අපි හිතමු
Number variable
array එකක් ගැන. එක හරියට එක ලග තියෙන හිස් පෙට්ටි පේලියක් වගේ. හැබැයි මේ පෙට්ටි වලට පුරවන්න පුලුවන් Number වර්ගයේ variable විතරයි.
Saturday, June 30, 2012
Thursday, June 28, 2012
Number Variables ( PHP සිංහලෙන් - 7 )
ඉලක්කම් අගයන් ආදේශය සාඳහා Number
Variables භාවිතා
කරයි. පහත පින්තූරය බලන්න බලන්න.
HTML සිංහලෙන් පාඩම 5 - Paragraph
මම පසුගිය පාඩමෙන් headings ගැනයි <./br> tag එක ගැනයි කියල දුන්න ඒව මතක ඇතියි කියල හිතනව මම. අද පාඩම මම එතන ඉදලයි ඉදිරියට කරගෙන යන්නේ. අද අපි බලමු HTML වලදී ජේදයක් (paragraph) එකක් කොහොද එකතු කර ගන්නේ කියල. මේ වැඩේට අපි භාවිතා කරන්නේ <p> කියන tag එක මේ tag එකටත් opening හා closing tags තියෙනව. අපි උදාහරණයක් බලමු. තව දෙයක් අපේ මේ පාඩම් මාලාව කියවන Mahesh මිත්‍රයා ඉල්ලීමක් කරල තිබුනා Notepad++ ඔයාලට හඳුන්වාදෙන්න කියල. මේ මෘදුකාංගය භාවිතයෙන් කේතනය කිරීම පහසුයි ඔයාලත් භාවිතා කරලම බලන්නකෝ.
<head><title>My Paragraph</title></head>
<body><p> This is a paragraph This is a paragraph This is a paragraph </p>
<p>This is another paragraph This is another paragraph This is another paragraph</p>
</body>
</html>
ඉහතින් දැක් වූ code එක පේන්නේ මෙන්න මේ වගේ,
මේ <p> tag එක මගින් එයට පළමුව හා එහි closing tag එක </p> ට පසුව හිස් පේලියක් එකතු කරනු ලබයි. එම නිසයි ඉහත උදාහරණය මේ ආකාරයට දිස් වන්නේ. අපි දැන් ටිකක් ප්‍රායෝගික දේවල් කරපු නිසා ලබන පාඩමෙන් තවත් න්‍යායාත්මක කරුණු කිහිපයක් ඉගෙන් ගනිමු HTML ගැන.
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Wednesday, June 27, 2012
strings සහ string functions (PHP සිංහලෙන් - 6)
strings ( වාක්‍යය )
PHP වලදී අකුරු පේලියක්( වාක්‍යය ) රදවා තබා ගත
හැක්කේ strings ආකාරයේ variable එකක් තුල පමනි. ඔබ දැනටමත් එය දැක ඇත. ඒ පෙර
පාඩමෙනි.
Tuesday, June 26, 2012
Visual Basic.net 2010 පාඩම 1 - පටන් ගන්න කලින් .NET ගැන දැන ගනිමු
මම පසුගිය පාඩමෙන් කියල දුන් පරිදි ඔයාල දැන් Visual Studio 2010 කිනම් හෝ version එකක් install කරගෙන සූදානමින් ඇතියි කියල හිතනව. දැන් අපි අද පාඩම පටන් ගමු.
අපේ coding සිංහලෙන් පාඩම් මාලාව අධ්‍යනය කරන ඔයාලා programming වලට ආදුනික අය වෙන්න පුළුවන් ඒ වගේම වෙනත් ක්‍රමලේඛන භාෂා ඉගෙන ගත්ත අය වෙන්න පුළුවන්, මේ දෙගොල්ලන්ටමයි අපේ පාඩම් මාලාව සකස් කරල තියෙන්නේ අපි පුළුවන් තරම් සරල ලෙස ඉදිරිපත් කරන්න උත්සාහ කරනව. හොඳයි visual basic සමඟ මෘදුකාංග නිර්මාණයට පෙර අපි දැන ගත යුතු කරුණු කිහිපයක් මම සදහන් කරන්නම්.
අන්තර්ජාලයේ සීඝ්‍ර ලෙස වියාප්ත වීමත් සමග මෘදුකාංග ලෝකයේ විවිධාකාර ගැටළු
මතු වන්නට විය, ඉන් එකක් වූයේ මෘදුකාංග වල වූ platform dependency නම් වූ
දුර්වලතාවයයි. මින් අදහස් වන්නේ ඔබ යම් මෘදුකාංගයක් යම් කිසි මෙහෙයුම්
පද්ධතියක් (operating system) හෝ යම් processor පෙලක් සඳහා නිර්මාණය කලේ
නම් එම මෘදුකාංගය ඉන් බැහැර වු පද්ධති වල ක්‍රියාත්මක නොවීමේ දෝෂයයි.
උදාහරණයක් වශයෙන් ඔබ Windows මෙහෙයුම් පද්ධතිය උදෙසා නිර්මාණය කළ
මෘදුකාංගයක් එහි source code හි (මේනමින් හඳුන්වන්නේ මෘදුකාංගයේ කෝඩ් එකයි)
කිසිදු වෙනස් කමක් සුදු නොකර Linux මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වන
පරිඝණකයක ක්‍රියාත්මක නොවේ.
මේ සඳහා ඉතා සාර්ථක විසදුමක් 90 දශකයේදී SUN ආයතනය විසින් හදුන්වා දුන්
JAVA ක්‍රමලේඛන භාෂාව විසින් සපයන ලදී. ඉතින් මේ කාලයේ JAVA ඉතාමත්ම
ප්‍රසිද්ධ වුනා මේ හේතුවෙන්. මෙයාලගේ ප්‍රතිවාදියා වූ Microsoft ආයතනයට මේක
ප්‍රබල තර්ජනයක් බවට පත් වුනා. මෙයාලත් වැඩේ අතාරින්නේ නැතුව Next
Generation Windows Services කියල programming architecture එකක් දියුණු
කරන්න පටන් ගත්ත. පසු කලෙකදී මේක .NET කියල තමයි හඳුන් වන්න පටන් ගත්තේ.
මේක JAVA මගින් එල්ල වූ තර්ජනයට හොඳ ප්‍රතිචාරයක් වුනා. Microsoft සමාගම
2000 වර්ෂයේ ජූලි මාසයේ තමයි තම මංගල .NET Framework එක වෙළඳ පොළට ඉදිරිපත්
කලේ. මේ මගින් මෘදුකාංග වලට platform in dependency ගුණය ලබා දීමට හැකි වුනා.
මේම .NET Framework එක ප්‍රධාන ලෙස කොටස් දෙකකින් සමන්විතවේ. ඒ
මේම .NET Framework එක ප්‍රධාන ලෙස කොටස් දෙකකින් සමන්විතවේ. ඒ
- Framework Class Library (FCL)
- මෙහි කලින් ලියන ලද classes සහ components 20 000ක් පමන අඩංගු වේ.
