Monday, August 6, 2012

Visual Basic.net 2010 පාඩම 6 - Naming Objects



           අපි පසුගිය පාඩමේදී කතා කලානේ VB වල Objects ගැන. ඉතින් මේ අපි හදාගන්න Objects හැදුවට පස්සේ අදුනගන්න විදිහක් තියෙන්න ඕනනේ.ඒකට තමයි අපි ඒවා නාමකරනය කරන්නේ හරියට අපි හැමෝටම නමක් තියෙනවා වගේ ඒ වගේම ගොඩක් වෙලාවට අපිට නමින් යම් පුද්ගලයකුගේ උපන් රට ගැන යම් අඳහක් ගන්න පුළුවන්, ඒ ගේම අපි හඳන  Objects වලට දෙන නමින් ඒ ඒ  Object එක අයත් වන  Object type එක හඳුනාගත හැකි විය යුතුයි. ඒක නිසා අපි  Object එකක් හදපු ගමන් කරන්න ඕන ඒකේ Name property එක සකස් කරන එකයි. මම හිතන්නේ දැන් ඔයාලට Name property එකේ වැදගත් කම වැටහෙන්න ඇති.

           දැන් ඔයාල අපි 4 වෙනි පාඩමේදී සාදාගත් "MyFirstApplication" project එක open කර ගන්නකෝ. දැන් ඒක තියෙන එකම එක form එක click කරල properties window (එහෙම එකක් පේන්න නැත්නම් F4 වලින් open කරගන්න) එකේ තියෙන Name property එක හොයාගෙන ඒක බලන්නකෝ. "Form 1" කියල නේද තියෙන්නේ. අපි Project එකට නමක් දුන්නට (අපි project එකක් හැදුවම ඉබේම Visual Studio එකෙන් අපිට form එකකුත් හදලා දෙනවා) එකේ form එකට නමක් දුන්නේ නෑනේ ඒකයි ඒකෙ නම විදිහට "Form 1" කියල Visual Studio එකෙන් නම් කරල තියෙන්නේ!. මෙසේ දෙන නම Object type එකෙන් type එකට වෙනස් වෙනවා. 

             

            සාමාන්‍යයෙන් properties window එකේ properties පෙන්වන්නේ කාණ්ඩ වශයෙනුයි, හොඩියේ පිළිවෙලට නෙමෙයි. (ඔයාල පස්සේ ඒක වෙනස් කරල නැත්තම්) ඉතින් අපිට පුළුවන් මේක හොඩියේ පිළිවෙලට සකස් කරන්න properties grid එකට උඩින් තියෙන Alphabetical button එක click කරල.


               මම හිතන විදිහට නම් properties window එකේ properties ටික හොඩියේ පිළිවෙලට තියා ගන්න එක ලේසියි. මොකද අපි ගොඩක් වෙලාවට property එකක් හොයන්නේ එකේ නමින් නිසා. ඒ වගේම "Name" property එක ඉහල කොටසට ඇවිත් නේද? හරි විදිහට නම් ඒක තියෙන්න ඕන "N" අකුරට අයත් කොටසෙයි. නමුත් ඒ property එක ඉහළින් තියා ගන්න ඕන නිසයි වරහන් දෙකක් ඇතුලේ දාල තියෙන්නේ.   මොකද හොඩියේ පිළිවෙලට සකස් කරන කොට සංඛෙත අකුරු වලට වඩා ඉහළට එන නිසා.

                 ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ ලැබුන නම සාර්ථක එකක් නෙමෙයි. ඒක නිසා අපි ඒක ගැලපෙන ලෙස සකස් කල යුතුයි. මේ නම සකස් කරන විට අපි මේ හදන form එක විස්තර වෙන නමක් දුන්නොත් අපිට ඒක හඳුන ගන්න පහසුයි නේද?. දැන් අපි බලමු කොහොමද ඒ තියෙන නම වෙනස් කරන්නේ කියල,

  • දැන් ඔයාල Name property එක click කරල "Form1" කියල තියෙන ඒකේ නම "ViewerForm" කියල වෙනස් කරන්න. නමුත් මෙකෙන් form එකේ file name එක වෙනස් වෙන්නේ නෑ. form එකේ file name එක අපිට Solution Explorer එකෙන් බලා ගන්න පුළුවන්.

