Friday, July 13, 2012

CSS සිංහලෙන් 04


ලිපි පෙලේ හතරවන ලිපිය දාන්න පමාද උනාට සමාවෙන්න කියල මුලින්ම කියනව ....
අපි කථා කලානෙ font ගැන. දැන් බලමු color සහ background ගැන.
මෙහෙමයි, CSS වලදි වර්ණ ක්‍රම කිපයකට භාවිතාකරන්න පුළුවන්.
01 . වර්ණ වල නම භාවිතා කිරීම.
02 . එක් එක් වර්ණය සදහා වන hexadecimal ( දාහසයේ පාදයේ අංක) භාවිතය.
03 . විවිධ වර්ණ සදහා වන RGB අගයන් ලබාදීම.
හරි. බලමු දැන් පිළිවෙලට එකින් එක,

වර්ණ වල නම භාවිතා කිරීම
            මෙන්න මේ කෝඩ් 1 බලන්නකො. ඔයාලටම  තේරෙයි මොකද්ද මේ කියන්නෙ කියල
 h1 { color:red; }
මේ කෝඩ් එකෙන් අපි HTML වල යොදන h1 ටැග් එකට අදාල font color එකේ වර්ණය වෙනස් වෙනව.‍මෙන්න මේ වගේ.

html code

එක් එක් වර්ණය සදහා වන hexadecimal ( දාහසයේ පාදයේ අංක) භාවිතය.
මේහිදී සෑමවර්ණයක් සදහාම වන 16 පාදයේ අගයක් තියනව.මේ බලන්න කොඩ් 1,
h1{ color: #FF7F50;}
අදාල වර්ණය තමයි මේ,




විවිධ වර්ණ සදහා වන RGB අගයන් ලබාදීම
මේකෙදි කරන්නෙ එක් එක් වර්ණයට අදාල RGB අගයන් ලබාදෙන එක.
h1{ color: rgb(123,234,54);}



හරි දැන් බලමු කොහොමද සම්පූර්ණ පිටුවක් වර්ණ කරන හැටි. මෙන්න මේ කොඩ් 1 බලන්නකො,


Body කියන එකෙන් HTML වල body ටැග් 1ට වර්ණය අයිති වෙනව. ඒ කියන්නෙ මුළු page එකටම.දෙවන එකෙන් h1 ටැග් 1ට අ‍දාල කොටසේ වර්ණය වෙනස් වෙනව. මෙන්න මේ වගේ. 


තේරෙනව නේද ... පහත මම දාල තියනව එක් එක් වර්ණ ගැන...
එහෙනම් අයෙමත් අපි හමුවෙමු.
ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකකින් අහන්න...ඊයකින් අහනවනම් harsha.thewalaarachchi@gmail.com

10 comments:

  1. ඔහොම යං... ඔහොම යං ...

    ReplyDelete
  2. ඉතිරි ලිපි ටිකත් ඉක්මනට දාන්න.. අර color code එක ගන්න පුළුවන් චාට් තියෙනවා නේද? (click කලාම code 1දෙන )
    කොහොමද ඒකක් use කරන්නේ offline වැඩ කරද්දී? එහෙම නැත්තන් වෙන විදිහක් තියෙනවද color code 1 ගන්න?

    ReplyDelete
  3. css යොදනකොට වෙබ් පිටුවේ එක එක තැන්වල යොදනවා මම දැකලා තියෙනවා
    උදාහරන head කොටස තුල body කොටස තුල
    ඒ වගේම එකම ටෙක්ස් කොටසක එකම ප්‍රොපර්ටි එකටත් විවිධ අගයන් යොදන්න පුළුවන්
    එකම ටෙක්ස්ට් කොටසක එකම ප්‍රොපර්ටි එකක් සඳහා මේවාගේ විවිධ තැන්වල ස්ටයිල් යොදන විට
    ඒවා බලපාන ප්‍රමුඛතා අනුපිලිවෙල මොකක්ද
    මම ඇස්කි වෙබ්පිටු යුනිකෝඩ් වලට හරවන සොෆ්ට් වෙයා එකක් හැදුවා
    http://anthoniyo-bahijata.blogspot.com/2012/10/blog-post.html#comment-form
    ඒක වඩාත් නිවැරදි කරගන්න මට මේ කරුන පැහැදිලි කරගත යුතුයි

    ReplyDelete
  4. පුලුවන්නම් ඉක්මනට ඉතිරි පාඩමත්දාන්න.ඔයාගෙ පාඩම් ටික ගොඩක් වටිනව.ගොඩක් ස්තතියි ඔයාට

    ReplyDelete
  5. ඉතිරි පාඩම් ටිකත්ඉක්මනටදාන්න.ගොඩක් සරල නිසා ඉගෙන ගන්න ලේසියි.බොහොම ස්තතියි

    ReplyDelete
    Replies
    1. සතූතියි ඔයාට, මමත් හර්ෂට කියන්නම් ඉතුරු පාඩම් ටික ඉක්මනටම දාන්න කියල.

      Delete