Saturday, October 20, 2012

සිංහලෙන් Android - අපි මොකද මේ කරන්න යන්නේ...?

 සිංහලෙන් Android 

      අපි මොකද මේ කරන්න යන්නේ...?





ඔන්න එහෙනම් අපි හිතුව අපේ කට්ටිය බලන් ඉන්න තවත් දෙයක් ඔයලට, අපේ භාශාවෙන්ම කියල දෙන්න. 
අපි අද ඉදන් Android ගැන සිංහලෙන් කතා කරමු, ඒ ගැන සිංහලෙන් ඉගෙන ගමු.

           මුලින්ම අපි බලමු මේ Android  කියන්නෙ මොකද්ද කියල. ඇත්තටම කියනව නම්, මේක අපි හැමෝම දන්න විදියට Mobile Phone Operation system එකක්. ඒත් ඇයි අපේ Mobile phone එකට operating system එකක්? මේ උවමනාව මුලින්ම එන්නේ සාමාන්‍ය අපි වගේ අයට නෙමෙයි. ලෝකයේ වෙලදාම දියුණු වෙනවත් එක්කම, මිනිස්සුනට තොරතුරු හුවමාරු කරගන්න වඩා ඉක්මනට කරන්න ඕනි උනා. මේකත් එක්ක මිනිස්සු අතරට ආපු එක දෙයක් තමයි E-mail කියල කියන්නේ. 

         මේක ගැන අලුත් විදියට හිතපු එක සමාගමක් තමයි, BlackBerry කියල කියන්නේ. BlackBerry සමාගම ලෝකයට, ඇත්තටම කියනව නම් වෙලඳ ලෝකයට අලුත් දෙයක් අදුන්වලා දෙනව. ඒක තමයි, Smart Phone කියන සංකල්පය. මේවගේ තියෙන අලුත් දෙය වුනේ, E-mail බලන්න computer එකක් ඉස්සරහටම යන්න ඕනි නොවන එකත්,  ඔයාට E-mail එකක් ආව ගමන්, දැන් sms එකක් ආව වගේ, එය ලැබුන සැනින් ඔයාට පෙන්නන එකයි. නමුත් එක ප්‍රශ්නයක් තිබුන. ඒක තමයි මෙයලගෙ service එක පාවිච්චි කරන්න, අපි ලග BlackBerry phone, එකක් හරි BlackBerry device එකක් හරි ඕනි උන එක. ඒවගෙම BlackBerry phone එකකින් service දෙන්නේ  BlackBerry E-mail එකකට විතරක් වීම. ඒ කියන්නෙ මේ phone වල gmail, ymail, hotmail වගේ අනික් E-mail servers configure කරන්න බැරි වීම. අනික් දේ තමයි, මේ  BlackBerry කියන එක අනික් Mobile phone වලට වඩා මිල අධික වීම. මේ නිසා  BlackBerry කියන එක, වෙලඳ ලෝකයට සීමා උනා. 

         අපි කවුරුත් දන්න Microsoft සමාගමත්, මේ Smart Phone කියන එකට අත ගහන්නේ Windows Mobile කියල Mobile Operation system එකක් එලියට දාන ගමන්. එයාලගෙ  OS එක BlackBerry වලට වඩා මිනිස්සු අතරට ගියා. ඒකට හෙතුව උනේ එයාලගෙ  phone වල ඕනිම E-mail server එකක් configure කරන්න පුළුවන් වීම, ඒවගේම BlackBerry වලට වඩා මිලෙන් අඩු වීම. නමුත් Windows Mobile වල ගොඩක් දේ කරගැනීම සඳහා ගෙවීම් කරන්න සිද්ද උනා.

        මේත් එක්ක තමන්ගේම තනි ගමනක් යන තවත් සමාගම තිබුනා. ඒ Apple, iOs එකත් සමඟ. ඔයාල ඉතින් දන්නව ඇතිනේ දැන් Apple Phone එකක මිල ගැන. මම ඒක නිසා මේ ගැන වැඩියෙන් කියන්න යන්නේ නෑ.

        මම මුලින් කතා කරපු ඔක්කොමත් එක්ක තමයි, Google සමාගම Linux community එකත් එක්ක එකතු වෙලා Android කියන Mobile Operation system එක හදුන්වලා දෙන්නේ. Android වල ඉහත මම කියපු හැම ප්‍රශ්නයකටම විසදුම් එක්ක තමයි මේක හැදිලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම Open Source OS එකක්. දහස් ගනනක් Apps, දහස් ගනනක් Developers ලගේ එකතුවක්. ඉතින් ඔයලත් කැමති නම් මේ එකතුවේ කොටසක් වෙන්න, අපේ සිංහලෙන් Android හොඳ අත් වැලක් වෙයි කියල මම හිතනවා.

තවත් දේවල් ගැන අපි මේක කරන ගමන් කතා කරමු. 

       Android development වලට ගොඩක් විදි තියෙනවා ඒවගෙන් කීපයක් තමයි Android sdk එක පාවිච්චි කරන එක,  නැත්තම් තවත් විඩියක් තමයි native sdk එකක් පාවිච්චි කරන එක  HTML5 හරි  RhoStudio එක වගේ. අපි මෙතනදි කරන්න යන්නේ  Android sdk එක පාවිච්චි කරලා කොහොමද මේක කරන්නේ කියලා බලන එක. මේක කියවන ඔයාල ගොඩක් අය java කරල ඇති කියලා මම හිතනවා. කරලා නැති උනත් ප්‍රශ්නයක් නෑ, ඔයාලට මේක කරන ගමන් ඒකත් ඉගෙන ගන්න පුළුවන්. ඒවගේම අපේ බ්ලොග් එකේ සිංහලෙන් java ගැනත් ඔයාලට කියල දෙන නිසා, ඔයාලට ඒක කියවන්නත් පුළුවන්. 

අපි මීලග කොටසින් බලමු කොහොමද Android development වලට අවශ්‍ය පරිසරය අපේ computer එකේ හදා ගන්නේ කියල...

9 comments:

  1. නියමයි.... මාත් ඇන්ඩ්‍රොයිඩ් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නෙ....
    දිගටම ලියමු... මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  2. ඇයි මමත් ආසාවෙන් හිටියේ දිගටම කරගෙන යමු

    ReplyDelete
  3. කාලෙට ගැලපෙන නියම පාඩමක් . . . , මගෙ phone එකත් මාරුකරන්ඩ කාලෙ හරි වගේ. . . :-D

    ReplyDelete
  4. තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න තැනක් නැතිව හිටියේ.. දිගටම ලියමු ඈ.. :D

    ReplyDelete
  5. නියමයි කවි. දිගටම ලියමු. (y)

    ReplyDelete
  6. ලියමු ලියමු. වෙලාව තියෙන විඩියට සති අන්තයට අලුත් ඒවා ලියමු. ඔයාලත් කියවලා, මගේ වැරදි තියෙනව නම් කියන්න ඕනෑ...

    ReplyDelete
  7. නියමයි...ඔහොම ලියමු දිගටම ...
    බොහොම ස්තුතියි මේ විදියට සිංහලෙන් ලියා ඒක ගැන...
    ඇත්තටම නියම වැඩක් .... දිගටම ලියන්න ....

    ReplyDelete
  8. එල එල දිගටම කරගෙන යමු.

    ReplyDelete
  9. මරු .... හොද වැඩක් දිගටම කරන යන්න ....

    ReplyDelete