Sunday, March 17, 2013

Android Transaction App - SQLite Database in Android App - 2


Android Transaction App

SQLite Database in Android App - 2


    ඔයාල පෙර ලිපිය කියවලා, ඒක කලා නම් errors එන්න ඇති. එයට හේතුව තමයි. අපේ main.xml එකේ තියෙන image buttons වලට උවමනා කරනා images මම සපයලා තිබුන නැති එක. ඇත්තෙන්ම ඔයාලට කැමති විදියක images භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා. මම මුලින්ම පෙන්නලා දෙන්නම්, ඒ images දාන්න ඕනෙ කොහෙටද, හා ඒවා code එකේ define කරලා තියෙන්නේ කොහොමද කියන එක.


ඉහත රූපයේ තියෙන්නේ අපේ App එකේ res directory එක. බලන්නකො එතන, අලුත් directory එකක් තියෙනවා නේද drawable කියලා. අන්න එතනට තමයි, අපි භාවිතා කරන images දාන්න ඕනි. 

ඔයාලට පේනවා ඇති මගෙ උදාහරනයේ images 7ක් භාවිතා කරලා තියෙනවා. ඒවා තියෙන්නේ මගෙ main.xml එකේ. ඒ buttons වලට හා main.xml එකේ පසුබිමට.



අපි දැන් බලමු, අපේ main.xml එකේ අලුතින් කරලා තියෙන දේවල් මොනවද කියලා.

   මෙහිදී අපි සාමාන්‍ය විදියට RelativeLayout එකක් භාවිතා කරලා තියෙනවා. නමුත් හොඳට බැලුවොත් දැක ගන්න පුළුවන් වේවි, අපි කලින් කතා කරපු App එකක තිබුනාට වඩා අලුත් attribute එකක් එහි තියෙනවා. ඒ තමයි

android:background="@drawable/menu_background"

මෙන්න මේ හරහා තමයි මගේ App එකේ main.xml එකට පසුබිම් රූපයක් දාල තියෙන්නේ.

දැන් බලන්නකෝ අපි තව අලුත් tag එකක් යොදාගෙන තියෙනවා. ඒ තමයි <ImageButton> tag එක. මෙයත් සාමාන්‍ය Button එකක්ම තමයි, නමුත් එහි ඇති විශේෂය වන්නේ එයට රූපයක් ඇතුලත් කරන්න හැකිවීමයි. මම එක කොටසක් විස්තර කරන්නම්.

<ImageButton
  android:layout_width="90dp"
  android:layout_height="85dp"
  android:id="@+id/payment_list_button
  android:src="@drawable/list"
  android:scaleType="fitCenter"
  android:background="@color/grey"
  android:layout_centerHorizontal="true" 
 android:layout_alignTop="@+id/add_payment_button"
/>

    මේ Button එකේ තියෙන sizes වෙනස්. ඒක නිසා තමයි, android:layout_width හා android:layout_height කියන ඒවා dp ලෙස අගයන් දීලා තියෙන්නේ. මෙහි android:src කියන attribute එක හරහා තමයි, අපේ Button එකේ පෙන්විය යුතු Image එක ලබා දෙන්නේ. බලන්නකො ඒක define කරල තියෙන කොහොමද කියලා. 

@drawable/list මේ drawable කියලා කියන්නේ අපේ images තියෙන directory එක. එතකොට  list කියලා කියන්නේ අපි පෙන්වන්න බලාපොරොත්තු වෙන image එක. 

android:scaleType="fitCenter" කියන කොටස හරහා අපේ image එක Button එකේ මැද කොටසට සමබර වෙන විදියට ස්ථාන ගත කරලා තියෙන්නේ. android:background="@color/grey" කොටසින් මම මගේ Button එකට පසුබිම් වර්ණයක් දීලා තියෙනවා.


දැන් අපි add_transactions.xml එක ගැන සලකලා බලමු.
බලන්නකො එහි අලුත් දේවල් කිහිපයක්ම තියෙනවා නේද?

එක මුලින්ම බලනකොට සාමාන්‍ය විදියේ linearlayout එකක් තියෙනවා. එහි තුල <ScrollView> කියල tag එකක් ඔයාලට දැක ගන්න පුළුවන් වේවි. ඔයාල මේ interface එක හදලා බැලුවනම් ඔයාල අත් දකින්න ඇති, එක උඩට හා පහලට තල්ලු (Scroll) කරන්න පුළුවන් බව. අන්න ඒ හැකියාව ලැබිල තියෙන්නේ මෙන්න මේ <ScrollView> එක නිසා. 

ඉන් පසුව තවත් පහලට එනකොට, ඔයාලට දැක ගන්න පුළුවන් 
<DatePicker> හා <TimePicker> කියලා tags දෙකක්. මේවා අපිට දිනයක් හා කාලයක් ලබා ගැනීමට, යොදා ගන්න පුළුවන්.

ඉන් පසුව තවත් වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි RadioButton කියන එක. අපි RadioButton භාවිතා කරන්නේ කිසියම් එක තෝරා ගැනීමක් සඳහා. අපගේ උදාහරනයේ ඒ වගේ තෝරාගැනීම් දෙකක් තියෙනවා. ඒ තමයි  Payments හා  Income කියන ඒවා. එකවර තෝරා ගත හැකිවිය යුත්තේ එකක් පමණයි. එම නිසා අපගේ RadioButton දෙක, එක RadioGroup එකක් තුලට ගොනු කර තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්.

පහතින් වෙන කොටස් වල තිබෙන්නේ අපි මීට පෙර විස්තර ඇතිව කතා කල කොටස්, වෙන වෙන ආකාර වලින් යොදා ගැනීම් කිහිපයක්.

අපි මීලඟ ලිපියෙන් අනිකුත් interfaces ගැන කතා කරමු.


ඔයාලට මේ කරපු දේ ටික ගැන ප්‍රශ්න තියෙනව නම් comment කරන්න නැති නම් mail කරන්න kavi707@gmail.com 

No comments:

Post a Comment