Sunday, June 24, 2012

දැන් අපි PHP ලොවට පලමු පියවර තබමු (PHP සිංහලෙන් - 4)

PHP කේත කෙටීම සදහා මම පහසු text editor එකක් ලෙස Notepad++ මෘදුකාංගය යොදා ගන්නා අතර වෙබ් බ්‍රවුසරය ලෙස Google Chrome භාවිතා කරමි.


Notepad++ භාගත කර ගැනීම සඳහ මෙතන කොටන්න
 Google Chrome භාගත කර ගැනීම සඳහ මෙතන කොටන්න

 -------------------------------------------------------------------------------------------

PHP වැඩ ඇරබීම සඳහා මෙම පහත වු ලියවර සිදු කල යුතුවේ. මින් මතුවට මම නැවත නැවත මේ ගැන කීමට බලාපොරොත්තු නෙවන බැවින් හෝදින් සිහි තබාගැනීම ඉදිරි වැඩ සඳහා වැදගත් වේ.
1.       Wampserver ක්‍රියා කරවන්න
2.       Wampserver හි task bar හී ඇති අයිකනය නිවැරදිව වර්ණ ගැන්වී ඇතිද යන බව පරීක්ෂා කරන්න (පෙර ලිපියෙහි ඇත (කොළ වර්නය))
3.       ඉන් පසු වෙබ් බ්‍රවුසරය ක්‍රියා කරවා එහි address bar හී “localhost:” ලෙස කොටා enter කරන්න. පහත අයුරු පිටුවක් ලැබුනොත් එතනින් ඉදිරියට යාමට ඔබට හැකිය. (නොලැබේ නම් comment වල දමන්න)



4.       save කරණ විට අනිවාර්යෙන්ම name.php ලෙස නම් කරන්න. Name යන්න වෙනුවට ඔනෑම වදනක් යෙදිය හැකිය.
5.       අප විසින් සාදන PHP සියල්ලම save කල යුත්තේ  instaling directry (මෘදුකාංගය ස්ථාපිත ස්තානය) හී ඇති www නම් folder එක් ඇතුලෙහි ය එතුල අලුත් folder එකක් සාදා save කරන්නේ නම් මඩා මැනවි.
6.       එයේ save කල ලිපි ගොනුව නැරබීමට වෙබ් බ්‍රවුසරයේ “localhost:\අලුත්_folderයේ_නම‍‍\name.php  ලෙස කොටා enter කරන්න.

-------------------------------------------------------------------------------------------

PHP සඳහා HTML වල මූලික දැනුමක් අත්‍යවශ්‍ය වේ. ඔබට HTML දැනුමක් නොමැති නම්, Coding සිංහලෙන් අප බ්ලෝගයෙහි HTML සිංහලෙන් යන ලේබලය ඔස්සේ ඇති ලිපි මාලාව පරිශීලනය කල හැකිය. ඒ පිළිබදව යම් ගැටලුවක් ඇත්නම් එම ලිපි මාලාව ඉදිරිපත් කරන මාධව සම්පත් මිත්‍රයාට comments මගින් දන්වා පිලිතුරු ලබා ගත හැකිය.

මුලික වෙබ් පිටුවක් සදහා පහත අන්තර්ගතය මතක තබා ගන්න

------------------------------------------------------------------------------------------- 

<html> වෙබ් පිටුවේ ආරම්භය
                <head> වෙබ් පිටුවේ මූලික හැදින්වීම/ දත්ත
                           <title>Basic</title> වෙබ් පිටුවේ නම /title bar හී පෙන්නුම් කරන නම
               </head> වෙබ් පිටුවේ මූලික හැදින්වීම/ දත්ත අවසානය
               <body> වෙබ් පිටුවේ අන්තර්ගතය

              </body> වෙබ් පිටුවේ අන්තර්ගතයේ අවසානය
</html> වෙබ් පිටුවේ අවසානය

-------------------------------------------------------------------------------------------

අප විසින් PHP කේත ඇතුලත් කරනුයේ <body> </body> ටැග් ඇතුලේය. වීශේෂ අවස්ථාවල එනොවන තැන්ද ඇත.
-------------------------------------------------------------------------------------------
PHP කේත ලිවීම

<?php PHP කේතයක ආරම්භය (PHP ආරම්භක ටැගය)


?> PHP කේතයක අවසානය (PHP අවසාන ටැගය)
-------------------------------------------------------------------------------------------

හිස් තැන් තිබෙන ගණන පිලිබදව කිසිම ගැටළුවක් නොමැත. එනිසා යම් පිලිවෙලකට කේත ලිවීමට පුරුදු වන්න. එටිය යමක් වැරදුනු කල නිවැරදි කිරීමට පහසු වේ.
-------------------------------------------------------------------------------------------
Notepad++ භාවිකා කරන්නේ නම් Language -> P -> PHP යන්න තෝරන්න. එවිට PHP අනන්‍ය පද (syntax) වර්න ගැන්වීම නිසා පහසුවෙන් වැරදි සෙවිය හැකිය ( Notepad++ theme කිහිපයක් ඇත. ). නැත්නම් වෙනක් මෙම ගතිගුන ඇති text editer එකක් භාවිතා කරන්න. නමුත් Adobe Dreamweaver භාවිතය මා අනුමත නොකරමි. ඊට හේතුවනම් ටැග් ටයිප් කරන විට තවත් ටැග් මාලාවක් ඉදිරිපත් කිරීම නිසා ටැග් මතක ඈත් වී යාමයි. එනිසා ඉගෙනගන්නා කාලයේදී coding කිරීම සඳහා Adobe Dreamweaver භාවිතා නොකරන්න.
-------------------------------------------------------------------------------------------
දැන් අපි PHP ලොවට පා තබමු..
<html>
          <head>
                    <title>Basic</title>
          </head>
          <body>
                    <?php
                     echo "Hello World PHP!";
                     ?>
          </body>
</html>

