Saturday, December 22, 2012

JavaScript - පාඩම 06 ( Conditional Statements )

If Statement 

if (condition)
{
code to be executed if condition is true
}

condition සත්‍ය නම් පමනක් {} තුල ඇති දෙය සිදු කරන්න

<script type="text/javascript">

var d=new Date();
var time=d.getHours();
 
if (time==11) 
{
document.write("<b>Lunch-time!</b>");
}
</script>


time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 11 නම් පමනක් Lunch-time! යනුවෙන් ලබාදේ


If...else statement 

if (condition)
{
code to be executed if condition is true
}
else
{
code to be executed if condition is not true
}

condition සත්‍ය නම් පමනක් {} තුල ඇති දෙය සිදු කරන්න නැත්නම් else පසු{} ඇති දේ කරන්න

<script type="text/javascript">

var d = new Date();
var time = d.getHours();
 
if (time < 10) 
{ document.write("Good morning!");
}
else
{ document.write("Good day!");
}
</script>



time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 10 ට අඩු නම් පමනක් Good morning! යනුවෙන්ද නැත්නම් Good day! යනුවෙන්ද ලබාදේ.

if...else if....else statement 

if (condition1)
{
code to be executed if condition1 is true
}
else if (condition2)
{
code to be executed if condition2 is true
}
else
{
code to be executed if condition1 and
condition2 are not true
}

පලමු condition සත්‍ය නම් පමනක් {} දෙවන condition සත්‍ය නම් පමනක් දෙවන {} තුල ඇති දෙය සිදු කරන්න ..... නැත්නම් else පසු{} ඇති දේ කරන්න

<script type="text/javascript">
var d = new Date()
var time = d.getHours()
if (time<10)
{
document.write("<b>Good morning</b>");
}
else if (time>10 && time<16)
     { document.write("<b>Good day</b>");
     }
     else
     { document.write("<b>Hello World!</b>");
     }
</script>


time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 10 ට අඩු නම් පමනක් Good morning යනුවෙන්ද, වේලාව 10 ත් 16ත් අතරනම් පමනක් Good day ඒ කිසිවක් සපුරන්නේ නැත්නම් පමනක් Hello World! යනුවෙන්ද ලබාදේ.

switch statement


switch(n)
{
case 1:
  execute code block 1
  break;    
case 2:
  execute code block 2
  break;
default:
  code to be executed if n is
  different from case 1 and 2
}


switch හී n ස්ථානයට ලබාදෙන variable නම ට අදාලව ලැබිය හැකි එක් එක් අගයන් සදහා සිදුකල යුතු දෑ case තුල ලියායි. ඒ කිසිම අගයක් නොලැබුන විටදී default යන්න තුල ලීයා ඇති දේ සිදුවේ.


<script type="text/javascript">

var d=new Date();
theDay=d.getDay();

switch (theDay)
{
case 5:
  document.write("Finally Friday");
  break;
case 6:
  document.write("Super Saturday");
  break;
case 0:
  document.write("Sleepy Sunday");
  break;
default:
  document.write("I'm looking forward to this weekend!");
}
</script>

theDay නමින් variable එකක් සාදා එයට දැන් දිනය ආදේශ කර ඇත.
switch හීදී දැන් දිනය 5 නම් පමනක් Finally Friday යනුවෙන්ද, switch හීදී දැන් දිනය 6 නම් පමනක් Super Saturday යනුවෙන්ද, switch හීදී දැන් දිනය 0 නම් පමනක් Sleepy Sunday යනුවෙන්ද, ඒ කිසිවක් නොවී වෙනත් දිනයක් නම් I'm looking forward to this weekend! යනුවෙන්ද ලබාදේ.


JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

5 comments:

  1. අද නම් දිගට දිගේ තියෙනවා. (කෝඩ් හින්දද මන්දා.)


    මට මෙතනට අදාල නැති ප්‍රශ්නෙකුත් අහන්න ඕනි..

    මම පීඑච්පී කරන්න වෑම්ප් සර්වර් එක දාගත්තා. ඒක ජූම්ලා වලටත් ගන්න පුලුවන්ද? ජූම්ලා වලට නම් සෑම්ප් හොඳයි කියලා අහලා තියේ. ඒත් වෙනස දන්නෙ නෑ.

    ReplyDelete
  2. @Spider - ඒක ප්‍රශ්නයක් නෑ... Wamp සහ Xampp දෙකම Local server හදාගැනීම පහසුකරගැනීම පිණිස පැමිණෙන software packages. මේවායෙ අන්තර්ගතය
    Apache, My SQL, PHP, phpMyadmin (AMPP)
    යන මූලික මෘදුකාංග සහ තවත් මෘදුකාංග කිහිපයක එකතුවක්.
    Wamp Server එක windows සඳහාත් Xampp cross platform version එක ලෙසත් හැදින්විය හැකියි.
    ඔබට joomla සඳහා අවශ්‍ය වන්නෙ apache php mysql යන මෘදුකාංගයි. එම නිසා මේ දෙකෙන් කුමක් භාවිතා කලත් ප්‍රශ්නයක් නැහැ.

    ReplyDelete
  3. අගය කල යුතු උත්සාහයක්.බොහොම සතුටුයි. :)

    ReplyDelete
  4. ස්තූතියි thanks

    ReplyDelete