- Windows applications, Web-based systems, Mobile applications සඳහා අවශ්‍ය මූලික classes සපයා දීමඳ සිඳුකරයි.
- Common Language Runtime (CLR)
- මෙය .NET Framework එකේ මධ්‍ය සම්පාදකයයි. (Core Executor)
- .NET වලට අනුකූල වූ කේතයක් (code) ධාවනය (run) කිරීමට ඔබට අවශ්‍ය වනුයේ මෙය පමණයි.
- තවද මෙය මගින් Common Language Specification (CLS) හා Common Type System (CTS) භාවිතා කර අපට cross-language interoperability යන ගුණාංගය ලබා දී තිබෙනව. ඒ මගින් සිදු වන්නේ .NET Framework එක තුල එයට අනුකූල වු ක්‍රමලේඛන භාෂා වලින් යම් මෘදුකාංගයක් ක්‍රමලේඛනය කිරීමට හැකි වීමයි.
- Common Language Specification (CLS)
- මෙමගින් යම් ක්‍රමලේඛන භාෂාවක් CLR සමග අනුකූල වීම අඳහා ඒවා විසින් අනුගමනය කළ යුතු යම් නිතී පද්ධතියක් සඳහන් කරයි.
- Common Type System (CTS)
- Cross-language interoperability හි පදනම මෙයයි.
ගොඩක් වෙලාවට මම ඉහතින් සඳහන් කළ දේ ඔයාලට නොතේරෙන් ඉඩ තියෙනවා. මම පුළුවන් තරම් සිංහලෙන් පැහැදිලි කලත් සමහර දේ වලට කියන සිංහල වචන දන්නෙ නැති කම හා ඒවාට සිංහල වචන නැති කම යන්න අපහැදිලිතාවයට හේතුවුනා. කැමති නම් internet එකේ මේ ගැන පොඩ්ඩක් search කරල බලන්න. ඒ දෙවල් නොතේරුනා කියල අපේ ඉදිරි වැඩකට යුතු වලට කිසිම බාදාවක් නැහැ. මම මෙම පාඩම සම්පූර්ණ විය යුතු නිසයි ඒවා සඳහන් කලේ.
දැන් අපි බලමු තවත් භාවිතා වන වචන කිහිපයක්,
- Managed Code - මෙනමින් හඳුන් වන්නේ .NET වලට අනුකූල වූ compiler එකක් මගින් ජනනය කරන ලද කේතයකටයි.
- Common Intermediate Language (CIL) - මේ ඉහතින් සඳහන් කළ managed code හි භාෂාවයි. මෙය platform independent වේ.
- Portable Executable - මෙය managed code (CIL මගින් ලියා ඇති කේතය) අඩංගු file එක වේ.
- Just - In - Time (JIT) Compiler - මෙය CLR හි component එකක් වේ. මෙය විසින් portable executable හි අඩංගු CIL මගින් ලියන ලද කේතය machine code (පරිඝණකයට තේරෙන භාෂාව) එකට හරවයි.
ඉහත රූපයේ පෙන්වා ඇත්තේ මම හඳහන් කළ platform in dependency ගුණය .NET Framework එකට ලබා ගෙන ඇති ආකාරයයි. ඕනෑම භාෂාවකින් ලියන ලද කේතයක් ඊට අදාල වූ compiler එක මගින් P.E එක බවට හරවයි. දැන් මෙය එක් එක් පරිඝණක වල ස්ථාපිත කර ඇති CLR එක මගින් එම පරිඝණකයට අනන්‍ය වූ machine language code එකක් බවට හරවා execute කරයි. එම නිසා මෙම .NET Framework එක OS එක හා application එක අතර ක්‍රියාත්මක වෙයි. මෙ පාඩම ටිකක් හොදට කියවන්න. තේරෙන්නේ නැති තැන් අහන්න. අපි අයෙත් පාඩමකින් හමු වෙමු.
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Monday, June 25, 2012
CSS සිංහලෙන් - 03
අද අපි CSS වල font properties ගැන කථාකරමු.
CSS වලදි අකුරු වර්ග වෙනස් කරන්න අපි කලින් පාඩමේදි ලියපු කෝඩ් 1 නැවත ගනිමු.
p{
font-family : Georgia," Times New Roman",Times,serif;
}
දැන් මේ ස්ටයිල් 1 අපි හදල තියෙන්නෙ <p> ටැග් 1ට. මෙහි font යන්න මගින් අනෙක් සියළු ප්‍රොපර්ටිස් font වලට අදාලව තියෙන බව කියවෙනව. family යන්නෙන් අකුරු වර්ගය සදහා වු ප්‍රොපර්ටි 1 කියවෙනවා. මෙහි
Georgia , Times New Roman ,Times කියන්නෙ font වර්ග 3ක්. ඇයි මේ විදිහට ලියන්නෙ. පළවෙනි font 1 වෙබ් බ්‍රව්සරය අදුන ගත්තෙ නැත්නම් ඒ අදාල විස්තරය පෙන්වන්නෙ 2වන font එකෙන්. දෙවන font 1ත් නැත්නම් ඊලග font එකෙන් අදාල විස්තරය පෙන්වනවා. අපි නම් කරල තියන font සේරම නැත්නම් අන්තිමට තියන serif කියන වර්ගයට අයිති වෙන font එකකින් අදාල විස්තරය පෙන්වනවා.
හරි දැන් බලමු මොනාද මේ font වර්ග කියල. ප්‍රධාන වර්ග තමා, serif , sans-serif , cursive , fantasy , monospace.
තව දෙයක්, අපි <P> ටැග් 1ට සිඑස්එස් ෂිට් 1 හැදුවම මුළු HTML කෝඩ් එකේ පී ටැග් සේරම එකම විදියනෙ. කොහොමද ජේදයෙන් ජේදයට වෙන වෙනම font properties එකතු කරන්නෙ එක ස්ටයිල් ෂිට් 1ක් යොදාගෙන. මෙහෙමයි එතෙන්දි අපි ලියන css කෝඩ් 1 පහත විදියට වෙන්න ඕන.
#para1
{
font-family:fantasy; }
<title>css fonts
</title>
<head>
<link href="text2.css"rel="stylesheet"type="text/css" />
<body>
<p id="para2"> sarif </p>
<p id= "para5"> sans-sarif </p>
<p id= "para1"> fantasy </p>
<p id= "para3"> cursive </p>
<p id= "para4"> monospace</p>
</body>
</html>
වෙබ් බ්‍රව්සර් එකේදි ඒක අපිට මේ විදියට බලාගන්න පුළුවන්.
-----------------------------------------------------------------------------------------------------------
දැන් බලමු තව වැදගත් ප්‍රොපටිකීපයක් ගැන.
font-style මේහිදි normal , italic , oblique කියල කොටස් 3යි.normal කියන 1 default තියනවා.මේ තියෙන්නෙ css code එක.
