Thursday, April 14, 2016

1 වන පාඩම - හැඳින්වීම (Java Introduction)

ජාවා පරිගණක භාෂාව ස්ථාපනය කරගැනීම සහ මූලික අංග ගැන අපි මෙම ලිපියෙන් සලකා බලමු.
ජාවා සමග වැඩකිරීමට ඔබ සතුව JDK (Java Development Kit) එක පැවතිය යුතුය.

මෙම සබැඳියෙන් ඔබට JDK 8 නවතම සංස්කරණය බාගත කරගත හැකිය.

ජාවා යනු විවෘත කේත (Open source) පරිගණක භාෂාවකි. එමෙන්ම දැනට ලොව ජනප්‍රියතම පරිගණක භාෂා අතර පෙරමුණේ රැඳී සිටිමට ජාවා පරිගණක භාෂාවට හැකිවී ඇත.

JVM (Java virtual machine)

ජාවා පරිගණක වැඩසටහන Cross Platform පරිගණක වැඩසටහනක් ලෙස හඳුන්වයි. එනම් ජාවා පරිගණක භාෂාවෙන් ලියන ලද වැඩසටහනක් ඕනෑම පරිගණකයක JVM වැඩසටහන මත ධාවනව කල හැකිය. මෙසේ වන්නෙ ජාවා වැඩසටහන් ධාවනය වන්නෙ JVM නමැති අතථ්‍ය යන්ත්‍රය මත වීමයි. එනම් windows හෝ වේවා Mac හෝ වේවා Linux හෝ වේවා ඕනෑම OS එකක් මත JVM එක ස්තාපනය කිරීමෙන් Java වැඩසටහන් සඳහා සහය ලබාගත හැකියි. මෙම JVM වැඩසටහන එක් එක් OS එක සදහා වෙනමම (Native Application) එකක් ලෙස ලබා දී ඇත. ඔබේ පරිගණකයේ OS එකට අදාල JVM එක සථාපනය කරගැනීමෙන් ඕනෑම පරිගණකයකදී නිර්මාණයක කරන ලද Java වැඩසටහනක් ධාවනය කරීමේ හැකියාව එමගින් ලැබේ.


Java source file (.java) java කම්පයිලරය හරහා byte code file(.class) එක බවට හරවන අතර එම byte code files, JVM එක මත ධාවනය කල හැකිය.  

JRE Vs JDK (Java Runtime Environment Vs Java Development Kit)

JRE යනු Java Runtime Environment යන්නයි. එනම් JVM එකෙහි අන්තර්ගතයයි. මෙහි අන්තර්ගතය වශයෙන් JVM පද්ධතිය ධාවනය වන අවස්ථාවේදී භාවිතා වන Files සහ Libraries අඩංගු වේ.

JDK යනු Java Development Kit යන්නයි. මෙහිදී JRE + Development Tools අඩංගු වේ. එනම් සාමාන්‍ය JRE පද්ධතිය වගේම මෙහි Compiler එක ඇතුලු අනෙකුත් Java Development සදහා දායක වන Files සහ Libraries අඩංගු වේ.

7 comments:

  1. මේක හැදින්වීමක් විතරද ?
    ලංකවේ ගොඩක් සයිටි තියෙනව ජාවා උගන්නන(ව වගේ පෙන්වන)
    හැමෝම කොලේ වහල හගන්නේ
    මේක එහෙම නොවෙයි කියල හිතනව

    ReplyDelete
    Replies
    1. අපි මෙම වෙබ් අඩවිය හරහා මුදල් ඉපැඊමේ නොයෙදෙමු. මෙම වෙබ් අඩවිය පවත්වාගන යාමේ අරමුණ වන්නේ හුදෙක් අප සතු දැනුම තවත් අය සමග බෙදා ගැනීමයි. මෙම ලිපිය ජාවා පාඩම් මාලාවේ ආරම්භක ලිපියක් වන අතර ඉදිරියේදී ජාවා ක්‍රමලේඛ භාෂාවේ මූලික සිද්ධාන්තයන් වලින් නොනැවතී උපරිම දැනුමක් සිංහල භාෂාවෙන් පාඨකයන් වෙත නොමිලයේම ලබාදීම අපගේ අරමුණයි. ඒ සදහා කාලය වැය වනු ඇත. නුමුදු නොනැවතී ඉදිරියට යාම අපේ බලාපොරොත්තුවයි. රැදී සිටින්න.

      Delete
  2. මචන් දිගටම කරගෙන යමු. ජය වේවා....!

    ReplyDelete
  3. good machan digatama karagena yanna>

    ReplyDelete
  4. Jayen jaya digatama karagena yanna congratulations...

    ReplyDelete