන "Recent Projects" කියන තැන ඔබ මෑත කාලීනව open කල projects පෙන්නනවා. අවශ්‍ය project එක මත click කිරීමෙන් එය open කර ගත හැකියි.  අපි මේ පිටුව භාවිතා කරල අපේ ප්‍රථම project එක ඊලග පාඩමෙන් හඳමු. 


මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

7 comments:

  1. නියමයි ඉක්මනට ඉතුරු ටිකත් දාන්නකෝ එක පෝස්ට් එකකට ගොඩක් විස්තර දාන්න.

    ReplyDelete
    Replies
    1. හොඳයි නදී අක්කේ. මේ දවස් වල මට exam එකක් ඒකයි පොඩ්ඩක් විතර පරක්කු වෙන්නේ posts. හැකි ඉක්මනින් ඉතුරු ඒවත් දාන්නම්.

      Delete
  2. ස්තූතියි ඔයාටත් අපිත් එක්ක දිගටම රුදී ඉන්න.....

    ReplyDelete