#para2
{
font-family:serif;
font-style:italic;
}
#para1
{
font-family:fantasy;
font-style:oblique;
ඊළගට font-Variant ප්‍රොපර්ටි 1. මෙමගින් කැපිටල් අකුරු එලෙසමත් සිම්පල් අකුරු කුඩා කැපිටල් අකුරු බවටත් පත් කරනවා.
{font-Variant: small-caps;} තමා සිඑස් එස් කෝඩ් 1.මෙහි භාවිතාවන්නේ normal සහ small-caps යන ඒවායි.
ඊළගට font-weight ප්‍රොපර්ටි ගැන බලමු.
මෙමගින් අකුරුවල ඝනකම වැඩිකරගත හැකිය.මෙය සාමාන්‍ය බෝල්ඩ් කිරීමක සිට ඊට වැඩි හෝ අඩු ලෙස සැකසිය හැක.මෙහිදි bold , bolder , lighter , 100 , 200 , ... 900 දක්වා වෙනස් කල හැක. සිඑස්එස් කෝඩ් 1 වන්නේ { font-weight : 200 ;} යන්නයි.
-------------------------------------------------------------------------------------------------------------
font-size ප්‍රොපර්ටි එක
CSS තුලදි අකුරුවල ප්‍රමානය සැකසීම සදහා ක්‍රම රාශියක් පවතිනව. ප්‍රධාන වශයෙන් x-small , small , medium , large , x-large , xx-large හා smaller යන ආකාර හෝ සෘජුවම අකුරු වල ප්‍රමානය ලබාදිම හෝ කල හැක.
අකුරුවල ප්‍රමාන ලබා දිමේදි,
{ font-size : 12pt ; } - සාමාන්‍ය ආකාරයට
{ font-size : 4cm ; } - අකුරුවල ප්‍රමාණය සෙන්ටි මීටර වලින්
{ font-size : 120% ; } - ප්‍රතිශතයක් ලෙස , ලබාදිය හැක.
හරි. වැදගත් හා වටිනම දේ තමා අපිට පුළුවන් මේ ප්‍රොපර්ටී කිපයක් එකට භාවිතා කරන්න.
මෙන්න මේ වගේ.
අදට එහෙනම් පාඩම ඉවරයි... ඊළගට අපි color සහ background ගැන කථාකරමු.
ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකකින් අහන්න...ඊයකින් අහනවනම් harsha.thewalaarachchi@gmail.com
CSS වලදි අකුරු වර්ග වෙනස් කරන්න අපි කලින් පාඩමේදි ලියපු කෝඩ් 1 නැවත ගනිමු.
p{
font-family : Georgia," Times New Roman",Times,serif;
}
දැන් මේ ස්ටයිල් 1 අපි හදල තියෙන්නෙ <p> ටැග් 1ට. මෙහි font යන්න මගින් අනෙක් සියළු ප්‍රොපර්ටිස් font වලට අදාලව තියෙන බව කියවෙනව. family යන්නෙන් අකුරු වර්ගය සදහා වු ප්‍රොපර්ටි 1 කියවෙනවා. මෙහි
Georgia , Times New Roman ,Times කියන්නෙ font වර්ග 3ක්. ඇයි මේ විදිහට ලියන්නෙ. පළවෙනි font 1 වෙබ් බ්‍රව්සරය අදුන ගත්තෙ නැත්නම් ඒ අදාල විස්තරය පෙන්වන්නෙ 2වන font එකෙන්. දෙවන font 1ත් නැත්නම් ඊලග font එකෙන් අදාල විස්තරය පෙන්වනවා. අපි නම් කරල තියන font සේරම නැත්නම් අන්තිමට තියන serif කියන වර්ගයට අයිති වෙන font එකකින් අදාල විස්තරය පෙන්වනවා.
අදාල html code 1 |
තව දෙයක්, අපි <P> ටැග් 1ට සිඑස්එස් ෂිට් 1 හැදුවම මුළු HTML කෝඩ් එකේ පී ටැග් සේරම එකම විදියනෙ. කොහොමද ජේදයෙන් ජේදයට වෙන වෙනම font properties එකතු කරන්නෙ එක ස්ටයිල් ෂිට් 1ක් යොදාගෙන. මෙහෙමයි එතෙන්දි අපි ලියන css කෝඩ් 1 පහත විදියට වෙන්න ඕන.
#para1
{
font-family:fantasy; }
#para2
{
font-family:serif; }
#para3
{
font-family:cursive; }
#para4
{
font-family:monospace; }
#para5
{
font-family:sans-serif; }
{
font-family:serif; }
#para3
{
font-family:cursive; }
#para4
{
font-family:monospace; }
#para5
{
font-family:sans-serif; }
මෙතෙන්දි para1,para2,.... කියන්නෙ විවිධ ජේද වලට යොදන්න පහසු විදියට දාපු හැදුනුමක්. HTML code එක පහත තියනව. බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියල.
<html><title>css fonts
</title>
<head>
<link href="text2.css"rel="stylesheet"type="text/css" />
<body>
<p id="para2"> sarif </p>
<p id= "para5"> sans-sarif </p>
<p id= "para1"> fantasy </p>
<p id= "para3"> cursive </p>
<p id= "para4"> monospace</p>
</body>
</html>
වෙබ් බ්‍රව්සර් එකේදි ඒක අපිට මේ විදියට බලාගන්න පුළුවන්.
-----------------------------------------------------------------------------------------------------------
දැන් බලමු තව වැදගත් ප්‍රොපටිකීපයක් ගැන.
font-style මේහිදි normal , italic , oblique කියල කොටස් 3යි.normal කියන 1 default තියනවා.මේ තියෙන්නෙ css code එක.
#para2
{
font-family:serif;
font-style:italic;
}
#para1
{
font-family:fantasy;
font-style:oblique;
}
HTML code එක
<html>
<title>css font style
</title>
<head>
<link href="stil.css"rel="stylesheet"type="text/css" />
<body>
<p id="para2"> italic </p>
<p id= "para1"> oblique </p>
<p> normal</p>
</body>
</html>
----------------------------------------------------------------------------------------------------------- <title>css font style
</title>
<head>
<link href="stil.css"rel="stylesheet"type="text/css" />
<body>
<p id="para2"> italic </p>
<p id= "para1"> oblique </p>
<p> normal</p>
</body>
</html>
ඊළගට font-Variant ප්‍රොපර්ටි 1. මෙමගින් කැපිටල් අකුරු එලෙසමත් සිම්පල් අකුරු කුඩා කැපිටල් අකුරු බවටත් පත් කරනවා.
{font-Variant: small-caps;} තමා සිඑස් එස් කෝඩ් 1.මෙහි භාවිතාවන්නේ normal සහ small-caps යන ඒවායි.
ඊළගට font-weight ප්‍රොපර්ටි ගැන බලමු.
