Friday, August 14, 2015

Arduino සිංහලෙන් - හැඳින්වීම



කෝඩින් සිංහලෙන් හි මේ අලුත් පාඩම් මාලාව මම පොඩි කියමනකින්ම පටන් ගන්නම්,


"Creativity is just connecting things." - Steve Jobs


අපේ මේ පාඩම් මාලාවට මේ කියමන හරි අපූරුවට ගැලපෙනව, ඒ මේ මගින් ඔබේ Electronic හෝ Computer Programming පිළිබඳව ඇති දැනුම හෝ වෙනයම් එවැනි කරුණුමත පදනම් නොවී ඔබේ නිර්මාණශීලීතාවට ඉඩක් ලබා දීමට ඇති හැකියාව නිසයි. Arduino ගැන දැනටමත් දන්න අයට හෝ යම් කිසි අදහසක් තියෙන අයට මම අදහස් කල දේ දැනටමත් තේරුම් ඒන්න ඇති. එ්ත් මේ අතරේ Arduino අලුතෙන්ම ඉගෙන ගන්න ආපු අයටනම් පොඩ්ඩකක් අන්ඩර දෙමළ වගේ ඇති. :D පොදුවේ මේ හැම දෙනාටම මෙම හැඳින්වීමේ ලිපියේදී හොඳ අවබෝධයක් ලබා දෙන්නයි අපේ බලාපොරොත්තුව.

Arduino ගැන එයාලගෙම වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ මෙහෙමයි, 

"Arduino is an open-source prototyping platform based on easy-to-use hardware and software."


Arduino උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මොවුන්ගේ ප්‍රධාන අරමුණ වනුයේ electronics හෝ programming පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පරේෂණ කිරීමට හැකි පහසු platform එකක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත්. Arduino වල හදවත වන්නේ micro controller එකක් සහිත board එකකි. (පහත රූපයේ දැක්වෙන්නේ Arduino Uno නැමැති board එකයි)



Arduino වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම Board එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. එම නිසා මෙම තාක්ෂණය අපිට රිසි සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් Aduino board වල ක්ලෝන (Clones) සාදා විකුණනු ලබනවා. Original Arduino board එකක් හා සංසන්ඳනය කිරීෙම්දී මේ ක්ලෝන ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනව. ඒකත් අපි රටේ මේ තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට හේතුවක්.

Arduino වලින් ප්‍රයෝජනයක් ගන්න මේ board එක විතරක් තිබිල මදි. මේ board වලට වවිධ වූ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙනව. එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.

දැන් ඔබ කල්පනා කරනවා ඇති Arduino හා programming සම්බන්ධ වන්නේ කොහොමද කියන දේ, ඒක තමයි Arduino හි සුවිශේෂීත්වය, ඒ අපිට මේ board සඳහා program එකක් ඇළුලත් කර ගැනීමේ හැකියාවයි. මේ සඳහා අපි යොදා ගන්නේ "The Arduino Software" නැමැති IDE (Integrated Development Environment) එකයි. (පහත රූපය බලන්න)



ඒවගේම මේ board වල හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමට අපිට Arduino විසින්ම විවිධ වූ expansion boards හඳුන්වා දී තිබෙනවා. ඔවුන් ඒවා හඳුන් වන්නේ Shields කියායි. මේ Shields වල සුවිශේෂීත්වය තමයි ප්‍රධාන board එක මත මේ shields ඉතා පහසුවෙන් සවිකර භාවිතයට ගැනීමේ හැකියාවයි.  (පහත රූපය බලන්න, මෙහිදී Arduino Uno board එකට Shileds දෙකක් සවි කර තිබෙනව)



දැන් ඔබට මම මුළින් උපුටා දක්වපු වැකියේ අදහස වඩාත් පැහැදිලි ලෙස අවබෝධ වනවා ඇති. මේ විදිහට Arduino යොදාගෙන අපිට කරන්න පුළුවන් නිර්මාණ ඉතා විශාලයි එය ඔබේ නිර්මාණශීලීත්වය හා අවශ්‍යතාවය මත රදා පවතිනු ඇත. 

අපි Arduino ගැන තවත් විස්තර රැගත් තව ලිපියකින් ලගදීම හමු වෙමු. ඔබට ඇති ගැටළු හා අදහස් මෙහි comment කරල යන්න අමතක කරන්න එපා ඒක අපිට ඊලග ලිපිට සඳහා දිරිමත් කිරීමක් වනු අැති.

References 

https://en.wikipedia.org/wiki/Arduino 
https://www.arduino.cc/

32 comments:

  1. කාලීන අවශ්‍යතායකට මනා පිලිතුරක් ඔබගේ උත්සාහයට මාගෙන් තුති

    ReplyDelete
    Replies
    1. අපිව දිරිමත් කරන ඔබට ගොඩක් ස්තූතියි.

