Sunday, October 21, 2012

Android පරිසරය හදා ගමු - 2.






Android

පරිසරය හදා ගමු - 2

Android + Intellij IDEA



අපි දැන් බලමු කොහොමද, අපේ Android sdk එක Intellij IDEA කියන IDE එක්ක එකතු කර ගන්නේ කියලා...

       දැන් ඔයාල Intellij IDEA එක install කරල  crack එකත් දාල ඇති කියල මම හිතනවා. එහෙනම් Desktop එකේ තියෙන icon එකෙන්,  IDEA එක open කරන්න. එතකොට ඔයාලට පහත ආකාරයේ  window එකක් දකින්න පුළුවන් වෙයි. 


ඔයාලට පුළුවන් දැන් පහත තියෙන රූප සටහන් (screen shots) ආධාරයෙන් අලුත්  Android project එකක් හදන ගමන්ම  Android sdk එක  IDEA එකත් එක්ක එකතු කරගන්න... 

දැන් File --> New Project


"create project from scratch" කියන  option එක  select කරලා  ‍Next click කරන්න. 




දැන්  select type කියන  menu එකෙන්  Android module කියන  option එක  select කරන්න.
ඔයාගෙ project එකට නමක් දෙන්න
ඔයාගෙ project එකට location දෙන්න
දැන්  Next click කරන්න



දැන් ඔයාගෙන් ඔයාගෙ project එකේ  directory structure එක තියෙන්න ඕනි කොහොමද කියල එයා අහනවා ඇති. ඒකට එයා අපිට යෝජනා කරල තියෙන විදියටම තියෙන්න දීල Next click කරන්න




ඔන්න දැන්  Android sdk දෙන්න වෙලාව හරි. ඒක කරන්න ඉහලින් තියෙන රූපයේ පෙන්නන button එක ඔබන්න.




මෙයා ඉල්ලන්නේ  Android sdk එක තියන path එක,  ඒක නිසා ඉහලින් තියෙන රූපයේ පෙන්නන  plus mark එක උඩ  click කරන්න,  එතකොට පහලට දිග ඇරෙන menu එකෙන්  Android SDK කියන එක  select කරන්න




දැන් ඔයාලට pop-up windows එකක් පෙනෙයි. එතනින් ඔයාලගෙ Android SDK (android-sdk windows.zip) එක  extract කලාම ලැබුන  'android-sdk-windows' කියන  folder එක  folder හොයල දෙන්න. 




දැන් ඔයාගෙන් අහයි මොකද්ද  set කරන්න ඕනි java version එක කියල, ඒකට මම කලින් වතාවේ කියපු විදියට  java 6 එක set කරන්න.



දැන් ඔයාගෙන් අහයි මොකද්ද  set කරන්න ඕනි Android version එක කියල,  ඒකට ඔයා  Android SDK install කරපු ඕනිම  version එකක් දෙන්න. (ආරම්භයක් විදියට Android 2.2 හරි Android 2.3 දෙන්න)




ඉහත රූපයේ ආකාරයට, ඔයාට ඔයාගෙ  project, packaging ඔයාට ඕනෙ විදියට දෙන්න පුළුවන්. මම මගේ මේ උදාහරනයේ  'com.flash.light' packaging කරල තියනවා. දැන්  finish කියන button එක click කරන්න. 




IDEA ඔයාට  Android project එක හදලා දේවි. ඉහත රූපයේ පෙන්වන්නේ  IDEA හි නිවැරදි  Android project structur එකයි. ඔයාගෙ  project එක, ඉහත ආකාරයට නැති නම්, එය දෝශ සහිත වේ. එසේ දේශ ඇත්නම්, Android Console හි එම දෝශයන් මොනවාදැයි සටහන් වේ.

නිවැරදිව project එක හැදිලා තියෙනව නම්, ඔයා IDEA එකෙන් Android කරන්න සූදානම්.

මීලග කොටසින් අපි බලමු කොහොමද Eclipse වලින් වැඩේ පටන් ගන්නේ කියලා...