මෙමගින් අකුරුවල ඝනකම වැඩිකරගත හැකිය.මෙය සාමාන්‍ය බෝල්ඩ් කිරීමක සිට ඊට වැඩි හෝ අඩු ලෙස සැකසිය හැක.මෙහිදි bold , bolder , lighter , 100 , 200 , ... 900 දක්වා වෙනස් කල හැක. සිඑස්එස් කෝඩ් 1 වන්නේ { font-weight : 200 ;} යන්නයි.
CSS හා HTMLකෝඩ් |
-------------------------------------------------------------------------------------------------------------
font-size ප්‍රොපර්ටි එක
CSS තුලදි අකුරුවල ප්‍රමානය සැකසීම සදහා ක්‍රම රාශියක් පවතිනව. ප්‍රධාන වශයෙන් x-small , small , medium , large , x-large , xx-large හා smaller යන ආකාර හෝ සෘජුවම අකුරු වල ප්‍රමානය ලබාදිම හෝ කල හැක.
අකුරුවල ප්‍රමාන ලබා දිමේදි,
{ font-size : 12pt ; } - සාමාන්‍ය ආකාරයට
{ font-size : 4cm ; } - අකුරුවල ප්‍රමාණය සෙන්ටි මීටර වලින්
{ font-size : 120% ; } - ප්‍රතිශතයක් ලෙස , ලබාදිය හැක.
හරි. වැදගත් හා වටිනම දේ තමා අපිට පුළුවන් මේ ප්‍රොපර්ටී කිපයක් එකට භාවිතා කරන්න.
මෙන්න මේ වගේ.
අදට එහෙනම් පාඩම ඉවරයි... ඊළගට අපි color සහ background ගැන කථාකරමු.
ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකකින් අහන්න...ඊයකින් අහනවනම් harsha.thewalaarachchi@gmail.com
PHP Variables (විචල්‍යයන්) (PHP සිංහලෙන් - 5)
Variables යනු අගයක් සඳහා වු සංඛේත ලෙස හැදින්විය හැකිය. PHP වලදී Variable නමක් ලිවීමේදී යම් කිසි නීති පද්ධතියක් පවතී. එනම්
Sunday, June 24, 2012
HTML සිංහලෙන් පාඩම 4 - Headings
අපි පසු ගිය පාඩමෙන් ප්‍රායෝගිකව අපි ඉගෙන ගත්ත දේවල් කරල බැලුවනේ, ඉතින් අද පාඩමෙන් අපි තව දුරටත් HTML වලය අදාල න්‍යායාත්මක කරුණු ඉගෙන ගමු. ඊට පස්සේ ඒවා ප්‍රායෝගිකව අත්හදා බලමු.
HTML මාතෘකා එහෙමත් නැත්තම් HTML Headings
අපි ලිපියක් සම්පාඳනය කිරීමේදී මෙන්ම වෙබ් පිටු වලදීද මාතෘකා ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනව. HTML වලදී වෙබ් පිටුවට මාතෘකා එක් කිරීමට භාවිතා කරන්නේ <h1> වල සිට <h6> දක්වා වූ tags මගින්. මේවාට closing tag එකක්ද ඇත. <h1> tag එක මගින් විශාලම (කැපීපෙනම) මාතෘකාවද <h6> මගින් කුඩාම මාතෘකාවද නිරූපණය වේ.
උ.දා:-
<h1> coding සිංහලෙන් </h1>
එක් tag එකට අදාල පෙනෙන ආකාරය පහතින් දැක් වේ,
<h1> ---------->
coding සිංහලෙන්
<h2> ---------->
coding සිංහලෙන්
<h3> ---------->coding සිංහලෙන්
<h4> ---------->coding සිංහලෙන්
<h5> ---------->coding සිංහලෙන්
<h6> ---------->coding සිංහලෙන්
දැන් ඔයාලත් පසු ගිය පාඩම් වල දැනුමත් භාවිතා කරල මම පහතින් දෙන HTML code එක web browser එකක් භාවිතා කරල open කරල බලන්නකෝ.....<html>
<head><title>My Headings</title></head>
<body>
<h1>My Headings</h1> <br/>
<h2>My Headings</h2> <br/>
<h3>My Headings</h3> <br/>
<h4>My Headings</h4> <br/>
<h5>My Headings</h5> <br/>
<h6>My Headings</h6> <br/>
</body>
</html>
වැඩේ හරියට කලා නම් මෙන්න මේ වගේ තමයි පෙන්නේ......
තව දෙයක් ඔයාල දැක්කද දන්නේ නෑ අද මම තව අළුත් tag එකක් භාවිතා කරා code එක ලියන්න. ඒ තමයි <br/> tag එක අපි මේ tag එක භාවිතා කරන්නේ line එකක් break කර ගන්න වුවමනා උනාමයි. උදාහරණයක් වශයෙන් අපිට අවශ්‍ය වුනොත් අළුත් paragraph එකකට යන්න නැතුව අළුත් පේලියකින් නැවත ලිවීම ආරම්භ කරන්න ඕන කියල අන්න ඒ වෙලාවට තමයි මේ tag එක භාවිතා වෙන්නේ. පහත උදාහරණය බලන්නකෝ...
මේ තමයි code එක
<html>
<head><title>Breaking Tag</title></head>
<body>
<p>coding sinhalen <br/> coding sinhalen coding sinhalen </p>
</body>
</html>
ඒක පෙන්නේ මෙන්න මේ වගේ
මම හිතනව ඔයාලට ඒ tag එක තේරුනා කියල. ආයෙත් පාඩමකින් හමු වෙනකම් ගිහින් එන්නම්.
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
දැන් අපි PHP ලොවට පලමු පියවර තබමු (PHP සිංහලෙන් - 4)
PHP කේත කෙටීම සදහා මම පහසු text editor එකක් ලෙස Notepad++
මෘදුකාංගය යොදා ගන්නා අතර වෙබ් බ්‍රවුසරය ලෙස Google Chrome භාවිතා කරමි.
Saturday, June 23, 2012
Wamp Server ස්ථාපනය කරීම. ( PHP සිංහලෙන් - 03 )
මෙය සිදු කිරීමට ප්‍රථම සම්පුර්ණ ලිපියම එක් වරක් වත් කියවන්න.
Visual Basic.net 2010 හැඳින්වීම
අද ඉඳන් අපි පටන් ගන්න අළුත්ම පාඩම් මාලාව තමයි Visual Basic.net 2010. Microsoft සමාගම ලෝකයාට හඳුන්වාදුන් එක් ක්‍රමලේඛන භාෂාවක්. මේ භාෂාව ලෝකය පුරා ඉතාමත්ම ප්‍රසිද්ධයි. පසුගිය කාලයේ පොඩි පසු බෑමක් තිබුනත් දැන් නැවතත් එය සිය සුපුරුදු තත්වයට ඇවිත්.
Visual Basic.net 2010 එක්ක වැඩ කරන්න මොනවද අපිට ඕන?
