හැමෝම දන්නවනේ PHP කියන්නේ server side scripting language එකක් කියල. අද මම කියන්නේ PHP සමඟ ලැබෙන CURL කියන පහසුකම අපේ WAMP Server එකේදි කොහොමද activate කරගන්නේ කියල. ඊට කලින් කියන්නම් ඇයි අපිට CURL ඕන කියල, සරලව කියනවානම් CURL කියන්නේ Library එකක් අපිට PHP වලදි HTTP requests කරන්න පහසුකම් සලසා දෙන. මේ මගින් ඔබට වවිධ වූ Servers සමග වවිධ වූ protocols භාවිතා කරමින් සන්නිවේදනය කල හැකියි. වැඩි විස්තර සඳහා මේ ලින්ක් එකෙන් PHP නිල වෙබ් පිටුවට පිවිසෙන්න.
දැන් අපි බලමු මෙයා කොහොමද local server එකට දා ගන්නේ කියල,
පියවර 1
මුලින්ම අපි කරන්න ඕන C:\wamp\bin\php\php5.4.3 කියන පාත් එකේ (ඔබට අදාලව මෙම පාත් එක සුළු වශයෙන් වෙනස් විය හැක) php.ini කියන file එක text editor එකක් භාවිතා කරල open කර ගන්න.
පියවර 2
දැන් එකේ තියෙන extension=php_curl.dll කියන line එක හොයා ගෙන ඒක uncomment කරන්න.
පියවර 3
ඊලගට ඒ විදිහටම මේ C:\wamp\bin\apache\apache2.4.2\bin පාත් එකේ තියෙන php.ini, file එකෙත් extension=php_curl.dll කියන line එක හොයා ගෙන ඒකත් uncomment කරන්න.
පියවර 4
දැන් මේ link එකෙන් ඔයාලට අදාල Fixed Curl versions යටතේ තියෙන Curl version එක download කරගන්න. පළමුව VC version එක try කරන්න.
පියවර 5
ඊලගට මේ C:\wamp\bin\php\php5.4.3\ext folder එකේ තියෙන file එක ඔබ download කරගත්ත file එකෙන් replace කර ගෙන WAMP server එක restart කරල බලන්න.