      
        
     
    
  • ඒක වෙනස් කරන්න Solution Explorer එකේ "Form1.vb" කියන අපේ form එකේ ‍file එක උඩ right-click කරල rename තෝරන්න.
  • දැන් "Form1.vb" එක "ViewerForm.vb" කියල වෙනස් කරන්න.

              මම මෙතනදී නම Form කියන කොටස එකතු කරල තියෙන්නේ මෙය Form කියන Object type එකට අයත් බව පෙන්වන්නයි. ඒක අත්‍යාවශ්‍ය නෑ නමුත් තියෙනවා නම් හොදයි කියල හිතෙනව. තව දෙයක් අපි file name එක මුළින් වෙනස් කලා නම් ඒ සමගම form එකේ name property එකත් ඊට අදාලව වෙනස් වෙනව. properties window එකෙන් වෙනස් කරන හැටි පෙන්වන්නයි මම මේ විදිහට කලේ. අපි ඊලග පාඩමේදී form එකේ Text property එක ගැන කතා කරමු.

මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

                  

8 comments:

  1. project ekak hadala build karama build successful kiyala watenawa.debug karaddi error ekak enawa.ai e.

    The application failed to initialize properly (0xc000007b). Pleasae click OK to terminate.

    plz help ayya

    ReplyDelete
    Replies
    1. ඕක වෙන්නේ ඔයාගේ computer එකේ Registry එක corrupt වුනාම. virus එකක් නිසා වෙන්නත් පුළුවන් නැත්තම් අළුතින් Install කරපු program එකක් නිසා වෙන්නත් පුළුවන් තවත් හේතු තියෙනවා..ඉස්සෙල්ලම හොඳ Virus scanner එකකින් computer එක clean කර ගෙන ඉන්න. මේ articles දෙකත් කියවල බලන්න තව විස්තර තියෙනවා ඔය ගැන. මේකෙ තියෙනවා fix කර ගන්න හැටි ගැන http://www.errornerd.com/error.php?seed=0xc000007b (Virus තියෙනවානම් අයින් කරල ඉන්න මීට කලින්). මේකේ තව විස්තර තියෙනව http://www.daniweb.com/software-development/vbnet/threads/124744/the-application-failed-to-initialize-properly-0xc000007b# මම හිතනවා ඕවා උදව් කරගෙන ඔයාට ඔය ප්‍රශ්ණය විසදගන්න පුළුවන් වෙයි කියල.

      Delete
  2. හරි.. දැන් ඊළඟ පාඩම එනකන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ම් ම් ම් ඊළග පාඩමනම් පොඩ්ඩක් පරක්කුවෙයි මේ දවස් වල මම project එකක හිරවෙලා...! පුළුවන් ඉක්මනින් දාන්නම්.

      Delete
  3. මට මොනෝ කියලා ලිනක්ස් වලට හදපු ෆෝග්‍රෑම් එකක් ගැන දැනගන්න ලැබුනා
    මම විෂුවල් බේසික් සෑහෙන්න දන්න කෙනෙක් මට මොනෝවලින් විෂුවල් බේසික් ෆෝග්‍රෑම් එකක් හදනහැටි
    තේරුම් ගන්න ලේසි විදියට කියල දෙන්න පුළුවන්ද
    මගේ ගෙදර ඉන්ටර් නෙට් නෑ ඒ නෙට් නැතුවම මේක කරනහැටි කියලා දෙනවනම් වඩා හොඳයි
    පොදු ලිපියක් ලියන්න බැරිනම් මේ ඇඩ්‍රස් එකට ඊ මේල් එකක් යැවුවත් කමක් නෑ
    padmasiri.pathirana@gmail.com

    ReplyDelete
  4. vb වලට access database එකක් connect කරන විදිය ගැන කියල දෙනවද ?
    data import , export කරන විදිය ගැන.

    ReplyDelete
    Replies
    1. අපිට VB වලදි database එකක් එකක communicate කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනව, අළුත්ම තාක්ෂණය තමයි Entity Framework කියන්නේ. දැන් EF වල 6 වෙනි සංස්කරණය තමයි බාවිතා වෙන්නේ. එහෙම නැත්තම් අපිට ADO.net බාවිතා කරලත් මේ වැඩේ කර ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය මොන විදිහටද කියල කියන්න පුළුවන් නම් මම ඒ විදිහෙන් කොහොමද කරන්නේ කියල පැහැදිලි කරල "කොඩින් සිංහලෙන්" blog එකට ලිපියක් දාන්නම්. ස්තූතියි ඔයාගේ comment එකට.

      Delete