ඔයාලගේ පරිඝණකයේ Visual Studio 2010 ස්ථාපනය කර තිබිය යුතුයි. (මම මේ ලිපි පෙළ සඳහා භාවිතා කරනනේ Ultimate සංස්කරණය නමුත් Express සංස්කරණය උනත් ප්‍රමානවත්)
- Express සංස්කරණය මෙතනින් ලබා ගන්න.
- Ultimate වැනි වෙනත් සංස්කරණයක් අවශ්‍ය නම් මුදල් ගෙවා ලබා ගන්න වෙනව. (නැතිම් torrent පිහිට තමයි ඒක ඉතින් නීති විරෝධියි)
Visual Basic.net 2010 වැඩ පටන් ගැනීම.
දැන් ඔයාල install කර ගත්ත Visual Studio 2010 open කරගන්න. මම භාවිතා කරන්නෙ Ultimate සංස්කරණය නිසා මුලින්ම පටන් ගන්නෙ මෙන්න මේ වගේ.
ඊට පස්සෙ මෙන්න මේ වගේ Visual Studio environment එක configure කර ගන්න අවශ්‍ය window එක open වේවි. මේ අවස්ථාව ඇති නොවෙන්නත් පුළුවන්.
අපි Visual Basic එකක් වැඩ කරන්න යන නිසා Visual Basic Development Settings තෝරල Start Visual Studio button එක click කරන්න. දැන් Visual Studio මෘදුකාංගය විවෘත්ත වෙන්න කලින් මේ විදිහට settings load වේවි.
ඊට පස්සෙ Visual Studio මෘදුකාංගය විවෘත්ත වේවි.
දැන් ඔබ Visual Studio මෘදුකාංගය සමග Visual Basic programming කරන්න සූදානම්. අපි ඊලග පාඩමෙන් වැඩි දුරටත් කරණු කතා කරමු. එතෙක් ඔබ සූදානමින් ඉන්න. ගැටළු තියෙනවානම් comment කරන්න.
PHP ස්ථාපනය සඳහා අවශ්‍ය පරිගනකයේ අවම සක්‍යතා ( PHP සිංහලෙන් - 02 )
PHP අත්හදා බැලීම සඳහා පරිගනකයට තිබිය යුතු අවශ්‍යතා මොනවාදයි අපි දැන ගනිමු
HTML සිංහලෙන් පාඩම 3 - Code කරන හැටි
HTML සිංහලෙන් පාඩම - 3
අද පාඩමෙන් මම බලාපොරොත්තු වෙන්නේ පොඩි පොඩි ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග න්‍යායාත්මක කරුණුත් ඉදිරිපත් කරන්නයි. මීට පෙර පාඩම අධ්‍යනය කරල නැත්තම් ඒකට මෙතනින් පිවිසෙන්න. අද පාඩමට අපිට ඕන වෙනව notepad එක සහ web browser එකක්. (නැත්තම් අපි හඳන web pages බලන්නේ මොකෙන්ද?). ඒ වගේම පසුගිය පාඩම් වලින් මම ඉදිරිපත් කළ කරුණු මතක ඇතියි සිතමි. නැත්තම් ආයෙත් ඒ පාඩම් කියවල ඉන්න අද පාඩම පටන් ගන්න කලින්.
HTML වලින් code කරන්න දැන ගත යුතු මූලික කරුණූ.
- අපි මුලින්ම කරන්න ඕන මේ code එක ලියල තියෙන්නෙ HTML වලින් කියල browser එක දැනුවත් කිරීම එක කරන්නේ <html> කියන Tag එකෙන්. Tag එකක් open කලාම ඒක close කරන්නත් ඕන නේ ඒකට භාවිතා කරන්නේ </html> tag එක.
Figure 1 |
- අපි සාමාන්‍යෙයන් Tags ලියන්නේ simple letters වලින්. ඒක සම්මත ක්‍රමයක්. ඔබ capital letters භාවිතා කලා කියල වැරදි නැහැ.
- HTML වලින් අපි code කරන හැම දේම ලියන්න ඕන මම කලින් කියපු <html> සහ </html> tag දෙක අතරෙයි.
- අපි ප්‍රධාන වශයෙන් HTML වෙබ් පිටුවක් කොටස් දෙකකට බෙදා ගන්නව ඒ,
- Head කොටස සහ
- Body කොටස ලෙසයි
- Head එකට බොහෝ වෙලාවට අන්තර් ගත වෙන කොටස් වලින් අපිට පේන දෙයකට තියෙන්නේ title එක විතරයි. (පහත රූපයේ web page එකක Title එක කුමක් දැයි පෙන්වා තියෙනව) ඒකට භාවිතා කරන්නේ <title> හා </title> tag යුගලය. head කොටසේ භාවිතා වන අනෙකුත් tags ගැන අපි පසුවට දැන ගනිමු. (මම tabs තියල type කරල තියෙන්නේ code එක පැහැදිලි හා ලස්සන වෙන්න ඕන නිසයි මේ විදිහටම type කරන්න ඕන කියල නීතියක් නෑ)
Figure 2 |
Figure 3 |
- Body කොටසේ තමයි අපි වෙබ් පිටුවේ අන්තර්ගත වෙන්න අවශ්‍ය දේවල් code කරන්නේ.
- දැන් අපි මේ code කර ගත්ත file එක save කරගන්න විදිහ බලමු. notepad එකේ file ----> Save ක්ලික් කරන්න එතකොට එන dialog box එක මෙන්න මේ වගෙයි.
Figure 5 |
- ඒකේ save as type කියන property එක All files කියල වෙනස් කරන්න. දැන් file name කියන තැනට ඔයාල කැමති නමක් එකක් .html කියන extention එක දෙන්න හරියට මෙන්න මේ වගේ.
Figure 6 |
- දැන් ඔයාල save button එක click කරල file එක save කරගන්න.
- ඒ save කල file එක මෙන්න මේ වගේ දිස් වේවි ඔයාලට. (මම දුන්න නම My First Web Page)
Figure 7 |
- දැන් ඒ file එක double click කරල open කරන්න කෝ. ඒතකොට මෙන්න මේ වගේ ඔයාලගේ web browser එකෙන් ඒක Open වේවි.
Figure 8 |
දැන් ඔයාල සාර්ථකව පළමු උත්සාහය දරල ඉවරයි. හරිම ලේසියි නේද?. ගැටළු comment කරන්න. ආයෙත් පාඩමකින් මුණගැසෙමු. එතකම් ගිහින් එන්නම්.
Friday, June 22, 2012
CSS සිංහලෙන් - 02
CSS ස්ටයිල් ෂිට් 1ක් සාදාගැනීම.
අපි CSS කියන්නෙ මොකද්ද ඇයි ඒක පාවිච්චිකරන්නෙ වගේ දේවල් පළමු ලිපියෙන් කථාකරා.
අද බලමු කොහොමද අපි සිඑස්එස් ස්ටයිල් ෂිට් 1ක් හදාගන්නෙ කියල.
