Saturday, December 1, 2012

JavaScript - හැදින්වීම

මොනවද මේ javascript

Javascript කියන්නේ scripting language එකක්. මේ මගින් වෙනස් වන(dynamic) වෙබ් අඩවි සෑදීම සිදුකල හැකිය. Javascript හදලා තියෙන්නේ html තුල යොදන්න පුලුවන් වෙන විදිහට. මේ javascript වැඩ කරන්නේ වෙබ් බ්‍රවුසරය තුලයි. එනම් මෙය ක්‍රියා කර බැලීමට වෙබ් ප්‍රවුසරයක් පමනක් ප්‍රමානවත්වේ. Javascript වල ඇති කේත බොහෝදුරට C, java, වැනි පරිගනක භාශාවන්හී syntax වලට සමාන වේ. Javascript ගොනුවක extention එක .js වේ. ඒ වගේම Javascript තුල object oriented ගතිලක්ෂණද අන්තර්ගතය. Javascript වෙබ් පිටු වලින් පරිභාහිරවත් යොදා ගන්නා අවස්තා ඇත. ඒනම් PDF ගොනු සඳහා, Desktop Gadget සඳහා, සහ වෙනත් මෘදුකාංග බොහෝමයකට ද භාවිතා කරයි. 

javascript ඉතිහාසය

1994 (එනම් වසර 18 කට පෙර) දී බ්‍රෙන්ඩන් ඊච් (Brendan Eich) විසින් මුලින්ම Javascript නිර්මානය කරන ලදි. දැනට පවතින ස්ථායි සංස්කරණයක් නිකුත් කරණ ලද්දේ 2011 මාර්තු මස 22 දායි. ඒ 1.8.5 වන සංස්කරණයයි. ඉන් පසු වැඩිදියුනු කිරීම් සිදුකරන්නේ මොසිල්ලා පදනමෙන් හා (Mozilla Foundation) හා නෙට් ස්කේප් සංනිවේදන ආයතනයෙනි(Netscape Communications Corporation)


JavaScript වල නිල නාමය ECMAScript ය. 
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

4 comments:

  1. PDF download කරන්න download button එකක් නෑ නෙ?

    ReplyDelete
    Replies
    1. දැනට HTML ලිපි විතරයි PDF විදිහට download කරන්න පුළුවන්.

      Delete