Tuesday, June 19, 2012

HTML සිංහලෙන් පාඩම 1 - හැඳින්වීම

                  අද මේ පලමු ලිපියේ පටන් මම බලාපොරොත්තු වෙන්නේ HTML ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔබ සැම දෙනාටම මුල සිට සරලව (ඕක ඉතින් හැම හංදියක් හංදියක් ගානේ තියෙන poster වලත් ගහල තියෙන්නේ ඒ වුනාට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ....! ) කියල දෙන්නයි. ඔයාලගෙ ඔනෑම ප්‍රශ්ණයක් comment වලින් මට කියන්න. දැන් අපි පාඩමට යොමු වෙමු.....


මොකක්ද මේ HTML කියන්නේ?

                  අපි අන්තර්ජාලයේ සැරි සරද්දි අපි පිවිසෙන බොහො වෙබ් අඩවි, ඔබට සරලව Word Processing මෘදුකාංගක් භාවිතා කොට තැනිය හැකි යයි සිතුනාද? මේ පහල උදාහරණය ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්නකෝ.

Figure 1

            හරිම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නේද? ඒත් එසේ සාදාගත් ලිපි අන්තර්ජාලයට එක් කිරීමේදී ගැටලු පැන නැගෙනව. හරියට ඔබ MS Word වලින් සදාගත් ලිපියක් Notepad එකෙන් විවෘත්ත කරන්න ගියොත් වෙන දේ වගේ. 




              මේ වගේ තවත් ගැටළු කිහිපයක්ම නිසා අන්තර්ජාලයට සම්බන්ද කරනු ලබන ලිපි සදහා විශේෂ වූ පොදු සම්මත ක්‍රමයක් අවශ්‍ය වුනා, එවිට ඒවා web browsers මගින් ඉක්මනින්ම කියවාගත හැකි වෙනවා. (පොදු ක්‍රමයක් භාවිතා වන නිසා). W3C නැමැති සංවිධානය මේ සදහා මුල් වී ක්‍රියා කරනු ලබයි. මේ අවශ්‍යතා සදහා ඇති වුන පොදු සම්මත ලේඛණ භාෂාව තමයි HTML (Hyper Text Markup Language) ලෙස හඳුන් වන්නේ. තවත් වැදගත් දෙයක් තමයි මේ භාෂාව programming language එකක් නොව Markup language එකක් වීමය. මේ නිසා markup tags භාවිතා කොට මේ වෙබ් පිටු සකස් කරනු ලබයි. (Tags ගැන බය වෙන්න එපා ඊලග පාඩමෙන් අපි මේ Tags ගැන වැඩි දුරටත් ඉගෙන ගමු). සරලව කියනවා නම් මේ tags වලින් කරන්නේ වෙබ් පිටුවේ අන්තර්ගතය දිස් වෙන්න ඕන ආකාරය web browser එකට විස්තර කිරීමයි.

              අපි තව දුරටත් මේ ගැන විස්තර මීලග පාඩමෙන් කතා කරමු. මේ පාඩම ගැන ඕනෑම ගැටළුවක් තියෙනවානම් මට comment කරන්න.


34 comments:

  1. මම මැදි වයසත් ඉක්මවූවෙක්මි. නමුත් කෙසේ හෝ මෙය උගනිමි. ගුරුතුමනි ඔබට ස්තුතියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පළමු කොමෙන්ටුව දැමූ ඔබට බෙහෙවින්ම ස්තූතියි. ඉගෙනීමට වයස් බේදයක් නොමැති බවයි මගේ හැගීම. ඔබ ඔය කාලයේදීත් අළුත් දෙයක් ඉගෙනීමට ආසකිරීම මා ඉතා ඉහලින් අගය කරමි.

      Delete
  2. වී බී කරන්නකෝ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නදී අපි තව ටික දවසකින් VB.net 2010 පටන් ගන්නව තව PHPත්.

      Delete
    2. අහ් නදි අක්කගෙ ඉල්ලීම ඉක්කමනින්ම ඉටුකරල දෙන්නං ඈ... :D

      Delete
  3. වැඩේ නම් හොඳයි.ඒත් සරල HTML වලින් නම් දැන් තියෙන සංකීර්ණ වෙබ් පිටු හදන්න අමාරුයි.එනිසා PHP හෝ JSP (java script),MySQL වාගෙ දෙයක් පටන්ගත්තනම් හොඳයි මේ ගමන්ම.දැනට පටන් ගත්තු පාඩම් කිසිම දෙයක් නතර කරන්නෙ නැතුව

    ReplyDelete
    Replies
    1. අපි දැනටමත් PHP පාඩමක් පටන් අරගෙනයි තියේන්නේ, ලගදීම JSPත් පටන් ගන්නම් කෝ... මෙහෙම උනන්දු කිරීම් තියෙනවානම් මොනවද කරන්න බැරි. ස්තූතියි ඔබට.

      Delete
  4. නියමයි සහො එල කිරි
    http://moulderfiles.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ කොමෙන්ටුවටත්.

      Delete
  5. මමත් ආවා ඉගෙන ගන්න

    ReplyDelete
    Replies
    1. අපි ඔයාවත් බොහෝම සතුටින් පිළිගන්නවා අපේ blog එකට.

      Delete
  6. නියමයි ....පුලුවන්නම් C++ Language එකේ ලිපි ටිකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතිය අපි පුළුවන් විදිහට ඒ ඉල්ලීමත් ඉටු කරන්නම්..!

      Delete
  7. බ්ලොග් එකනම් නියමයි. අද html ටික ඔක්කොම බලන්න ඕනෙ. ඉක්මනටම මුළු බ්ලොග් එකම කියවන්නම්.

    ජය වේවා !!!

    ReplyDelete
  8. ස්තූතියි ගොඞක් සාදරයෙන් පිළිගන්නව blog එකට

    ReplyDelete
  9. ‍දිගටම කොමෙන්ට් දැම්මේ නැතත් හැමදේම බලනවා‍‍ ගොඩාරියක් ස්තුතියි.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක....

      Delete
  10. ඊලග පාඩමට ලින්ක් එක දැම්මොත් වටිනවා

    ReplyDelete
    Replies
    1. ඉක්මන්න්ම එ විදිහට වෙනස් කරන්නම්.

      Delete
  11. බොහෙමත්ම ස්තූතියි මෙය පටන් ගත්තට

    ReplyDelete
  12. බොහෙමත්ම ස්තූතියි මෙය පටන් ගත්තට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත් දිගටම ඉන්න අපිත් එක්ක..... :)

      Delete
  13. Api wage a/l ict karana lamaita godak wadagth godak pin

    ReplyDelete
  14. මන් අලුත් මන් මේ ගැන මොකුත්ම දන්නෑ,මට සරලව පැහැදිලිව ඉගෙන ගන්න හොද blog එකක් කියල හිතනවා,ඉතුරු ටිකත් කියවල බලමු,

    ReplyDelete
  15. Thank you very much 👍👌👏👏👏

    ReplyDelete