මම මුලින්ම කිවනෙ CSS හරියට HTML වගේ කියල. ඉතින් අපි මේකටත් පාවිච්චි කරන්නෙ notepad එකමයි. හරි අපි බලමු සරළ කෝඩ් එකක් මුලින්ම,
P {
font-family: Georgia, "Times New Roman", Times, serif ;
font-size: 50px;
font-style: italic;
color: rgb(255,0,0);
}
මේ කෝඩ් 1 නෝට්පෑඩ් එකතුළ ලියන්න.( පහත රූපය)
හරි .දැන් බලමු මේ කේත වලින් කියවෙන දේවල්,
P කියල සඟලවරහන දාල තියන එකෙන් කියවෙන්නෙ වරහන ඇතුලෙ තියන ස්ටයිල් එක HTML වල <P> ටැග් එක සහිත කොටසට පමණක් අයිති බවයි.
වරහන ඇතුලෙ පළවෙනි පේලියෙන් font වර්ගයත් ඊළග පේලියෙන් font size එකත් , ඊලගට font style එක ඒ කියන්නෙ normal, italic, oblique කියන 3න් මොකද්ද කියන 1ත් අන්තිම පේලියෙන් color 1ත් කියවෙනව. මේහිදි පාට දිල තියෙන්නෙ RGB ක්‍රමයට.
මම හිතනව මෙතනට එනකම් හරි කියල.
දැන් මේක සේව් කරද්දි මතක ඇතුව save type එක all files දෙන්න. දැන් කැමති නමක් යොදල .css කියල දාන්න. උදාහරනයක් විදියට 001.css වගේ.හරි දැන් බලමු css එක කොහොමද අපි හදපු HTML එකට add කරන්නෙ කියල.
උදාහරණයක් විදියට ,
<html>
<head>
<link href = "01.css" rel="stylesheet" type="text/css" >
</head>
<title>
my 1st css
</title>
<body>
<p>
hellow guys..how ar u?
</p>
</body>
</html>
මේ සාමාන්‍ය පිටුවක් නම් පාට කරල තියන කොටසින් තමයි css එක එකතුකරල තියෙන්නෙ. 01.css කියන්නෙ මම save කරපු නම. ඒක ඔයාල save කරපු නම වෙන්න ඕන.
අන්තිමට ඔය page 1 පේන්නෙ මෙන්න මේ විදියට,
අදට එහෙනම් පාඩම ඉවරයි... ඊළගට අපි font properties ගැන කථාකරමු.

1. C පළමු පාඩම - Say hello to C world.
පෙර පාඩමේදි මවිසින් විස්තරකල ආකාරයට C ක්‍රමලේඛණය සඳහා දැන් ඔබ සන්නද්ධව සිටිය යුතුය.
දැන් අපි මෙහි එක් එක් කොටස් පැහැදිලි කරගනිමු.
#include<stdio.h>
int main()
printf("hello world\n" );
දැන් ඔබ සාර්ථකව කේතනය කර ඇති ක්‍රමලේඛයේ output එක ලබාගත යුතුය. එනම් මෙම කේතය compile කරගත යුතුය. ඒ සඳහා ඔබ භාවිතා කරන compiler ය අනුව කේතය build කරගත යුතුය. පහත C-free මෘදුකාංගය සඳහා එය සිදුකරන ආකාරය පෙන්වා දී ඇත.
Build -> Run
හෝ
මෙහි පෙන්වා ඇති ආකාරයට Run බොත්තම මත clik කිරිමෙන් හෝ යතුරු පුවරුවේ F5 යතුර මගින් අපට පහසුවෙන් කේතය compile කරගත හැක. එමෙන්ම නිවැරදිව compile වූයෙ නම් එමගින් output එකද දිස්වේ.
ඔබේ ප්‍රශ්න හා යෝජනා, චෝදනා, අදහස්, පහතින් comment කිරීමෙන් හෝ විද්‍යුත් තැපැල් මගින් යොමු කරන්න.
ndp.mymail@gmail.com
මීලඟ පාඩමින් හමුවන තෙක් ඔබට සැමට ජය...
C ක්‍රමලේඛ භාෂාව Structured Programming Language (ව්‍යුහගත ක්‍රමලේඛ භාෂාව) කි. එනම් මෙමගින් ක්‍රමලේඛණයේදි යම් කිසි අනුපිළිවෙලකට ක්‍රමලේඛණය සිදුකල යුතුය.
එමෙන්ම C භාෂාව case sensitive ය. එනම් ක්‍රමලේඛණයේදි ඉංග්‍රිසි කැපිටල් සහ සිම්පල් අක්ෂර භේදය ගැන සැලකිලිමත් විය යුතුය.
හොදයි අපි දැන් සරල ක්‍රමලේඛයක් ඔස්සේ C භාෂාවට පිවිසෙමු.
ඉහත කේත කොටස ඔබේ compiler මෘදුකාංගයේ coding window හි type කරගන්න.
දැන් අපි මෙහි එක් එක් කොටස් පැහැදිලි කරගනිමු.
#include<stdio.h>
මෙම කේත කොටස මගින් සිදුවන්නෙ කලින් සැකසූ කේත කොටස් සහිත ගොනු අපේ program එකට import කර ගැනීමයි. එමගින් අපට වඩා පහසුවෙන් ක්‍රමලේඛනය කිරීමට පහසුකම් සලසයි. එමෙන්ම මෙහි stdio.h නමැති header ගොනුව මගින් අපේ ක්‍රමලේඛනයට අවැසි මූලික ආදාන/ප්‍රතිදාන (Basic Input/Output) operation වලට ඉඩසලසා දෙයි.
int main()
මෙම කේත කොටසින් මූලික වශයෙන් C හි භාවිතාවන function එක නිරූපනය වේ.
Function යනු C හිදි භාවිතා වන වැදගත් යෙදුමකි. එමගින් අප ලියන සංකීර්ණ කේතයක් කොටස් වලට වෙන් කොට පහසුවෙන් පරිපාලනය කරගත හැකිය. මේ පිළිබඳව ඉදිරියේදි සවිස්තරාත්මකව කතාකරිමට බලාපොරොත්තු වෙමි. දැනට මෙහි භාවිතා වන main function එක ගැන අවබෝධයක් ලබාගනිමු.
C ක්‍රමලේඛන භාශාවේදි විවිධ Function සිය ගණනක් ලිව්වත් අනිවාර්යෙන්ම එහි එක main function එකක් පැවතිය යුතුය. මෙහිදි අප භාවිතා කර ඇත්තෙ main function එක පමණි. එමගින් කේතයේ මුලින්ම කියවිය යුත්තේ කුමන කොටසදැයි අවබෝධයක් පරිගණකයට ලබාදෙයි. මෙහි යොදා ඇති වරහන් “()“ මගින් main යනු function එකක් බව හදුන්වා දී ඇත.
