Sunday, October 9, 2016

Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 2



කාලෙකට පස්සේ අද පොඩි ඉඩක් ලැබුනා උෂ්ණත්වමානයක් හඳමු ලිපි පෙලේ දෙවෙනි ලිපිය ඉදිරිපත් කරන්න. පලවෙනි ලිපිය පල කරල දැන් ගොඩක් කල්, ඒ වගේම ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබිය තිබුනා. දැන් නම් කට්ටිය DS18B20 සෙන්සර් එක ගෙන්න ගෙන ඇති නේද?. වැඩි ගානකුත් නැති නිසා දෙක තුනක්ම අරගන්න.

අපි අද බලමු මේ sensor එක අපේ Arduino UNO board එකත් එකක් සම්බන්ද කරගන්න ආකාරය හා උෂ්ණත්වය කියවන්න ඕන කරන programming code එක ලියන ආකාරය. මුලින්ම මම ඔයාලට අවශ්‍ය උපාංග හඳුනාගනිමු 2 ලිපියේදී සඳහන් කරපු Project board එකයි Jumper wires ටිකයි, ඔයාල මිලදී ගත්ත DS18B20 temperature sensor එකයි ගන්න. දැන් Female to Male Jumper wires 3ක් අරගෙන පහත ආකාරයට අපේ temperature sensor හා සම්බන්ද කර ගන්න එවිට එය Project board එක හා පහසුවෙන් සම්බන්ද කර ගත හැකි වෙනවා වගේම පහසුවෙන් එහා මෙහා කිරීම හැකියාවද ලැබෙනවා.

 


දැන් Project board එක අරගෙන ඒකට මේ sensor එක සම්බන්ද කර ගන්න. (ඔයාල Project board එකක වයර් සම්බන්ද කරන විදහ දන්නව කියල හිතනවා මම, දන්නෙ නැත්තම් අහන්න කියල දෙන්නම්) 

දැන් Arduino board එක හා පහත රූපයේ ආකාරයට සම්බන්ද කර ගන්න.




DS18B20 temperature sensor එක wire කර ගන්න ඕන විදිහ මම කලින් ලිපියේදී කියල දුන්නා මතක නැත්තම් මේ රූපය බලන්න. 




අපි මෙතනදී DS18B20 temperature sensor එකේ දෙවැනි pin එකේ එහෙමත් නැත්තම් data in/out pin එකේ වෝල්ටීයතා මට්ටම ඉහල දමා ගැනීමට එයට 4.7K resister එකක් හරහා 5V විදුලි සැපයුමට සම්බන්ද කරනු ලැබ ඇත. නොමැති නම් Arduino board එකට මෙම sensor එක සමග සම්බන්දතාවය පහත්වා ගැනීම අපහසු වේ.

DS18B20 temperature sensor එකෙහි පළමු වෙනි අග්‍රය Arduino board එකේ GND (Ground) අග්‍රය සමගද, දෙවැනි අග්‍රය Arduino board එකේ දෙවැනි digital අග්‍රය (D2) සමගදල තෙවැනි අග්‍රය Arduino board එකේ 5V output අග්‍රය සමගින්ද සම්බන්ද කරන්න. දැන් අපි DS18B20 temperature sensor සාර්ථකව Arduino board සමග සම්බන්ද කරගෙන අවසන්. 

මීලග ලිපියෙන් අපි programming code එක ගැන කතා කරමු.


4 comments:

  1. Kohomada bread board ekakata wire hai karanne

    ReplyDelete
    Replies
    1. මම නම් පාවිච්චි කරන්නේ Jumper Wires. මේ ලිපිය පොඩ්ඩක් බලන්නකෝ. http://codingsinhalen.blogspot.com/2016/01/arduino-components-2.html

      Delete