Friday, November 8, 2013

කව්ද කැමති Microsoft Certified Solutions Developer (MCSD) කෙනෙක් වෙන්න ? - හැඳින්වීම


                  කොඩින් සිංහලෙන් කණ්ඩායමේ තවත් එක් ප්‍රයත්නයක් විදිහට අද සිට අපි ගෙන එන නවතම පාඩම් මාලාව ගැන කියන්නයි මේ හඳන්නේ. ගොඩක් අය MCSD ගැන අහල ඇති, ඒ වගේම කරපු අයත් ඇති, තවත් පිරිසක් ඉන්නම මේ ගැන මුකුත්ම දන්නේ නැති. ඉතින් මේ හැම කොටසමට මම ආරාධනා කරනව අපිත් එක්ක මේ දැණුම බෙදා හදා ගෙන ඉදිරියට යමු කියල.
                  හරි අපි දැන් බලමු කව්ද මේ Microsoft Certified Solutions Developer කෙනෙක් කියන්නේ කියල, Software industry එකත් එක්ක ඉන්න අය දන්නව අද වන විට මෘදුකාංග ලෝකයේ එක් ප්‍රධාන කොටස් කරුවෙක් වන්නේ Microsoft සමාගමයි. මේ සමාගමට අයත් පරිඝණක භාෂා උපයොගී කරගෙන විවිධාකරයේ මෘදුකාංග ලියවෙනව. අපි හැමොම වගේ දන්න Visual Basic.Net වගේම C#.Net, ASP.Net ද අයත් වන්නේ මේ සමාගමටයි. අපි මේ භාෂා විවිධාකාරයේ ක්‍රමමගින් ඉගෙන ගන්නව. සමහර අයෙක් තනිවම පොතක් කියවල හෝ වෙනත් ආකාරයේ tutorial එකක් ආධාරයෙන් ඒ හැකියාව ලබා ගනිද්දි තවත් අයෙක් උපකාරක පන්තියක ආධාරය සහිතව හෝ වෙනත් ආයතනයකින් එය ලබා ගන්නව. මේ මොන ක්‍රමයට දැනුම ලබා ගත්ත් මේ හැම දෙනාම ඉල්ලුම් කරන්නේ ඒකම රැකියාවකටයි. මෙ හැමොගෙම දැනුම මට්ටම ආයතනික වශයෙන් මැන ගැනීම අත්‍යවශ්‍යයි. මෙන්න මේ කාර්යය පහසුකර ගැනීමට හා තම තමන්ගේ පෞද්ගලික දැනුම් මට්ටම හා හැකියාව සඳහා සහතියක ලබා ගැනීමේ අරමුණින් Microsoft සමාගම හඳුන්වාදී ඇති වැඩසටහනකි මේ. මෙහි වටිනාකම වන්නේ මෙය ජාත්‍යන්තර වශායෙන් පිළිගැනීමක් ඇති සහතිකයක් වීමයි. 
                        මම මේ පාඩම් මාළාව තුළීන් බලාපොරොත්තු වන්නේ ඔබට MCSD : Web Applications යන සහතිකය ලබා ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීමටයි. මේ සඳහා ඔබ විභාග 3ක් සම්පූර්ණ කල යුතු වෙනවා.


                       මම හිතුව Exam 486 - Developing ASP.NET 4.5 MVC Web Applications කියන විභාගයෙන් මේ පටන් ගන්න මොකද මේ දවස් වල MVC ඉතාමත් උණුසුම් මාතෘකාවක් වෙලා තියෙන නිසා. මේ සඳහා Microsoft සමාගම විසින්ම උපකාරක පොතක් නිකුත් කරල තියෙනව,


                  පුළුවන් නම් හොයා ගෙන කියවන්න. මිලදී ගන්නවානම් Ebay හෝ Amerson වෙබ් අඩවිවලින් ගන්න පුළුවන්. (වෙනත් ක්‍රම වලිනුත් හොයා ගන්න පුළුවන් වේවි සමහර විට) අපි මීළග පාඩමේ ඉදල සවිස්තරාත්මකව පාඩම් ඉගෙන ගමු. යන්න කලින් මතක් කරන්න ඕන මේ exam ලංකාවේදී පවත්වන ආයතන තියෙනව ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට මේ විභාග වලට අයදුම් කරන්න පුළුවන්. මුදලනම් ඉතින් වෙනස් වන සුළුයි.  එහෙනම් අපි ඊලග පාඩමෙන හමු වෙමු.



                              

6 comments:

  1. මම එනවෝ

    ReplyDelete
    Replies
    1. අපි ඔබව සාදරයෙන් පිළිගන්නව................!

      Delete
  2. හොද වැඩක් ......අපි හැමදාම ඔබ සමග........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අපි ඉක්මනින්ම ඊලග ලිපියෙන් හමු වෙමු.

      Delete