-------------------------------------------------------------------------------------------

ලෙස කොටා save කර වෙබ් බ්‍රවුසරයෙන් වෙබ් බ්‍රවුසරයෙන් පිවිසෙන්න. එවිට පහත ආකාරයේන් දිස්වනු ඇත.
-------------------------------------------------------------------------------------------
දැන් වෙබ් බ්‍රවුසරයෙන් right click කර page source ලබා ගන්න. එවිට මෙසේ දිස් වනු ඇත.  




වෙනස දුටුවාද? අප කොටන ලද
<?php
     echo "Hello World PHP!";
?>

යන්න වෙනුවට ඇත්තේ Hello World PHP! යන්න පමනි. ඊට හේතුව මෙයයි. 



පළමුව අප විසින් වෙබ් බ්‍රවුසරයේන් hello.php පිටුව ඉල්ලයි(localhost:\php\hello.php ) .

එවිට විසින් වෙබ් බ්‍රවුසරය වෙබ් සර්වරයෙන් hello.php පිටුව ඉල්ලයි.

එවිට වෙබ් සර්වරයෙන්(මෙහිදී පරිගනකයේ දෘඩ මතකයේන් wamp->www) php ‍ෆොල්ඩරය තුල ඇති hello.php වෙබ් පිටුව ගෙන එය ක්‍රියා කරවා HTML ප්‍රතිදානය පමනක් වෙබ් බ්‍රවුසරයට ලබා දේ.

------------------------------------------------------------------------------------------- 
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
ඉක්මනින්ම PHP data types පටන් ගනිමු. එතෙක් ආයුබෝවන්!

15 comments:

  1. බොහොම ස්තුතියි!
    ඔන්න මම ඒක කළා.. මට නැගුන ගැටලු.. මගේ බ්‍රව්සරය firefox

    localhost: වැඩ නොකරයි localhost වලට වැඩ කරයි..

    localhost:\අලුත්_folderයේ_නම‍‍\name.php යන්න localhost/අලුත්_folderයේ_නම‍‍/name.php ලෙස ඇතුලු කරන්න ඕනෙ.. බැක්ස්ලෑශ් නෙමේ ෆෝවඩ් ස්ලෑශ්...

    Language -> H -> PHP තුළ නොව Language -> P-> PHP

    අභ්‍යන්තර ක්‍රියාවලිය මීටවඩා ගැඹුරින් කියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. echo යන්නේ තේරුමත් කිව්වානම් හොඳයි..

      Delete
    2. echo යන්න මගින් එහි අන්තරගතය, එනම් "" තුල ඇති දේ එලෙසින්ම ලබා HTML පිටුවට "" රහිතව ලබා දේ (විශේෂ අවස්තා වල හැර(එවැනි අවස්තා ඉදිරි පාඩම් වල ඇත.))

      Delete
    3. මගෙන් සිදු වූ අතපසු වීම ගැන මගේ බලවත් කනගාටුව පහක ඇති ලින්ක් එක ocalhost:\අලුත්_folder name\name.php
      මෙලෙස වෙස් විය යුතුය.
      localhost/අලුත්_folder name/name.php
      ඇත්තේන්ම මගේ ලින්ක් එක පහත පරිදි වේ
      http://localhost:7070/motarolla-test/

      එයට හේතුව මාගේ පරිගනකයේ සාමාන්‍ය ලෙස wamp saver ස්තාපනය කල විට එහි apache saver online නොවීමයි. එයට විසදුමක් ලෙස ස්තාපිත මෘදුකාංගයේ යම් වෙනස් කම් ප්‍රමානයක් සිදු කල යුතුයි. එවා දැන ගැනීමට අවශ්‍යය නම් දන්වන්න.

      Delete
  2. මගේ localhost කියල ටයිප් කරාම Wamp server homepage එකට යන්නේ නැ නේ...http://127.0.0.1 use කරාම ගියා මොකද ඒ ...?

    ReplyDelete
  3. localhost කියලා ටයිප් කරපුහම සාමාන්‍යයේන් එනවා. 127.0.0.1 කියන්නෙත් localhost(තමන්ගේම පරිගනකය)ම තමා. අවුල මොකක්ද කියලා මට හරියටම කියන්න බෑ. වෙන browser එකක try කරන්න සමහරවිට හරියයි.

    ReplyDelete
  4. ඔයාගෙ Hosts file එක එඩිට් කරලා ඇති ඔයා පාවිච්චි කරපු crack/patch software එකකින්. C:\Windows\System32\drivers\etc location එකට ගිහින් Hosts කියලා file එකක් ඇති. ඒක Notepad එකෙන් open කරල බලන්න

    # 127.0.0.1 localhost

    කියලා entry 1ක් තියෙනවද කියලා. එහෙම නැත්නම් ඒක තමයි හේතුව.



    ReplyDelete
  5. mage wampsever on karma note pad ekane enne anith eka www kiyala file ekkut na eka mokada kalanne

    ReplyDelete