Saturday, October 13, 2012

කෝඩින් සිංහලෙන් කණ්ඩායම දෙවැනි ස්ථානය දිනූ වගයි....!


         කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කොඩින් සිංහලෙන් කණ්ඩායමේ මාධව (HTML හා VB) , ප්‍රභාත් (C) හා මුදිත (PHP) විසින් Motorola Solutions ආයතනය හා Sri Lanka Association of Software & Services Companies (SLASSCOM) මගින් සංවිධානය කරනු ලැබූ Inter-University Enterprise Mobility Solutions Development Competition 2012” තරගය සඳහා ඉදිරිපත් කරනු ලැබූ දුම්රිය දෙපාර්ථමේන්තුව සදහා මගී කලමණාකරනය සදහාද භාන්ඩ ප්‍රවාහනය පහසු කරනු පිනිසහා වඩාත් ඵලදායී සේවාවක් ලබා දීමට හැකි වන ලෙස නිර්මාණය කරනු ලැබූ  Railway Information and Communication System මෘදුකාංගය අවසන් මහා තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනි. 


              මෙම තරගයේ අවසන් වටය සඳහා රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වසින් මෘදුකාංග 16ක් ඉදිරිපත්කොට තිබුණි. තවද පළමු වටය සඳහා 90 වැඩි යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණු අතර ඒවා අතරින් තෝරාගත් මෙම 16ය අවසන් වටයට තෝරා ගැනුණු අතර ඉන් පසු ඒවා නිර්මාණය කිරීම ඇරඹුනි. මාස 6කට ආසන්න කාලයක් තුල මේ සියල්ල සිදුවීමද සුවිශේෂී කාරණයකි. අවශ්‍ය සියළුම තාක්ෂණික සහය Motorola Solutions ආයතනය විසින් ලබා දෙන ලදී.


18 comments:

  1. අපේ කොල්ලන්ට හුරේ වේවා... අපිත් නියම set එකක්නේ හොයාගෙන තියෙන්නේ coding ඉගෙන ගන්ට.....
    අනිවාර්යයෙන්ම ඊලඟ ලිපියෙන් ඔයාලගේ software එකේ විස්තර... යොදාගත්ත languages, devices, හදපු හැටි වගේ විස්තර දාන්ඩ ඕනෙමයි හොඳේ... අපි ආසයි දැනගන්ඩ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සම්පත් අනිවාර්යයෙන්ම ඒ ගැන දාන්නම්....!

      Delete
  2. මගේ සුබපැතුම්. නිර්මාණශීලී තරුණයෝ වැඩි වැඩියෙන් ඕනෙ කරන වෙලාවක් මේ.

    ReplyDelete
  3. සුබ පැතුම් සහෝදරවරුන්ට.. බොහෝම සංතෝසයි.. අර කිව්වත් වගේ හදපු මෘදුකාංග වල හෙම විස්තර කියන්නකෝ අපිටත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් ඔයාටත්, ඉක්මනින්ම ඒ ගැන දාන්නම් අපි.

      Delete
  4. සුබ පතනවා...මමත්
    තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අපිව දිරිමත් කරනවාට!

      Delete
  5. තව තව ඉදිරියටම අපිට මෙහෙවර කරගෙන යන්න සුභ පැතුමි සහෝදරවරුන්ට....
    මාත් software diploma courses කරනවා .මට ප්‍රශ්න ගොඩකට උත්තර මේ සයිට් එකෙන් ලැබුනා..මගෙන් සුභ පැතුමි.ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාටත්....!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. wish u all the best !!

    Niyamai ah,kelaniye kohomath waddo tama inne ;)
    proud to be a kelaniyan !! ^_^

    me blog ekath digatama karagena yanna (y)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට. රැදී ඉන්න අපිත් එක්ක දිගටම.....!!!!!!!!!!!!!!

      Delete
  8. අඩෝ මරුනේ අයියේ ශ්‍රී ලංකාවට ආඩම්බරයක් වෙයන් කවදාහරි 1කෙම්ම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා... දැන් උඹලගේ වාරේ!!

      Delete
  9. තව තව ඉදිරියටම අපිට මෙහෙවර කරගෙන යන්න සුභ පැතුමි සහෝදරවරුන්ට

    ReplyDelete