      Delete
  2. මචන් මේක දිගටම කරමු. පැහැදිලිව මුල ඉඳල දාන්න.මේකෙන් කරන්න පුළුවන් දේවල් එහෙම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, මම හිතාගෙන ඉන්නේ මුලින් Arduino ගැන හැදින්වීමක් කරල, දැන ගත යුතු කරුණූ එහෙම කියල පොඩි project එකක් කරන හැටි කියල දෙන්න. ඒ විදිහට project කියල දෙන ගමන්ම ඒ හා සම්බන්ධ වැදගත් කරුණුත් ඒත් එක්කම කියල දෙන්නයි හිතාගෙන ඉන්නේ. තව අවශ්‍ය කරන බඩු ගන්න පුලුවන් තැන් එහෙමත්.

      Delete
  3. මගදි නවත්තන්න නං එපා ටියුටෝරියල් එක.. මම බෝර්ඩ් එකයි බ්‍රෙඩ් බෝර්ඩ්, ජම්පර් කේබල් ටිකයි ඕර්ඩර් කරලා මේ ගැන තව විස්තර හොයන ගමන් ඉන්නේ.. මම හොයපු තැන්වලින් පළවෙනි ලිපියෙන්ම හොඳ පැහැදිලි විස්තරක් සරලව ලියලා තිබුණ හොඳම සිංහල ලිපිය තමයි මේක.. මම මාත් එක්ක ඉගෙනගන්න තව යාලුවො දෙතුන් දෙනෙක්වත් හවුල් කරගෙන මේක ඉගෙනගන්න පටන් ගන්නයි ඉන්නෙ.. උන්ට විස්තර දැනගන්න මේකේ ලින්ක් එක යවන්න පුලුවන් දැන්.. බොහො ම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මම මේ ලිපි පෙළ දිගටම කරගෙන යනවා. ඔබගේ දිරිමත් කිරීමට බොහොම ස්තූතියි. ඉතාමත් ඉක්මනින් ඊලග ලිපිය පල කරන්නම්.

      Delete
  4. ගොඩක් හොද ලිපියක්.මමත් arduino ගැන ටිකක් විතර දන්නව.(arduino සාගරයක් නම් දෝතක් විතර :3 ). පුලුවන්නම් ඔයාවත් කෝඩින් කරන විදිය ඉදිරි පෝස්ට් වල දාන්න.ගොඩක් බ්ලොග් වල කෝඩ් එක දීල තියනව.එ්ත් අපි දන්නෙ නෑ කොහොමද එහෙම උනේ කියල.දිගටම කරගෙන යන්න.ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට, ඔයාලගේ අදහස් අපිට ඉතාමත්ම වැදගත්. මම පුළුවන් ඉක්මනින් ඊලග පිලිය ඉදිරිපත් කරන්නම්.

      Delete
  5. digatama liyanna asawen bln inawa

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම, මේ දවස් වල ටිකක් කාර්ය බහුලයි ඉඩක් ලැබුන ගමන්ම ඊලග ලිපිය ඉදිරිපත් කරන්නම්.

      Delete
  6. Puluwannam Ubuntu Server akak Virtual Box vala Hadaganna hati gana Article akak liyannako....

    ReplyDelete
    Replies
    1. අපි උත්සාහ කරන්නම්.

      Delete
  7. maarai.... mama aawa nethi dawas tikata niyama paadamak patan aranne..... niymai...

    ReplyDelete
  8. ඔයා කරන දේ ගොඩක් හොදයි
    දිගටම කරගෙන යන්න
    මම නම් තාම අලුත් Arduino වලට
    Step by Step ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට, මමත් හිතාගේන ඉන්නේ එහෙම තමයි. පොඩිම තැන ඉදල ඉදිරියට යන්න.

      Delete
  9. දන්න තාක්‍ෂණය අපිත් එක්ක බෙදා ගන්න එක අපි වගේ නොදන්න අයට ලොකු උදව්වක්...
    මේ වගේම ඔයාගේ වැඩත් සාර්ථක වෙන්න කියලා පතනවා

    ReplyDelete
  10. මම ebay එකෙන් arduino uno එකක් බැලුව. එකෙ uno board තියෙනව ch340 සහ atmega16u2 කියල chip වර්ග දෙකකින්.මොකක්ද හොද එක?

    ReplyDelete
    Replies
    1. ATmega16U2 එකක් ගන්න එක හොඳයි.

      Delete
  11. Arduino wala warahan dana widiyath kiyala denna

    ReplyDelete
    Replies
    1. Arduino කියල කිසිම විශේෂත්වයක් නෑ ඒකේ, අනිත් ඕනෑම programming language එකක් වගේමයි. ඉදිරි ලිපි වලදි code explain කරද්දි වැඩි විස්තර දැනගත හැකියි.

      Delete
  12. digatam meka karanna bro godak igan ganna ayat wadagath {ARDUINO LANGUAGE REFENCE} ganath wena wenma kathakaranwanm me karagena yana wade godak ayat pahadili wei (buttala0;

    ReplyDelete