Saturday, June 30, 2012

Arrays (variable ශ්‍රේනි) ( PHP සිංහලෙන් - 8 )


අපි හිතමු  Number variable array එකක් ගැන. එක හරියට එක ලග තියෙන හිස් පෙට්ටි පේලියක් වගේ. හැබැයි මේ පෙට්ටි වලට පුරවන්න පුලුවන් Number වර්ගයේ variable විතරයි.



පෙට්යි වලින් පලමු පෙට්ටිය 0 වැනි පෙට්ටිය ලෙසද ඉතිරි පෙට්ටි පිළීවෙලින් 1,2,3,... යනාදී ලෙසද නම් කෙරේ. දැන් අපි බලමු Number variable array එකක් හදන්නේ කොහොමද කියලා.




එසේම string ආකාර variable තුල වචන මෙන්ම ඉලක්කම්ද ඇතුලත් කල හැකිය.




ඒසේම array  එකක් තුල තවත්  array  එකක්ද ඇතුලත් කල හැකියපහක කේත බලන්න.


--------------------------------------------------------------------------------------------------

Array Functions




count : මේ මගින් array එක තුල ඇති අගයන් ප්‍රමානය( පිරුනු පෙට්ටි ගණන ) ලබා ගත හැකිය.                  
Max value : මේ මගින් array එක තුල ඇති අගයන් ගෙන් වැඩිතම අගය ලබා ගත හැකිය.              
Min value : මේ මගින් array එක තුල ඇති අගයන් ගෙන් අඩුතම අගය ලබා ගත හැකිය.                
Sort : මේ මගින් array එක ඉංග්‍රීසි හොඩියේ පිළිවෙලට හෝ අගයන් වැඩි වන පිළිවෙලට සකස් කරයි.          
Reverse sort: මේ මගින් array එක ඉංග්‍රීසි හොඩියේ ආපසු පිළිවෙලට හෝ අගයන්වැඩි වන පිළිවෙලට සකස් කරයි.
Implode: මේ මගින් array එකහි ඇති අගයන් අතරට අප විසින් දෙනු ලබන සංඛේතයක් සහිතව නිකුත් කෙරේ
Explode: Implode හී විරුද්ධ අදහස ඇත.
-----------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

No comments:

Post a Comment