ඔයාලට මේ කරපු දේ ටික ගැන ප්‍රශ්න තියෙනව නම් comment කරන්න නැති නම් mail කරන්න kavi707@gmail.com, kavimalw@hsenidmobile.com 

13 comments:

  1. මම මේ සම්බන්ධ ලිපි 3 ම කියෙව්වා...ඇත්තටම මම මේ ගැන දන්නේ නැති වුනාට ගොඩක් ආස දෙයක් android කියන්නේ..මොකද දැන් එක ගම ෆෝන් එකේම මේක තියෙනවා නේ???
    ඉතින් මටත් ආසයි ඉගෙන ගන්න...
    යාලුවා පුළුවන් නම් කෙටියෙන් කියනවද ඔයා මේ සිංහලෙන් android develop කරනවා කියන එකේ තේරුම ටිකක් සරලව...???

    ReplyDelete
  2. ඇත්තටම, මගේ බලාපොරොත්තුව මම හොයල, යාලුවන්ගෙන් අහගෙන ඉගෙන ගත්තු දේ, දන්න සිංහලෙන් අපේ අනිත් යාලුවන්ටත් බෙදා ගන්න එක. ඒ වගේම මම තාමත් මම ඉගෙන ගන්නවා. ඔයාලත් දන්න අලුත් දේවල් තියෙනව නම්, ඒවත් අපිත් එක්ක බෙදා ගන්න.

    ReplyDelete
  3. සමහරවිට මම කියන දේ ඔයාට තේරුනේ නැ..මම අදහස් කලේ? android developing කියන දෙයින් කරන්න පුළුවන් මොනවද කියල???? :)

    ReplyDelete
  4. ඕබෙ android mobile එකට ඔබටම software ලියන්න කියාදිම..

    ReplyDelete
  5. මෙහෙම දිගටම ලියන්න.... මේ මුලික හරිය දැනගත්තම තනියම ඉගෙන ගන්න පුළුවන් වේවි කියල මම හිතනවා..
    මමත් ඔක්කොම ලිපි කියෙව්වා... :)
    දිගටම හොද සොෆ්ට්වෙයා එකක් ලියනකම් කියල දෙනකන් මම බලන් ඉන්නවා... :)

    ReplyDelete
  6. Bohoooma sthuuthi. Welaawa aran api hemihita karamu. Mama danna hama deema mama liyannam.

    ReplyDelete
  7. අපි නම් දැන් සූදානම්... :)

    ReplyDelete
  8. සතුටුයි. බොහෝම ඉක්මනට මම ඉදිරි ලිපිත් post කරන්නම් මලේ...

    ReplyDelete
  9. අනේ අයියා රජවෙනන් ඕනේ මම මේ විෂය හොය හොයා හිටියේ ..දිගටම ලියන්න..පුළුවන් නමි Eclipse පිලිබදවත් දාන්න කෝ අයියේ..අයියේ මට පොඩික් කියන්වාද Eclipse සහ Intellij IDEA වලින් Android develop කරද්දි වෙනසක් තියෙනවද...පුළුවන් නමි Facebook Group codingsinhalen හදන්න කෝ අපිට ප්‍රශ්න අහන්න..

    ReplyDelete
    Replies
    1. අපේ Facebook Group එක https://www.facebook.com/groups/codingsinhalen/

      Delete
  10. අයියේ තව පොඩික් අකුරු ලොකු කරන්න බැරිද..

    ReplyDelete
  11. බොහෝම ස්තූතී. මම මේ සතියේ Eclipse ගැන ලිපියක් දානවා. ඔව් ඔව්, වෙනසක් තියෙනවා. coding වල නම් වෙනසක් නේ. සියලු දේ java. නමුත් project structure එක වෙනස්. ඒක නිසා කෙලින්ම Eclipse Android project එකක්, IDEA වලින් හෝ IDEA Android project එකක් Eclipse වලින් open කරගන්න බෑ. ඔයාට ඒ සඳහා project එක convert කරගන්න වෙනවා. IDEA වල නම් convert කරන්න option එකක් තියෙනවා. නමුත් Eclipse ගැන නම් මම කියන්න දන්නේ නෑ.

    ReplyDelete
  12. https://www.facebook.com/groups/codingsinhalen/

    ReplyDelete