මෙම කේතකොටසේ int ලෙස යොදා ඇත්තේ මෙම main function එක මගින් integer වර්ගයේ return (ඊම) ක් ඇති බව පෙන්වා දීමයි.
හැම විටම function එකක් හඳුන්වාදීමෙන් පසු සඟල වරහන් “{ }“ භාවිතයෙන් එම function එකට අදාල කේත කොටස වෙනම කේත කොටසක් ලෙස කොටස් කිරීම සිදු කෙරේ. එනම් { වරහනින් ඇරඹී } වරහනින් අවසන් වන තෙක් කොටස එම function එකට අදාල යයි හඳුන්වා දෙයි.
printf("hello world\n" );
මෙහිදි දක්වා ඇත්තෙ function එක මගින් අප කරගන්නට යෙදෙන කටයුත්තයි. මෙහි මූලික වශයෙන් ප්‍රථිපලයක් තිරය මත දිස්වීම සිදුකරගෙන ඇත. ඒ සඳහා output එක ලබාගැනීමට printf යෙදුම භාවිතා කරයි. එය C හි සම්මත output command එකකි.
printf යටතේ තිරය මත මුද්‍රනය විය යුතු කොටස වරහන් තුල “ “ ඇතුලත ලිවිය යුතුය. එමගින් ලියා ඇති කොටස වචන මාලාවක් ලෙස පරිගණකය හදුනාගනි.
\n යනු newline character එකයි. එමගින් අලුත් තීරුවකින් අරඹන ලෙස පරිගණකයට විධාන කෙරේ.
සෑම කේත පේලියකම අවසානයට තිත් කොමාව(semicolon) “ ; “ යෙදීමෙන් එම පේලියේ අවසානය බව පරිගණකයට දැනුම් දීම සිදු කෙරේ.return 0;
ඉහත main function ගැන කල සටහනේදි int ලෙස යෙදීමෙන් main function එක මගින් integer return එකක ඇති බව පවසන ලදි. නමුත් මෙම කේතයේදි මූලික වශයෙන් තිරය මත මුද්‍රණයක් ලබාගත්තා විනා කිසිවක් පිටතට නොයවන ලදි. එම නිසා return 0; ලෙස යෙදිමෙන් 0 අගය return කරන බව දන්නා ඇත.
නිතරම int හෝ එවැනි data type එකක් යෙදු function එකක return එකක් අනිවාර්යෙන්ම පැවතිය යුතුය. data type ගැන ඉදිරියේදි සවිස්තරාත්මකව විස්තර කෙරේ.
යම් කිසි function එකකින් කිසිවක් return නොවේ නම් එය void ලෙස හඳුන්වා දිය හැකිය.
එනම් ඉහත කේතයම පහත ලෙසද ලිවිය හැක.
දැන් ඔබ සාර්ථකව කේතනය කර ඇති ක්‍රමලේඛයේ output එක ලබාගත යුතුය. එනම් මෙම කේතය compile කරගත යුතුය. ඒ සඳහා ඔබ භාවිතා කරන compiler ය අනුව කේතය build කරගත යුතුය. පහත C-free මෘදුකාංගය සඳහා එය සිදුකරන ආකාරය පෙන්වා දී ඇත.
Build -> Run
මෙහි පෙන්වා ඇති ආකාරයට Run බොත්තම මත clik කිරිමෙන් හෝ යතුරු පුවරුවේ F5 යතුර මගින් අපට පහසුවෙන් කේතය compile කරගත හැක. එමෙන්ම නිවැරදිව compile වූයෙ නම් එමගින් output එකද දිස්වේ.
Output window
ක්‍රමලේඛය නිවැරදිව compile වී output එකක් ලබාගැනීමට හැකිවූයේ නම් ඔබේ source code එක save කල ස්ථානයේ එම නමින් .exe ෆයිල් එකක් දැක ගත හැකිවනු ඇත. එය ඔබ ලියු program එකෙහි සාර්ථකව නිපදවු application එකයි. එනම් ඔබ සාර්ථකව පළමු ක්‍රමලේඛය සකස්කරගෙන හමාරය. එය මත double click කිරීමෙන් සරලව ඔබේ ක්‍රමලේඛය run කල හැක. එය සැනෙන් දිස්වී නොපෙනි යනු ඇත.
මෙම ලිපියට අදාල source file එක මෙතනින් බාගත කරගන්න.
ඔබේ ප්‍රශ්න හා යෝජනා, චෝදනා, අදහස්, පහතින් comment කිරීමෙන් හෝ විද්‍යුත් තැපැල් මගින් යොමු කරන්න.
ndp.mymail@gmail.com
මීලඟ පාඩමින් හමුවන තෙක් ඔබට සැමට ජය...
Thursday, June 21, 2012
Wednesday, June 20, 2012
CSS සිංහලෙන් -01
මම අද පටන්ගන්න මේ පාඩම් මාලාවෙන් ඔයාලට CSS එහෙමත් නැත්තම් වෙබ් ඩිසයිනින් වලදි වැදගත් වෙන තවත් එක් භාෂාවක් පිලිබදව සරළව කියල දෙන්නම්.
මොකද්ද මේ CSS ?
අපි දන්න විදියට වෙබ් අඩවි නිර්මානයෙදි ප්‍රධාන ලෙස භාවිතා කරන ක්‍රමලේඛන භාෂාව තමා HTML. නමුත් වේබ් පිටුවට ලස්සන හැඩ වැඩ දාද්දි යම් යම් සීමා තියනව. ඉතින් මේ සීමාවන් ඉවත් කරන් වෙබ් පිටු ලස්සන කරන්න තමා මුලිකවම css පාවිච්චි කරන්නෙ.
CSS කියන්නෙ Cascading Style Sheet කියන එක. තේරුන් නෑ නේද? හරි , මම කියල දෙන්නම්, වෙබ් පිටු අලංකරනයට යොදා ගන්න පසුතල සහිත සැකැස්ම එහෙම නැත්තම් layout එකට අපි කියනව ස්ටයිල් ෂීට් ( style sheet ) කියල. ඉතින් ඒ වගේ ස්ටයිල් ෂීට් ගණනාවක් සම්බන්ද කරගත්තම කියනව කැස්කේඩින් ස්ටයිල් ෂීට් කියල(CSS).
CSS වල වැඩකටයුතු ගොඩක් වෙලාවට HTML ඇසුරෙන් තමයි එලියට එන්නෙ. ඒ කියන්නෙ HTML වලින් හදන වෙබ් අඩවි ලස්සන කරන්නෙ CSS වලින්. ඒ නිසා පොඩි HTML දැනුමක් ඕන වෙනව.. HTML පාඩම් මාලාව
CSS වල ඉතිහාසය ?
වෙබ් අලංකාර කිරීමෙ අදහස බෙල්ජියම් ජාතික රොබට් කැලියු කියන පුද්ගලයගෙ. නමුත් ඒ සදහා ස්ටයිල් ෂීට් ක්‍රමය තෝරගත්තෙ W3C ආයතනයයි.විවිධ ස්ටයිල් ෂීට් ක්‍රම අතුරින් CSS ක්‍රමය තොර ගත්තෙ නෝර්වීජියානු ජාතික හැකොක් වියුම් ලී විසින්.
