Thursday, November 1, 2012

HTML සිංහලෙන් පාඩම 10 - Text Formatting



                         අපි මීට ගොඩක් කාලෙකට කලින් කරපු පසු ගිය පාඩමේදී HTML document එකකට Paragraphs එකතු කරගන්නේ කියන දේ කතා කලා. මතකද දන්නේ නෑ. එක එක වැඩ නිසා ලිපි ටික වෙලාවට කරගන්න බැරි වුනත් අද ඉදල වත් හරියට කරන්න ඕන කියල හිතා ගත්ත. අද අපි කතා කරමු HTML document එකක තියෙන text කොහොමද format කරගන්නේ කියල. 

                                                                          අපි කවුරුත් වගේ Word document හඳල තියෙනවනේ ඉතින් අපි එතකොට නිතරම වගේ මේ text formatting පාවිච්චි කරනවා නේද? ඒ විදිහටම අපිට HTML document එකත් text bold කරන්න italic කරන්න underline කරන්න සහ තවත් දේ කරන්න පුළුවන්. 

Bold

        HTML document එකක text bold කරන්න අපි භාවිතා කරන tag එක <b> කියන tag එක. පහත උදාහරනය බලන්නකෝ.


ඒක පෙන්නේ මෙන්න මේ විදිහට,


Italic ​සහ Underline

මේ දේ කරන්න අපි භාවිතා කරන්නනේ පිළිවෙලින් <i> සහ <u> කියන tags, ඒකත් අපි උදාහරනයකින්ම පැහැදිලි කර ගනිමුකෝ.


ඒක පේන්නේ මෙන්න මේ වගේ,

               ඔයාලට පේනවා ඇති දෙවැන line එකේදී මම අපි කතා කරපු tags 3නම එකම text කොටසක් සඳහා යොදාගෙන තියෙන බව ඒ වගේ වෙලාවකදී අපි පිළිවෙලින් tags open කරගෙන යනවා වගේම ඒ tags අන්තිමටම open කල tag එක මුළින්ම close වෙන ආකාරයට පිළිවෙලට close කල යුතුයි. එහෙම නැති වුනත් ඒක පේන එක වෙනස් නොවෙන්න පුළුවන් ඒ විදිහට කරන එක හොද පුරුද්දක්. එවගේම මෙය tags ඇතුලේ tags ලියන ඕනෑම අවස්ථාවකට පොදුයි.

Superscript සහ Supscript

මේ සඳහා අපි යොදා ගන්නේ පිළිවෙලින් <sup> සහ <sub> කියන tags දෙක. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි,


ඒක පේන්නේ,


Other tags 

HTML formatting tags ගොඩක් තියෙනවා ඒ ඔක්කොම උදාහරණ මගින් පෙන්වන්න අමාරුනිසා මම ඒවා ගැන පහත සඳහන් කරනව.

TagDescription
<b>Defines bold text
<em>Defines emphasized text 
<i>Defines a part of text in an alternate voice or mood
<small>Defines smaller text
<strong>Defines important text
<sub>Defines subscripted text
<sup>Defines superscripted text
<ins>Defines inserted text
<del>Defines deleted text

HTML "Computer Output" Tags

TagDescription
<code>Defines computer code text
<kbd>Defines keyboard text 
<samp>Defines sample computer code
<var>Defines a variable
<pre>Defines preformatted text

HTML Citations, Quotations, and Definition Tags

TagDescription
<abbr>Defines an abbreviation or acronym
<address>Defines contact information for the author/owner of a document
<bdo>Defines the text direction
<blockquote>Defines a section that is quoted from another source
<q>Defines an inline (short) quotation
<cite>Defines the title of a work
<dfn>Defines a definition term

                                                                                                            උපුටා ගැනීම W3schools වෙබ් අඩවියෙන්

                        තවත් වැදගත් දෙයක් තමයි අද බොහොමයක් web browsers <strong> tag එක <b> tag එක ලෙසටත් <em> tag එක <i> tag එක ලෙසටත් තමයි render කරන්නේ. තවත් පාඩමකින් හමු වෙනකම් ගිහින් එන්නම්.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.



4 comments:

  1. අහම්බෙන් වාගේ ඔන්න අපිත් ගොඩ වැදුනා


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ

    ReplyDelete
    Replies
    1. coding සිංහලෙන් සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නව...!

      Delete
  2. මාත් දැක්කේ අහම්බෙන්. ගොඩක් වැදගත් අඩවියක් නෙව මේක. බ්ලොග් සින්ඩිකේටර් වලට ඇතුලත් කරලා නැතිද ඔයාගෙ අඩවිය. නැත්නම් කල් ඇතුව අපට මුණ ගැහෙන්න තිබ්බා නෙව...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, සින්ඩි වලට දාල තමයි තියෙන්නේ. එත් පහුගිය දවස් වල අපිට blog එක නිතර නිතර update කරන්න බැරි වුනා ඒක නිසා වෙන්න ඇති..!

      Delete