Tuesday, April 2, 2013

Tips #2 - WAMP Server එකේ PHP Curl Activate කරගන්න හැටි.


             හැමෝම දන්නවනේ PHP කියන්නේ server side scripting language එකක් කියල. අද මම කියන්නේ PHP සමඟ ලැබෙන CURL කියන පහසුකම අපේ WAMP Server එකේදි කොහොමද activate කරගන්නේ කියල. ඊට කලින් කියන්නම් ඇයි අපිට CURL ඕන කියල, සරලව කියනවානම් CURL කියන්නේ Library එකක් අපිට PHP වලදි HTTP requests කරන්න පහසුකම් සලසා දෙන. මේ මගින් ඔබට වවිධ වූ Servers සමග වවිධ වූ protocols භාවිතා කරමින් සන්නිවේදනය කල හැකියි. වැඩි විස්තර සඳහා මේ ලින්ක් එකෙන් PHP නිල වෙබ් පිටුවට පිවිසෙන්න.

http://www.php.net/manual/en/intro.curl.php

දැන් අපි බලමු මෙයා කොහොමද local server එකට දා ගන්නේ කියල,

පියවර 1

          මුලින්ම අපි කරන්න ඕන C:\wamp\bin\php\php5.4.3 කියන පාත් එකේ (ඔබට අදාලව මෙම පාත් එක සුළු වශයෙන් වෙනස් විය හැක) php.ini කියන file එක text editor එකක් භාවිතා කරල open කර ගන්න.

පියවර 2

             දැන් එකේ තියෙන extension=php_curl.dll කියන line එක හොයා ගෙන ඒක uncomment කරන්න.

පියවර 3

            ඊලගට ඒ විදිහටම මේ C:\wamp\bin\apache\apache2.4.2\bin පාත් එකේ තියෙන php.ini, file එකෙත්  extension=php_curl.dll කියන line එක හොයා ගෙන ඒකත් uncomment කරන්න.

පියවර 4

             දැන් මේ link එකෙන් ඔයාලට අදාල Fixed Curl versions යටතේ තියෙන Curl version එක download කරගන්න. පළමුව VC version එක try කරන්න. 

පියවර 5

             ඊලගට මේ C:\wamp\bin\php\php5.4.3\ext folder එකේ තියෙන file එක ඔබ download කරගත්ත file එකෙන් replace කර ගෙන WAMP server එක restart කරල බලන්න.

2 comments:

  1. PHP භාවිතයට උදාහරණ ටිකක් දෙන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේවල් තියෙනව, සරලව ගත්තොත් server side එකේ වැඩ කටයුතු සියල්ලම පාහේ සිදු වන්නේ PHP වලින්. තවත් ඒ වගේ යොදාගත හැකි භාෂා තියෙනව. උදාරණයක් විදිහට අපි form එකක් fill කරල submit කරාම ඒ data, server එකේ database එකේ save කිරීම වගේ දේවල් වලින් පටන් ගෙන ඉතා ගැබුරු දේ දක්වා ගමන් කරනව මේව. ඒ වගේම වෙබ් පිටුවක අන්තර්ගතය ඒ userට අනුව වෙනස් කිරීම වගේ දේවලුත් කියන්න පුළුවන්.

      Delete