හරි , එහෙනම් අපි ඉදරි පාඩම් වලින් කතාකරමු කොහොමද CSS වලින් වෙබ් අඩවියක් ලස්සන කරන්නෙ කියල.
ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකකින් අහන්න...ඊයකින් අහනවනම් harsha.thewalaarachchi@gmail.com
C භාෂාව සමඟ ක්‍රමලේඛණය හඳුන්වාදීම- Programming with C language introduction
C භාෂාව පරිගණක භාෂාකරණයේ අත්පොත ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඉදිරියේදි මෙම ලිපි පෙලින් C පරිගණක භාෂාව සමග ක්‍රමලේඛනය කරන විදිය ගැන සරලව සිංහලෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
ඉතිහාසය:
C භාෂාවේ නිර්මාතෘ වරුන් වන්නේ ඩෙනිස් රිචි සහ බ්‍රයන් කනිංහැම් යන පරිගණක විද්‍යාඥ්‍යවරුන් දෙපලයි. ඒ 1969-1973 කාලයේදි K&R දෙපල විසින් බෙල් දුරකතන විද්‍යාගාරයේදි UNIX පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ භාවිතය සඳහා C භාෂාව නිර්මාණය කරන ලදි.
අවශ්‍ය මෘදුකාංග සපයා ගන්න:
C ඉගෙන ගැනීමේදි මෙන්ම අප ලියන ක්‍රමලේඛ (Codes) compile කරගැනීම සඳහා Compiler එකක් තිබිය යුතුය.
ඒ සඳහා මා භාවිතා කරන්නෙ Borland Turbo C++ 4.51Compiler මෘදුකාංගයයි.
එය මෙතනින් බාගත කරගන්න.
එසේ නැතිනම් C-free 5 මෘදුකාංගය මෙතනින් බාගත කරගන්න.
C-free බාගත කොට ස්ථාපනය කරගත් ඔබ එය රෙජිස්ටර් කල යුතුය. එසේ නැතිනම් දින 30කින් එහි ක්‍රියාකාරීත්වය අහෝසිවනු ඇත.
ඒ සඳහා C-free Open කර එහි Help යටතේ ඇති Register වෙත යන්න.
එය පහත ආකාරයට පුරවා OK කරන්නCompany or Username: TEAM MESMERiZE
E-mail Address:
MESMERiZE@wejustdo.it Registration code:
5Onmluz+3IHs7MK+w9nGr83Dm7Ld+PCa5Iz4nvrh8InA9vDb
ඉහත මෘදුකාංග දෙකෙන් ඕනෑම එකක් ස්ථාපනය කරගත් පසු ඔබ C programming සඳහා සන්නද්ධව සිටියි.
මීලඟ පාඩමෙන් C programming පළවන පාඩම ආරම්භ කරන තෙක් ඔබ සැමට ස්තූතියි.
මේ සම්බන්ධ ඕනැම ගැටලුවක් පහතින comment කරන්න.
නැතිනම් මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට එවන්න.
ndp.mymail@gmail.com
HTML සිංහලෙන් පාඩම 2 - Tags
පසුගිය පාඩමෙන් අප යම් තරමක හෝ අවබෝධයක් HTML පිළිබඳව ලබා ගත්තා මතක ඇතැයි සිතමි. ඒ ටික මතක නැත්තම් හරි බලන්න බැරි උනා නම් හරි මෙතනින් ඒ ලිපිය කියවලම අද වැඩ පටන් ගමු. අද මම කරන්නේ ඒ ලිපිය නවත්තපු තැන සිට ඉදිරියටයි.
මම අන්තිමටම කලේ tag ගැන පොඩ්ඩක් කියපු එකනේ, අද අපි තව දුරටත් ඒ ගැන කතා කරමු. HTML වලින් document එකක් නිර්මාණය කර ගැනීමේදී අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් මෘදුකාංග තිබුනත් මම මෙහිදී භාවිතා කරන්න හිතාගෙන ඉන්නේ Notepad එක පාවිච්චි කරල කරන ක්‍රමය. මොකද notepad එකේ code කිරීමේදී අතින් සෑම code එකක්ම ලියන්න සිදුවෙන නිසා tags පිළිබඳ ඔබේ දැනුම තවත් දියුනුවේවි එය කිසිදා Micromedia Dreamviewer වැනි මෘදුකාංග භාවිතයෙන් ලබා ගත හැකි නොවේ.
අපි පහතින් Tags වල විශේෂතා කිහියක් ගැන දැන ගනිමු.
- HTML tag එකක් හැදෙන්නේ Keyword එකක් <.....> මෙන්න මේ angle brackets වලින් වට උනාමයි. උ.දා - <html>
- ඒ වගේම සාමාන්‍යෙයන් HTML tags තයෙන්නේ යුගල වශයෙන්. උ.දා - <html> සහ </html>
- <.......> මේ විදිහට තියෙන tag එකට අපි කියනව ආරම්භක tag එක (opening tag) කියල.
- </......> මේ විදිහට තියෙන tag එකට අපි කියනව අවසාන කිරීමේ tag එක (closing tag) කියල.
දැන් ඔයාලට හිතෙනව ඇති අපිට මොකටද මේ tags කියල?, අපි HTML වලින් යම් නිර්මාණයක් කිරීමේදී අපේ සෑම කොටසක්ම නිවැරදිව කියවන්නාගේ web browser එකට විස්තර කර දිය යුතුවේ. මෙන්න මේ භාරදූර කාර්යය තමයි tags වලින් අපි ඉෂ්ඨ කර ගන්නේ. (හැබැයි ඉතින් සෑම web browser එකක්ම බහුතරයක් tags එකම ආකාරයකට කියෙව්වත් සමහර tags එසේ නොවෙන්න පුළුවන්) මම හිතනව දැන් ඔයාලට tags ගැන පොඩි හෝ අවබෝධයක් ලැබුනා කියල.
HTML coding කරනකොට සාමාන්‍ය පිළිවෙල තමයි <opening tag> අන්තර්ගතය <closing tag> යන ආකාරයට ලිවීම. මේක වෙනස් වෙන අවස්තාත් නැතුවම නොවෙයි. අපි ඒවා ගැන අදාල තැන් වලදිම කතා කරමු, දැනට මේ විඳිහ මතක තියාගන්කෝ. විශෙෂ අවස්ථා පස්සේ මතක තියා ගමු.
අදට පාඩම නිමයි. අපි ඊළග පාඩමෙන් අපේ පළමු HTML web page එක හදමු. ගිහින් එන්නම්. ප්‍රශ්න තියෙනවානම් comment කරන්න. ඊළග පාඩමෙන් හමු වෙමු.
Subscribe to:
Posts (Atom)