Sunday, October 21, 2012

Android පරිසරය හදා ගමු - 1.




Android 

පරිසරය හදාගමු - 1


අපි අද බලමු කොහොමද අපේ computer එකේ Android development කරන්න පරිසරය හදාගන්නේ කියල. 

ඔයාල Android කරන්න පටන් ගන්න නම්,  Android SDK එක ඔයාලගෙ computer එකට දාල, ඔයාට අවශ්‍ය Android versions ඒක හරහා install කරගන්න ඕනි. මම ඒක කරන විදිය පුළුවන් තරම් සරලව, රූප සටහන් (screen shots) වලින් පෙන්නන්න උත්සහා කරන්නම්

Download Android SDK : 

ඉහත සඳහන් කරල තියෙන link එකෙන් ඔයාලට Android SDK එක Download කරගන්න පුළුවන්.

ඒවගේම Android මුල් versions වල development සඳහා නිර්දේශ කරල තියෙන java version එක තමයි java 6 නැත්තම් java 1.6


මම මේත් එක්කම ඔයාලට, අලුත් IDE එකක් ගැනත් කියන්නම්. ‍ Android වලට ගොඩක් දෙනා භාවිතා කරන්නේ  Eclipse කියන IDE. ඒ උනාට මම නම් භාවිතා කරන්නේ  Intellij IDEA කියන IDE එක. ඒකට හේතු මම අපේ ඉදිරි Posts වල පෙන්නලා දෙන්නම්. කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් නේ, තමන්ට ඕනිම IDE එකක් පාවිච්චි කරන්න නිදහස තියෙනව.   IDE වෙනස් උනා කියලා, කරන විදියේ වෙනසක් වෙන්නේ නෑ. නමුත් මුලින්ම Android environment හදා ගන්න එකේ පොඩි පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. ඒක නිසා මම මේ IDE දෙකේදීම Android environment එක හදා ගන්නේ කොහොමද කියලා කියලා දන්නම්.

Download Intellij IDEA ultimate



ඉහත සඳහන් links මගින් ඔයාලට කැමති IDE එකක් Download කරල install කරගන්න පුළුවන්.

දැන් අපිට අවශ්‍ය සියලුම දේවල් අපි ලග තියෙනවා. නමුත් අපි තාම අපි ලග තියෙන resources ටික එකලස් කරන්නේ කොහොමද කියල දන්නේ නෑනේ. අපි දැන් ඒක කරන්නේ කොහොමද කියල බලමු.

මුලින්ම ඔයාල ලග තියෙන Android SDK එක setup කරගන්නේ කොහොමද කියලා බලමු.

  1. මුලින්ම ඔයා ලග තියෙන java 6 එක  install කරලා  ඔයාගෙ machine එකේ java path set කරගන්න
  2. දැන් ඔයාල ලග තියෙන  android-sdk-windows.zip කියන  file එක ඔයාට සුපුරුදු තැනකට extract කරගන්න.
  3. දැන් ඔයාට android-sdk-windows කියල folder එකක් ඇති. ඒක ඇතුලට ගිහින්, එතන තියෙන SDK Manager.exe කියන  file එක run කරන්න. 
  4. එතකොට ඔයාලට පහත ආකාරයේ window එකක් දැකගන්න පුළුවන් වෙයි.


 මෙහි ඇතුලත් වන්නේ දැනට release වෙලා තියෙන Android versions සහ ඔයාලගෙ computer එකේ දැනට install කරල තියෙන Android versions. install කරලා තියෙනව නම්  status එක installed, install කරල නැතිනම් status එක Not installed කියලා පෙන්නාවි. ඇත්තටම මගේ  screen shot එකේ installed කියලා තියෙන්නේ මම මට ඕනි versions install කරගෙන තියෙන නිසා.

දැන් ඔයාලත්, ඔයාලට ඕනි වෙන Android versions ටික  select කරගන්න.  මතක ඇතුව මේකේ ඉහලින්ම තියෙන Tools කියන directory එක අතුලෙ තියෙන Android SDK Tools සහ Android SDK Platform-tools කියන tick දෙක select කරන්න. (මම යෝජනා කරන්නේ Android SDK Tools සහ Android SDK Platform-tools සමග තවත් එක Android versions එකක් මුලින්ම install කරගන්න කියන එකයි. මොකද මම දැනට Android versions 4 ක් install කරගෙන ඉන්නවා. ඒකට මට  3GB විතර Data ප්‍රමාණයක් වැය කරල තියෙනවා.  ඔයාලත් මුලින්ම Android 2.2 හරි Android 2.3 හරි install කරගන්න)

මේ Android versions වලට එක එක නම් තියෙනව. ඒක ගැන මම ඉදිරි Post එකක කතා කරන්නම්.

අපේ මීලග Post එකෙන් අපි බලමු, කොහොමද අපේ Android SDK එක  Eclipse හෝ  Intellij IDEA එක්ක සම්බන්ද කරන්නේ කියල.

ඔයාලට මේ කරපු දේ ටික ගැන ප්‍රශ්න තියෙනව නම් comment කරන්න නැති නම් mail කරන්න kavi707@gmail.com, or kavimalw@hsenidmobile.com

11 comments:

  1. ela ela ...android ගැන තමයි දන්නෙම නැත්තේ ...

    ReplyDelete
  2. මම android ගැන ඉගෙන ගන්න හොය හොයා හිටියේ.. දිගටම ලියන්න.

    ReplyDelete
  3. Download Intellij IDEA ultimate crack එක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ! :(

    ReplyDelete
    Replies
    1. කරගන්නම බැරිනං කියන්න. මං එවන්නං මලේ :P

      Delete
    2. එවහං එවහං. සිරාවටම කරගන්න බැරි වුනා. (වෙන එකක් හොයන්නත් කම්මැලී :P )

      Delete
  4. ප්‍රශ්නයක් වෙන්න නම් විදියක් නෑ. මොකද මේක මගේ ziddu account එකේ දාල තියෙන්නේ. ඔයාට ආපු ප්‍රශ්නේ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. Download වෙන්නේ නෑ අයියේ..idm හරියන්නේ නෑ..වෙන එකක් දෙන්න කෝ අයියේ.

      Delete
    2. ඔව් IDM එක්ක අවුලක් එනවා.

      Delete
    3. IDM disable කරල download කරන්න ගොඩක් file sharing sites IDM support නැහැ.

      Delete
  5. අයියේ
    01. SDK Manager වල API 8(Andriod 2.2) දා ගෙන හැදුව App Android 4.0 versions Phone වලින් Run පුළුවන්ද..
    02. SDK Manager API 8(Andriod 2.2) විතර දාගෙන තිබුනොත් ඇති නේද..

    ReplyDelete
  6. අපෝ ඇති. මුලින්ම සියලු ඒවා දාගන්න ඕනි නෑ. අලුත් versions වල ඕනිම පරණ version එකක App එකක්, install කරන්න පුළුවන්.

    ReplyDelete