Sunday, February 17, 2013

Android Few Stuff - මේවත් දැන ගන්න


   
 
Android - Few Stuff
මේවත් දැන ගන්න එක හොඳයි...




ඇත්තටම කෙටි විරාමයකට පස්සේ Android ගැන තවත් අලුත් වැදගත් දේවල් කිපයක් කතා කරන්න තමයි මේ අපි ලෑස්ති වෙන්නේ. 

මේ ලිපිය ටිකක් කෙටි ලිපියක් වේවි, මොකද මම මේ ලිපිය හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී අපි කතා කරන්න යන දේවල් හා ඉතා සුළු නමුත් වැදගත් කරුනු කිහිපයක්.


මොකද්ද මේ R.java file එක ?

  මතක් කරලා බලන්නකෝ ඔයාල පාසලට ඇතුලත් උනාට පස්සේ, ඔයාලට ඇතුලත් වීමේ අංකයක් ලැබුනා නේද? එතකොට පාසලේ සිදු කරපු ඔයාලගෙ විවිධ කටයුතු වලදී ඔයාලව හඳුනා ගන්න භාවිතා කලේ ඒ ඇතුලත්වීමේ අංකය නේද? සමහර වෙලාවට ඔයාලව ඔයාලගෙ නමින් හඳුන් වෙන්නේ නැතිව, ඔයාලගෙ ඇතුලත්වීමේ අංකයෙන් හඳුන්වන්න ඇති. එකක් මතක් කලොත් ඔයාලගෙ වාරෙ අන්තිමට ලකුණු දාන වෙලාවෙ, ඒ පොතේ තිබුනේ ඇතුලත්වීමේ අංකය, ඒ වගේම ඔයාලගෙ පැමිණීම ලකුණු කරපු පැමිණීමේ නාම ලේඛනයේ ඔයාලගෙ නමත් එක්කම තිබුනේත් ඔය කියපු ඇතුලත් වීමේ අංකය.

ඒ විදියට අංකයක් යොදාගෙන තියෙන්නේ හඳුනා ගැනීමේ හා නම් කිරීමේ පහසුව සඳහා, ඒ පාසලේදී නේ..., එතකොට Android වල මේ R.java file එක හරහාත් කරලා තියෙන්නේ අපේ Android App එකක තියින සියලුම resources වලට, ඒ කියන්නේ..., variables, objects, strings, colors වගේ හැම එකක් සඳහාම int type id එකක් තියා ගන්න එක. ඔයාලට ඔය R.java file එක open කලොත් බලා ගන්න පුළුවන් int type variables ගොඩක්.


අපේ Android App එකේ හඳුන්වලා දීපු මොකක් හරි resource එකක් තවත් තැනක භාවිතා කරනවා නම් ඒ සඳහා අපි මේ R.java file එක භාවිතා කරනවා. ඒක භාවිතා කරද්දී, R.layout.*, R.id.*, R.string.* යන ආකාර වලින් අපේ resources පෙන්නලා දෙන්න පුළුවන්.




එතකොට AndroidMainifest.xml කියන්නේ මොකද්ද?

  මෙය සෑම Android App එකක් සඳහාම පොදු හා තිබිය යුතුම අංගයක්. මේ AndroidMainifest එක හරහා අපේ App ගැන අවශ්‍ය කරනම තොරතුරු Android system එකට කියලා දෙන්නේ. එතකොට Android system එකකින් Android App එකක් run කරන කොට මුලින්ම කරන දේ තමයි AndroidMainifest එක කියවලා, එම App සඳහා ඕනි කරන පරිසරය Android device එක තුල සකස් කරන එක.
 

මේ ප්‍රධාන දෙයට අමතරව, පහත කටයුතුද  AndroidMainifest එක මඟින් සිදුකරයි.
  • අපේ java code එකේ තියෙන packaging හඳුනා ගෙන ඒවා සඳහා unique identifier සදා ගැනීම.
  • App එකේ තියෙන components ගැන, activities ගැන,  services ගැන (ඔයාගෙ App එක Internet හෝ google වගේ දේවල් භාවිතා කරනවා නම්)
  • App එක සඳහා ඕනි කරන්නේ මොනවගේ processes එකක්ද යන්න ගැන තීරණය කිරීම.
  • App එක සඳහා අවශ්‍ය කරන permission level එක ගැන තීරණය කිරීම. (ඔයාගෙ App එක ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය වන්නේ user permissionද,  root permissionද, යන වග)
  • App එක සඳහා ඕනි කරන අවම Android version සටහන් කරගැනීම.

හරි. අපි මේත් එක්කම Android වල තවත් අලුත් කොටසක් කතා කරන්න බලාපොරොතු වෙනවා. ඒ තමයි, Android App ක් තුල database එකක් භාවිතා කරන්නේ කොහොමද කියන එක. අපි දැනට කරලා තියෙන දේවල් එක්ක ඕනිම විදියේ instant app එකක් හදන්න. ඒ කියන්නේ, තාවකාලික තොරතුරු සමඟ වැඩ කරන app එකක්. නමුත් අපේ app එකට තොරතුරු කල් තබාගෙන වැඩ කරන්න පුළුවන් නම් හොඳයි නේද? අපි ඒකත් කලින් වතාවෙ වගේම app එකක් හදන ගමන් ම කතා කරමු.

අපි හදමු තමන්ගේම වියදම් සටහන් කරන්, ඒවා පාලනය කරන්න පහසු කරනවන app එකක්. ඔයාලත් මාත් එක්ක එකතු වෙලා, ඉගෙන ගන්න ගමන්, තමන්ට වැදගත් වෙන app එකක් හදාගෙන භාවිතා කරන්න. 

එහෙනම් අපි මීළග ලිපියෙන් මුනගැසෙමු.



ඔයාලට මේ කරපු දේ ටික ගැන ප්‍රශ්න තියෙනව නම් comment කරන්න නැති නම් mail කරන්න kavi707@gmail.com

5 comments:

  1. thnx machoooo
    api aluten add krana java file ehema okoma AndroidMainifest ekata adunwala denna oni neda ?

    Android App ක් තුල database ekath ikmanata patan gannaaaaa

    ReplyDelete
  2. ow ow, patan gannawa ikmanatama. nehe nehe, ehema ape hama java file ekakma api AndroidMainfest ekee danne ne. Aththatama api eekata danna oni, api Activity class ekak damma nam, Application class ekak damma nam wage welaawata. Applications thawa thawa karaddi oyaalatama meeka theerum ganna puluwan weewi.

    Bohooma sthuuthi... Digatama apith ekka radila inna...

    ReplyDelete
  3. නියමයි අයියේ... ඇන්ඩ්‍රොයිඩ් ප්‍රාෙයා්ගිකව....

    ReplyDelete
  4. ඔව් ඔව් මලේ... හැමදාම සුරතල් දේවල් කරලා බෑනේ...

    ReplyDelete
  5. ayye api web application ehema hadanakota templates use karanawa boostrap wage.e widiyata android app hadanakotat template use karanna puluwanda??

    ReplyDelete